ලෝක කාන්තා මහා සම්මේලනය…

ඔන්න එකමත් එක කාලෙක තිබුණලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු. මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු…

කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුණේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු…

“හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. ඒ කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ “තමුන්ගේ වැඩ වලින් කොටසක් පුරුෂයාට පැවරිය යුතුයි” යන්නයි. මම මේ පිළිබඳව මුලින්ම අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.

සභාවේ උණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන් නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්… තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ නෝනා දේශනයක් කරනවලු…

“මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… මින් මත්තට මම තමුසෙගෙ රෙදි හෝදන්නේ නැහැ… කොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝදගන්නවා!! කියලා…. හැබැයි මට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැ… දෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙ රෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවා… ඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්‍යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා…

මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්… ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලු… එයත් තමුන් ගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු…

“මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “ආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැ… තමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේ… දැන් ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!…” කියලා. මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලා… ඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මා… ඒ මදිවට ළමයින්ගේ ගෙදර වැඩ ටිකත් කරලා දෙනවා… දැන් නම් මම ඒ කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…

මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන්තෙ සුද්දිට… දැන් තියෙන්නේ මැදපෙරදිග නියෝජිත වරියගේ අවස්ථාවලු. අරාබි නෝනත් කළුවට කළුවේ ඇඳගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.

“කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “මීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලා… තමුසේ කන විදියකට කනවා… මම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේ උයාගෙන කනවා!!…” කියලා. මටත් අනිත් හැමෝටම වගේ පළවෙනි දවසෙදි නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා Hospital එකේ සිවිලිමේ කැරකෙන ෆෑන් එක...!”



ප.ලි: උපුටා ගැනීම ඊයකිනි.

ප.ලි 1: මෙය හුදෙක් කාන්තා පාර්ශවයට අපහාස කීරීමට ලියන ලද්දක් නොවන බවට කරුණාවෙන් සලකන්න!

36 comments:

  1. කොච්චර කියුවත් ලංකාවේ පිරිමි පාර්ශ්වය, කාන්තා පාර්ශ්වයට දක්වන සැලකිල්ල අනෙකුත් රට වලට සාපේක්ශව ගොඩක් ඉහලයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒක මමත් පිළිගන්න කාරණයක්!

      Delete
    2. එකට බලන්න ඕනේ අපේ කෙල්ලෝ. අහිංසක කොල්ලොන්ට රැවිලි ගෙරවිලි.

      Delete
  2. .......කමෝන් ශ්‍රී ලංකන් පුරුෂයෝ.........

    මරු සමුළුව. "නඳුන් උයන" කියනවා වගේ ලංකාවේ පිරිමි ගැහැනුන්ට දක්වන සැලකිල්ල නම් ගොඩක් ඉහලයි.

    බලමු බලමු ගෑනු උදවියගේ ප්‍රතිචාර හෙම.

    ReplyDelete
  3. මල්ලි...!!
    ඔයා ඔය ඉල්ලන් කන්නයි හදන්නේ...

    ReplyDelete
  4. මම නං දැක්කෙ ඕක ලංකාවෙ ගැහැණු කෙනා නෙවේ ඇෆ්ගන් ගැහැණුකෙනාගෙ කතාව විදියට.

    ReplyDelete
    Replies
    1. ඊයක් නේ අය්යේ. එක එක්කෙනා එඩිට් කරලා යවනවා ඇති!

      Delete
  5. මේක කාලෙකට කලින් අන්තිම පේලියේ ගියාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ම්ම්... සමහරවිට වෙන්නත් ඇති!

      Delete
  6. අනේ හපොයි...:/
    මෙන්න අපිට මඩ ගහන්න අරගෙන....
    ඔන්න ඉතින් වැඩ වැරැද්ද ගැනයි යන්නේ..

    මෙහෙම ගියොත් නුදුරු දිනකදීම කොසු පහරක් කැමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉතා සතුටින් දැන්ව සිටිමි..
    ස්තුතියි..!!1

    ReplyDelete
  7. පච් නේද ඉතිං ඇමරිකාවෙයි එංගලන්තෙයි මිනිස්සූ...
    :(

    ReplyDelete
    Replies
    1. බයවෙන්න දෙයක් නැහැ, දැන් දැන් අපෙ අයත් එහෙ ඉන්නවනෙ, එයාලා කියලා දෙයි ඒ ගැන!

      Delete
  8. ලංකාවේ අපි හොද වැඩියි.. නැද්ද අයියේ... :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මලේ, ඒ ගැන කාටවත් තේරෙන්නෙ නැති එකනේ වැඩේ!

      Delete
  9. මාත් දැකල තියෙන්නේ ඕක මුස්ලිම් රටක ගෑනු කෙනෙක්ට උනා කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඕන ඔරිජිනල් එක. මොකද ලංකාවේ පිරිමි ගෑනුන්ට ඔහොම සලකන්නේ නැති නිසා :))

    ReplyDelete
    Replies
    1. රාජ් අයියත් මේ ගැන එහෙම කිව්ව නිසා මම ඔරිජිනල් එක ම හොයලා දැම්මා ඔන්න. හැබැයි ඉතින් ඔහොම සලකන අයත් මෙහෙ නැතුවා නෙවෙයි!

      Delete
  10. ලංකාවේ ඈයො ගෑනුන්ට සළකන විදිහ ගොඩක් වෙලාවට එළියට එන්නෙ නෑ.මොකද අපේ රටේ ගෑනුන්ගෙ ඔළුවට පොඩි කාලෙ ඉඳන් දාලා තියෙනවනෙ කොහොම හරි පවුල රැක ගන්න ඕනෙ කියලා.ඇත්තටම හොයලා බැලුවොත් කොහෙත් ලොකු වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකේ දෙපැත්තම තියෙනවා සහෝ... සමහරවෙලාවට පවුලේ සහජීවනය වෙනුවෙන් කාන්තාව මේ හැමදේම ඉවසලා ඉන්නවා වගේ ම ඒම ඇයට පාරාවළල්ලක් වෙන අවස්ථාත් නැතුවා ම නෙවෙයි... ඒකයි වැඩි ප්‍රමාණයක් වාර්තා නොවෙන්නෙත්!

      Delete
  11. අපි හම්බ කරලා දෙන එක නැවැත්තුව ගමන් ඔකොම ඉවරයි. ලංකාවේ ආඩම්බර කාර කෙල්ලෝ.

    ReplyDelete
  12. හික්...දැන් ප.ලි 1 දැම්මට වැඩක් වෙන එකක් නැහැ වගෙයි නේද අයියේ...

    ලස්සන ලිපියක් ලහිරු අය්යේ...

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ කලින් ඉඳන් ම ඒක තිබුණා, ඒත් වැඩක් නම් නෑ වගේ තමයි!

      Delete
    2. :O ආ.....ඔව් අය්යේ ප.ලි.1 මේ පොස්ට් එකේ කලින්ම තිබුන....මම මේ කිව්වේ ඉස්සරනම් පොස්ට් වලට ප.ලි. දාල බේරුනත් දැන් එහෙම බේරෙන්න බැහැ නේ...ගොඩක් අයගේ ලිපිවලින් දැක්ක ප.ලි. දැම්මට බේරුමක් නැති වෙලා තියෙනවා.. :)

      Delete
    3. ම්ම්ම්ම්... ඒක නම් ඇත්ත තමයි!

      Delete
  13. පව් අප්පා අර අරාබි නෝනා.. :D

    ReplyDelete
  14. පුරුෂයොනම් ඉතින් ශ්‍රි ලන්කන් පුරුෂයො තමා ඉතින් නේහ්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ, කියලා වැඩක් නෑ ඒකනම්!

      Delete
  15. ඔය ඇමෙරිකාවෙයි එංගලන්තේ එක්කෙනයි කිව්වට ඔහොම උනා කියලා ...... මිනිහා ගෙදරිනුත් ගිහින්ද දන්නේ නෑ වැඩකාරයා තියලා .....

    ReplyDelete
  16. කතාව කියවලා මුලින් තිබ්බ කමෙන්ට් ටික බලුවට පස්සෙ මං ආයෙත් පෝස්ට් එක කියවලා බැලුවෙ කොතනද ලංකාවෙ කෙනෙක් ගැන තියෙන්නෙ කියලා. පස්සෙ ආයෙත් කතාව ටිකක් වෙනස් කරලා නේද?

    ReplyDelete
    Replies
    1. අහ්... සමාවෙන්න ඕන ඒකට, ඔර්ගිනල් ලෝකල් පොඩි ප්‍රශ්නයක් ආවනේ, ඒකයි...

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !