BIOS password පරිගණක සොරුන් ගෙන් ඔබ සුරකියි...

සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි
1. Windows Password යෙදීම මඟින්
2. BIOS password යෙදීම මඟින්

මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.

මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.

ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් …ඕනවෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"

එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්!!! හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද? නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ!

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.

ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" සහ "Set Supervisor Password" විදියට. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ.

"Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.

ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.

40 comments:

  1. වටිනවා නේන්නං.මගේ ලැප කවුරු හරි හොරකං කළොත් ඌට ඒක පාවිච්චි කරන්න දීලා හූල්ල හූල්ල ඉන්නවට වඩා අරං ගිය එකාට *කෙන් හිනා වෙන්න පුළුවං නොවැ දැං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඌටත් නෑ මටත් නෑ!

      Delete
  2. හැබැයි ඉතිං ඒකත් රී-සෙට් කරන්න පුළුවං.. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... පුළුවන්, හැබැයි ලේසි නෑ මම දන්න විදියට! ඒ ගැන කවුරුහරි හොඳට දන්නවනම් කියන්න!

      Delete
    2. මීට වසර 10 කට විතර කලින් ඩෙස්ක්ටොප් එකක නම් ජම්පර් එකක් ලුහුවත් කරලා CMOS පාස්වර්ඩ් එක reset කලා මතකයි. ඒත් ලැප්ටොප් වල නම් කොහොමද දන්නේ නැහැ. බලමු දන්න කෙනෙක් කියාවි නේ

      Delete
  3. වටින දෙයක් කියල දුන්නෙ..ස්තූතියි ලහිරු මල්ලි..

    ReplyDelete
    Replies
    1. ආ... යූ ආර් වෙල්කම් අක්කේ!

      Delete
  4. වටිනා ලිපියක්. ගෙදර සහෝගෙන් පරිගණක යන්තරේ බේරගන්න නම් එක හොඳ ක්‍රමේ එත් ඉතින් BIOS Password දැම්ම කියල හොරාට එකෙන් වැඩක් නෑ කියල ආපහු ගෙනත් දේවියෑ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒකටත් වැඩ තියෙනවා, හොරා අල්ලගන්න පුළුවන් විදියේ!

      Delete
  5. වැදගත් පෝස්ට් එකක්.
    :)
    ඒත් මං නම් ලැප් එක බස් එකේදී මගෙ ආරක්ෂාවටත් පාවිච්චි කරනවා. ඒ නිසා ඔය විදියට නැතිවේවි කියලා හිතන්න අමාරුයි.
    ඒත් සූදානම කෝකටත් හොදයිනේ...

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් පරෙස්සම් වෙන 1 තමයි හොඳම! අපිට කරදර එන්නේ අපි හිතන්නෙවත් නැති වෙලාවල්වල!

      Delete
  6. වැදගත් තොරතුරු ටිකක් අයියේ.. මම මේ එක පාස්වර්ඩ් එකක් වත් දාලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. අහවල් දෙයක් කරනවද එක පාස්වර්ඩ් එකක්වත් නොදා???? කොල්ලොයි බල්ලොයි හැමෝම රිංගයි ඕක ඇතුලට ඔන්න!

      Delete
  7. Replies
    1. හෆෝයි... බොලිවුඩ් වලිනුත් ඇවිල්ලානේ! පට්ට!

      Delete
  8. සෑහෙන වටිනවා...ඔහොම තමයි හොරුන්ට කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොරුන් ව නම් කෑවත් මදි!

      Delete
  9. එළ එළ ඒත් මේ දෙකම හැක් කරන එක සිම්පල්..ලෝකේ හොඳම,දියුනුම දත්ත ආරක්ශාකිරීමේ පිලිවෙත තමයි Encryption

    http://www.computerworld.com/s/article/9002188/Top_10_ways_to_secure_your_stored_data?taxonomyId=19&pageNumber=1

    ReplyDelete
    Replies
    1. මම BIOS hack කර ව්දියක් ගැන නම් දනගෙන හිටියෙ නෑ, හොයලා බලන්නෝන එහෙනම් ඒ ගැනත්. ඒත් කොහොමහරි log උනොත් නම් Encrypted data ගන්න එකත් ලොකු වැඩක් නෙවෙයි නේද අය්යේ!

      Delete
    2. සාමාන්‍ය Encryption එකක් decrypt කරන්න දැනට ලෝකේ තියෙන සුපිරිම කොම්පියුටර් එක පාවිච්චිකරත් අවුරුදු 300 යනවා..ඒක නිසා කවුරුවත් ට්‍රයි කරන එකක් නෑ...

      http://www.pgpi.org/doc/pgpintro/

      Delete
  10. BIOS හැක් කරන්න ගොඩාක්ම අමාරු නැහැ.එත මේ දේ වටිනා ලිපියක්.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අහ්... එහෙමද, හොයලා බලන්නෝන එහෙනම්! ස්තූතියි කිව්වට ඒ ගැන!

      Delete
  11. වටිනා විස්තර ටිකක් .. මේ ටික මම ප්‍රින්ට් කරගන්නම් කමක් නෑ නෙව ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඕක මොකක්ද! කාටහරි වැඩක් වෙනවනම් මට සතුටුයි සහෝ!

      Delete
  12. ඔව් අයියේ මාත් ඔය සීන් එක ගැන බැලුවා . හැබැයි පාස්වර්ඩ් එක දැම්මොත් දැම්මමලු නේ. එක අමතක වුනොත් ආයි වෙනස් කරන්න බැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම කේස් එකක් නම් තියෙනවා, ඒ නිසා හරිම පරෙස්සමෙන් පාවිච්චි කරන්නෝන!

      Delete
  13. ඉස්සර (90 දශකයේ) එතරම් සොෆ්ට්වෙයා දියුණු නැති නිසා හැමෝම දැම්මේ BIOS මුරපද. ඉතින් අමතක වීම් සහ ආතල් එකට මුරපද දැමීම හින්ද ඒ කාලේ කට්ටියට නිතරම මුරපද අයින් කරන්න වෙනව. මතක විදියට ජම්පර් වෙනස් කිරීමෙනුත්, මදර් බෝඩ් එකේ තියන බැටරිය ගැලවීමෙනුත් තමයි වැඩේ කලේ. නමුත් දැන් පාවිච්චි කරන අලුත් මාදිලි වල කොහොම කරනවාද යන්නට අත්දැකීමක් නැත.

    ReplyDelete
  14. ඩෙස්ක්ටොප් වල නම් තවමත් බැටරිය ගැලවීමෙන් ගොඩ යා හැකි නමුදු ලැප්ටොප් වල නම් ටිකක් අමාරු ය.

    ReplyDelete
  15. batriya galawala winadi 5n Bios pass word ayin karanna puluwan

    ReplyDelete
    Replies
    1. Desktop වල නම් ලේසියෙන් ම ඒක කරන්න පුලුවන්, ඒත් ලැප් වලනම් ටිකක් අමාරුයි!

      Delete
  16. බුදුරජාණන් වහන්සේ

    " වනාන්තරය වනාහී කරුණාවෙන් හා ගුණයෙන් යුක්ත, සිය පැවැත්ම උදෙසා කිසිම ඉල්ලීමක් නොකරන, තමා උපදවන දෑ ත්‍යාගශීලිව බෙදාහරින සියලු සත්වයා කෙරෙහි ආරක්ෂාව සපයන, එය විනාශ කරන
    මිනිසාට පවා උපදවන දෑ ත්‍යාගශීලීව බෙදා හරින සියලු සත්වයා කෙරෙහි ආරක්ෂාව සපයන, එය විනාශ කරන මිනිසාට පවා සෙවණ දෙන පුදුමාකාර
    වස්තුවකි ".

    මේ දේ ගොඩක් වටිනවා.ඒත් සහෝ එක ඔබ තුමා දාලා තියෙන්නේ බ්ලොග් එකේ අන්තිමට.ඒ කියන්නේ සමහර අය මේක නොබලා යන්නත් ඉඩ තියනවා. මගේ අදහසනම් බ්ලොග් එකේ උඩින්ම දානවනම් හොදයි.සමහර විට ඔබට හිතෙනවා ඇති එවිට අන්‍ය ආගමික සහෝලා මේ බ්ලොග් එක කියවන්නේ නැති වෙයි කියලා.ඒත බ්ලොග් එක එයාලට වැදගත් නිසානේ බ්ලොග් එකට එන්නෙ.මම හිතන්නේ ඒ නිසා බ්ලොග් එක කියවයි. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මම එහෙම අදහසකින් නම් නෙවෙයි ඒක පහළින් දැම්මේ, ඒත් ඔබේ අදහස වටිනවා. ස්තූතියි ඒ ගැන!

      Delete
    2. Bios hack karranna puluwan.habayi Aluth Intel Bios vala tikak amarui.Hoda ma vadey data store karana kota DVD ho Portable Hard Disk Eka kata Dala Thiya Ganna Eka.Dan Software Nipadavala Thiyenawa Password eka (face detection or text or numbers or fingerprint)vara val kihipaya varadi eka dunna ma lock venawa.samhara software thiyenaw chances 3yi denney varadunoth mula lap ekay thiyena data makala danawa.habai mey software tikak ganan.Pray Software eka num maru

      Delete
  17. මේ පාස්වර්ඩ් එක බූට් වෙන වෙලාවෙදීමද දෙන්න පුළුවන්? නැතුව අපිට ඒක කරන්න බැරිද ? මම ඒ ගැන දන්නේ නැහැ..කියන්න පුලුවන්ද පොඩ්ඩක්?

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් එක බූට් වෙන වෙලාවෙදි ම තමයි දෙන්නෝන, එහෙම නැතිවුණොත් ලේසියෙන් ම Bios Setup එකට ගිහින් හරි වෙන විදියකින් හරි ලොග් වෙන්න පුළුවන් නෙ... //නැතුව අපිට ඒක කරන්න බැරිද? කියලා ඔයා අදහස් කළේ මොකක්ද?

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !