Laptop හොරු අල්ලමු.... සහ මගේ 100!

අළුත් අවුරුද්දත් කට ළඟටම ඇවිල්ලා නේද... හැබැයි මේ සැරෙ වෙනදාට කෑගහන කොහා නම් ආවෙවත් නැහැ. කොහාට අමතක වෙලාද නැත්තම් කොහා කෑගහනවා අහගෙන ඉන්න අපට වෙලාවක් නැති තරමට අපි කාර්යබහුල වෙලාද මන්දා. දවසින් දවස මිනිස්සු අතේ සල්ලි හිඟවෙන්න පටන් අරන් වගේම බඩු මිලත් රොකට් වේගෙන් ඉහළ යන්න පටන් අරන්. ඒක දැන් පසුගිය අවුරුදු කිහිපයකම ඉඳන් දකින්න ලැබෙන දෙයක් මට නම්. තව විදියකින් කිව්වොත් ඇති නැති පරතරය වේගයෙන් වැඩිවෙමින් තියෙනවා. එකී මෙකී නොකී ප්‍රශ්න මැද්දේ අවුරුදු කන මිනිස්සු අවුරුදු ඉවර උණාම කියන්නේ අවුරුද්දක් ඇවිත් අපිව කාලා ගියා කියලයි. මිනිස්සු කීයටවත් හිතන්න කැමති නැහැ තමන්ගේ කළමණාකරණය හරි දුර්වලයි කියලා. මාස ගාණක් පුරාවට මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි ටික එක විනාඩියෙන් වියදම් කරලා දාන්න අපේ අය හරිම සූරයෝ නේ.

මේ අවුරුදු කතන්දර නිසා කියන්න ආව දේත් අමතක වුණානේ. අද කියන්න යන්නේ අපේ පරිගණකය හරි ස්මාට් ජංගම දුරකතනය හරි නැතිවුණොත් සොයාගන්න උදව් කරන අපූරු මෘදුකාංගයක් ගැනයි. සොරකම් කළ device එක අන්තර්ජාලයට එක් කල සැණින් සියළු තොරතුරු ලබාදෙන්න මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයේ නම Prey. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් විදියටම බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඊටපස්සේ Start මෙනුවෙන් ගිහින් Prey වැඩසටහන විවෘත කරගන්න.


එතකොට විවෘත වෙන්නේ Prey Configurator වින්ඩෝව. දැන් රූපයේ තියෙන විදියට Setup reporting method තෝරලා Next යන්න. ඊළඟ වින්ඩෝවෙන් Prey+Control Panel තේරීම දෙන්න. Next යන්න. අපි තාමත් අළුත් නිසා New User දීලා සාමාන්‍ය විදියට ෆෝම් එක පුරවලා එකවුන්ට් එක Create කරගන්න. දැන් ඊමේල් ගිණුමට ලොග් වෙලා බලන්න Confirmation ඊ-මේල් එකක් ඇවිත් ද කියලා. දැන් activation link එක ක්ලික් කළා ම ඔයාට යන්න පුළුවන් එයාලගේ වෙබ් පිටුවට. එතනදි ඔයාගේ User name, Password නිවැරදි ව ලබා දීලා ලොග් වෙන්න. දැන් පෙන්නාවි ඔයාගේ device එක ගැන විස්තර සේරම.


දැන් අපි බලමු බැරිවෙලාවත් පරිගණකය නැතිවුණොත් මොනවද කරන්නේ කියලා. වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ තියෙන ඔයාගේ Prey ගිණුමට ඇතුළුවෙලා All your devices->Managing ගිහින් Missing තේරීම Yes කරන්න. ඊටපස්සේ ඔයාට ඕන නම් තව තේරීම් ගොඩක් දෙන්න පුළුවන්. නැතිවුණු පරිගණකය ගැන විනාඩි කීයකට වරක් වාර්තා කළ යුතුද, දැන් පරිගණකයේ IP address එක මොකක්ද, ආදි වශයෙන්. Webcam තේරීම ON කළොත් දැනට භාවිතා කරන කෙනාගේ ඡායාරූපයක් පවා ඊ-මේල් එකවුන්ට් එකට ගෙන්වා ගන්න පුළුවන්. මීට අමතරව නැතිවුණු පරිගණකය lock කරන්න, alarms, alerts යවන්න එහෙමත් පුළුවන්. මේ සමහර තේරීම් කරද්දි ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා හොඳට කියවලා බලලා කරන්න අමතක කරන්න එපා.

කාටහරි හිතෙන්න පුළුවන් හොරා පරිගණකය Format කළොත් මොකද වෙන්නේ කියලා. ඒකට උත්තරේ දැනගන්න ඕනේ නම් මේ පෝස්ට් එක ගිහින් බලන්නකෝ.

*******************************************************************************

දැන් කියන්න යන්නේ නම් ටිකක් විශේෂ දෙයක් වගේ ම කලින් කිව්ව මාතෘකාවට සම්බන්ධ නැති දෙයක් ගැනයි. මේ ලියවෙන්නේ ලාහිරු දහසක් දිලී බ්ලොගයේ සියවන සටහනයි. මේ සටහන් සියය අකුරු කරන්න මට අවුරුදු එක හමාරකට ටිකක් අඩු කාලයක් ගියා. මුලින් ම පටන්ගත්තේ තාක්ෂණික සහ විනෝදාස්වාද හෙඩිම යටතේ. පොඩි පොඩි හැලහැප්පීම් තිබුණත් ඔය හෙඩිං දෙක අතරේ දෝලනය වෙවී ලියන්න තමයි උත්සහ කළේ. මුල් කාලේ නම් සටහන් වලට ප්‍රතිචාර හරිම අඩුයි. ප්‍රතිචාර නැති ඒවත් නොතිබුණා නෙවෙයි. අදට වුණත් මහා ලොකු කමෙන්ට් ප්‍රමාණයක් නැතිවුණත් ඒ ලැබෙන කමෙන්ට් ටිකේ ගුණාත්මක බව ගැන මම තෘප්තිමත්. ගොඩක් දෙනෙකුට යම් යම් තාක්ෂණික විදියට උදව් කරන්නත් ලැබීම මට ලොකු සතුටක්.

මේ තරම් දුර ආව ගමනේ උදව් කළ අයනම් ගොඩයි. හැමදෙනාගෙම බැරිවුණත් ටිකදෙනෙක් හරි නම් කියන යුතුකමක් මගේ. හැමදාම මගේ ළඟ ඉඳන් මාව දිරිමත් කරන මගේ පුංචි හා පැටික්කිට, ආදරණීය කෝච්චියා වෙන ගෙහාන් චන්දික සොහොයුරාට, ඉස්සර මේ පැත්තේ ඇවිත් ගිය පන්සල් හන්දිය ලියන කල්හාර අයියාට, පීටර්සන් අයියට, සිතක සංකල්පනා ලියන මධුරංග සහෝ ට, රාජ් ගේ නවාතැන ලියන රාජ් අයියට, පහන් යාය ලියන සයුරි අක්කට, රූ සිරිනි ලියන රූ අක්කට, අසරණයා ලියන අසාර් ට, වර්ණයට පාට තවරන දිනේශ් මලයට, නොදුටු ලොවක් ලියන බණ්ඩාර අයියට වගේම හොස්ටල් එකේ මගේ රූමා වෙන කණිෂ්කටත් ගොඩක් ස්තූතියි සෑහෙන කාලයක ඉඳන් මාත් එක්ක රැඳිලා හිටියට. ඊට අමතරව සිත් රූ, පැතුම්, නෙත්පානි, දිනූක, ශානි නංගිට, වර්ණාට, සිහින මතකයන්, නොහිම් සිහින, හිරු... වගේ නම් කිව්ව නොකිව්ව ගොඩක් අයත් මගේ සටහන් කියවනවා. එයාලටත් ගොඩක් ස්තූතියි. නම් නොකිව්ව අය ඉන්නවනම් තරහාවෙන්න එපෝ...(අළුත් අවුරුද්දේ තරහා හිතේ තියාගන්නත් හොඳ නෑ ඕං)...

එහෙනම් සංතෝසෙටත් එක්ක ම අවුරුදු මේසෙටත් ගොඩවෙලා මොනාහරි කාලා ප්ලේන්ටියකුත් බීලා ම යන්නත් අමතක කරන්නෙපා...


ඔයාලා හැමෝටම යහපත් වූ පින් සිතිවිලි ම වැඩෙන සුබ නව වසරක් වේවා...........

34 comments:

  1. ela ela
    oyatath suba aluth aurudak vewa.....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා එහෙනම්!

      Delete
  2. ඒක වැදගත්, මොකද අපේ සිහිය එච්චර හොඳ නෑ නෙ. ඉතින් ඕවගේ එකක් දල තියෙන එක හොඳයි...

    ලහිරු මල්ලි ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... අයියටත් එසේම වේවා!

      Delete
  3. උණුසුම් සුබපැතුම්! අවුරුද්දටයි බ්ලොගේටයි දෙකටම. ඔන්න මේසෙත් අලේකලා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. දෙන්නටම සුබ අළුත් අවුරුද්දක් වේවා අයියේ!

      Delete
  4. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!! ඒ වගේම බ්ලොග් එකේ සියවෙනි සටහනටත් සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... ඔයාටත් එසේම වේවා!

      Delete
  5. සුභ පැතුම් මචන්!සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. එසේම වේවා එහෙනම්!

      Delete
  6. සියවැනි සමරුවට මගෙනුත් උණුසුම් සුබපැතුම්!!!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    ඒ එක්කම සියවැනි පෝස්ට් එක ගැන කියනවානම් ඉතාම වටින ලිපියක්... මේක අදම බා ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...
      …ඔබටත් එසේම වේවා!

      Delete
  7. සියවෙනි සටහනට වගේම අළුත් අවුරුද්දටත් සුභ පැතුම් ලහිරු..
    මේ වගේ සටහන් ගොඩක් බෙදාගන්න ඊළඟ අවුරුද්දෙත් ඔයාට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ! අක්කටත් සුබ පැතුම් අළුත් අවුරුද්දට මගෙන්!

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් අයියේ.. බ්ලොග් එකටත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ! මලයටත් එසේම වේවා!

      Delete
  9. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා …!!!,ස්තුතියි,හොද ලිපියක්.

    ReplyDelete
  10. තරහ වෙන්න කියලා බැලුවෙ ඒත් මගෙ නමත් ඔය ලියලා තියෙන්නෙ.උඹ කෙස් ගහෙං බේරුනේ හරිය.සුභ වේවා ඔක්කොටම......

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මම මගේ පණට ආදරෙයිනේ. ඒ නිසා මතක් කරලම නම දැම්මා....

      Delete
  11. මගේ හද පිරි සුබ පැතුම් මල්ලි...මේ වගේ වටින ලිපි තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ, මට බ්ලොග් කෙරුවාව එපා වෙලා හිටිය කාලෙ මධුරංග ගේ, අක්කගේ ප්‍රතිචාර මට ආයෙත් ලියන්න යොමු කෙරුවා වගේ වුණා!

      Delete
  12. සුභම සුභ අවුරුද්දක් වේවා අයියෝ....
    ඔයාටයි බ්ලොග් එකටයි දෙන්නටම සුබ පැතුම්....:)

    ReplyDelete
  13. ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියලයි මගේ පැතුමත්!

      Delete
  14. මේන් මං ගැනත් තියෙනවා. සියවැනි පොස්ට් එකට මගේනුත් සුභ පැතුම්.

    අර සොෆ්ට්වෙයාර් එක ගොඩාක් වැදගත්.මට කියවද්දී අපි ප්‍රශ්නයක් තමා හොරකන් කරපු කෙනා ෆොර්මැට් කලොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් එකත් හරි.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  15. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  16. එක එක වැඩ හින්ද ගොඩක් පොස්ට් මගහැරුනා. තවම හෙමින් හෙමින් කියවගෙන යනවා.

    ලහිරු අයියගේ 100 වෙනි පොස්ට් එකට මගෙන් උණුසුම් සුබ පැතුම්. දිගටම ලියමු.

    ReplyDelete
  17. සහෝ. රවුම් ගහලා ගහලා ඔන්න අදයි මේ පැත්තෙ එන්න ලැබුනේ. එහෙනම් ඕන් ජයවේවා කියලා සුභ පැතුවා ඕන්. මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සෙල්ලා ඩබල් සෙන්චරියක් ගහමු. :D
    සුභ පැතුම් මචෝ!!!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !