VLC එකෙන් ගන්නවා නම් මෙන්න වැඩ - 2.....!



ඔයාලට මතක ඇතිනේ මම VLC Player එකෙන් ගන්න පුලුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන කිව්වා. අද ඉතිරි ටික ගැන කියන්නයි යන්නේ. ගොඩක් දෙනෙක් කලින් පෝස්ට් එක බලලා තිබුනා. මම හිතන්නේ හැමෝම වගේ කැමති වෙන්න ඇති. කලින් පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.

…3. Convert Audios/Videos


ඔයාලට VLC Player එක භාවිතයෙන් ලේසියෙන්ම audio/video files විවිධ file formats වලට convert කරගන්න පුලුවන්! MP4, MP3, WMV, AVI, OGG වගේ file formats support කරනවා ඒ සඳහා. ඒකට Media-> Convert/Save යන්න මුලින්ම. Add button එකෙන් ඔයාගෙ file එක load කරගන්න.


දැන් Convert කරන්න. ඊළඟට output format එක සහ output file location එක දෙන්න. දැන් වැඩේ හරි.



4. Download ‍Youtube video/Videos

ඔයාට ඕන video එකේ URL එක copy කරගන්න.


දැන් Media-> Open Network Streaming ගිහින් URL එක Paste කරන්න. දැන් Play කරන්න. Video එක play වෙන අතරේ Tools –>Codec Information ගිහින් පහළ තියෙන Location box එකේ තියෙන URL එක Copy කරගෙන address bar එකේ paste කරන්න. එතකොට browser එක මඟින් අදාළ file එක download වේවි.

වැඩේ හොඳයි නම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳද.........!

4 comments:

  1. ela මල්ලි වෑදගත් ලිපියක් තව ලියමු ජයවෙවා!!!!

    ReplyDelete
  2. ස්තූතියි අයියේ....

    ReplyDelete
  3. අපි නොදන්න දෙවල් තව කොච්චර ඇත්ද?... තව ලියන්න

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !