Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...?


Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් බැටරිය ක්ෂය කරන එකත් කරන්නෝන. සමහරු නම් කියන්නේ මාසයකට සැරයක් බැටරිය ක්ෂය කලාම ඇති කියලා. සමහරු කියන්නේ සතියකට සැරයක් වත් බැටරිය සම්පූර්ණයෙන් ම භාවිතා කරන්නෝන කියලා. ඒ කොහොම උනත් එහෙම කරන්න ඕන වෙන්නෙ බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රය නිවැරදිව පවත්වාගෙන යන්නනේ. එහෙම වුනේ නැත්තම් පසු කාලෙක බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රයේ ගැටළු ඇතිවෙලා බැටරියේ උපරිම ඵලදායිතාවය නොලැබෙන්න පුළුවන්.

Laptop එකේ power options වල තියෙන ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් බැටරියේ ආයු කාලය වැඩිකරන ආකාරයට පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්නයි මම යන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩක් කරමින් ඉද්දි අපිට එතනින් නැඟිටලා යන්න ඕන වෙන අවස්ථාවන් ඇතිවෙනවා. ඒ වගේ වෙලාවට අපිට Laptop එක shut down කරන්නත් බෑ. ඒ වගේ වෙලාවට තමයි මේ ක්‍රම වැදගත් වෙන්නේ. එකක් තමයි ගොඩාක් දෙනා දන්න Sleep mode එක. අනිත් එක තමයි ගොඩාක් දෙනා දන්නවා වුනත් වැඩිය භාවිතා නොකරන Hibernate option එක.මේ දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ භාවිතා කරන විදුලි ප්‍රමාණය සහ භාවිතා කළ යුතු අවස්ථාව අනුවයි.

Sleep mode

හිතන්නකෝ අපිට හදිසියේ කෑමට, මීටින් එකකට පොඩි වෙලාවකට එළියට යන්න වුනා කියලා. එතකොට අපි කරමින් හිටිය වැඩ ඔක්කොම නතර කරලා shut down කරන්න වෙනවනේ, ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි Sleep කරන එක. Laptop එක Sleep mode එකට පත් කලා ම අපි කරමින් සිටි වැඩ ටික ගිහින් Save වෙන්නේ RAM එකේ. මේ නිසා ම අපි Sleep mode එකෙන් ඉවත් වුන ගමන්, ඒ කියන්නේ touch pad එකට අත වැදුන වෙලාවෙම ඉතාම ඉක්මනින් අපි කරමින් සිටි වැඩ ටික load වෙනවා. මේ වෙලාවෙදි RAM එක ක්‍රියාකාරි විදියට පවත්වා ගෙන යන්න විදුලිය අවශ්‍ය වෙන නිසා Sleep mode එකේදි යම් ප්‍රමාණයක් විදුලිය වැය වෙනවා. පරිගණකයේ Monitor එක විතරයි ක්‍රියා විරහිත වෙන්නේ. එහෙම බලද්දි පොඩි වෙලාවකට නම් අපි ඉවත් වෙන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි Sleep කරන එක.

Hibernate mode

Hibernate mode එක විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ Laptop පරිගණක වල power-saving සඳහාමයි. Sleep mode එක …Hibernate mode එකේ මුල් අවස්ථාවක් කියලා හැඳින්වුවත් වරදක් නෑ. අපි සැලකියයුතු වෙලාවකට පරිගණකයෙන් ඉවත් වෙලා යනවා නම්, shut down නොකර ඉන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ තමයි Hibernate කරන එක. Hibernate කළා ම අපි කරමින් සිටි වැඩ ගිහින් Save වෙන්නේ hard disk එකේයි. එතකොට Monitor එක වගේ ම hard disk එකත් ක්‍රියා විරහිත වෙනවා. ඒ නිසා ම Hibernate mode එකේදි විදුලිය වැය නොවෙන තරම්. ඒ වගේ ම කියන්නෝන නැවත ක්‍රියාත්මක වීමේදි Sleep mode එකට වඩා සැලකියයුතු වෙලාවක් නම් ගතවෙනවා. සමහර වෙලාවට save වුන data, hard disk එකේ ඉතුරු වෙන්නත් පුළුවන්.

මේ අවස්ථා දෙකෙන් අපි අඩුවෙන් ම ප්‍රයෝජනයට ගන්න වගේ ම වඩාත් ම ප්‍රයෝජනවත් වෙන්නේ Hibernate mode එක තමයි. ඒ කොහොම වුනත් අපි දවසක් දෙකක් වුනත් පරිගණකය භාවිතයට නොගෙන හිටියත් බැටරියේ බැසයාමක් වෙන්නේ නම් නෑ. මම දන්න දේවල් නම් ලිව්වා ඔන්න. මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් Comment එකක් දාලා හැමෝම දැනුවත් කරන්නකෝ.

8 comments:

  1. hibernate කරාම computer එකට පොඩ්ඩක්වත් power යන්නෙ නැ. hardware ඔක්කොම සමන්ය shutdown එකකදි වගේ off වෙනවා. desktop එකක් නම් ප්ලග් එකෙන් ගලවන්න පුලුවන්.

    hibernate එක පාවිච්චි වෙනව computer එක ඉක්මනටම off කරගන්න.සාමන්යෙන් shutdown වෙද්දි windows services අනං මනං off වෙන්න ගොඩක් වෙලා යනවනේ. hibernate එකකදි වෙලාව යන්නේ ram එකේ තියන එවා hard disk එකට save කරන්නයි hardware off කරන්නයි විතරයි.

    ReplyDelete
  2. Interesting Write more Mchn.
    Wish You all the best.

    ReplyDelete
  3. ගොඩක් වටින පෝස්ට් එකක් !!! මාත් දැකලා තියෙනවා සමහරු ලැප ස්ලීප් කරලා යනවා.

    හොදම වැඩේ උනේ මම් කම්පස් එකේ ඉන්නකොට. අපි පාඩම් කලේ එකම ලැප් එකකින්. පොඩි විවේකයකට ලැප ස්ලීප් කලා. ඒත් එක්කම අපි සෙට් එකත් ස්ලීප් උනා !!!! බලද්දි උදේ වෙලා ඇහැරුනේ !!

    ReplyDelete
  4. ඔව් hibernate ඉතාම පහසු දෙයක්, නමුත් අර කමෙන්ට් වල තියෙනව වගේ මැෂින් එක සම්පූර්ණයෙන්ම ඕෆ් වීමක් වෙන්නෙ නෑ. එක්තරා ආකාරයක sleep mode එකකම තමා තියෙන්නෙ.
    ඉතින් මම නම් කියන්නෙ වැඩි වෙලාවකට නම් shut down කරලම යන්න කියල.

    ReplyDelete
  5. sleep mode eke lap 1k godak wela tiyanna hnda na. Eka battery eke life time 1ta balapaanawa.

    ReplyDelete
  6. Sleep කරනවාට වඩා hibernate කරන එක බැටරියේ ආරක්ශාවට හොදයි කියලා මම අත්දැකීමැන්ම දන්නවා. Sleep කරපුවාම බොහොම ඉක්මනට Battery Wear එකක් එනවා. නමුත් hibernate කරපුවාම ඔය කිසිම ප්‍රශ්නයක් නෑ. මමත් ඉස්සර Sleep කෙරේ. පස්සේ බොහොම ඉක්මනට Battery Wear එක ආවා. අලුතින් බැටරිය දාන්නම උනා. රු.9500/=

    ReplyDelete
  7. godak honda post ekak thanks oyata

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !