කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුණේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු…
“හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. ඒ කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ “තමුන්ගේ වැඩ වලින් කොටසක් පුරුෂයාට පැවරිය යුතුයි” යන්නයි. මම මේ පිළිබඳව මුලින්ම අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.“
සභාවේ උණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන් නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්… තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ නෝනා දේශනයක් කරනවලු…
“මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… “මින් මත්තට මම තමුසෙගෙ රෙදි හෝදන්නේ නැහැ… කොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝදගන්නවා!!“ කියලා…. හැබැයි මට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැ… දෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙ රෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවා… ඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්‍යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා…“
මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්… ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලු… එයත් තමුන් ගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු…
“මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “ආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැ… තමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේ… දැන් ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!…” කියලා. මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලා… ඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මා… ඒ මදිවට ළමයින්ගේ ගෙදර වැඩ ටිකත් කරලා දෙනවා… දැන් නම් මම ඒ කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…“
මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන්තෙ සුද්දිට… දැන් තියෙන්නේ මැදපෙරදිග නියෝජිත වරියගේ අවස්ථාවලු. අරාබි නෝනත් කළුවට කළුවේ ඇඳගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.
“කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “මීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලා… තමුසේ කන විදියකට කනවා… මම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේ උයාගෙන කනවා!!…” කියලා. මටත් අනිත් හැමෝටම වගේ පළවෙනි දවසෙදි නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා Hospital එකේ සිවිලිමේ කැරකෙන ෆෑන් එක...!”
ප.ලි: උපුටා ගැනීම ඊයකිනි.
ප.ලි 1: මෙය හුදෙක් කාන්තා පාර්ශවයට අපහාස කීරීමට ලියන ලද්දක් නොවන බවට කරුණාවෙන් සලකන්න!
කොච්චර කියුවත් ලංකාවේ පිරිමි පාර්ශ්වය, කාන්තා පාර්ශ්වයට දක්වන සැලකිල්ල අනෙකුත් රට වලට සාපේක්ශව ගොඩක් ඉහලයි...
ReplyDeleteඇත්ත, ඒක මමත් පිළිගන්න කාරණයක්!
Deleteඑකට බලන්න ඕනේ අපේ කෙල්ලෝ. අහිංසක කොල්ලොන්ට රැවිලි ගෙරවිලි.
Deleteඇත්ත ඇත්ත!
Delete.......කමෝන් ශ්‍රී ලංකන් පුරුෂයෝ.........
ReplyDeleteමරු සමුළුව. "නඳුන් උයන" කියනවා වගේ ලංකාවේ පිරිමි ගැහැනුන්ට දක්වන සැලකිල්ල නම් ගොඩක් ඉහලයි.
බලමු බලමු ගෑනු උදවියගේ ප්‍රතිචාර හෙම.
බලමු බලමු!
Deleteමල්ලි...!!
ReplyDeleteඔයා ඔය ඉල්ලන් කන්නයි හදන්නේ...
අම්මෝ.....ඔන්න එකායි!
Deleteමම නං දැක්කෙ ඕක ලංකාවෙ ගැහැණු කෙනා නෙවේ ඇෆ්ගන් ගැහැණුකෙනාගෙ කතාව විදියට.
ReplyDeleteඊයක් නේ අය්යේ. එක එක්කෙනා එඩිට් කරලා යවනවා ඇති!
Deleteමේක කාලෙකට කලින් අන්තිම පේලියේ ගියාද කොහෙද?
ReplyDeleteම්ම්... සමහරවිට වෙන්නත් ඇති!
Deleteඅනේ හපොයි...:/
ReplyDeleteමෙන්න අපිට මඩ ගහන්න අරගෙන....
ඔන්න ඉතින් වැඩ වැරැද්ද ගැනයි යන්නේ..
මෙහෙම ගියොත් නුදුරු දිනකදීම කොසු පහරක් කැමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉතා සතුටින් දැන්ව සිටිමි..
ස්තුතියි..!!1
අපොයි... ඔන්න දෙකයි!
Deleteපච් නේද ඉතිං ඇමරිකාවෙයි එංගලන්තෙයි මිනිස්සූ...
ReplyDelete:(
බයවෙන්න දෙයක් නැහැ, දැන් දැන් අපෙ අයත් එහෙ ඉන්නවනෙ, එයාලා කියලා දෙයි ඒ ගැන!
Deleteලංකාවේ අපි හොද වැඩියි.. නැද්ද අයියේ... :)
ReplyDeleteකියලා වැඩක් නෑ මලේ, ඒ ගැන කාටවත් තේරෙන්නෙ නැති එකනේ වැඩේ!
Deleteමාත් දැකල තියෙන්නේ ඕක මුස්ලිම් රටක ගෑනු කෙනෙක්ට උනා කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඕන ඔරිජිනල් එක. මොකද ලංකාවේ පිරිමි ගෑනුන්ට ඔහොම සලකන්නේ නැති නිසා :))
ReplyDeleteරාජ් අයියත් මේ ගැන එහෙම කිව්ව නිසා මම ඔරිජිනල් එක ම හොයලා දැම්මා ඔන්න. හැබැයි ඉතින් ඔහොම සලකන අයත් මෙහෙ නැතුවා නෙවෙයි!
Deleteලංකාවේ ඈයො ගෑනුන්ට සළකන විදිහ ගොඩක් වෙලාවට එළියට එන්නෙ නෑ.මොකද අපේ රටේ ගෑනුන්ගෙ ඔළුවට පොඩි කාලෙ ඉඳන් දාලා තියෙනවනෙ කොහොම හරි පවුල රැක ගන්න ඕනෙ කියලා.ඇත්තටම හොයලා බැලුවොත් කොහෙත් ලොකු වෙනසක් නෑ.
ReplyDeleteඒකේ දෙපැත්තම තියෙනවා සහෝ... සමහරවෙලාවට පවුලේ සහජීවනය වෙනුවෙන් කාන්තාව මේ හැමදේම ඉවසලා ඉන්නවා වගේ ම ඒම ඇයට පාරාවළල්ලක් වෙන අවස්ථාත් නැතුවා ම නෙවෙයි... ඒකයි වැඩි ප්‍රමාණයක් වාර්තා නොවෙන්නෙත්!
Deleteඅපි හම්බ කරලා දෙන එක නැවැත්තුව ගමන් ඔකොම ඉවරයි. ලංකාවේ ආඩම්බර කාර කෙල්ලෝ.
ReplyDelete:)
Deleteහික්...දැන් ප.ලි 1 දැම්මට වැඩක් වෙන එකක් නැහැ වගෙයි නේද අයියේ...
ReplyDeleteලස්සන ලිපියක් ලහිරු අය්යේ...
නැහැ නැහැ කලින් ඉඳන් ම ඒක තිබුණා, ඒත් වැඩක් නම් නෑ වගේ තමයි!
Delete:O ආ.....ඔව් අය්යේ ප.ලි.1 මේ පොස්ට් එකේ කලින්ම තිබුන....මම මේ කිව්වේ ඉස්සරනම් පොස්ට් වලට ප.ලි. දාල බේරුනත් දැන් එහෙම බේරෙන්න බැහැ නේ...ගොඩක් අයගේ ලිපිවලින් දැක්ක ප.ලි. දැම්මට බේරුමක් නැති වෙලා තියෙනවා.. :)
Deleteම්ම්ම්ම්... ඒක නම් ඇත්ත තමයි!
Deleteපව් අප්පා අර අරාබි නෝනා.. :D
ReplyDeleteඒකනේ!
Deleteපුරුෂයොනම් ඉතින් ශ්‍රි ලන්කන් පුරුෂයො තමා ඉතින් නේහ්...
ReplyDeleteඒකනේ, කියලා වැඩක් නෑ ඒකනම්!
Deleteඔය ඇමෙරිකාවෙයි එංගලන්තේ එක්කෙනයි කිව්වට ඔහොම උනා කියලා ...... මිනිහා ගෙදරිනුත් ගිහින්ද දන්නේ නෑ වැඩකාරයා තියලා .....
ReplyDelete:)
Deleteකතාව කියවලා මුලින් තිබ්බ කමෙන්ට් ටික බලුවට පස්සෙ මං ආයෙත් පෝස්ට් එක කියවලා බැලුවෙ කොතනද ලංකාවෙ කෙනෙක් ගැන තියෙන්නෙ කියලා. පස්සෙ ආයෙත් කතාව ටිකක් වෙනස් කරලා නේද?
ReplyDeleteඅහ්... සමාවෙන්න ඕන ඒකට, ඔර්ගිනල් ලෝකල් පොඩි ප්‍රශ්නයක් ආවනේ, ඒකයි...
Delete