ඔන්න එකෝමත් එක රටක ගම ගෙදරක හිටියා ගමරාළ කෙනෙකුයි ගම වයිෆ් කෙනෙකුයි. දවසක් ගමරාළ ටවුන් එකට ගිහින් එද්දී ලස්සන කවරෙක දැම්ම පාර්සලයක් ගෙනාවා. වහලේ හිටිය මීයා මේ දිහා කෑදරෙන් වගේ බලාගෙන හිටියත් ගම වයිෆ් ඇවිත් පාර්සලේ කඩලා බැලුව ම තමයි මීයාට එලොව පොල් පෙනුනේ. පාර්සලේ ඇතුලේ තිබුණේ අළුත් ම අළුත් දිලිසෙන මී කතුරක්.
මේ අලුත් ම ගොසිප් එක ගමගෙදර හිටිය අනිත් සත්තු ත් එක්කත් බෙදාගන්න ඕන කියලා හිතුව සමාජ සේවයට ලැදි මීයා, ඉස්සර වෙලා ම ගියේ වත්ත පහළ කුණු ගොඩක් පහුරු ගාමින් හිටිය කුකුළා ළඟට. " ගමරාළ මී කතුරක් ගෙනල්ලා...ගමරාළ මී කතුරක් ගෙනල්ලා.." මීයා කෑගහලා කිව්වා. මියා දිහා යන්තම් බැලුව කුකුළා කිව්වා, "මී කතුරෙන් මට ඇති අනතුරක් නෑ උඹ පරිස්සම් වෙයං " කියලා.
ඊට පස්සේ මීයා ගියේ මඩ වළක බැහැලා හිටිය ඌරා ළඟට. "ගමරාළ මී කතුරක් ගෙනල්ලා..ගමරාළ මී කතුරක් ගෙනල්ලා..." මීයා කිව්වා. "සොරි මීයෝ මට දුකයි උඹ ගැන, ඒත් මම දෙවියන් ට කියන්නම් උඹව මී කතුරෙන් බේරලා දෙන්න කියලා " ඌරා කිව්වා එහෙම.
ඊළඟට මීයා ගියා වත්ත පහළ තණකොළ වමාරා කමින් හිටිය හරකා ළඟට. "ගමරාළ මී කතුරක් ගෙනල්ලා..ගමරාළ මී කතුරක් ගෙනල්ලා.." මීයා කෑගහලා කිව්වා. "ඒ ගැන නම් මට කරන්න දෙයක් නෑ, මොකද මට ඒකෙන් අනතුරකුත් නැති නිසා මට ප්‍රශ්නයක් නෑ..." හරකා කිව්වා.
යාළුවෝ කිව්ව කතා වලින් බලාපොරොත්තු කඩ වුණ මීයා තමන්ගේ ගුලට ගියේ කොහොමද මේ මී කතුරට ෆේස් කරන්නේ කියලා තනියම හිත හිත. එදා රෑ ගේ ඇතුලෙන් ලොකු සද්දයක් ඇහුණා, හරි... මී කතුරට ගොදුරක් අහුවෙලා. අවාසනාවට වගේ අහුවෙලා තිබුණේ සර්පයෙකුගේ වලිගේ. ඒක බලන්න කළුවරේ ම ආව ගම වයිෆ් ට තදවෙලා හිටිය සර්පයා දෂ්ඨ කළා. ගමරාළ ටක් ගාලා ගම වයිෆ් ව හොස්පිට්ල් අරන් ගියා. ගම වයිෆ් ට ටිකක් අමාරුයි. ඩොක්ටර්ස් ලා කිව්වා කුකුල් සුප් එකක් දුන්නොත් නම් වේදනාව ටිකක් අඩුවෙයි කියලා. ගමරාළ ඉක්මනට ගෙදර ගිහින් කුකුළා ව මරලා සුප් එකක් හදලා ගම වයිෆ් ට ගෙනත් දුන්නා.
ම්ම්හු... හරි ගියෙ නෑ. ඩොක්ටර්ස් ලා කිව්වා බලාපොරොත්තු තියාගන්න අමාරුයි, ගම වයිෆ් ව ගෙදර අරන් යන්න කියලා ඩිස්චාජ් කළා. මේ ආරංචිය ඇහුව ගමේ මිනිස්සු, නෑදෑයෝ ගමගෙදර පිරුණා ලෙඩා බලන්න. මේ මිනිස්සුන් ට කන්න දෙන්නත් එපැයි. ගමරාළ, ගෙදර හිටිය ඌරා ව මැරුවා. ටික දවසකින් දුක් විඳලා ගම වයිෆ් මැරුණා. ඊටපස්සේ මළගෙදර ට ගොඩාක් මිනිස්සු ආවා ගම වයිෆ් ට අවසන් ගෞරව දක්වන්න. මේ මිනිස්සුන්ට කන්න දෙන්න හරකාටත් ජීවිතේ පූජා කරන්න වුණා. තමන්ගේ යාළුවන් ට මේ සිද්ධ වුණ දේවල් මීයා ගුලේ ඉඳන් බලාගෙන හිටිය මීයා ඉබේටම ලොකු සුසුමක් හෙළුවා. අපිත් එක්ක එකට ඉන්න අයට මොනාහරි ප්‍රශ්නයක් වුණා ම ඒවා අපේ ම කියලා හිතලා විසඳගන්න උදව් නොකරන අයට මේවා හොඳ පාඩම් කියලා මීයා තනියම තමන්ටම කිව්වා!!
මට ආව ඊ මේල් එකක් දැකල තමයි කතන්දරයක් කියන්න හිතුණේ. ලෙක්චර් එකක් අස්සේ ලැබුණ පොඩි බ්‍රේක් එකකදි තමයි ඉක්මනට ටයිප් කළේ. මේ දවස් වල තත්පරෙත් මාර වටිනවා සෙමෙස්ටර් එකේ එන්ඩ් එක නිසා, ප්‍රොජෙක්ට්, එසයිමන්ට් ගොඩ ගැහිලා. දවල් රෑ නැතුව දුම් දාගෙන ඒවා කරන අස්සේ නිසා හොඳ ද මන්දා ඔන්න ඔහේ ලිව්වා. ඉතින් ඔයාලටත් ඉන්න එක එක ජාතියේ යාළුවෝ ගැන හරි කතන්දරේ ගැන හරි අදහසක් පහළින් ලියලා යන්න කැමති නම්!!!!
පරණ කතාවක අලුත් වර්ශන් එකක්
ReplyDeleteහික් හික්!
Deleteහිතන්න හුගක් දෙවල් තියන කතාවක්. හුගක් වෙලාවට අපිට අනතුරක් නැතිදෙ තමා වැඩියෙන්ම අපට අනතුරක් කරන්නේ
ReplyDeleteමම
ආතම්මගෙ පෙට්ටගමෙ
ලොකු ජෝන්
ඒක තමයි, මිනිස්සු ඒවා හිතන්නේ නෑ ගොඩක් වෙලාවට!
Deleteආදර්ශමත් කතාවක්.. යාලුවෝ උනාම තමන් එක්ක එකට ඉන්න අයගේ දුකකදි කරදරයකදි බලන්න ඕන.. සමහරවිට විසදුමක් නැති වේවි.. ඒත් ලගින් ඉදලා උදවු කරන්න ඕන..
ReplyDeleteඒත් හබැයි හොඳ යාළුවන්ට තමයි!
Deleteඅර්ථාන්විතයි ... ඔයකතාවේ ඉතිරියත් ගොඩනැගීමට තිබුනනන් තමයි හොඳ!! නේද ? සමහර වේලාවට මට හිතෙනවා . ගමමහඟේ මළ එක හොඳයි කියලා . ගමරාළ දන්නේ නැතිවුනාට එයා ලඟත් හොඳ "මී කතුරක්" තිබිලා තියනවා . එහෙමයි ආරන්චි .කොහොමඳ අර අහින්සක මීයා ඒකට අහු උනානන් !! කතුර ලස්සනට තියෙනවනම ඔනතරම් මීයෝ අල්ලන්න පුලුවන් කියලයි කියන්නේ . හරිම බයානකයි ! අපේ ගෙදරට පාරෙන් එහා පැත්තේ ගෙවල් හතරකට එහා ගෙදරකත් හොඳ හුරුබුහුටි "මී කතුරක්" තිබුණා . අම්මේ.. ඒකට අහුවුනු මියෝ සන්ඛයාව , එක විසිපහකටත් වැඩියි . වයිවාරන මීයෝ .මටත් නූලෙන් මිස් උනේ !!අවසානේට ආව මීයා කතුරත් ඇඳගෙනම ගිහින් . කොහේගියාද ?කව් රුත් දන්නේ නෑ .අපරාධෙ! රටයන්න ඇති මගේ හිතේ !!.
ReplyDeleteඔය කියන්නේ ගිරිරාජ් ගෙයි, ප්‍රියන්තගෙයි මී කතුර ගැන වෙන්නෝන! ඵල ඵල!
Deleteඑකට කෑවත් බොක්ක වෙනස් කස්ටිය....!!!
ReplyDeleteඇත්ත ඇත්ත !
Deleteහී හී බොහොම ලස්සන කතාවක්...
ReplyDeleteතැන්කූයි තැන්කුයි!
Deleteමීයොනේ ඉතින්.. අර කිව්වා වගේ අලුත් වර්ෂන් එකක්
ReplyDeleteඔව් ඔව් ! අළුත්ම එක!
Deleteනියම කතාවක් ගොඩක් ආදර්ශමත් කතාවක් ..
ReplyDeleteස්තූතියි සහෝ!
Deleteමම මේ කතාව අහලා නෑ.
ReplyDeleteමරු ආදර්ශමත් කතාව. මාත් ආසයි මේ වගේ ආදර්ශමත් කතා වලට !
මම නම් කලින් අහලා තිබුණට ලියන්න හිතුණේ අදයි.... ස්තූතියි ආවට මේ පැත්තේ!
Deleteඑළ කථාව.....
ReplyDeleteස්තූතියි සහෝ!!!
Deleteඈ..මම මේක ඊයේද කොහෙද කියෙව්වා වගේ මතකයි...එක්කෝ මේ බ්ලොග් එකෙන්මයි..නැත්නම් ඊ මේල් එකකින්...අනේ මන්දා මගේ ඔලුව පොඩ්ඩක් කොලොප්පන් වෙලාද කොහෙද :)
ReplyDeleteඅයියෝ.. එහෙනම් කලින් පෝස්ට් එකේ විදියට පැනඩෝල් දෙකක් බොන්න සාමාන්‍ය මාත්‍රාවට!
Deleteකොච්චර වැඩ අස්සෙ උනත් ලද දැණුම බෙදා හදා ගන්න අපි පුරුදු වෙන්න ඕනෙ.හොඳ කතාව සහෝදරයා.
ReplyDeleteඇත්ත ඇත්ත... ස්තූතියි සහෝ !
Deleteආදර්ශමත් කතාවක්.කලින් කොහේදෝ හරි කියවල තියෙනවා වගේ..
ReplyDelete~~හික්ස්~~
Deleteනියමයි
ReplyDeleteවාව්..නියමයි ඒක.
ReplyDelete