කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි.....

කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බව. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට උපායක් සැලසුම් කළ රජතුමා, ඇයගේ ස්වාමියා රජමාලිගයට කැඳවලා ඔහුට යම් කාර්යයක් පවරලා, රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට මරණය අත්වන බවත් දන්වනවා. මේ තරුණයාට පැවරුව කාර්යය තමයි, යොදුනක් (සැතපුම් 12 ක්) පමණ දුර පෙදෙසක තියෙන කුමුදු, නෙළුම් වර්ග වලින් මල් වට්ටියකුත් නාගයන්ගේ රජදහනේ තියෙන පස් වර්ගයක් වුණ අරුණාවතී කියන පස් වර්ගයත් , පැය කිහිපයක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීම.

මේ අහිංසක තරුණයා තම බිරිඳ සකස් කරලා දුන්න බත්මුලත් අරගෙන කඳුළු පිරි දෙනෙතින් පාරට බහින්නේ යළිත් වරක් කවදාවත් තම දයාබර බිරිඳ දකින්නට නොලැබෙන බව කල්පනා කරමින්. දිවිහිමියෙන් පතිභක්තිය අගය කළ බිරිඳ ස්වාමියාට ආශිර්වාද කරනවා යන ගමන සාර්ථක වෙන්න කියලා. උදෑසනින්ම ගමන ආරම්භ කරන තරුණයා හිරු රශ්මිය දැඩිවෙද්දි කැලයක් අයිනෙ නතර වෙලා දිවා ආහාරය අරගෙන ළඟ තිබුණ ඇළකට ගිහින් වතුර බීල ඉතිරි වුණ බත් මාළුන්ට දාලා ගමන් විඩාව සන්සිඳුවාගන්නා ගමන් ම තමාට අත්වන්නට යන්නා වූ ඉරණම ගැන කල්පනා කරන්න පටන්ගත්තා. තරුණයා දැනගෙන හිටියා කවදාවත් තමන් යන ගමන සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ කියලා. ඒ අතරේ තරුණයා පත්වෙලා ඉන්න කණගාටුදායක තත්ත්වය දැක්ක නාග රාජයක් මහලු වේෂයක් මවාගෙන, තරුණයා අසලට ඇවිත් ඔහු සොයන මල් වට්ටිය සහ අරුන්දතී පස් දුන්නා.

ඉමහත් පී‍්‍රතියට පත් වුණ තරුණයා පැය කීපයක් ඇතුළත මල් වට්ටිය සහ අරුන්දතී පස් අරගෙන නගර සීමාවට යළි ආවත් රජමාළිගාවේ සිද්ධවුණේ වෙනත් දෙයක්. තමන් දුන්න කාර්යය ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවුණත් බැරිවෙලාවත් වේලාවට කලින් මේ තරුණයා අදාල දේවල් අරගෙන ආවොත් තමන්ගේ අරමුණ ඉටුකරගන්න නොහැකිවෙන බව හිතන රජතුමා නගරයේ දොරවල් කලින් ම වහලා දාන්නට අණ කරනවා. තරුණයා එද්දි නගරයේ දොරවල් වහලා. කිසිවක් කරකියාගත නොහැකි වුණ මේ අහිංසක තරුණයා අසල තිබ්බ ජේතවනාරාමයට ගියේ පසුවදාට එළිවුණ ගමන් ම රජ මාළිගාවට යන්න හිතාගෙන.

කොසොල් රජතුමා එදා රෑ සිරිත් පරිදි නිදාගන්න ගියත් මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි ඇහෙන නිසා රාත්‍රිය පුරාවටම නින්දක් ලැබුණේ නැහැ. රෑ පහන් වෙනකල් ම එක එක විදියෙ භයානක ශබ්ද ඇහුණ නිසා කොසොල් රජතුමා හොඳටම බයවුණා. ඉතා දිගු වුණ භයංකාර රාත්‍රියේ නිදිවරා සිටිය රජතුමා උදෑසනම ඒ බියජනක ශබ්ද ගැන අගමෙහෙසිය වුණ මල්ලිකාවන්ට කිව්වා. මේ ගැන ඇගේ අදහස වුණේ මෙම රුදුරු බිය උපදවන ශබ්ද රජතුමාට ඇසුනේ කෙසේද යන්න දැනගන්නට නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන්න කියලයි.

මල්ලිකා දේවියගේ උපදෙස් අනුව, කොසොල් රජතුමා බුදුන් වහන්සේ හමුවන්නට ජේතවනාරාමයට ගිහින්, කලින්දා රාත්‍රී කාලයේ තමන්ට අහන්නට ලැබුණ භයානක දුක් අඳෝනා සහිත ශබ්ද ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළිතුරු දෙනවා. "මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින සිවුදෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෝනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත් සිටුවරුන් සිවුදෙනෙකුගේ් පුතුන් සිවු දෙනෙක්, කාමය වරදවා හැසිරීම නමැති තෙවන පන්සිල් පදය දරුණු ලෙස කඩකිරීම නිසා ලෝකුඹු නිරයට ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෝනායි ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ පහස සොයා යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන් අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන් දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෝනාවලට තමයි ඔබ සවන් දුන්නේ" කොසොල් රජතුමාට කරුණු පැහැදිලි වුණා. තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි කියලා රජතුමාට ඒත්තු ගියා. ‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළා. ඒත් එක්කම බුදුන් වහන්සේ සහ රජතුමා ටිකක් ඈතින් රැඳී සිටිය තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි කුමුදුමල් සහ අරුණාවතී පස් සොයා ගන්නට මා යොදුනක් ඇවිද්දා. මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි කියලා ප්‍රකාශ කරනවා. ඊටපස්සෙ තමයි උන්වහන්සේ "නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය" යන අරුත දැක්වෙන ගාථාව දේශනා කරන්නේ....

ප.ලි : මහළු වේශයක් ගත්ත නාගරාජයා ගැන ප්‍රශ්න ඇතිවුණා නම්.... මෙතනදි නාගයෙක් කියලා අදහස් කරන්නෙත් සතර අපායෙන් එකක් වෙන තිරිසන් අපායෙ එක සත්ව කොට්ඨාසයක් වෙන නාගයන් ගැනයි (නිතර අපි දකින නයි ත් මේ කොටසේ ඉන්නවද කියන්න නම් මම දන්නේ නැහැ!). මේ අයට ලැබිලා තියෙන ලෞකික ඍද්ධියක් තමයි වෙස් මාරුකරගැනීමේ හැකියාව. නමුත් මේ අය තිරිසන් සත්ව කොටසක් නිසා කවදාවත් ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ ගැන කතාවකුත් තියෙනවා, ඒකාලේ නාගයෙක් මිනිස් වේශයෙන් ඇවිත් බුද්ධ ශාසනයේ ඇවිත් පැවිදි වෙනවා. නමුත් එක දවසක යම් සිදුවීමක් නිසා නාග වේශය අනිත් ස්වාමින්වහන්සේලා ට දකින්න ලැබිලා මේ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව කැඳවලා අවවාද කරලා සසුනෙන් ඉවත් කරනවා නාගයෙක් විදියට ධර්මය අවබෝධ කරගන්න කවදාවත් බැරිනිසා. ඒ වගේම සිදුහත් බෝසතාණන් සුජාතාවන් ගේ කිරිපිඬු දානය වළඳලා නේරංජරා ගඟේ පා කළ පාත්‍රය උඩුගං බලා ගිහින් නැවතුණෙත් නාග ලෝකයේ කියලයි කියන්නේ. ඒ පාත්‍රය දැක්ක මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යනවා කිව්වලු. මේ වගේ කතා ගොඩක් තියෙනවා නාගයෝ ගැන කියනවනම් පෝස්ටුවකට දාන්න තරම්...තව මේ ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න. පින්තූරය මෙතනින්.

51 comments:

  1. පෝය දිනටම ගැලපෙන ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මතක් වුණේ පස්සෙ, පෝය නේද කියලා...

      Delete
    2. ලහිරු අය්යා හැමදාම ලියන්නේ පෝය දිනවලට ගැලපෙන ලිපිනේ නලින් මාමේ

      Delete
  2. godakma wadagath lipiyak lahiru..
    eth dan nam mona dewiyek wath , brahmayek
    wath , naa rajek wath enne nathi patai neda
    manussa loke paththe ..?

    kohoma unath poya dawasata wadagathma post ekak
    api ekka beda ganeema gana pin oyaata..

    ReplyDelete
    Replies
    1. පුළු පුළුවන් අය මෙන්න මේක බලන්නකෝ ...

      යම ලොවට අධිපති යම රජ|.A horror story.

      Delete
    2. මිනිස් ලෝකය අකුසල් වලින් පිරෙන්න පටන් ගත්ත ම දෙවියන්, බ්‍රහ්මයන් මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා. ඒ වගේ ම දෙවියන්ටත් ධර්මයේ හැසිරෙන්න ගැටළු ඇතිවෙනවා මේ කාලයේ. මොකද දෙව්ලොව පවා මිථ්‍යාදෘෂ්ඨික දෙවියන් බහුල වුණා ම ඒ අයගේ බලය වැඩි වෙනවා. මේ විදියට ලෝකේ පුරා ම අකුසලය බලවත් වෙනවා...

      Delete
  3. අපූරු උපායක් තමයි. ඒත් අන් අඹුවන් කරා යාම පිරිහීමට හේතුවක් කියලා බුදුන් වහන්සේ ම දේශනා කරලා තියෙනවනේ. ඉතින්, නිතර බුදුන් වහන්සේ බැහැ දකින්න ගිය කොසොල් රජතුමා ඒ බව නොදන්නේ කොහොම ද?

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී රුව දකිද්දී පිරිමි සිත ඇවිස්සෙනවා .
      බණ අමතක වෙනවා ..හෙමීට හිත දුවනවා ..


      ( කොසොල් රජු සෝවාන් ඵලයට වත් පත් උනේ නැහැ
      මිය යනකන් වත් ..අදටත් කොහේ කොහොම ඉන්නවද
      මන්දා ..)

      Delete
    2. ඇත්ත, ස්ත්‍රීන් ට පුරුෂ රූපයත් පුරුෂයන් ට ස්ත්‍රී රූපයත් තරම් මිහිරි වෙනත් දෙයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මාර්ග ඵල නොලැබූ කොසොල් රජතුමා ගැන කවර කතා ද? ස්තූතියි සහන්!!!!

      Delete
    3. @ ධාරා, SilentSahan, ලහිරු

      ස්ත්‍රීන් ගැන බ්‍රාහ්මණයෝ කියන්නේ මෙහෙමයි :D

      නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්‍ය් සමප්‍රභා
      නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ

      ගංගා නම් නදිය තරම් ජලයක් නැත, සූර්යා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත, ස්ත්‍රිය හා සමාන රසයක් නැත

      Delete
  4. හොඳ ලිපියක්.ඒකට ගොඩක් පින්. SilentSahan ට වගේම මටත් කොසොල් රජු ගැන ගැටළුවක් තියෙනෙවා. ත්‍රිපිටකයේ කසල වග්ග කියා කොසොල් රජුට දෙසනා කල සුත්‍ර අඩංගු වෙනමම කොටසක් තිබුනත් කොසොල් රජු අධිගමයක් ලැබූ තැනක් මා අසා නැත.බ්‍රද්‍රජිත් මහින්ද එයාගේ අලුත් නවකතාවෙන් කියන්නේ කොසොල් රජු අන්නගතයේ බුදුබව පතන බෝධිසත්වයෙක් කියාය. එය ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. කෝසල වග්ගය නමින් එහෙම තිබුණත් ඒක කොසොල් රජතුමාගේ අවබෝධය ගැන ගැටළුවක් නේද? කොසොල් රජතුමා උන්වහන්සේ ළඟින් ම හිටියත් නුවණ මෙහෙයවුයෙ නැත්තම්, ඒකට පින නැත්තම් අධිගමයක් නොලැබීම අරුමයක් නෙවෙයි නේද? කොසොල් රජතුමා ගේ බෝධිසත්ව සංකල්පය නම් මම ඇහුවෙත් අදයි. ඒ ගැන නම් දන්නේ නැහැ සහෝ! ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
    2. කොසොල් රජු කිසිම විදිහකින් මාර්ග ඵල අවබෝදයක් කරන්නේ නැහැ .
      මැරෙන්නෙත් මහ පාරෙනේ ..බුදුන් වහන්සේම ඒ ගැන දේශනා කරලා
      තියෙනවා ඔහු මිය යන්න පෙර .ඒකට හේතු වෙන්නේ බුද්ධඃප්‍රමුඛ මහා සංඝයාව
      අපහසු තාවයට පත් කිරීම ..( දැන් කියන්න එපා රහත් උත්තමයෝ එහෙම
      අපහසු තාවයට පත් වෙන්නේ නැහැ කියල ) ..

      එයා කරපු දෙයක් ගැන වෛරෙන් ඉන්න ඇමති කෙනෙක්ගේ කුමන්ත්‍රණයක්
      විදිහට තමයි සියල්ල සිද්ධ වෙන්නේ අන්තිමට ..මන් හිතන්නේ මේ සිදුවීම් ටික
      සමරසේකර මහත්තයත් දන්නවා ..

      \\\ද්‍රජිත් මහින්ද එයාගේ අලුත් නවකතාවෙන් කියන්නේ කොසොල් රජු අන්නගතයේ බුදුබව පතන බෝධිසත්වයෙක් කියාය. එය ඇත්තද ? \\

      මේක නම් දන්නේ නැහැ කියන්න ..

      Delete
    3. @ wmk, ලහිරු

      මා දන්නා තරමින් වග්ග යන කොටඩ භාවිතා වන්නේ ඛුද්දක නිකායට අයත් වන ධම්මපදයේ කොටස් හඳුන්වන්න. උදාහරණ විදිහට බ්‍රාහ්මණ වග්ග, භික්ෂු වග්ගය වගේ. බුදුන් වහන්සේ කොසොල් රජතුමා අරබයා දේශනා කළ වදාළ ධර්ම කොටස් ඇතුළත්ව පවතින්නේ සංයුක්ත නිකායේ "කෝසල සංයුක්තයේ".

      කොසොල් රජතුමා බුදුන් වහන්සේව නිතර බැහැ දැක්කත් නිතරම දහම් කරුණු ශ්‍රවණය කළත් මාර්ග ඵලයක් ලබාගන්න තරම් වාසනාවන්ත නොවුණු බව තමා කියවෙන්නේ. ඒ වගේමයි එතුමාට අවසානයේදී අත්වන්නේත් ඛේදනීය මරණයක්.

      භද්‍රජි මහින්ද කියන්නේ ලේඛකයෙක් ඒක නිසා කොසොල් රජතුමා මතු බුදුවන පතන බෝධිසත්වයෙක් ලෙස හැඳින්වීම ප්‍රබන්ධයක් වන්නට පුලුවන්. මා දන්නා තරමින් සඳහනක් ත්‍රිපිටකයේ නැහැ.

      Delete
    4. SilentSahan/ලහිරු/හසිත,

      ඔබලා තිදෙනාටම ස්තුතියි. මම භද්‍රජි ට ගොඩක් කැමතියි එයාගේ "ප්‍රසේනජිත්" පොත පිටු 377ක් ලොකු එකක්. තනිකරම කොසොල් රජු ගැන කියල තියෙන්නේ. මා කොසොල් රජු ගැන දන්නා ඔක්කොම දේවල් මේ පොතේ තිබෙනවා ඒකෙ 375 පිටුවේ තමයි කොසොල් රජු ධම්ම රාජ නමින් මන්ද යුගයේ බුදු වෙන බවට නියත විවරන ලද බව දැක්වෙන්නෙ. මට හිතුනෙ මේ මුලාශ්‍රය මට මග හැරී ඇති බවයි.

      Delete
    5. @ wmk

      //...ඒකෙ 375 පිටුවේ තමයි කොසොල් රජු ධම්ම රාජ නමින් මන්ද යුගයේ බුදු වෙන බවට නියත විවරන ලද බව දැක්වෙන්නෙ....//

      ත්‍රිපිටකයේ මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබූ බව කියන පුවත හැරෙන්න මෙවන් පුවතක් තිබෙනවාද යන්න සැක සහිතයි. එනිසා මේ පුවත සැබවින්ම ත්‍රිපිටකයේ තිබේදැයි විමසා බැලීම වටී.

      Delete
    6. මමත් එකඟයි හසිතගේ කතාවත් එක්ක. කොසොල් රජු ධම්ම රාජ නමින් මන්ද යුගයේ බුදු වෙන බව ගැන නම් මටත් සැකයක් තියෙනවා. මොකද ඒ ගැන ඉඟියක්වත් කොහෙවත් සඳහන්වෙලා නැතිනිසා..

      Delete
    7. කොසොල් රජු මතු බුදු බව පතනවා නම් අනියම් සබදතා වලට බිලි දී යාග කරන්න යුද්ධ වලට යන්න පෙලඹෙන්නේ නෑ.මොකද බාල පණ්ඩිත සූත්‍රයට අනුව දස කුසලයේ යෙදෙන්නා නැවත මනුලොවට ආවොත් පෙර ජීවිතියේ මෙන් දස කුසල් කරලා නැවත සුගතිගාමී වෙන බව තියෙනවා.

      Delete
  5. රජවරුන්ට තමන්ගේ අඹුවන්ටත් වඩා පර අඹුවන් ගැන තියෙන ආසාව වැඩියි කියලා තමා හුඟක් වෙලාවට පේන්න තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් රජවරුන්ට විතරක් නෙවෙයි ගොඩක් අයට තියෙන ලෙඩක් මලේ....

      Delete
  6. නාග පෝස්ට් එකත් දැම්මනම් හොඳයි නේද? කලින් අහල නොතිබුන කතාවක්...ස්තුතියි ලහිරු :)

    ReplyDelete
    Replies
    1. හා... දාන්නම්! හැබැයි ටිකක් විතර කල් නම් යයි!

      Delete
  7. කොසොල් රජතුමා ගැන කතා තියෙනවනෙ සෑහෙන්න ගොඩක් නේද? දිගටම ලියමු.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න නෙවෙයි නොසෑහෙන්න කථා තියෙනවා නගේ!

      Delete
  8. මේකත් කලින් අහල නොතිබුණු කතාවක්... ස්තුතියි ලහිරු..!

    ReplyDelete
  9. කතන්දර විදියට ගනිද්දි නම් මේවා රසවත් තමයි.... හි හි... හැබැයි මේවා ලියවෙද්දි ලේඛකයන්ගේ සිතුවිලි සහ මනකල්පිත සිදුවීම් ඇතුලුවීම වෙන්න පුළුවන් දෙයක්... ඔය ගොඩක් සිද්ධි රසවත් කරන්න පරිකල්පනය උපයෝගී කරගෙන තියෙනවා කියන අදහස මම පිළිගන්නවා... අනිත් එක මේවා ලේඛනාරෑඪ උනේ කාලෙකට පස්‌ෙස් නිසා සිද්ධීන් වල මුල් ස්වරූපය වෙනස් වෙලා ඇති කියලාත් මම හිතනවා... ඒක නිසා මේවයින් උපදේශ ගනිද්දි ටිකක් පරිස්සමින් කරන එක හොඳයි කියලා මම හිතනවා....

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක හැමදේක ම මුල් ස්වරූපය වෙනස් වෙන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා. නමුත් ගැටළුව තියෙන්නෙ මෙතනයි. උපදේශය කියන දේ කාලයත් එක්ක වෙනස්කමක් වෙන්න හැකියාවක් නැහැ නේද? ඒ කාලෙදි පරදාර සේවනය හොඳ නැති දෙයක් වගේ ම ඒක අදටත් එහෙමයි....

      Delete
  10. සිත පාලනය කරගන්න පුලුවන් නම් බොහොමයක් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වාගන්න පුලුවන්.
    මීට කලින් අහල නොතිබුන කතාවක් දැනගන්න සැලැස්සුවට ස්තූතියි ලහිරු...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒත් ඉතින් ඒක එච්චර ලේසි නෑනේ, අනිත් එක හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ, හැබැයි ඒක කවදාවත් සමාවට කාරණයක් නම් නෙවෙයි,,,

      Delete
  11. // ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව කැඳවලා අවවාද කරලා සසුනෙන් ඉවත් කරනවා නාගයෙක් විදියට ධර්මය අවබෝධ කරගන්න කවදාවත් බැරිනිසා.//

    ලහිරු කතාව බෙදාගත්තට ගොඩක් පින්..මට නම් හිතගියෙම මම මේ උපුටා ගත්ත කතාවට..!!
    මේ වගේ ධර්මය අවබෝධ කරගන්න බැරි කී දෙනෙක් බුද්ධාගම අදහනවද?

    ReplyDelete
    Replies
    1. @ රූ....

      බුදුන් වහන්සේ වදාළ පරිදි පැවිදි කිරීමට නුසුදුසු 11 කොටසෙන් එක් කොටසක් තමා තිරච්ඡානගතය කියන්නේ. ඒකට තමා මේ නාගයන් අයිති වෙන්නේ. නොදැනුවත් හරි පැවිදි කෙරෙව්වත් පැවිද්ද ඔවුන්ට නොපිහිටන බව තමා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

      ඒ වගේමයි කිසියම් නාගයෙක් සාමණේර නමක් විදිහට හිටියත් ඒ බව උපසම්පදාවේදී හරි හෙළිවෙනවා. උපසම්පදා කරන්න කලින් ප්‍රශ්න විමසනවානේ. ඒකෙදී අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමා "මනුස්සොසි" [මනුෂ්‍යයෙක්ද?] කියන එක.

      කෙසේ හෝ බොරු කියලා උපසම්පදාව ගත්තත් උපසම්පදාව නොපිහිටන බවත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේකටම දිව්‍ය, බ්‍රහ්ම කොට්ඨාශත් අයිතියි.

      Delete
    2. කරුණාකරලා කියල දෙන්න පුලුවන්ද මහණ කරන්න බැරි අය කවුද කියලා ත්‍රිපිටකයේ කොයි කොයි තැන්වලද තියෙන්නේ කියලා

      Delete
    3. විනය පිටකයේ මහාවග්ගපාලියේ මහා ඛන්ධකයෙහි සඳහන් වෙනවා මේ ගැන

      Delete
  12. බොහොම පින් සිද්ධ වෙනවා ලහිරු!

    ReplyDelete
  13. දැනගෙන හිටියේ නැති කතාවක් ලහිරු. ගොඩක් පිං.....
    නාගයින් ගැන ලිපියක් දැම්ම නම් හොදයි කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟට දාන්නම්කෝ ඒ ගැන...

      Delete
  14. හැමදාම එන්නේ මේ පොස්ට් එක කියවන්න මචං.ලස්සන ධාර්මික කතන්දරයක්.

    ReplyDelete
  15. So sorry for typing in English, as i'm not so good in Sinhala Keyboard typing. However regarding this matter about King Pasenadhi Kosol, i have heard that he was born with Dweehethuka Prathisandiya. In order to attain any supreme state of Buddhism ( Sovaan, Sakadhaagaami, Anaagami or Arihath), a person should have a Thriheithuka Prathisandiyak.

    ReplyDelete
  16. To All those meritorious people out there in seek of truth of life and Buddhism, there is a most venerable Aranya Bikkhu who conduct few Dharma Deshanas around Sri Lanka. Those talks are so inspiring. I'll give the link to listen to few of his Deshana. Try listening to one, you'll be so inspired.
    http://rahathunwedimaga.lk/index.html

    ReplyDelete
    Replies
    1. Further if you would like to listen to a live deshanawa of his, you have the chance on
      30th May 2013, Time 2.00 p.m., At Cancer Hospital Maharagama.



      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. බොහොම වටිනවා!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !