Unicode Coverter එක සඳහා විකල්පයක්....!


මම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල මට ඇතිවුන ලොකු ගැටළුවකින් මම ගොඩ ආව හැටි තමයි මම කියන්න යන්නේ. ඊට හේතුව ඒ ගැන දැනගන්න එක සමහර අපේ යාළුවන්ට ලොකු උදව්වක් වේව් කියලා බ්ලොග් අවකාශයේ සැරිසරන අවස්ථාවලදී මට හිතුනා. Unicode භාවිතයේදී මට ඇතිවුන ලොකු ගැටළුවක් තමයි සමහර අකුරු, ඒ කියන්නේ සමහර දන්තජ, මූර්තජ, බැඳි අකුරු( ඤ, ඥ, ඣ, ළු, ඍ, ඳ, ඟ, ඬ, කෘ, කෲ වගේ අකුරු ) හොයාගන්න හරිම අමාරුයි. එතකොට ලියන එක මග නවත්තලා දහ අතේ කල්පනා කරනවා මේකට මොකද කරන්නේ කියලා. අකුරු අඩුපාඩු එක්ක ලිව්ව සමහර පෝස්ට් දැකලා මටම ලැජ්ජා හිතුනා...හරියට පොඩි එකෙක් ලියලා වගේ කියලා. ඊට පස්සේ මම විජේසේකර පුවරුවට හුරු වෙන්න උත්සහ කළා. ඒක නම් Unicode වලට වඩා හොඳ ක්‍රමයක් වුනත් ඒකට හුරු වෙන්න ටික කාලයක් යනවනේ! මට ඉතින් අකුරු හොය හොයා type කරන එක හරිම වදයක් වුනා. මට ඕන වුනේ කම්මැලියන්ට හරියන ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්‍රමයක්නේ...
ඉතින් මම ඒකත් අත් ඇරලා වෙන ක්‍රමයක් හොයන්න පටන් ගත්තා. සොයන්නාට හම්බ වේ කියලා කියන නිසාම ද මන්දා මට හම්බ වුනා පට්ට ම විධියක්! මේ Firefox extension එකක්, Easy Sinhala කියලා. Develop කරලා තියෙන්නේ එස්. සුහෝතයන් කියලා කෙනෙක්.


මේ extension එක Firefox 4.0 ටත් නියමෙට වැඩ. මෙතනින් ගිහින් බාගත කරගන්නකෝ... Type කරන්න තියෙන්නේ අපි සිංහලෙන් sms type කරන ක්‍රමේට. ඒ කියන්නේ උදාහරණයක් විධියට අපිට 'අම්මා' කියලා type කරන්න ඕනනම් සාමාන්‍ය විධියට 'ammaa' කියලා type කරලා space bar එක click කලාම හරි.


extension එක බාගත කරගෙන සාමාන්‍ය විධියට install කරගන්න. ඊටපස්සේ Firefox restart කරන්න. එතකොට ඔයාගේ Navigation tool bar එකේ extension එකට අදාල icon එක මේ විධියට තියේවි.


ඒක click කරලා භාෂාව වෙනස් කරගන්න ලේසියෙන්ම පුළුවන්.

දන්නේ නැති අකුරක් එහෙම තියෙනවනම් Tools-> EasySinhala-> Help ගිහින් අකුරු ටික බලාගන්න. මට නම් මාර ම විධියට මේක අල්ලලා ගියා. කෝකටත් මේ පෝස්ට් එක දාන්න කලින් මේ extension එක මගේ බ්ලොග් ලියන යාළුවන්ටත් දුන්නා, කොහොමද කියලා බලන්න. එයාලා ගොඩාක් කැමති වුනා මේ extension එකට. ඒ නිසාම තමයි මට හිතුනේ මේ පෝස්ට් එක ලියන්න. ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ මේ වැඩේ. කරගෙන යද්දී මොනාහරි අවුලක් ආවොත් Comment එකක් දාන්නකෝ....

10 comments:

  1. වැදගත් ලිපියක් ඇත්තටම..

    ReplyDelete
  2. මේ පෝස්ට් එකත් ටිකක් බලන්නකෝ........

    http://internetmonys.blogspot.com/2010/10/blog-post_16.html

    ReplyDelete
  3. @ Panther:

    Maxxxxa. මම මීට කලින් ඔය සර්විස් එක ගැන දැන ගෙන හිටියේ නෑ. ස්තුතියි.

    ReplyDelete
  4. ela
    http://syndi.lankablogger.info/

    ReplyDelete
  5. ඔයිට වඩා ලේසි නැද්ද ගූග්ල් සිංහලීස්.?

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි.... වැදගත් ලිපියක්....

      Delete
  6. බොහොමත් ස්තුතියි.... වැදගත් ලිපියක්....

    ReplyDelete
  7. තැන්ක්ස් මචන් වටිනාකම කියලා නිම කරන්න බැහැ :)

    ReplyDelete
  8. හැබැටම මේකත් හරි ලේසිනෙ .ස්තුතියි සහෝ...

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !