මැජික් බියර්...


කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
කොල්ලා : මේක මැජික් බියර් එකක්!

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
කොල්ලා : පොඩ්ඩක් ඉන්න

කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල...

ප.ලි: කතාව මගේ වගේ දැම්මට මටත් මේක ඊයකින් ආව එකක්. මැජික් බියර් (www.beerreviews.co.uk) එකේ ෆොටෝ එකක් තමයි හොයාගන්න හරිම අමාරු වුණේ!

26 comments:

  1. හිකිස්...පට්ට කතාව...

    ReplyDelete
  2. සුපර් මෑනුත් කරන වැඩ...හි.හි..

    මටත් කතාව අන්තිම වෙනකන් ටියුබ් ලයිට් වගේ උන්නේ..

    ReplyDelete
    Replies
    1. මම බයේ හිටියේ කාටවත් තේරෙන එකක් නෑ කියලා දාලා තියෙන විදියට...

      Delete
  3. රංග ඕක කලින් දාල තිබ්බා මම දැක්කා මචෝ.මෙතන

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සහෝ, ඒකයි මම කිව්වේ මටත් ඊ මේල් එකකින් ආව එකක් කියලා. රංග අයියගේ පෝස්ට් එක නම් මම කලින් දැක්කේ නෑ.

      Delete
  4. මෙච්චර මෝඩ කෙල්ලො නම් නෑ මලේ..
    මේක නම් කාන්තාවන්ට විරුද්ධව ගෙනියන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්තත!!

    ReplyDelete
    Replies
    1. ෂැහ්.... අක්කා කියනකල් ම මටත් ඒක තේරුණේ නෑනේ, මමත් අහුවෙලා. මමත් දේශද්‍රෝහියෙක්ද ඒ කියන්නේ?

      Delete
  5. රංගයා ත් මේක දාල තිබ්බ මචන් කලින්... උබ දකින්න නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සහෝ, ඒකයි මම කිව්වේ මටත් ඊ මේල් එකකින් ආව එකක් කියලා. රංග අයියගේ පෝස්ට් එක නම් මම කලින් දැක්කේ නෑ. මට ඒ පැත්තේ යන්න බැරිවුණා ළඟදි, එහෙම දැක්කා නම් මම පෝස්ට් එක දාන්නේ නැහැ. ස්තූතියි කිව්වට ඒ ගැන!

      Delete
  6. ෂී සුපර් මෑන් නං කැතයි හොදේ............

    ReplyDelete
  7. අද මම ඒ කතාව අහුවෙයි සිරා කතාව ඒත් හෙන සවුත්තු එකෙක්.

    ReplyDelete
  8. හි හි...අයියෝ සුපර් මෑනුත් කරන වැඩ..

    ReplyDelete
  9. හික් හික් එළ කථාව...කොහේදි හරි දැක්කා මේක....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... අමහරවිට වෙන්නත් ඇති!

      Delete
  10. හොද වැඩේ මෝඩ ගැණුන්ට.....

    ReplyDelete
  11. පව් වැඩේ අෆ්ෆා...

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !