පුංචි කාලේ අපි.... හැටි තව මතකද ?

.


අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ දරුවා වඩාගන්නවා, නලවනවා, තෑගි ගේනවා. ඔය වගේ නොයෙකුත් දේවල්. ඒ වගේ ම එදා ඉඳන් දෙමව්පියන්ට ත් අලුතින් රාජකාරි බොහොමයි. දරුවා පෝෂණය කරලා ලොකු මහත් කරන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක හැම අම්මෙක් තාත්තෙක් ගෙම හීනයක්. ඉතින් ඒ වගේ දරුවෙක් ඉපදුණාට පස්සෙ වෙන හැමදේ ම අපිට පේනවනේ. දකින්න පුළුවනි නේ. නමුත් මේ දරුවා මව්කුසේ ඉද්දි ගෙවන ජීවිතේ මොන වගේ වෙන්න ඇතිද කියලා කාටහරි හිතුණද? සාමාන්‍ය මිනිස්සු නම් දන්නේ බොහෝ ම සනීපෙට Water bag එකක් ඇතුළට වෙලා ඉන්නවා ඇති කියලනේ.

නමුත් ඇත්ත ම කථාව නම් ඒක නෙවෙයි. කියවලා බලන්නකෝ මේ විස්තරය. 

“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය. ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය.

ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය.”
මේ තමයි බුද්ධ දේශනාව. උපුටලා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ කෘතියකින් කියලා තමයි මට ලැබුණු ඊ මේල් එකේ සඳහන් වුණේ. කොහොම වුණත් දරුවෙක් ලැබෙන එක දෙමව්පියන්ට සතුටු වෙන්න කාරණාවක් තමයි. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ "පුත්තා වත්ථු මනුස්සානං" කියලා. මිනිස්සුන්ට තියෙන ලොකු ම වස්තුව තමයි දරුවෝ කියලා. නමුත් ඒත් එක්ක ම මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ඉපදීම කියන්නේ තවත් දුකක් කියලා. සතර මහා ධාතූන්ගේ පහල වීමක්, පංච උපාදානස්කන්ධයේ පහල වීමක් කියලා ඒ තමයි යථාර්තය වෙන්නෙත්...

35 comments:

  1. මේක බලන්න
    http://www.youtube.com/watch?v=SXCmt8PBZvk

    http://bitsnoop.com/national-geographic-special-in-the-q3579918.html
    info_hash: c17c0c4c6721b28be46ed03386cb55ca0f326a6c

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබැඳියට...

      Delete
  2. දරුවෙක් බිහි කරන්න මවක් කොයිතරම් නම් වේදනා විඳිනවද. ඉපදෙන දරුවත් ඒ වගේම වේදනා විඳිනවා කියල මීට කලින් දැනන් හිටියේ නෑ.
    කොහොම උනත් ඉපදීම කියන්නෙ තවත් දුකක් තමයි..

    ReplyDelete
    Replies
    1. // කොහොම උනත් ඉපදීම කියන්නෙ තවත් දුකක් තමයි.. :)

      Delete
  3. හ්ම්ම්.... මෙහෙම දෙයක් ගැන ඇහුවේ අද..... බලන් ගියාම බඩේ ඉදන්ම දුක්මනේ විදින්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව්, දැනෙන්නෙ නැති එක විතරයි අඩුව!

      Delete
  4. කලින් නොඇසූ විස්තරයක්.. හ්ම්.. ඉපදීම දුකක් ම තමයි.

    ReplyDelete
  5. බබා බඩ ඇතුලේ ඉඳං පයින් ගහනකොට අපිට ආස හිතුනත් ඇත්තටම ඌ දුක් විඳිනවා ඇති එතන හිර වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔව්, හැරෙන්න, දඟලන්නවත් ඉඩ නැතුව මොන සැපක්ද...

      Delete
  6. ඉතා වැදගත් විස්තරයක් ලහිරු. ජය වේවා

    ReplyDelete
  7. වටිනා විස්තරයක් වගේම කාගෙවත් අවධානයට යොමු නොවන පැත්තක්(අම්මගෙ අමාරුවනෙ හැමෝම කතාකරන්නෙ, ළමයගෙ අමාරුව ගැන දන්නෙ නෑ කවුරුවත්)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ, හැබැයි ඒ ගැන හැඟීමක් නැති එක තමයි අඩුව!

      Delete
  8. ඉපදීම දුකක් එහෙමනේ අපට උගන්වන්නේ..අම්මගේ කුස ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාව ගැන හිතනකොට හිතනකොට කෙළවරක් නෑ..පුදුම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපිට උගන්නව්වට ඒක අමතක වෙන එකනෙ වැඩේ :)

      Delete
  9. ඉපදීම දුකක් කියල දැනන් හිටියට මෙච්චර විස්තරයක් දන්නේ අද නේ!

    ReplyDelete
    Replies
    1. ඔව්, තව දන්නෙ නැති දේවල් නම් කොයිතරම් ඇතිද :)

      Delete
  10. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................

    ReplyDelete
  11. ඇත්තටම හිතුනේ නැති පැත්තක් ගැන ව්ස්තරයක් මේකනම්..

    ReplyDelete
    Replies
    1. ඔව්, හිතෙන්නෙ නැති පැත්තක් තමයි, මොකද දැනෙන්නෙත් නැහැනේ....

      Delete
  12. මේ ලිපිය කියවද්දි නම් ඉපදීම දුකක් වෙන්නෙ කොහොමද කියලා හොඳටම පැහැදිලි වුනා..ස්තුතියි ලහිරු..

    ReplyDelete
    Replies
    1. හැබැයි අපිට මේක අමතක වෙන එකනෙ අක්කේ ගැටළුව!

      Delete
  13. අඬාගෙනම ඇවිත් අඬාගෙනම ආපහු යනවා

    ReplyDelete
    Replies
    1. අඬාගෙන ඇවිත් අඬවලා අඬාගෙන ම යනවද මන්දා :P

      Delete
  14. ඉපදීම දුකක්. ඒක නැතිකරන්න තමා මහන්සි වෙන්න ඕනෙ. ඉපදීම නැති කරන්නා, නිවනේ නිවීම විඳිනවා ළහිරු.

    ReplyDelete
  15. මම හිතුවෙත් හෙන සැපට ඉන්නවා කියල.

    ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
  16. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. එසේ ම වේවා අයියේ!

      Delete
  17. අලුත් අවුරුද්දේ මේ පැත්තටත් ඇවිත් යන්න ආවා. :) ලහිරු ඇතුළු පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. චන්දන ඇතුළු පවුලේ සියළු දෙනාටත් මගේ සුබ පැතුම්!

      Delete
  18. ඉපදීම දුකක් බව දැනගෙන හිටියත් මේ තරම් දුකක් බව දැනගෙන හිටියේ නැහැ, ළහිරු. හ්ම්ම්, ඔයාටත්, පවුලේ හැම දෙනාටමත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !