මගේ සුදු මැණික......


වෙනදා ලියන සාමාන්‍ය රටාවෙන් පොඩ්ඩක් ව්තර අයින් වෙලා අද වෙනස් ම දෙයක් ගැන ලියන්නයි යන්නේ. ඒකට හේතුව අද (මාර්තු 1) මට මගේ ජීවිතයේ විශේෂම දවසක් වෙන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ පුංචි කෙල්ලගේ (සුදු මැණික ගෙ ) උපන් දිනය අද වීම. අනිත් හේතුව තමයි අපි දෙන්නගේ ආදර සංවත්සරය යෙදිලා තියෙන්නෙත් අද වගේ දවසක වීම. අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් අදට හරියටම අවුරුදු 8 ක් වෙනවා. දවස හරියටම කිව්වොත් 2004 මාර්තු 1 දා. ඒ කාලේ අපි A/L කරන දවස්! ඒත් එහෙම කියලා අපි අපේ exam එක අවුල් කරගත්තෙත් නෑ, හැමදේම හරියට manege කරගෙන කළා. අද අපි දෙන්නම අනාගතයට හොඳට මුහුණ දෙන්න පුළුවන් ස්ථාවර මට්ටමක ඉන්නවා. ඒ ගැන අපි දෙන්නම ගොඩාක් සතුටු වෙනවා. එදා ඉඳන් අපේ ආදරය තාමත් ඉදිරියටම ගලාගෙන යනවා. පුංචි පුංචි ප්‍රශ්න ඇතිවුනේ නැත්තෙමත් නෑ. ඒ වුනත් හරියට බාධක මැදින් ගඟක් ලස්සනට ගලනවා වගේ ඒ හැමදේම අතරින් අපි ඉස්සරහටම ගියා.

දෙපැත්තෙම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබන්න තරම් අපි ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඒක කොහොම වුනත් අපි affair පටන් අරන් අවුරුදු හතරක් විතර ගියාට පස්සේ තමයි අපි ගැන ගෙවල් වලින් වුනත් දැනගත්තේ. කොහොමද අපේ management එක නේද... ඒ ගැන කියලා අපි අදටත් පුදුම වෙනවා. මගේ සුදු මැණික ගොඩාක් ම ලස්සනයි, ඒ වගේ ඊටත් වඩා මම ආස කරන දේ තමයි එයගේ හොඳ ගතිගුණ. ගොඩක් අයට ඒ දෙකම එක සැරේ පිහිටන්නේ හරිම කලාතුරකින් නේ. මගේ සුදු මැණිකගේ හිනාව දැක්කම හිත පිරෙනවා මගේ කියලා කිව්වොත් මම වැරදි නෑ, ඒ තරම් අහිංසක හිනාවක් ඈට තියෙනවා. ඉතින් ඒ පුංචි කෙල්ලව මගේ ම කරගන්න පුළුවන් වීම ගැන මට තියෙන්නේ අහිංසක ආඩම්බරයක්.....


දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදනා
සොඳුරියේ ඔබේ සෙනෙහසින් ඉමි ලොවේ රජ වීලා

දුකේදි හැඬුමට....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

…දුකේදි හැඬුමට....

…සුදු මැණිකගේ අධ්‍යාපනික කටයුතු වගේම ජීවිතේ හැමදේම හොඳින් කරගෙන යන්න අවශ්‍ය දිරිය, ශක්තිය නොඅඩුව ලැබෙන්නයි මගේ ප්‍රර්ථනාව. මගේ සුදු මැණිකට සුබ ම සුබ උපන් දිනයක් වේවා......

9 comments:

  1. එහෙනම් ඔන්න ඒ වාසනාවන්ත දවසෙ මමත් සුභ පතනවා වාසනාවන්ත අනාගතයක් දෙන්නටම උදාවෙන්න කියලත් ඉක්මණටම එක වහලක් යටට එන්න ලැබෙන්න කියලත්.. :)

    ReplyDelete
  2. ලහිරුටයි සුදු මැණිකෙටයි නවම් ගෙනුත් උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  3. ස්තූතියි අයියේ...

    ReplyDelete
  4. මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඔය දෙන්නාටම....:)

    ReplyDelete
  5. අපේ යාලුවටයි එයාගෙ සුදු මැණිකෙටයි ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...:)

    ReplyDelete
  6. @ Prasa
    @ මලිති

    …දෙන්නටම ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  7. පෝස්ට් එක දැක්කෙනම් ගොඩාක් පරක්කු වෙලා..ඒත් කොච්චර පරක්කු උනත් මොකුත් නොදා යන්න හිත දුන්නෙ නැති නිසයි මේක ලියන්නෙ..
    මේක කියවන කොට මගෙ හිතට ගොඩාක් සතුටක් දැනුනා..මට මගෙ සුදු මැණිකව මතක් උනා..මගෙ ආදරය පටන් අරගෙනත් පහු වෙච්ච ජූලි 25වෙනිදට අවුරුදු 8ක් වුනා..හරියට අයියගෙ වගේමයි..
    ඒත් වෙනසක් තියනවා..ඒ අද මම විතරයි..එයා නෑ..එයා මාව දාල ගිහින් කාලයක් වෙනවා..ඒත් වෙනසක් නැතුව එදා වගෙම මම ආදරෙයි..
    ඉතින් ඒකෙන් කමක් නෑ..මම මගෙ මුළු හදවතින්ම ඔයාල දෙන්නට සුබ පතනවා..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා..

    ReplyDelete
  8. @~~තරූගේ ලෝකය~~;
    ස්තූතියි මල්ලියෝ.... ඔයාටත් ආයෙත් ඉක්මනට ම ඔයා කැමති කෙනා ලැබිලා සතුටින් ඉන්න පුළුවන් වෙයි, ඒනිසා ගිය දේ ගැන ගොඩාක් හිතන්න යන්න එපා.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !