
29
Oct
2012

මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි...
25
Oct
2012

කලින් සතියෙ සටහන ඉවර කළේ ග්‍රීක රජ කෙනෙක් වුණ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජතුමා සහ සාගල නුවර රාජධානිය ගැන විස්තරයෙන් නේ. මේ දෙන්නා අතර මේ විදියට වාදයක් ඇතිවෙන්න පෙර කර්මයක් බලපෑව හැටි ගැන අපූරු කථාවකුත් තියෙනවා. හැබැයි ඒ කථාව දැනගන්න නම් මේ සටහන අන්තිම වෙනකල් ම කියවන්න වෙනවා. නාගසේන හාමුදුරුවෝ ක්‍රි.පූ 150 දී විතර හිමාල පර්වතය අසල කජංගල කියන බමුණු ග්‍රාමයේ සෝනුත්තර නම් බමුණා ට දාව තමයි උපත ලැබුවේ. මේ උප්පත්ති කථාවට සම්බන්ධ ලස්සන පුරාවෘත්තයකුත් තියෙනවා. ඒ ගැන කියන්නයි...
22
Oct
2012

මිලින්ද-නාගසේන ප්‍රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය...
16
Oct
2012

කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ඉතින් මේ විනාශයෙන් සුළු පිරිසක් ඉතුරු වුණා කියලා මම කලින් කිව්වනේ, ඒ අය තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 ක් වෙනකල් වර්ධනය කරගත්තේ...
12
Oct
2012

කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු කෝටි ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වුණ දෙයක්. එහෙනම් අද කියන්න යන්නේ ඒ ඉතිරි ටික. අපි නැවැත්තුවේ තද ආශාව, ක්‍රෝධය වගේ හැඟීම් නිසා ආයුෂ අවුරුදු දාහකට අඩුවුණ තැනින් නේ.
ඊට...
9
Oct
2012

ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි? මේ ප්‍රශ්නය ම ඒ කාලේ හිටිය පායාසි කියන උප රජතුමාටත් ඇතිවුණා. ඒ ගැන විමසුවා ම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අපූරු උපමාවක් කියනවා. අපරාධ කළ කෙනෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජතුමා හිසා ගසා දැමීම නියම කලාට පස්සෙ ඒ කෙනා රාජපුරුෂයන්ට කිව්වොත් "අසවල් තැන මම දන්නා කියන අය ඉන්නවා, මම ඒ අයට කියලා එන්නම්...
5
Oct
2012

මේ ඊයේ පෙරේදා දවසක මට තිබුණා පොඩි IQ ජාතියේ ටෙස්ට් එකක්. ඒකේ ප්‍රතිඵල නම් එද්දි තව සතියක් විතර යයි. ඉතින් මේ අපූරු වීක් එන්ඩ් එකේ මොළයට පොඩි ව්‍යායාමයකටත් එක්ක, (ඔන්න මොළේට වද දෙන්න කැමති නෑ කියන්න බෑ...) මේ කතන්දර ටික කියවන්නකෝ. කියවලා කියවලා කියවලා හිතලා හිතලා හිතලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න එහෙනම්..
ප්‍රශ්න අංක එක
ඔන්න පරෙවියො ඇතිකරන මනුස්සයෙක් ඉන්නවා. ඔය මනුස්සයා හවසට පරෙවියො ටික කූඩුවට දාන්න ගියා ම සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා. එක පරෙවියෙක් එක කූඩුවකට...
Subscribe to:
Posts (Atom)
52 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !