WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...


අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.

කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....

ප.ලි : Win 7 වෙන්නෝන OS එක. ඒ වගේ ම හැමෝටම WiFi තියෙන්නත් ඕන!

බාගන්න මෙතැනින්

14 comments:

  1. "NFS වල කාර් පැද පැද ඉන්නවා"

    අන්න ඒ වැඩේ නම් මාත් කලා..

    ReplyDelete
  2. මම නම් centOS වල (ලිනක්ස් වර්ශන් එකක්) වැඩ කරන නිසා මේක අත්හදා බලන්න බෑ. මොනා උනත් වටින කියන වැඩක් !!

    ReplyDelete
    Replies
    1. හී හී අපිත් centOS පාවිච්චි කළා Network administration වලට! තැන්කූ තැන්කූ!

      Delete
  3. ම්ම්ම්ම්...නෝ අයිඩියා... හැබැයි වැදගත් ලිපියක් බව ලාවට ලාවට දැනේ..!!!

    ReplyDelete
    Replies
    1. හෆෝයි... ක්ලාස් එකක් දාන්න වෙයිද?

      Delete
  4. එළ එළ මම මේක තමා පාවිච්චි කරේ....ලැපාගෙන් ipod එකට.....මේ ලඟදි wireless router එකක් ගත්තා..

    ReplyDelete
  5. ඔව්, මේක මාර විදියට වටිනවා ඔය වගේ වැඩ වලට!

    ReplyDelete
  6. Replies
    1. ම්ම්ම්....නැහැ සෙවන් විතරයි!

      Delete
  7. ෆෝන් එකෙන් නෙට් එන්න ඕන නිසා මාත් මේක දා ගෙන ඉන්නේ..

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !