

වෙනදා ලියන ලිපි වලින් තරමක වෙනස් ආකාරයක දෙයක් ගැන තමයි අද කියන්න යන්නේ. කියවලා බලන්නකෝ මේ කථාව.
විසි හතර වියේ පසු වු සුරූපී අමීනා බ්රාහ්මී හට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. විවාහ යෝජනාව ඉදිරිපත් උනේ ඈ හා ඉගෙන ගත් තවත් තරුණ සිසුවෙකු වූ මොවාහ්දිගෙනි. (Movahedi) මේ දෙදෙනාම විසුවේ ඉරානයේ ටෙහෙරානයේ. අමීනා විවාහ යෝජනාවට අකමැති වීම නිසා කෝපයට පත් මොවාහ්දි ඇයට ඇසිඩ් දමා ගැසුවා. මේ නිසා ඇස් අන්ධ වු අතර මුහුණ විරූපී වුණා. අමීනා උසාවියට ගියා.
උසාවියේ තීන්දුව වුනේ අමීනාට සිදුකල අපරාධයට වන්දි ගෙවීමක් වශයෙන් ඇසිඩ් දමා මොවාහ්දිගේත් ඇස් අන්ධ කළයුතු බවයි. නඩු තීන්දුව ඇසු අමීනා කියා සිටියේ මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවක් වන බවත්, තමන්ට පෙරළා ඔහුට ඇසිඩ් ගැසීමට අවස්ථාව ලැබේ නම් එය ඉටුකිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.කෙසේ වෙතත් තීන්දුව ක්රියාත්මක කිරීම භාර වුනේ වෛද්යවරයෙකුට. දැන් ඉරාන අධිකරණය විසින් තීන්දුව ක්රියාත්මක කිරීම කල්දමා තිබෙනවා. තීන්දුව ක්රියාත්මක වුනොත් මොවාහ්දිගේ ඇස් අන්ධවන සේ ඇසිඩ් දැමීමට කටයුතු කිරීමට නියමිතයි.
Iran’s judiciary has postponed the blinding of a man as punishment for throwing acid in the face of a young woman in 2004, after she rejected his offer of marriage. The delay came in the face of mounting outcry both inside Iran and in the West over the sentencing, which is permissible under qesas, a principle of Islamic law allowing victims analogous retribution for violent crimes.
පුදුම හිතෙන කතාවක් නේද? අදහාගන්නත් බෑ වගේ නේද? හැබැයි මේක ඇත්ත සිදුවීමක්. ඒ අපේ සංස්කෘතියෙන් පිටත අපිට ඇහෙන දෙයක් නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතුවෙ. කොහොම වුනත් මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්නකෝ.....
මේ ගැන වැඩිදුර දැනගන්න ඕන නම්
මෙතැනින් යන්න.
18 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !