Dating සහ date rape pills....


ම්ම්ම් ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, සිරිපාලගේ කරදඬු උස්මහත් වෙලා තනියම හේනක් කොටාගන්න පුළුවන් තරමට, රන්මැණිකා සාර සුබාවට පීදෙන නෑඹුල් තලමලක් වගේ දිස්නේ ගහන කාලෙට අනිත් අයගෙන් වෙන්වෙලා සිරිපාලයි රන්මැණිකායි ගමේ අයිනෙන් ගලාගෙන යන පුංච් දොළ පාරට කකුල් දෙක දාගෙන, ගමේ ඉන්න අබිලියොන් ගෙන වහං වෙලා කුටු කුටු ගාලා ඒ කාලේ කලෙත් ඩේටින් තමයි ඕං!

ඩේටින් කියන එකේ සරල ම තේරුම මට දැනෙන විදියට නම් දෙන්නෙක්, බොහෝවිට කෙල්ලෙක් සහ කොල්ලෙක් එකිනෙකාට කිසියම් ආකර්ෂණයක් ඇතිවෙලා එකිනෙකා ගේ ඇසුර පතන එක තමයි. එතනදි ඒ කාලය බොහෝ විට යොදාගන්නේ දෙන්න තවතවත් හඳුනාගන්න (සහකරුවෙක් විදියට සුදුසු ද කියලා බලන්න)සහ බැඳීම ශක්තිමත් කරගන්න. ඒකට චැට් කරන්න, SMS, MMS යවන්න, රෑ එළි වෙනකල් නිදිමරාගෙන කෝල් කරන්න, එතනිනුත් එහාට ගිහින් ඇවිදින්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න වගේ සමාජ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. සමහරු ආදරේ වැඩිකමට ඊටත් එහා යන වෙලාවල් තියෙනවා.

ඊටත් එහා යන වෙලාවල් ගැන කියන්න තමයි හදන්නේ දැන් මේ. ගොඩක් වෙලාවට මේ දේවල් වැදගත් වෙන්නේ ගෑණු ළමයින් ට තමයි. අඳුරගෙන මාසෙන් දෙකෙන් එහෙමත් නැත්තම් මාස හතර පහකින් රූම් එකකට යන්න ඔයාට කතාකරනවා නම් මට දැනෙන විදිය එතන ආදරයට වඩා තියෙන්නේ වෙන මොනාහරි සැඟවුණු හැඟීමක්. ගොඩක් කෙල්ලො මේක දන්නවා, ඒත් එයාලා බයයි බෝයිෆ්‍රෙන්ඩ් තරහා වෙයි, දාලා යයි කියලා. ඉතින් අදාළ පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවය හැඟීම් වලට මුවා වෙලා බොහොම පහසුවෙන් ඉෂ්ඨ කරගන්නවා. ඊටත් වඩා කණගාටුදායක දේ තමයි ඔය අවස්ථා ඡායාරූපගත වීම සහ වීඩියෝගත වීම. මේ දේ තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙන ඉන්න කෙනා අතින් වෙන වෙලාවල් තියෙනවා වගේ ම සැඟවුණු කැමරා ත් කරනවා.

ඔන්න දැන් තමයි මාතෘකාවට අදාල ව කියන්න යන්නේ! දැන් ටික කාලෙක ඉඳන් ට්‍රෙන්ඩ් එක තමයි pills පාවිච්චි කරන එක. හදිස්සියේ බස් එකේදි එහෙමත් නැත්තම් මිස්ඩ් කෝල් එකකින් හමුවෙන පෙම්වතුන් මේ ක්‍රමය බහුල ව යොදාගන්නවා. කොහෙට හරි එක්කරගෙන යනවා කතාකරන්න, දෙනවා මොනාහරි බොන්න, කෙල්ලට සිහි නැතිවෙනවා. එතනින් එහාට කියන්න ඕන නෑනේ. date rape drugs විදියට ගොඩක් ම භාවිතා වෙන්නේ ඇල්කොහොල් අඩංගු පාන වර්ගයි. මීට අමතරව GHB(gamma-hydroxybutyric acid) සහ benzodiazepines නිද්‍රාජනක බෙහෙත් පෙති දියකරලා වෙනත් බීමකට මිශ්‍ර කරලා බොන්න දෙන එක සුලබයි!

මේ හැමදේම වෙන්නේ එකිනෙකා මත තියෙන විශ්වාසය අනුවයි. මොකද කාටවත් තව කෙනෙක් ව කාලා බලන්න බෑනේ කොහොමද කියන්න. අනිත් එක විශ්වාසය මනින්න මිනුමකුත් නෑ, උපකරණයකුත් නෑ. දෙමව්පියො-දරුවෝ, යාළුවෝ, සැමියා-බිරිඳ... වගේ හැම සම්බන්ධතාවයක් ම පවතින්නේ විශ්වාසය කියන ශක්තිමත් පදනම උඩයි. මේ පදනම මොනාහරි හේතුවක් නිසා බිඳුනොත්, ඉරිතැලුවොත් ඒ උඩ තියෙන හැමදෙයක් ම සෙලවෙනවා යම් තරමකට හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "විශ්වාසා පරමා ඥාතී" කියලත්.

ප.ලි 1: අපේ එක්සෑම් පටන් ගත්තනේ, බොහොම අමාරුවෙන් සබ්ජෙක්ට් එකක් අද ඉවර වුණා. එන්න හම්බ වුණෙත් නෑ බ්ලොගේ පැත්තේ... කස්ටිය ඔය උඩ තියෙන ජාති ට්‍රයි කරනව එහෙම නෙවෙයි ඕං නින්ද යනවද බලන්න. ඔය දාලා තියෙන්නේ ඖෂධ නාම විතරයි, වෙළඳ නාම දැම්මේ නෑ මම!!!!

ප.ලි 2: මේ ගැන ලිව්ව මුල් පෝස්ට් එකේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒ පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒකට කමෙන්ට් කළ ඇත්තෝ කමා කරත්වා!

ෆොටෝ එක ගත්තේ: http://www.howtogetoverarelationship.com/wp-content/uploads/2011/10/Free-Online-Dating.jpg

26 comments:

  1. හ්ම්ම් අම්මෝ ඔය වගේ ඩේටින් නම් එපෝ ... :ඩ් :b

    ReplyDelete
    Replies
    1. ඒත් ගොඩක් අයට ඕනේ වෙනවනේ!

      Delete
    2. ඔව්... ඔව්... ඕනෙ වෙනවෝ ....

      Delete
    3. ඈ.. බොට අහවල් එකකටද?

      Delete
    4. කොල්ල කාලෙ නම් ඕව ඕනෙ වුනෙ නැති බව ඇත්ත...
      ඒත් දැන් නාකි වුනාම ඕවයෙ පිහිට තමයි බං .. අපිට...

      Delete
    5. ඔව්නේ, බලාගෙන ගියා ම ඒකත් ඇත්ත තමයී!

      Delete
  2. මට නම් ඖෂධ නාමය කිව්වම වෙලඳ නාමය හොයාගන්න පුලුවන් එකෙක් ගෙදර ඉන්නවා. ඒ නිසා කාවහරි ලව්වා ටෙස් කොරලා බලන්ඩ ඕනා !!!!

    ReplyDelete
  3. අඩේ. මූ මොකාටද එන්න හදන්නේ? :O
    ඇත්ත කියපං. ඖෂධ නාමේ හොයාගත්තේ කඩෙන් ගෙනාපු බෙහෙත් පෙට්ටියෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ඒයි... කෑගහන්න එපා, එදා උඹගෙන් මම බලන්න කියලා ඉල්ලගත්ත පෙට්ටියේ තමයි තිබුණේ!

      Delete
  4. කෝ මම ඊයේ මේකට කමෙන්ට් කළානේ... හ්ම්ම් වැදගත් ලිපියක්... මේ ගැන දැනුවත් වීම හැමෝටම හොඳයි..

    කාල බලල කොහොමද කියන්න පුළුවන් උනා නම් කාගෙ කාගෙත් යටි අදහස් මතු වේවි.. බෑනේ ඉතින්.... :(

    ReplyDelete
    Replies
    1. ප.ලි 2: මේ ගැන ලිව්ව මුල් පෝස්ට් එකේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒ පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒකට කමෙන්ට් කළ ඇත්තෝ කමා කරත්වා!

      Delete
  5. මම දාපු කමෙන්ට් එක කෝ....

    ReplyDelete
    Replies
    1. ප.ලි 2: මේ ගැන ලිව්ව මුල් පෝස්ට් එකේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒ පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒකට කමෙන්ට් කළ ඇත්තෝ කමා කරත්වා!

      Delete
  6. රු 100 එකක් තිනවා එක පෙත්තයි ඕන....! :)
    පට්ට පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. ඒකේ නම හොරෙන් ම මට කිව්වොත් මම දන්න එකත් කියනවා... මොකෝ කියන්නේ, මාරුවක් දාමුද ?

      Delete
  7. අඩේ මම මේකට කමෙන්ටුවක් දැම්මනේ..

    ReplyDelete
    Replies
    1. ප.ලි 2: මේ ගැන ලිව්ව මුල් පෝස්ට් එකේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒ පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒකට කමෙන්ට් කළ ඇත්තෝ කමා කරත්වා!

      Delete
  8. අපෝ ගෑනුංගෙ සිහි නැති කොරලා ඕක කොරලා වැඩක් නෑ මචං.අති මහත් පෞරුෂය විහිදෝලා කෙල්ලො උමතු කරගෙන ඕක ගොඩ දා ගන්න අපේ කොල්ලො හොඳට දන්නවා.ඒකනෙව ඔය ඔක්කොම දැං ජිම් එහෙම ගිහිං ඇඟ හදා ගන්නෙ.හෙඃ හෙඃ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඊට පස්සෙ ටික කාලෙකින් ඇඟට.....

      Delete
  9. මේක හැමෝටම වැදගත්....

    ReplyDelete
  10. ඇත්තයි විශ්වාසය නැත්නම් ඉවරයි....

    //මේ හැමදේම වෙන්නේ එකිනෙකා මත තියෙන විශ්වාසය අනුවයි. මොකද කාටවත් තව කෙනෙක් ව කාලා බලන්න බෑනේ කොහොමද කියන්න.// මේ කතාවනම් ඇත්තම ඇත්ත....හිහී.....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !