අපි නොදන්න EPF -2


කලින් සතියෙ අපි කියෙව්වේ EPF ගැන නේ. අද මේ කියන්න යන්නේ ETF ගැන. කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ, ඒක තවත් උදව්වක් වෙයි මේ ටික කියවගෙන යද්දි. කලින් පෝස්ට් එක ගොඩක් අය කියවලත් තිබුණා වගේ ම අදහස් දක්වලත් තිබුණා, ස්තූතියි ඒ හැමෝටම! අද කොටසත් කියවන්නකෝ එහෙනම්...

2. ETF (Employee's Trust Fund) සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

ETF (Employee's Trust Fund)එහෙමත් නැත්තම් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ විශ්‍රාම වැටුප් සහ EPF මඟින් ආවරණය නොවන රැකියා සඳහායි. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පුද්ගලික අංශයේ සියළු දෙනා අනිවාර්යෙන් ම ETF Board එකේ සාමාජිකත්වය ලබා ගන්නෝන. ඒ වගේ ම කැමති නම් ස්වයං රකියා කරන අයටත් කැමති නම් දායක වෙන්න පුළුවන්. ඒ අතරට කර්මාන්ත, ව්‍යාපාරික, ව්‍යවසායක, නීති, විදේශ ශ්‍රමික, ප්‍රවාහන රැකියා විදියට ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් EPF ගෙවිය යුතු සේවායෝජකයෙක් යටතේ වැඩ කරන සේවකයෙකුට ETF හිමිකමත් තියෙනවා. ඒක ගෙවන්න ඕන සේවායෝජකයා තමයි. ඒ සේවකයාගේ වැටුප වගේ 3%ක්. එතකොට මාසයක් අවසානයේ සේවායෝජකයා මාසය අන්තිමට 15% ක් සහ සේවකයාගෙන් 8% ක් විදියට සම්පූර්ණයෙන් 23% ක් ගිණුමට යනවා. එහෙම නැතුව ස්වයං විදියට ETF සඳහා දායක වෙනවා නම් අවම රු 200 ක මුදලක් මාසයකට ETF ගිණුමට බැර කරලා දායක වෙන්න පුළුවන්.

මේකේ වාසි විදියට ගත්තොත් හැම අවුරුද්දක් අවසානයටම පොලිය සහ ලාභාංශ ගිණුමට එකතු කරනවා EPF වල වගේම. හැබයි ඉතින් කවුරුහරි එකදිගට මාස පහක කාලයක් ඇතුළත එකදිගට මාස 3ක් මුදල් ගෙවලා තිබුණේ නැත්තම් පොලිය සහ ලාභාංශ ගිණුමට එකතු වෙන එක වලකිනවා. ඒ වගේ ම උපරිම රු 50,000/= ක ජීවිත රක්ෂණයක්, උපරිම රු 200,000/= ක ස්ථීර හා පූර්ණ ආබාධිත රක්ෂණයක්, හදවත් සැත්කම් සහ වකුගඩු බද්ධ කිරීම් සඳහා උපරිම රු 150,000/= ක මුදලක්, ඇසකට උපරිම රු 9,000/= ක කාච බද්ධ කිරීම් ආවරණයක්, උපරිම රු 50,000/= ක නිවාස ණයක් වගේ ම රු 15,000/= ක ශිෂ්‍යත්ව මුදලකුත් ලැබෙනවා ගිණුම් හිමියන්ගේ දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වුණොත්.

3. Gratuity:පාරිතෝෂික දීමනා

දීමනා සේවකයන් ට ලැබෙන්නේ 1983 අංක 12 දරන …පාරිතෝෂික දීමනා පනත යටතේයි. සේවකයෙක් සේවයෙන් ඉවත් වෙලා යද්දි මේ පාරිතෝෂික දීමනාව ලබාගන්න හැකියාව තියෙනවා. ඒකට සේවකයා කරුණු දෙකක් සම්පූර්ණ කරලා ඉන්නෝන. පලමුවෙනි එක තමයි සේවකයා වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කරලා ඉන්නෝන. ඒ වගේම සේව්‍ය ස්ථානයේ අවම සේවක සංඛ්‍යාව 15කට නොඅඩු වෙන්නෝන. සේවකයන් 200කින් විතර පටන් අරන් අන්තිමට සේවකයෝ සංඛ්‍යාව 10කට විතර අඩු වෙලා බංකොලොත් වෙන තරම් වුනත් අනිවාර්යෙන් ම සේවා යෝජකයා පාරිතෝෂික දීමනා ගෙවන්න බැඳිලා ඉන්නවා. පාරිතෝෂික දීමනාව තීරණය වෙන්නේ මෙහෙමයි.

පාරිතෝෂික දීමනාව = 1/2* අවසන් මාසික වැටුප* සේවා කාලය(අවු)

සාමාන්‍යයෙන් පාරිතෝෂික දීමනා ගෙවීමේ දී ඒකෙන් මුදල් කපාහැරීමක් සිද්ධ වෙන්නේ නෑ අවස්ථා 03 කදී හැර.

1. Willful damages (සිතාමතා කළා යැයි සලකන හානි)
2. Frauds (වංචා/දූෂණ)
3. Misappropriations (අයුතු අත්පත් කරගැනීම්)

සේවකයෙක් සේවයෙන් ඉවත් වෙලා මාසයක් ඇතුලත සේවා යෝජකයා විසින් පාරිතෝෂික දීමනා ගෙවන්නෝන. එහෙම නැති වුණොත් ආයෙමත් කම්කරු කොමසාරිස් ට පැමිණිලි කරන්නෝන.

ඔන්න ඉතින් EPF, ETF, Gratuity කතන්දර ටික ඉවරයි. අපෝ.. ලොකු දෙයක්ද! බලාන ගියාම සේවකයන්ගේ දෙවියා විදියට ඉන්නේ කම්කරු කොමසාරිස් වරයා නේද? බැරිවෙලාවත් එයා පොඩ්ඩක් අල්ලසට දූෂණයට එහෙම ගියොත් සේවකයන්ට දෙවියන්ගෙම පිහිටයි. කම්කරු විනිශ්චය සභාවෙන් තමයි සාමාන්‍යයෙන් පැමිණිලි විභාග කරන්නේ. EPF, ETF, Gratuity වල තියෙන ලොකුම අවාසිය තමයි විශ්‍රාම වැටුපට සාපේක්ෂ ව උද්ධමනයට (Inflation) ලක්වෙන එක. ඒ කියන්නේ, අපි දැන් රු 20,000ක් ඉතිරි කරලා තව අවුරුදු 30කින් විතර ඒ මුදල අතට ගත්තට ඒ මුදලේ අර 20,000 ක වටිනාකම නෑ. සරලව ම කිව්වොත් ඒ කාලේ රු 20,000 න් කරන්න පුළුවන් වෙලා තිබුණ වැඩ අවු 30 කට පස්සෙ කරන්න වෙන්නේ 50,000 කින් විතර තමයි. ඒ ලංකාවේ රුපියලට තියෙන හැකියාවන් වලට පින්සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ අවාසනාවකට.

රජයට උද්ධමනය පාලනය කිරීමේදී වැදගත් සාධකයක් තමයි මේ EPF, ETF, Gratuity මුදල්. මොකද මේ මුදල් මහ බැංකුවේ ස්ථීර වම තැන්පත් වෙලා තියෙන කාටවත් ම(ආණ්ඩුවට වත්) හොල්ලන්න, අත තියන්න බැරි මුදලක් නිසා. රජය පහුගිය කාලේ පුද්ගලික විශ්‍රාම වැටුප් පනතක් ගෙනත් ඔය මුදල රජයට පරිහරණය කරන්න පුළුවන් වෙන විදියට (කොටස් වෙළඳපොළේ ආයෝජනයට නීති හදන්න තමයි උත්සහ කළේ) මතකයිනේ ඒකට විරුද්ධ ව හැමෝම පාරට බැස්සේ, කටුනායක රොෂේන් ගේ ජීවිතේ බිලිගත්තෙත් ඔය සල්ලි ටික බේරගන්න ගිහින් තමයි. ඒකට වැඩ කරන ජනතාවගේ උත්තමාචාරය හිමි වෙන්නෝන මට නම් හිතෙන විදියට.

මේ පෝස්ට් එක ලියද්දි විශේෂ ස්තූතිය අපිට HRM lectures කළ රසික සර් ටයි. මොකද HRM ආස හිතෙන subject එකක් බවට පත්කළේ සර්. ඒ වගේ ම මේ ගැන තියෙන අඩුපාඩු, විවේචන, අදහස් එහෙමත් කියලා ම යන්න. මේ වගේ දේවල් වලට ඔයාලා කැමතියි කියලා හිතුණොත් තවත් මේ වගේ දේවල් ගැන ලියන්න පුළුවන් එතකොට මට.....


ෆොටෝ එක ගත්තේ: http://www.srilankamirror.com/english/the-news/278-protest-against-amendments-to-epfetf-act

18 comments:

  1. හ්ම්ම්... ඔන්න මම ඔක්කොම කියෙව්වා....ලිපියට ස්තුතියි...:)

    ReplyDelete
  2. වැදගත් කරුණු බෙදා ගත්තට ස්තුතියි..Sri Lankan Labour Law කියලා හොඳ පොතක් තියනවා..පුළුවන් නම් හොයාගෙන කියවන්න..ගොඩක් වැදගත් වේවි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ ගැන කිව්වට, හොයලා බලන්නම්කෝ!

      Delete
  3. දැන් බයක් නෑ.
    ඔන්න හාමිනේ අපේ අනාගතෙත් සුරක්ෂිත දෑතක තියෙන්නේ. දැන් අපට කියලා අපේ අරමුදලකුත් තියෙනවා !!!! හික්ස් :)

    කරුණු ටික එල ! නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා !

    ReplyDelete
    Replies
    1. ෂහ්.... එහෙනම් හාමිනේ කැන්දන් එන්න කාලේ හරි වගේ! ලෑස්ති වෙමු එහෙනම් දැන්ම ඉඳන් ම!

      Delete
  4. මට මේ මුකුත් නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොටම හරියන්න තමයි ඔය ඉලක්කම් පහ හයක පඩියක් ලැබෙන්නේ මලයෝ! මම හරිද මන්දා...!

      Delete
  5. මම නම් අවුරුදු 5ක් වැඩකරපු ඊ.ටී.එෆ් සල්ලි ටික අරං වෙඩිමට වියදම් කළා... ඊට පස්සේ ඊ.පී.එෆ් එකෙන් දෙන ණයත් මේ ඊයේ පෙරේදා ගත්තා... දැන් මගේ අරමුදල් ඔක්කොම හිස්.. හික් හික්.. මොනව උනත් හෙන වටින දෙයක්

    ReplyDelete
    Replies
    1. ඵල ඵල... මොනවා උනත් වැදගත් වැඩකට යොදාගෙන තියෙනවනේ! ඒක ම මදැයි !

      Delete
  6. හප්පා..ඔයා මේවා ඉගන ගන්න කෙනෙක් නේද? හරිම හොඳයි අපිටත් මේවා කියල දෙන එකනම්..හදිසියක් උනොත් ඔන්න අපි ඔයාගෙන් තමයි උපදෙස් ගන්නේ හොඳද :)

    ReplyDelete
    Replies
    1. අනේ ලොකුවට නම් දන්නේ නෑ, ඒක ක්‍රෙඩිට් දෙකක්පොඩි සබ්ජෙක්ට් එකක් විතරයි, ඒත් දන්න දෙයක් තිබ්බොත් කියන්නම්, එහෙම බැරි වුණොත් අහලා හරි කියන්නම්කෝ!

      Delete
  7. මේක ගන්න යද්දී මොනවා හරි ප්‍රශ්නයක් ආවම පොඩ්ඩක් මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන් පුළුවන්! ඕන වෙලාවක අහන්න!

      Delete
  8. බොලේ මේකා දන්න දේවල්. කොහොම උනත් මචො ගොඩක් වැදගත් ලිපියක්.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !