කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්... ?

සිතක සංකල්පනා ලියන මධුරංග ට වගේ ම මටත් මේ දවස් වල ස්ට්‍රෙස් එක ටිකක් තියෙනවා. ඒකට හේතුව දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක, ඉවර වෙන්න ළඟ හින්දා. අන්තිම හරිය කොහොමද කරන්නෝන කියලා සෙනඟ පිරුණු බස් එකේ ඉඳගෙන කල්පනා කරමින් යද්දි මගේ දැහැන බිඳුණේ බස් එකේ දාලා තිබුණ රේඩියෝවේ අයියා කියෙව්ව එක පත්තර සිරස්තලයක් ඇහිලා. ඒක අහලා ලොකු කළකිරීමක් ඇතිවුණා අපි වගේ මිනිස්සු ගැන වගේ ම අපේ රට ගැනත්. මේ ඇවිල්ලා පහුගිය සතිය හමාර පුරා ම විකාශනය වුණ, ගොඩක් දෙනා උනන්දුවෙන් බැලුව ප්‍රසිද්ධ නාටකයක අවසාන ජවනිකාව කියලයි මට හිතුණේ. මේකෙත් ගොඩක් නාට්‍යය වල වගේ ම වීරයෝ, දුෂ්ඨයෝ, කුඩුකාරයෝ, මං පහරන්නෝ, බේබද්දෝ, බේබදු යාළුවෝ... තව ළදරුවෝ, කුලියට කහින්නෝ, කුලියට අඬන්නෝ, කඩේ යන්නෝ, ගොට්ට අල්ලන්නෝ, ප්‍රසිද්ධ විහිළුකාරයෝ, මෝඩයෝ, ගොන්නු, මී හරක්, බූරුවෝ වගේ ම අහිංසකයොත් හිටියා. දැන් හැමෝම බලයි මොකක්ද මේ අපි නොදන්න නාට්‍යය කියලා නේද? හැබැයි ඒ ගැන මම පොඩ්ඩක්වත් කියන්නෙ නෑ, පොඩ්ඩක් පහළට ගිහින් ම බලන්නකෝ!

~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
තව ටිකයි ඈ....
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~




මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි යුධ හමුදා මේජර්වරයා, අද දිවුරුම් පෙත්සමක් මඟින් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව තමයි මං ඇහුව නිව්ස් එක....අර සමෘද්ධි නිළධාරියා තමන් විසින් ම ගස් බැඳගත්තා වගේ වැඩක් ද එතකොට වෙලා තියෙන්නෙ? දන්න කෙනෙක් මටත් කියන්ඩෝ!!!


කැමති කෙනෙක් සැකයි මට ඔබේ කුමරි බඹසර... සබැඳියෙන් ගිහින් සින්දුවත් අහල ම ගියාට පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...

22 comments:

  1. ම්ම්ම්... අනේ කාලේ වනේ වාසේ තමා...
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...

    ReplyDelete
    Replies
    1. යකඩ මල්ලට ගුල්ලො ගැහුවනම් වී මල්ල ගැන?

      Delete
  2. අනේ මංදා.ඒකනේ මං ඕවා දිහා බලලා පාඩුවේ ඉන්නේ.සත පහකට විස්වාස කරන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. ඒක හරි, ඒත් අපිට මෙහෙම දෙයක් වුණ දවසක තමයි ඕක හොඳටම දැනෙන්නෙ...

      Delete
  3. හ්ම්..අනේ මන්ද අප්පා...!

    ReplyDelete
  4. ආශ්චර්යයට තව චුට්ටම චුට්ටං දුරක් නොවැ තියෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අත පොවන මානයේ!

      Delete
    2. අයියේ ආශ්චර්යය කියන්නේ කවදාවත් සිද්ධ වෙලා නැති දේවල් වෙන එකටනේ.. මේ වෙන්නේ එහෙම ඒවා තමා.. හික්ස්.. ;)

      Delete
  5. මට හිතෙන්නේ මුන්දෑට මොකක් නමුත් සුදු පාට වහනයක් පෙන්නන්ඩ ඇති.
    එහෙම නැත්නම් මොනරු කොළ ටික මිට මොලවන්ඩ ඇති..
    මේවට කමෙන්ට් එකරනකොට පරිස්සම් වෙන්ඩ ඕනා. ඒ නිසයි මෙහෙම කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. මුල් එක තමයි වෙන්න ඇත්තෙ!

      Delete
  6. හ්ම්ම්ම්......... මොනා කමෙන්ට් කරන්නද කියලා හිතුවා.

    ReplyDelete
    Replies
    1. එක අතකට වැඩකුත් නෑ තමයි..

      Delete
  7. හ්ම්ම්..තමන්ම තමන්ට ගහගත්තද දන්නේ නෑ නේ...වැඩේ තියෙන්නේ ඔලුව පිටිපස්සට ගහගන්න ලේසියෙන් බැරි එක

    ReplyDelete
    Replies
    1. මේවා බලාගෙන ඉන්න බැරුව ඔලුව බිත්තියකවත් හප්පගත්තද දන්නෑ!!!

      Delete
  8. මම නම් ඔව්වා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපිටත් ඔහොම දෙයක් වුණ දවසක කවුරුවත් දැනගන්න එකකුත් නැත...

      Delete
    2. හිරුගේ කමෙන්ට් එකයි ලහිරුගේ රිප්ලයි එකයි දැක්කම මට මෙහෙම කතාවක් මතක් උනා. (හරියටම මතක නෑ ඕං)

      ඔවුන් දෙමළුන් මැරුවා..
      මා නිහඩව හිටියා
      ඔවුන් මුස්ලිම්වරු මැරුවා
      මා නිහඩව හිටියා
      ඔවුන් අසල්වැසියන්ව මැරුවා.
      ඒ මගේ පවුලේ අය නොවන නිසා නිහඩව හිටියා
      ඔවුන් අද මා මැරීමට ඇවිත්.....

      (ඔය කතාව අපේ විදිහට වෙනස් කරලා කිව්වේ. මුල් කතාව තියෙන්නේ යුදෙව්වරු වගේ සෙට් එකක් අරගෙන... ඒක මතකම නෑ..)

      Delete
    3. මීට වඩා තවත් මොනවා කියන්නද... හැමදේම මේ ඇතුලේ තියෙනවා සහෝ!

      http://www.divaina.com/2012/09/20/editor.html

      Delete
  9. අපිට පුළුවන් විදිහට සංවාදයක් ඇති කරන එක වැදගත් තමයි ලහිරු..
    ඒත් හුදකලා සටන් වල ප්‍රතිඵල හරිම අඩුයි..

    ReplyDelete
    Replies
    1. අක්කා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, තේරුමක් නෑ වගේ තමයි !!!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !