2004 වසර පමණ වන විට BIND ලෝකයේ බහුල ලෙස භාවිතා කරන Domain Name Systems (DNS) අතරින් ප්රමුඛ ස්ථානයේ රැඳී තිබුණු අතර UNIX වැනි Operating Systems සඳහා වෙළඳපල තිබූ ස්ථානය ආක්රමණය කරන තරම් විය. එහි කේතයන් මුලින්ම ලියන ලද්දේ Berkeley හි California, සරසවියේ උපාධි අපේක්ෂකයන් විසින් Computer Systems Research Group හි සේවය කරන කාලයේදී ය. Douglas Terry, Mark Painter, David Riggle සහ Songnian Zhou විසින් 1980 දී එය නිර්මාණය කල අතර එහි නම නිර්මාණය කර ඇත්තේ Berkeley Internet Name Domain යන අදහස ලැබෙන පරිදි වීම විශේෂත්වයකි. නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් ලෙස එය මුලින්ම නිකුත් කරන ලද්දේ Berkeley Software Distributions විසිනි. 1988 දී Digital Equipment Corporation හී සේවය කල Paul Vixie විසින් එය මුලින්ම වැඩිදියුණු කල අතර වර්තමානයේ එය සිදු කරනු ලබන්නේ Internet Systems Consortium සමාගම විසිනි. මෑතකදී නිකුත් වූ BIND 9 පෙර BIND හී තිබූ ගැටළු බොහෝමයක් නිරාකරණය කිරීමට සමත් වූ අතර එය DNSSEC සඳහා ද පහසුකම් සපයයි. BIND 9 හි අන්තර්ගත අනෙකුත් පහසුකම් අතර TSIG විශේෂ වෙයි. නව සංස්කරණයක් වූ BIND 8 වෙළඳපල සඳහා නිකුත් වූයේ 1997 මැයි මාසයේදී වන අතර BIND 9 නිකුත් වූයේ 2000 සැප්තැම්බර් මාසයේදී ය. BIND 9 සංස්කරණයේ දී වාණිජ හා ආරක්ෂක අරමුණු ප්රමුඛ වූ අතර ම එහි ඇති බොහෝ පහසුකම් UNIX භාවිතා කරන්නන් සඳහා ද පොදු වීම Microsoft's DNS සමඟ විශාල තරඟයක් දීමට ඉවහල් වී ඇත. Databases සමඟ කටයුතු කිරීමේදී BIND හී පෙර සංස්කරණයන් එතරම් සහයෝගයක් නොදැක්වුවද නවතම සංස්කරණය වූ BIND 9 විවිධ database formats සඳහා පහසුකම් සපයයි. ඒ අතර LDAP, Berkeley DB, PostgreSQL, MySQL, ODBC වැනි database formats වෙයි.
ඉතින් මම ඒකත් අත් ඇරලා වෙන ක්රමයක් හොයන්න පටන් ගත්තා. සොයන්නාට හම්බ වේ කියලා කියන නිසාම ද මන්දා මට හම්බ වුනා පට්ට ම විධියක්! මේ Firefox extension එකක්, Easy Sinhala කියලා. Develop කරලා තියෙන්නේ එස්. සුහෝතයන් කියලා කෙනෙක්.
extension එක බාගත කරගෙන සාමාන්ය විධියට install කරගන්න. ඊටපස්සේ Firefox restart කරන්න. එතකොට ඔයාගේ Navigation tool bar එකේ extension එකට අදාල icon එක මේ විධියට තියේවි.
ඒක click කරලා භාෂාව වෙනස් කරගන්න ලේසියෙන්ම පුළුවන්.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.
දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.
C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg
ප .ලි :
"hide extention for known files" Uncheck කරන්න.
දැන් වැඩේ හරියාවි. ඉංග්රීසි බ්ලොග් එකක් ලියන මගේ යාළුවෙක් තමයි මටත් මේ ගැන කිව්වේ! හරිම සාර්ථක ක්රමයක්. උත්සහ කරද්දි මොනාහරි ප්රශ්නයක් මතු වුනොත් Comment එකක් දාන්නකෝ...!

ඔයාලට මතක ඇතිනේ මම VLC Player එකෙන් ගන්න පුලුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන කිව්වා. අද ඉතිරි ටික ගැන කියන්නයි යන්නේ. ගොඩක් දෙනෙක් කලින් පෝස්ට් එක බලලා තිබුනා. මම හිතන්නේ හැමෝම වගේ කැමති වෙන්න ඇති. කලින් පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.
3. Convert Audios/Videos
ඔයාලට VLC Player එක භාවිතයෙන් ලේසියෙන්ම audio/video files විවිධ file formats වලට convert කරගන්න පුලුවන්! MP4, MP3, WMV, AVI, OGG වගේ file formats support කරනවා ඒ සඳහා. ඒකට Media-> Convert/Save යන්න මුලින්ම. Add button එකෙන් ඔයාගෙ file එක load කරගන්න.
දැන් Convert කරන්න. ඊළඟට output format එක සහ output file location එක දෙන්න. දැන් වැඩේ හරි.
4. Download Youtube video/Videos
ඔයාට ඕන video එකේ URL එක copy කරගන්න.
දැන් Media-> Open Network Streaming ගිහින් URL එක Paste කරන්න. දැන් Play කරන්න. Video එක play වෙන අතරේ Tools –>Codec Information ගිහින් පහළ තියෙන Location box එකේ තියෙන URL එක Copy කරගෙන address bar එකේ paste කරන්න. එතකොට browser එක මඟින් අදාළ file එක download වේවි.
වැඩේ හොඳයි නම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳද.........!
සාමාන්යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?

විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ)



2 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !