දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ...!



මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හිතුවා. අපි පොඩි කාලේ හැසිරීමයි, දැන් කාලේ ඉන්න පොඩි වුන්ගේ හැසිරීමයි බලද්දි ලොකු වෙනසක් දැනෙනවා නේද... සමහරුන්ට හිතෙයි දැන් කාලේ ඉන්න එවුන් නම් ගන්න දෙයක් නෑ කියලා, ඒත් සමහරුන්ට නම් ඒක ගානක් නෑ. මට නම් හිතෙන විදියට ඒක තමයි පරම්පරා ඝට්ටනය කියලා කියන්නේ. මොකද අපි පොඩිකාලේ ඉද්දී අපේ වැඩිහිටියොත් එයාලගේ ළමාවිය අපෙත් එක්ක සංසන්දනය කරලා එහෙම ම කියන්න ඇති. ඒ නිසා ම අපිත් එහෙම කියනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ. කොහොම උනත් මට හිතෙන තව දෙයක් තමයි අපිත් එක්ක බලද්දි දැන් ඉන්න පුංචි ළමයි වයසටත් වඩා බුද්ධිමත් කියලා. ඔයාලා මොනවද හිතන්නේ ඒ ගැන? ම්ම්ම්.... වැල්වටාරම් ඇති වගේ නේද.. කතාව කියවලා ම ඉමුකෝ එහෙනම්!

මේ ඇමෙරිකන් කතාවක්. ඔන්න එක අම්මා කෙනෙක් තමන්ගේ පුංචි පුතණ්ඩියාවත් වාහනේට දාගෙන තමන්ගේ යාළුවෙක්ගේ ගෙදර යන්න පිටත්වුනා. පුත්‍රයා මග දිගට තොරතෝංචියක් නැතුව කතාව. කියවනවා කියවනවා ඉවරයක් නැතුව ම. දන්නවනේ පොඩි අය කියවන්න ගියා ම කටට බ්‍රේක් නෑනේ. ඔන්න පුතා අම්මාගෙන් මේ විදියේ ප්‍රශ්නයක් අහනවා. "අම්මේ අම්මේ... අම්මගේ වයස කීයද ?" පුතා... ඔයා දැනගන්නෝන ගෑණු අයගෙන් වයස අහන එක හොඳ පුරුද්දක් නෙවෙයි, ඔන්න අම්මා පොඩි එකාට ඒ ගැන දේශනාවක් දෙනවා. ඒක ඉවර උන ගමන් ම තව ප්‍රශ්නයක්. "අම්මේ අම්මේ... අම්මගේ බර කීයද? " පුතා... ඔයාට මොකටද ඕවා..?? අම්මා ටිකක් විතර දෝස්මුරයක් දැම්මා.. පොඩ්ඩා ටික වෙලාවක් යනකල් සද්ද නෑ.. පොඩි එකාට ප්‍රශ්න නම් හිතේ තෙරපෙනවා. ඒත් අහන්න විදියක් නෑනේ. ඔන්න ටික වෙලාවකින් ආයෙත් ප්‍රශ්නයක්. "අම්මේ අම්මේ... අම්මා තාත්තාගෙන් ඩිවෝස් වුනේ ඇයි?? " ඒ සැරේ නම් අම්මාට ලෙල්ලටම තද වුනා. "පුතා.. ඔයාට ඕන දේත් තියෙනවා, එපා දේත් තියෙනවා හොඳද, වයසේ හැටියට හැදෙන්න..." අම්මා ඒ ටික කිව්ව ස්වරෙට පොඩි එකාට ප්‍රශ්න අහන්න තියා කතා කරන්නවත් බය හිතුනා. ඒත් අහන්න ප්‍රශ්න නම් කෝටියයි.

ඔන්න ඔයින් මෙයින් අම්මා යාළුවාගේ ගෙදරටත් ආවා ඔන්න. එහෙත් හිටියා ඒ වයසෙම පොඩ්ඩෙක්. මුලින් මුලින් ඇඹරි ඇඹරි ඉඳලා කොල්ලෝ දෙන්නා සෙට් වුනා සෙල්ලමට, දැන් ගජ යාළුවෝ. ඒ අතරේ එක්කෙනෙක් වාහනේ එද්දි වුන සිද්ධිය අකුරක් නෑර යාළුවට කිව්වා. අනිත් පොඩි එකා කිව්වලු "අයියෝ මම නම් ඕවා දැනගෙන ගොඩාක් කල්, ඒක හරි සිම්පල්නේ" අනිත් එක්කෙනාට හිතුනලු මූ නම් මාර වැඩ්ඩෙක්නේ කියලා. "අම්මගේ ඩ්‍රයිවින් ලයිසන් එකේ ඔය සේරම විස්තර තියෙනවනේ " ඔන්න වැඩේ කරන හැටි කියලත් දුන්නා යාළුවට. ඉතින් මේ පොඩ්ඩත් අම්මා ටිකක් එහෙට මෙහෙට වෙනකල් ඉඳලා ඩ්‍රයිවින් ලයිසන් එක අරන් ඔක්කොම විස්තර බලාගත්තා. ඔන්න දැන් දෙන්නා ආපහු යනගමන්. දැන් ඉතින් අම්මාගේ මූඩ් එක හොඳයිනේ. පොඩ්ඩගේ කටට ආයෙත් පණ ආවා. මෙන්න ඇතිවුන දෙබස...



පුතා: මම අම්මාගේ වයස දන්නවා.. !(කොල්ලත් වැඩ්ඩා වගේ කියනවා!)
අම්මා : හා.. කියන්න බලන්න එහෙනම්.
පුතා : 33 යි. හරිද? මම අම්මගේ බරත් දන්නවා!
අම්මා : හා.. කියන්න බලන්න.
පුතා : කිලෝ 65යි නේ! තාත්තා අම්මාගෙන් ඩිවෝස් වුනේ ඇයි කියලත් මම දන්නවා!
අම්මා : ඒ මොකද?
පුතා : අම්මා sex ෆේල්. අම්මාට sex වලට තියෙන්නේ F එකක්!!!!

දැන් කාලේ ඉන්න එවුන් හැදිලා තියෙන හැටි නේද! අපි වුනත් පොඩි අය එක්ක වැඩ කරනකොට කොයිතරම් නම් හිතන්නෝනද නේද!!! (උඩ ෆොටෝ එක හෙමීට බැලුවොත් ඔයාලටත් පෙනේවි sex වලට F කියලා! ). යනගමන් මොනාහරි කියාගෙන ම යන්න!

12 comments:

  1. දැන් කාලේ ඉන්න පොඩි එවුන් ඔක්කොවෙටම හපන් නේ. අම්මා සෙක්ස් ෆේල් කතාවත් මේ යස්ස කොල්ලා දන්නවනේ.

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත.. දැන් කාලේ ඉන්න පොඩ්ඩො ඔක්කොම අපිට වඩා බුද්ධිමත්.. මගේ චූටි නඟාත් මේ ලඟදී ඔය වගේ හරිම පණ්ඩිත කතාවක් කිව්වා..

    ReplyDelete
  3. @Red Riding Hood,මධු, දූපත් වැසියා
    දැන් ඉන්න පොඩ්ඩෝ යක්කු වගේ තමයි!!!!!

    ReplyDelete
  4. මරු පොඩි එකෙක්නේ....

    ReplyDelete
  5. ඉතින් ඌ හරිබං...උ දැක්ක දේ කිව්ව....

    ReplyDelete
  6. මොනවා නැතත් පොඩි එකා යමක් පවසා ඇත. :-)

    ReplyDelete
  7. @රෙෂාන් Chathuranga, රාජ්, දිනේෂ්, ළහිරු, නිකමා

    දැන් ඉන්න පොඩ්ඩෝ එක්ක කතාකරලා බේරෙන්න බැ, සමහරු ඉන්නවා සපත්තුව කකුලේ තියෙද්දි මේස් එක ගලවන ජාතියේ!!ස්තූතියි ප්‍රතිචාර වලට

    ReplyDelete
  8. පට්ට.. මට මේකේ මේල් එකකුත් ආවා මචෝ..

    ReplyDelete
  9. මෙසපොතෙයනි ශිෂ්ටාචාරේ ඉඳල ඉන්න මිනිස්සු කියනවලු දැන් හැදෙන වුන් කිසි කමකට නැහැ කියලා.මං පොතකින් දැක්කේ

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !