ලැබෙන Email, Desktop එකට ම ගෙන්නා ගන්න... (Gmail)


Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එන ඊමේල් එකක් කියවන්න නම් අපිට ඊමේල් ගිණුමට ලොග් වෙන්න වෙනවනෙ. හැබැයි ඉතින් අපි මොනාහරි වැඩක් කරමින් ඉද්දි සැරින් සැරේ ඊමේල් බලන්න යන එක කරදර වැඩක්නේ. ඉතින් Gmail Notifier ඒකට හොඳ විසඳුමක් දෙනවා.

මේක පාවිච්චි කිරීමේදි විශේෂ වාසි කිහිපයක් ම තියෙනවා ලැබෙන. එකක් තමයි සැරින් සැරේ ලොග් වෙන්න ඕන නැතිවීම. කියවන්න ඕන වෙන්නෙ නැති ඒවා ඒ වෙලාවෙම නොබලා ඉන්න පුළුවන්. තව ඒ ලින්ක් එක මඟින් ඊමේල් එකට reply කරන්නත් පුළුවන්. ඒ වගේම gmail ගිණුම් කිහිපයක් තියෙන කෙනෙකුට වුණත් හරිම පහසුවක් මේක.



මෘදුකාංගය බාගත කරගෙන සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන යන්න. එතකොට පහතින් වගේ වින්ඩෝ එකක් ලැබේවි, රූපයේ විදියට ටික් දෙක ම දාන්න. Run on start-up කියන එකෙන් වෙන්නෙ අපි Windows වලට ලොග් වෙද්දි ම මේ Gmail Notifier එක විවෘත වෙන එක. Use for outgoing mail තේරීමෙන් වෙන්නෙ ආව ඊමේල් එකට reply කරන්න අවශ්‍ය පහසුකම ලබා දීමයි. ඊටපස්සෙ ඊමේල් ලිපිනය සහ මුරපදය ඉල්ලනවා අපෙන්. ඒකත් දුන්නට පස්සෙ වැඩේ හරි.



දැන් ඔයාලට system tray එකේ දකින්න පුළුවන් Gmail icon එක. ඒ මත Right-click කළාට පස්සෙ ඔයාලට පුළුවන් අවශ්‍ය වෙනස්කම් කරගන්න. බලන්නකෝ වැඩේ ලේසියිද කියලා....

පසුවදන : සමහර වෙලාවට connection error එකක් එන්න පුළුවන්. ඒ HTTPS secure encryption නිසා. බැරිවෙලාවත් එහෙම වුණොත් මේ .zip file එක බාගත කරගෙන notifier_https.reg file එක විවෘත කරලා Confirm කරන්න. එතකොට ඒ ගැටළුවත් හරි....

37 comments:

  1. HTTPS කියන ප්‍රොටෝකෝල් එක secure වෙන්නේ ඒවයින් පාස්වර්ඩ්, යූසර්නේම් වගේ වැදගත් ඩේටා සෙන්ඩ් වෙන්නේ එන්ක්‍රිප්ට් වෙලා.
    නමුත් HTTP වල අර කිව්ව යූසර් නේම් පාස්වර්ඩ් ඩේටා සෙන්ඩ් වෙන්නේ තනිකරම ප්ලේන් ටෙක්ස්ට් ෆෝමැට් එකෙන් !!!

    කොටින්ම Wireshark කියන ටූල් එක ඔන් කරන් හිටියොත් HTTP වලින් අපි සබ්මිට් කරන යූසර් නේම් පාස්වර්ඩ් ටික කියවගන්ඩ පුලුවන් !!! නමුත් HTTPS වලින් ඒක කරන්ඩ බෑ... !!!!

    HTTP ප්‍රොටෝකෝල් එක යූස් කරන්නේ port 80 !!! HTTPS ප්‍රොටෝකෝල් එක යූස් කරන්නේ port 443 !!!

    ඔය ඩේටා එන්ක්‍රිප්ශන් ප්‍රෝසෙස් එක නිසා HTTPS ප්‍රොටෝකෝල් එක HTTP ප්‍රොටෝකෝල් එකට වඩා ස්ලෝ !!!! :)

    පෝස්ට් එකේ HTTPS කෑල්ල දැක්කට පස්සේ මට මතක් වෙච්ච දේවල් ටික ඔහේ කොටලා දැම්මා... හික්ස් :)

    මේ එක නම් පට්ට වැඩ කෑල්ලක් වගේ. පාවිච්චි කරලම බලමු. අදමයි මේක දැනගත්තේ. කියලා දුන්නට ස්තුතියි !!!

    ReplyDelete
    Replies
    1. අහා... කැම්පස් එකේදි network security subject එක කරලා තිබුණට මේ සමහර දේවල් නම් දැනගෙන හිටියෙ නෑ. කොටින් ම Wireshark ගැන නම් කොහෙත්ම දන්නෙ නෑ. ගොඩාක් ස්තූතියි මේ ගැන කිව්වට. මම විතරක් නෙවෙයි කියවන අයටත් දැනුමක් එනවා මේ වැඩෙන්. ස්තූතියි ආයෙමත්!

      Delete
  2. මං වගේ කලාතුරකිං මේල් එකක් ලැබෙන එකෙක්ට මේක මක්කා කොරන්ඩද?මධුරංගයියගේ කොමෙන්ටුව මට නිකං සංස්කෘත වගේ.

    ReplyDelete
    Replies
    1. මට මේල් ඇඩ්‍රස් එක එවන්ඩ මලේ !

      Delete
    2. ඒක තමයි, මටත් මේල් ඇඩ්‍රස් එක එවන්නකෝ, ඔය මොන මොනාහරි එවන්න බැරියැ....

      Delete
  3. හ්ම්ම්..බලන්නම්කෝ..ස්තූතියි සහෝ :)

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්නකෝ...

      Delete
  4. මහේ නම් මේක දැනටම වැඩ.. මම ජී ටෝක් දාපු දවසේ ඉදන් ඕක වැඩ..

    ReplyDelete
  5. ශා අලුත් දෙයක් මේක මටනම්..ස්තුතියි යාලු..

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්නකෝ!

      Delete
  6. පට්ට පට්ට. ඕන් ෆලෝ පාරකුත් දැම්මා..

    ReplyDelete
    Replies
    1. ඵල ඵල.... අන්න එහෙමනෙ ඉන්නෝනෙ!

      Delete
  7. දිලි දිලි දිලීසේවී මා දෑසේ ආලෝකේ
    කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ..
    මේ සින්දුව බා ගන්න ඕන...

    ඔය සිස්ටම් එකත් නරක නෑ...

    ReplyDelete
    Replies
    1. නරක නෑ නෙවෙයි හොඳයි කියන්න...........

      Delete
  8. සැහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ, එහෙනම් අපිට කියන්නෙපැයි කලින්!

      Delete
  9. ස්තුතියි ලහිරු පෝස්ටුවට
    ඔෆිස් ඊමේල් එකට නම් ගොඩක් වැදගත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මම බැලුවා ඒත් අක්කා මොකෝ මේ පැත්තෙ සෑහෙන කාලෙකින් නාවේ කියලා...

      Delete
  10. මේක නම් ගොඩක් ලේසියි. ඔන්න මමත් බාගත්තා.

    ලේසියෙන්ම $20 ක් හොයා ගන්න මේ සයිට් එකට යන්න.
    bestemoneymaking.blogspot.com

    ReplyDelete
    Replies
    1. ම්ම්... එන්නම්කෝ ඒ පැත්තෙ!

      Delete
  11. මෙක නම් වටිනවා වගෙ...........

    ReplyDelete
    Replies
    1. වටිනවා වගෙ නෙවෙයි වටිනවෝ....!

      Delete
  12. හා..හා.. කාලෙකට පස්සේ ආවේ... මගේ Blog එකත් වේලෙනවා.. කොහොම උනත් ඔන්න මමත් අරගත්තා... කියලා තියෙනා විධියට නම් පට්ට වගේ බලමු බලමු.. දිගටම ලියන්න... ජය වේවා

    ReplyDelete
    Replies
    1. මම ඔපීසියෙ වැඩ කරමින් ඉද්දි ඔයාගෙ කමෙන්ටුව දැනගත්තෙත් මේකෙන් තමයි... ඒ මොකද වේලෙන්නෙ? මම ඔයාගෙ බ්ලොගෙ පැත්තෙ ආවා. කමෙන්ට් කරන්න ඒකට ලොගින් වෙන එක නම් කරදරයි වගේ....පොඩ්ඩක් බලන්න ඒ ගැන.

      Delete
  13. කාර්යබහුල අයට නම් හො‍ඳ ගැජට් එකක්... ස්තුතියි සහෝ දැනුවත් කළාට...!!!

    ReplyDelete
  14. මම දැනට මේක use කරනවා පට්ට.එකම අවුල හැමවෙලා වේම net ඉන්න එපා
    අපිට mobile එකට sms aleart ගන්න විදිහක් නැද්ද gmail එකට email එකක් අවම

    ReplyDelete
    Replies
    1. පුළුවනි, ඒක ලේසියි. Gmail Settings වලට ගිහින් Forwarding and POP/IMAP ->Forwarding: -> Add a forwarding address කියන button එක ක්ලික් කරලා +9471637****@mms.mobitel.lk විදියට දෙන්න. ෆෝන් එක Dialog නම් mobitel තියෙන තැනට dialog දෙන්න....

      Delete
  15. මමත් මේක කාලෙක ඉදං පාවිච්චි කරනවා. ඒ වුණාට ඊමේල් එකක් කියවන්න ඕනෙනම් ජීමේල් ඉන්බොක්ස් එකටම බ්‍රව්සර් රකෙන් යන්න ඕනෙ. ඩෙක්ස්ටොප් එකට වැටෙන්නේ ඊ්මේල් එක‍ේ මුල් වචන තුන හතර විතරයි. අනික සිංහල අකුරු වලින් එවපු ඊමේල් පෙන්නද්දි හරියට සිංහල අකුරු පෙන්නන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම පොඩි ගැටළුවක් නම් තියෙනවා. ඒත් ඒ දිහා බලලා අපිට ඕන එකක්ද නැද්ද කියලා තීරණය කරගන්න පුළුවන් නේ.... ඒකම මදෑ!

      Delete
  16. Gmail notifier is awesome app, im using it for long time for mail notification.

    ReplyDelete
    Replies
    1. Use Digsby... Itz an amazing sw. It allows you more features other than gmail notifier.

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !