ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා …


Using කොළඹ කෙල්ලො ;

ඇස් කරකවයි ඇස් කොණින් බලයි
ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි
ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයි
ඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....

බසයේ බිම ඉරි අඳියි
බොරු කැස්සකුත් තිබෙයි
සැරින් සැරේ පා විහිදයි
සුසුම් හෙලයි තොල් පෙරළයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....

බඩ අල්ලයි සාරිය ද හදයි
සමහරු බ්ලව්සය ද හදයි
ඒ අතරින් නාභිය දක්වයි
තව එක එක දේ පෙන්නයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බොරු ලැජ්ජාවක් පෙන්නයි
ඒ අස්සෙම ඉඟ පද්දයි නටවයි
තව තව ඒවත් වද්දයි නටවයි
ගෙල වට බැඳි මාලයත් හදයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

පොඩි හොර නින්දකුත් තියෙයි
හදිසියේ ඇහැරී පෝං එකත් ඔබයි
කෝල් ගනියි අම්මේ මං එනවා කියයි
කොණ්ඩය පීරයි වරලස ලිහා බඳියි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බස් එක නිතරම සැර බ්‍රේක් ගසයි
බොරුවට සැණෙකින් මා හා හැප්පෙයි
කලබලෙන් වගේ මගේ අත හැප්පෙයි
වැරදිලා වගේ අත උඩින් අතක් තියයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බහින්නට වගේ දොර ළඟටම යයි
ඇඳිවත අල්ලා ආපසු හැරී බලයි
ඇස් මුළුමනින් වසයි අඩක් වසයි
පිටුපස හැරෙමින් ආපහුත් බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බස් එකකින් යන එන එක මේතරමට
අමාරු ඇතියි කියලා නෑ මං හිතුවේ
කොළඹ රටේ කෙල්ලො වසයි
සැණෙන් කොල්ලො දපනෙ වැටෙයි
උන් හොම්බෙන් යන වෙලාව
දන්නෙම නෑ කවුරුවත් ම
කෙල්ලො කොක් හඬලති එතකොට
අම්මා කොළඹ රටේ වග කිව්වත් මට
හිතුණෙම නෑ ඇත්තක් බව දකිනකල් ම
ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

පසුවදන : ඊයේට ට්‍රේනින් ඇවිත් හරියටම මාසයයි. පැයක් හමාරක් බස් එකේ හිටගෙන ඉඳගෙන යන එනකොට දැක්ක දේවල් නෙවෙයි කියලා මං කියන්නෑ ඔන්න....

32 comments:

  1. අදයි ආවේ මේ පැත්තට!
    මාතෘකාව දකිද්දීම මතක් උනේ මහගමසේකරයන්ගේ ගම අමතකයි කියන කවිය!කොච්චර කිව්වත් අහුවෙන්නේ නෑ කියල ටික කාලයක් කොළඹ ඉනකොට අපි සේරම අහුවෙලා!:)
    අන්තිමට මහගමසේකර වගේ අපිටත් කියන්න වෙන්නේ"අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ"කියල තමයි!
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට... අම්මෝ... අහුවෙන්න හිතාගෙන ඉන්නවනම් හොඳට හිතලා බලලා අහුවෙන්න වෙයි කොළඹ පැත්තෙ නම්! මහගමසේකරයන්ගේ 'ගම අමතකයි' කවි පන්තිය නම් මටත් මතකයි!

      Delete
  2. Replies
    1. ඔව් ඔව් සිරා ම සීන් තමයි!!!

      Delete
  3. හික්ස් :)
    ඕවට අහුවෙන්නේ නැතුව ඉදින්... දන්නේ නැද්ද ඉතින් කෙල්ලන්ට මායම් 64ක් තියෙනවා කියලා. :)
    කවි සෙට් එක නම් ගින්දර...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , මෙහෙ අයට නම් ඊටත් වැඩිද මන්දා... හැබැයි Same 2 U මචං!!!

      Delete
  4. අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

    ReplyDelete
  5. අහු වෙන්න එපා...අහු වෙන්න එපා...

    ReplyDelete
  6. හොද වෙලාවට බේරුනේ ...

    ReplyDelete
  7. හප්පා.... අහු වෙන්නම වැඩේ... කලින් අහු වෙලා ඉද්දි මොනාට තව අහු වෙන්නද නේ? :)))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒකෙත් පොඩි ඇත්තක් නැතුවා ම නෙවෙයි!

      Delete
  8. :) :) :) සින්දු මතක් වීගෙන වීගෙන යනෝ.....................:)

    ReplyDelete
    Replies
    1. කියමු බලන්න එහෙනම්....!

      Delete
  9. සෑහෙන අත්දැකීමක් විඳලා තියනවා

    ReplyDelete
  10. ඔය කිවුවට බ්ලොගියේ වැටෙයි තව ටික දවසකින්.. "අහු වුණා මන් අහු වුණා කියල.." හි හි...

    ReplyDelete
    Replies
    1. හෙහ්... අපි නම් කියයි අහුවුණත්!

      Delete
  11. අඩො මට ඔහොම සෙට් වුනා නම් හිතලම අහු වෙනවා.......... :D

    ReplyDelete
    Replies
    1. ඕවට අහුවෙලා හොම්බෙන් තමයි යන්න වෙන්නෙ!

      Delete
  12. ඔය වගේ අත්දැකීම් මටත් එමටයි මචං :)

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කිව්වෙ...කොයිවගේ එව්වද?

      Delete
  13. අහුවෙන්න එපා අයියේ ඕවට... :)

    ReplyDelete
    Replies
    1. හී හී අපි අහුවෙයි මලේ ඕවට!

      Delete
  14. මොනා උනත් තිසරන සරණ ගිය කෙනෙක් සොයාගන්න පුතේ කියල අම්මා කියාවි.

    ReplyDelete
  15. ආයෙ කොහේ අහුවෙන්නද ඕවට...දැනටමත් අහුවෙලා ඉවරනේ..හික්ස්..

    ReplyDelete
  16. අම්මපා සහතික ඇත්ත...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. අපිත් නම් ඔවට අහුවෙයි.... අපි දන්නවනෙ උඹෙ හැටි......හූ.....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !