Using කොළඹ කෙල්ලො ;
ඇස් කරකවයි ඇස් කොණින් බලයි
ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි
ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයි
ඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බසයේ බිම ඉරි අඳියි
බොරු කැස්සකුත් තිබෙයි
සැරින් සැරේ පා විහිදයි
සුසුම් හෙලයි තොල් පෙරළයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බඩ අල්ලයි සාරිය ද හදයි
සමහරු බ්ලව්සය ද හදයි
ඒ අතරින් නාභිය දක්වයි
තව එක එක දේ පෙන්නයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බොරු ලැජ්ජාවක් පෙන්නයි
ඒ අස්සෙම ඉඟ පද්දයි නටවයි
තව තව ඒවත් වද්දයි නටවයි
ගෙල වට බැඳි මාලයත් හදයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
පොඩි හොර නින්දකුත් තියෙයි
හදිසියේ ඇහැරී පෝං එකත් ඔබයි
කෝල් ගනියි අම්මේ මං එනවා කියයි
කොණ්ඩය පීරයි වරලස ලිහා බඳියි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බස් එක නිතරම සැර බ්‍රේක් ගසයි
බොරුවට සැණෙකින් මා හා හැප්පෙයි
කලබලෙන් වගේ මගේ අත හැප්පෙයි
වැරදිලා වගේ අත උඩින් අතක් තියයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බහින්නට වගේ දොර ළඟටම යයි
ඇඳිවත අල්ලා ආපසු හැරී බලයි
ඇස් මුළුමනින් වසයි අඩක් වසයි
පිටුපස හැරෙමින් ආපහුත් බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බස් එකකින් යන එන එක මේතරමට
අමාරු ඇතියි කියලා නෑ මං හිතුවේ
කොළඹ රටේ කෙල්ලො වසයි
සැණෙන් කොල්ලො දපනෙ වැටෙයි
උන් හොම්බෙන් යන වෙලාව
දන්නෙම නෑ කවුරුවත් ම
කෙල්ලො කොක් හඬලති එතකොට
අම්මා කොළඹ රටේ වග කිව්වත් මට
හිතුණෙම නෑ ඇත්තක් බව දකිනකල් ම
ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
පසුවදන : ඊයේට ට්‍රේනින් ඇවිත් හරියටම මාසයයි. පැයක් හමාරක් බස් එකේ හිටගෙන ඉඳගෙන යන එනකොට දැක්ක දේවල් නෙවෙයි කියලා මං කියන්නෑ ඔන්න....
ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර රූපයෙන් ම දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් විදියට ඉපදුණා. දිව්‍යාංගනාව සොයමින් හිටිය ඒ දිව්‍ය පුත්‍රයාට සවස් වරුවේ අර දිව්‍යාංගනාව හම්බ වුණා. ඊටපස්සෙ දිව්‍ය පුත්‍රයා ඇගෙන් අහනවා මම දවස පුරා ම ඔබව හෙව්වා, උදේ වරුවේ ඉඳන් ඔබ කොහෙද ගියේ කියලා?
මේ කතාව ප්‍රබන්ධයක් නම් නෙවෙයි. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකයක දිනයක් මිනිස් ලොව දිනයකට සමාන වෙන්නෙ නැති නිසා. උදාහරණයකට කිව්වොත් ශක්‍ර දෙවියන්ගේ අධිපති භාවය තියෙන දිව්‍ය ලෝක වෙන චාතුම්මහාරාජිකයේ දිනයක් කියන්නේ මිනිස් ලෝකයේ අවුරුදු වලින් නම් 50 ක්. තව්තිසාවේ දිනයක් කියන්නෙ මිනිස් ලොව අවුරුදු 100 ක්. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ දිව්‍ය ලෝක වලට තාම දවස් කිහිපයයි. මීට වඩා සැප තියෙන, ආයුෂ තියෙන, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවමත් දිනයක් විතරක් ගතවෙලා තියෙන දිව්‍ය ලෝකත් තියෙනවා. අපි කරන පින් වලට සැප විපාක දෙන දිව්‍ය ලෝක වල ආයුෂ ඔය වගේ වුණාට අපි කරන පව් වලට දුක් විපාක දෙන එක තැනක් තමයි නිරය කියන්නෙ. එතැන ආයුෂ මීටත් වැඩියි. සත්තුන්ට(මිනිස්සුත් ඇතුළු ව ) වධහිංසා කරන, ප්‍රාණඝාතය කරන අය ඉපදෙන සංජීවය කියන නරකයේ ආයුෂ අවුරුදු 500ක්. ඒකේ අවුරුද්දක් කියන්නෙ මිනිස් අවුරුදු වලින් නම් 900,000 ක්.
ඇත්තටම මම කියන්න හැදුවේ මේ ඉලක්කම්, සංඛ්‍යාලේඛන නෙවෙයි. අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවා අපිට ජීවත් වෙන්න ඉතිරිවෙලා තියෙන්නෙ කොයිතරම් සුළු කාලයක්ද කියලා. සමහර අය ඉන්නවා මේ ලෝකෙ එළිය දකින්නෙ ම නැතුව මව් කුසේදිම කළලයක් කාලෙදි ම මැරිලා යනවා. තවත් සමහරු ඉපදෙද්දි මැරෙනවා. තවත් අය පුංචි කාලෙදි ම මැරෙනවා. තව සමහරු තරුණ වයසෙදි මැරිලා යනවා. තවත් කොටසක් මැදි වියේදි මැරිලා යන අතරෙදි සුළු පිරිසක් විතරක් ඉන්නවා පරමායුෂ විඳල ම මැරෙන.
ඒ විදියට බලද්දි අපි ටිකක් වාසනාවන්තයි. හේතුව මුල් අවධි කිහිපය ම අපි පහුකරලයි ඉන්නෙ. නමුත් අපි කාටහරි කියන්න පුළුවන්ද අපි තරුණ වයසෙදි හරි මැදි වයසකදි හරි නොමැරෙයි කියලා? ඇත්ත ම කතාව නම් බෑ කියන එකයි. නොමැරී ඉන්න අපි කාටවත් ම බැහැනේ. එතකොට අපි මොනවද කරන්න ඕන? භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ ගැන අපූරු උපමාවක් වදාළා.
“පින්වත් මහණෙනි, හොඳට හයිය හත්තිය තියෙන දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් නුවර හතරමං හන්දියකට එනවා. පුළුවන් තරම් වෙර දාල එකම වෙලාවට ඊතල හතරක් හතර දිශාවට විදිනවා. තවත් පුරුෂයෙක් මේ ඊතල හතර ම බිමට වැටෙන්න නො දී අල්ලගන්නව නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන ඔබ මොකද හිතන්නේ?” කියල බුදු සමිඳුන් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා".
“අනේ ස්වාමීනි, එක ම වෙලාවේ දී හතර දිශාවට විදින ඊතල හතර ම බිම වැටෙන්න නො දී අල්ලා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන හිතන්නවත් බෑ.” කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, “පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ ඉර හඳ දෙක ගමන් කරනවා. මේ ඉර හඳ ගමන් කරනවට වැඩිය වේගෙන් ඒවාට අධිගෘහිත දෙවියන් ගමන් කරනවා. පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ උපන් මනුස්සයාගේ ජීවිතේ ගෙවිලා යනවා.”
ඔන්න ඔය විදියටයි උන්වහන්සේ වදාළේ. ඒ නිසා ඇත්තට ම බැලුවොත් මරණය කියන දේ අපි අතේ තියාගෙන වගෙයි ඉන්නෙ. ඒ තරමට පැහැදිලි දෙයක්. අපි ඉදිරියෙදි ධර්මය කියන දේ තවත් අවබෝධ කරන්න පුළුවන් දෙවියන් අතර ඉපදෙනවද නැත්තම් ලේසියෙන් ගොඩ එන්න බැරි නිරයට වැටිලා දුක් විඳිනවද කියන දේ තීරණය කරන්නෙත් අපිමයි. ඒ නිසා ධර්මය අහන්න, අවබෝධ කරන්න උත්සහ කරන එක කවදාවත් ඉස්සරහට කල් දාන්න එපා. පුංචි කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉන්න කාලේ සැවැත් නුවර හිටියා කියනවා මිනිස්සු කෝටි හතක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉඳලත්, උන් වහන්සේගෙන් ම බණ අහන්න හැකියාව තිබිලත් ඒ අය අතරින් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වුණේ කෝටි පහකට විතරයි. එතකොට ඉතිරි කෝටි දෙක??? ප්‍රශ්නයක් නේද? ඒ අයට ඒ සඳහා එක්කෝ පින තිබිලා නෑ, එහෙමත් නැත්තම් නුවණ තිබිලා නෑ. එහෙමත් නැත්තම් වෙන වෙන දෘෂ්ඨි වලින් (මතවාද ) හිත වැහිලා ගිහින් තියෙන්න ඇති. ඒ සැවැත් නුවර හිටිය මිනිස්සු විතරයි. එතකොට ඉන්දියාවේ, ලෝකෙ පුරා හිටිය මිනිස්සුන්ට මොකද ධර්මය අවබෝධ කරන්න බැරිවුණේ. ඒත් හේතුව ඒකම තමයි. ඒ කාලේ අපි සතෙක් වෙලා එහෙම ඉපදිලා හිටියනම් ඒත් ඒ ධර්මය අවබෝධ කරන්න බැහැ.
ඒ කාලෙත් එහෙම නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව නැති මේ කාලෙ ගැන මොන කතාද ? එතකොට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාගෙන ඉන්න අයට???????? ඒ තත්වයට ම මුහුණ පාන්න වෙන එකක් නෑ කියල කියන්න කාටද පුළුවන්? නිරයේ ඉපදිලා හිටියොත්, ප්‍රේතයෙක් වෙලා ඉපදිලා හිටියොත්, තිරිසනෙක් වෙලා ඉපදිලා හිටියොත් එහෙමත් නැත්තම් වාසනාවකට හරි මනුස්සයෙක් වෙලා ලෝකෙ එහා කෙළවරේ ඉපදුණොත්! ඒ නිසා අනාගතය ගැන අපිට හරියටම කියන්න නැහැ. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය සුරක්ෂිත ව තාමත් තියෙන මේ කාලයෙදිමයි අපි අවබෝධය සඳහා උත්සහ කරන්න ඕන. ඒ නිසා අපිමයි මනස මෙහෙයවිය යුත්තේ. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි නතර වෙලා හිටියට කාලය කියන දේ නතර වෙන්නෙ නැහැ.
අපිට මේ දේවල් නොහිතුණා කියලා දුක්වෙන්න ඕන නැහැ. ඒකට කරන්න තියෙන්නෙ නුවණ දියුණු කරගන්න එකයි. නුවණ දියුණු වෙන්න නම් බුද්ධ දේශනා අහන්න, කියවන්න ඕන. ඒ බුද්ධ දේශනා නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නෝන. තියුණු නුවණක් ලැබෙන්නෙ එතකොටයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම ම මුල් කරගෙන පින් දහම් කරල කුසල් වඩාගන්නවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. (ඒ කියන්නෙ, අපි මොනවහරි පිනක් සිද්ධ කළා ම "මේ පින උතුම් වූ ධර්මාවබෝධය සඳහා මට උපකාර වේවා " කියලා හිතන්න! ). තමන්ගේ හිත කියන දේ නෙවෙයි, මේ ධර්මය ම විශ්වාස කරගන්න. මේ ධර්මයේ ගුණයක් තමයි සන්දිට්ඨික බව. මේක අකාලික දහමක්. ඕපනයිකයි. තමා තුළින් දැකිය හැකියි. ඒ නිසා මේ ධර්මය සත්‍යයක් කියල අවබෝධයෙන් ම දහම් මඟ අනුගමනය කරන්න.
පසුවදන 1: පින කියන දේට මහා ලොකුවට මුදල් වියදම් වෙන්නෙ නෑ. කාලා අතසෝදනකොට "මේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා" කියලා හිතුවාත් ඒකත් පිනක්. දිව්‍යලෝක සහ අපාය ගැන තවත් කියවන්න කැමති අය ඉන්නවනම් දේවදූත සූත්‍රය සහ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ 'ප්‍රේත වත්ථු විමාන වත්ථු' කියවන්න.
පසුවදන 2: ඔපීසියෙ පැයක විතර පොඩි නිවාඩුවක් ලැබුණ වෙලාවේ ලිව්වෙ. උදව් කළා මහාමේඝ. බ්ලොගෙ අකුරු ලොකු කරන්න කියලා යෝජනාවක් තියෙනවා. අකුරු කියවන්න අමාරුද කියලත් පොඩ්ඩක් කියලා යන්න අමතක කරන්නෙපා.

Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එන ඊමේල් එකක් කියවන්න නම් අපිට ඊමේල් ගිණුමට ලොග් වෙන්න වෙනවනෙ. හැබැයි ඉතින් අපි මොනාහරි වැඩක් කරමින් ඉද්දි සැරින් සැරේ ඊමේල් බලන්න යන එක කරදර වැඩක්නේ. ඉතින් Gmail Notifier ඒකට හොඳ විසඳුමක් දෙනවා.
මේක පාවිච්චි කිරීමේදි විශේෂ වාසි කිහිපයක් ම තියෙනවා ලැබෙන. එකක් තමයි සැරින් සැරේ ලොග් වෙන්න ඕන නැතිවීම. කියවන්න ඕන වෙන්නෙ නැති ඒවා ඒ වෙලාවෙම නොබලා ඉන්න පුළුවන්. තව ඒ ලින්ක් එක මඟින් ඊමේල් එකට reply කරන්නත් පුළුවන්. ඒ වගේම gmail ගිණුම් කිහිපයක් තියෙන කෙනෙකුට වුණත් හරිම පහසුවක් මේක.

මෘදුකාංගය බාගත කරගෙන සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන යන්න. එතකොට පහතින් වගේ වින්ඩෝ එකක් ලැබේවි, රූපයේ විදියට ටික් දෙක ම දාන්න. Run on start-up කියන එකෙන් වෙන්නෙ අපි Windows වලට ලොග් වෙද්දි ම මේ Gmail Notifier එක විවෘත වෙන එක. Use for outgoing mail තේරීමෙන් වෙන්නෙ ආව ඊමේල් එකට reply කරන්න අවශ්‍ය පහසුකම ලබා දීමයි. ඊටපස්සෙ ඊමේල් ලිපිනය සහ මුරපදය ඉල්ලනවා අපෙන්. ඒකත් දුන්නට පස්සෙ වැඩේ හරි.

දැන් ඔයාලට system tray එකේ දකින්න පුළුවන් Gmail icon එක. ඒ මත Right-click කළාට පස්සෙ ඔයාලට පුළුවන් අවශ්‍ය වෙනස්කම් කරගන්න. බලන්නකෝ වැඩේ ලේසියිද කියලා....
පසුවදන : සමහර වෙලාවට connection error එකක් එන්න පුළුවන්. ඒ HTTPS secure encryption නිසා. බැරිවෙලාවත් එහෙම වුණොත් මේ .zip file එක බාගත කරගෙන notifier_https.reg file එක විවෘත කරලා Confirm කරන්න. එතකොට ඒ ගැටළුවත් හරි....

බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ.
ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ.
ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම....
සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා.
ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ).
ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්‍රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා.
අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක් මෙන් මෙවැනි බද්ධ වෛරයක් ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක් අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක් අපාගතව සිට ඉන් මිදී මිනිස් ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය"
පසු වදන : අද අධි බිනර පෝය දවස. පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ සටහන ලිව්වෙ චිත්‍රක සොහොයුරා ගේ ඉල්ලීමක් අනූවයි. මේ සඳහා තණ්හා සැඩපහර තරණය, Dhamma Medicine, දිනමිණ, සිංහලයා උදව් වුණා. කැමති අය ඉන්නවා නම් තවත් මේ ගැන විස්තර දැනගන්න පහත සබැඳි වලට යන්න. ලොකු සතුටක් තියෙනවා ලංකාවට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා නිසා සතුන් බොහෝ දෙනෙකුට අභය දානය ලැබුණ එක ගැන. මේ කිව්වේ මුන්නේස්වරම් කාලි කෝවිලේ බිලි පූජාව ගැන. ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදයටත් වසර 139ක් පිරෙනවා. 1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී ත්මයි මෙම සුප්‍රසිද්ධ විවාදය පැවැත්වුණේ.
ඉසිගිලි සූත්‍රය කියවන්න
ඛග්ගවිසාණ සූත්‍රය කියවන්න (pdf බාගත කරගන්න )

ඉස්සර කාලෙ අපෙ ගම්වල පොදු වැඩ විතරක් නෙවෙයි පුද්ගලික වැඩක් වුණත් කෙරුණේ ශ්‍රමදාන ක්‍රමේට. මේත් ඒ වගේ දවසක්. වැවේ සොරොව්ව අළුත්වැඩියා කරලා ඇළ ශුද්ධ කරන එක මහා ශ්‍රමදානයක් විදියට පටන් අරගෙනයි තිබුණෙ. ගමේ ප්‍රභූවරු, වැඩිහිටියෝ, කොල්ලො කුරුට්ටො විතරක් නෙවෙයි බවලත් උදවියත් මේ වැඩේට එකතු වෙලා හිටියෙ.
එක කට්ටියක් වැඩ කරනවා. ඒ අයට මහන්සි දැනුනම තව කට්ටියක් වැඩ පටන් ගන්නවා. කලින් වැඩ කරපු අය විවේක ගන්නවා. විවේක ගන්න අයට පුළුවනි වෑවර ගෙඩියක් බොන්න, එහෙමත් නැත්තම් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්ප්යක් බොන්න. එහෙම කාලා බීලා ඉවරවෙලා බුලත් විටක් හපන ගමන් පටන් ගන්නවා කයිවාරුව.
ජූල් මුත්තා වගේ අයගෙ වටිනාකම තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. මහන්සිය යන්නත් එක්කලා ජූල් මුත්තාගෙ කතාවක් අහන්න තිබුණානම් හොඳයි කියලා හැමෝටම හිතුණා. ඔන්න එතකොටම තමයි බුෂ් කෝට් එකයි කොටු සරමයි ඇඳගෙන කරට තුවායකුත් දාගෙන බස්තමෙන් බිමට ඇන ඇන ජූල් මුත්තා ඈතින් එනවා පෙනුණේ. "මුත්තේ, මෙහෙ වරෙන්කො බං උඹ එනකල් අපි කොච්චර වෙලා බලං හිටියද". මුත්තා එන දිහාව බලාගෙන එහෙම කිව්වෙ විලිසොං කොලුවා. ජූල් මුත්තත් දනි පනි ගාලා බොහොම අමාරුවෙන් වෑකණ්ඩියට නැගගත්තා. ඊටපස්සෙ ගමන් මහන්සිය යන්නත් එක්කලා සියඹලා ගහ යටින් ඈඳිගත්තා.
"මුත්තේ, උඹ මොකො බං මෙච්චර පරක්කු වුණේ?" එහෙම ඇහුවේ බස්තියං දාස ගේ කොලුවා. ඒත් මුත්තා නෙවෙයි කට හෙල්ලුවෙ. බුලත් මඩිස්සලේ ළඟට ඇදලා අරන් විටක් එහෙම කාලා තොල් දෙක ඇඟිලි වලට තද කරගෙන කෙළ පාරක් එහෙමත් ගැහුවා. "මුත්තේ, අපි මේ පාරට තාර දාන්නයි යන්නෙ. එතකොට වෑකණ්ඩිය උඩින් වාහනයක් වුණත් අරන් ගියෑකි." එහෙම කිව්වෙ උඩහ කොරටුවෙ සිරියා. "ඔව් ඔව් උඹට වාහන එළවන්න පුළුවන් නම් යස අගේට මේ පාරෙන් ලොකු දූලැයි ගෙදර වාහනයක් එලවගෙන ගියෑකි." ගල් ඇඩ්ඩියගෙ පුතා එහෙම කිව්වෙ ඔලොක්කුවට වගේ වුණත් "ඇයි උඹලා හිතන්නෙ මට සුක්කානම හුරු නෑ කියලද?" ටිකක් කේන්තියෙන් වගේ මුත්තා ඇහුවා. "අනේ උඹයි මමයි දන්න වාහන එළවිල්ල". ඒක අහගෙන හිටිය කවුදෝ කෙනෙක් එහෙම කිව්වා.
"මොනවා බොල ඔන්න එහෙනම් අහගනිල්ලා". මුත්තා රැල් බුරුල් ඇරලා කට හදාගත්තා. "ඒ කාලෙ මං හොඳ ඉලංදාරියා. කරකාර බැඳලත් නෑ මයෙ හිතේ. අපේ මස්සිනාට, නංගි බැඳලා හිටිය අන්දිරිස් ට කම්මලක් තිබුණා වීරවිල දිහාවේ. මමත් වැඩක් නැති කාලෙට ඔය කම්මලට ගිහින් ඉන්නවා. ඒ කාලෙ මට ඔය වාහන දැක්කිල්ල බෑ. ඒක මම ඉගෙනගත්තෙ ඔය කම්මලේ ඉන්දැද්දි. සුක්කානම හුරු වුණාට පස්සෙ දවසක මට යන්න වුණා වැල්ලවායට මස්සිනාගෙ වැඩකට, මොකක් හරි වාහන පළහිලව්වකට. පාරෙ බස් තිබුණ කාලයක්යැ. යන්න වාහනේකට කියලා තිබුණේ නයිං ඉලවොං ලොරියක්. ඔය ලොරියෙන් වැල්ලවායට ගිහින් වැඩේ ඉවරවෙලා ආයෙ වැල්ලවායෙන් පිටත් වෙද්දි රෑ නමයට දහයට විතර තියෙන්න ඇති".
"ඒ කාලෙ නමයට දහයට මනුස්සයෙක් පාරට බහින්නෙ නෑ, මොකද කන්කොටා ඉන්නවා මඟ. ඒ තනි අලියා වස නපුරා. හැබැයි මං අලි මන්තරත් ටිකක් ටිකක් දන්න නිසා එච්චර බයක් හිතුණෙ නෑ. දැන් මම පාරෙ එන ගමන්, බලු බල්ලෙක් නෑ පාරෙ. මැදකැටියෙ වැලමිටි වංගුවට එනකල් කිසිම වාහනයක් හම්බ වුණෙ නැහැ. වැලමිටි වංගුවේදි ආව ට්‍රැක්ටරයක් මට කියාගෙන ගියා ඉස්සරහ කන්කොටා ඉන්නවා පරෙස්සමෙන් කියලා. හරියටම ඔය කිව්ව වංගුවේ ඉඳලා පැන්නෙ නැතෑ කන්කොටා පාරට. ඒ වෙනකොට මම ඌව පහුකරලා. මම පාගනවා, ඌ පස්සෙන් එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා....දැන් ඩීසලුත් ඉවරයි වගේ. මම තව පාගනවා. මූත් අරින්නෙ නෑ, පස්සෙන් එලවනවා"
"දැන් මොකද කරන්නෙ, මූ හැතැම්ම දහයක් පහළොවක් මගෙ පස්සෙන් එළවලා තියෙනවා. කරන්න ම දෙයක් නෑ, මූත් එනවා අස්සයා වගේ. කොච්චර පෑගුවත් මූ දැන් හොඳටම ලොරියට කිට්ටු වෙලා. දැන් ලොරියයි ඌයි ඔහොම මෙහෙම. ලොරියෙ පස්සෙ දොර වහලා තිබුණෙත් නෑ, ඇතුළෙ බඩුමුට්ටු මුකුත් තිබුණෙත් නෑ. මට ආවා හොඳ අදහසක්. හිටපන්කො උඹට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා ගැහුවා හොඳවයින් බෙරේක් පාරක්. දඩෝං ගාලා සද්දෙකුත් ආවා. අලියා ලොරිය ඇතුළේ. මොකෝ අලියට බෙරේක් නෑනේ. ටක් ගාලා ලොරිය නවත්තලා ඇවිත් දොර වහලා දැම්මා. කන්කොටා ලොරිය ඇතුළෙ දැන්. මම ඌව සත්තු වත්තට ගෙනත් දාලා ඒකෙන් ගාණකුත් කොටාගෙන තමයි නතරවුණේ"
පසුවදන: පි. උභයරත්නගෙ අදහසක් මම අකුරු කෙරුවා. ඉස්සරහට ජූල් මුත්තගේ කතා අහන්න ලැබෙයි ඔන්න දිගටම වගේ.... …

Subscribe to:
Posts (Atom)

32 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !