කියවන බිරින්ඳෑවරු ඉන්න සැමියන් ට පුංචි උදව්වක්!


ම්ම්ම්ම්.... කියවන බිරින්ඳෑවරු ගත්තම මම අහලා තියෙන විදියට තුන් ජාතියක් ඉන්නවා! (මීට වඩා ඉන්නවා කියලා දන්නවා නම් කියන්න මටත්!) පලවෙනි ජාතිය තමයි ඇත්තටම කියවන බිරින්ඳෑවරු. ඒ කියන්නේ පොතක් පත්තරයක් කියවගෙන මහත්තයටත් උදව්වක් කරගෙන පාඩුවේ ඉන්න අය. මේ වර්ගයේ අය නම් කියන්නෝන ඉතාම දුර්ලභයි. හැබැයි ඉඳලා ඉඳලා පරණ පිනකට හරි ලැබුණොත් නම් ජීවිතේ ම ගොඩ තමයි. ජීවිතේ දුක සැප දෙක ම සම සම ව විඳ දරාගෙන ඉන්න මේ අයට පුළුවන්.

…දැන් දෙවෙනි ජාතිය ගැන කියන්නම්කෝ... මේ ජාතියේ අය තමයි හිතින් කියව කියව ඉන්න අය. අර washing machine ඇඩ් එකෙත් ඉන්නේ ඒ ජාතියේ කෙනෙක් තමයි. ඒ වර්ගයේ අය කවදාවත් ප්‍රශ්න කෙලින් කියන්නේ නෑ. හිතේ තියාගෙන ඉන්නවා, ඕන කෙනෙක් පුලුවන් නම් හොයාගන්න එකයි ඇත්තේ කියලා වගේ. එහෙම උනාම නම් ජීවීතේ ප්‍රශ්න තවත් වැඩිවෙන එකයි වෙන්නෙ මට හිතෙන හැටියට!!!


කෙලින් ම කටින් කියවන අය තමයි තුන්වෙනි ජාතිය. සමහරු නම් මේ අයට කියන්නේ හරිම forward එහෙමත් නැත්තම් social කියලා. ඒ ගතිය ගොඩාක් හොඳට හිටින වගේම නරක ට හිටින වෙලාවල් තියෙනවා. පියාඹන පීරිසි එහෙම යන්නේ ඒ වගේ වෙලාවට තමයි. සමහරු නම් කැමතියි හැමදේම කෙලින් ම කතා කරනවට. ඒත් සමහර වෙලාවට ඒ අයිතිය, සීමාව ඉක්මවා ගියා ම නම් ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ. ඒ නිසා සමහරු කැමති social girls ලාට. ඒත් සමහරුන්ට නම් ඒ වගේ අය පෙන්නන්න බෑ.

ඒ කතන්දර වලින් මම කියන්න ආව දේ තව ටිකෙන් අමතක වෙනවා. මේ දවස් වල කැම්පස් එකේ කරන්නෝන ප්‍රොජෙක්ට් ගොඩ ගැහිලා. ඉතින් පණ දාගෙන ඒවා කරන වෙලාවක තමයි මේ වැඩේ හම්බ වුනේ. මම text එකක් speech එකකට ගන්න අන්තර්ජාලේ සැරිසරද්දී නියම library 1ක්, එහෙමත් නැත්තම් C# namespace එකක් හම්බ වුනා System.speech කියලා. ඒක පාවිච්චි කරලා coding කරලා හදපු පොඩි app එකක් ගැන තමයි කියන්න ලෑස්ති. මේකෙන් අපි type කරන දේ machine එක මඟින් කියවනවා. මේකේ සරල interface එක තමයි පහළ තියෙන්නේ.


මේක පාවිච්චි කරන්න පුළුවන් මෙහෙමයි. අපි නිකමට හිතමු අපි වැඩ ඉවරවෙලා ගෙදර ආව වෙලේ ආදරණීය බිරිඳ තොරතෝංචියක් නැතුව කියවනවා කියලා. අඩුම තරමේ නිදහසේ net යන්නවත්, TV බලන්නවත්, පත්තරයක් කියවන්නවත් විදියක් නෑ. ඒ වෙලාවට තියෙන්නේ මේ app එක open කරලා speaker set කරලා බිරිඳ අහන ප්‍රශ්න වලට උත්තර type කරන එකයි. ඊටපස්සේ Enter කලා ම app එක මඟින් ඒක කියවනවා. දැන් මේක හරියට single side chatting වගේ. එතකොට සමහරවිට උත්තර හැරෙන තැපෑලෙන් ම එයි, නැත්තම් උත්තර එන්න ටික දවසක් යයි, එහෙමමත් නැත්තම් වෙන මොකක් හරි අළුත් ම ක්‍රමයකින් උත්තර ලබේවි.
ඔන්න එහෙනම් උත්සහ කරලා බලන්න කැමති අය කියන්නකෝ....හැබැයි ඔන්න පියාඹන පීරිසියක් එක්කම app එකත් යයිද දන්නේ නෑ ජනේලයෙන් එලියට ඔන්න. පරෙස්සමෙන් හොඳද....!

5 comments:

  1. පට්ට ඇප් එකක් නේ.මම් යාලුවෙලා ඉන්න කෙල්ල නම් අර තුන්වෙනි වර්ගයේ. වෙලාවකට දෙවෙනි වර්ගයටත් මූව් වෙන අවස්ථාත් නැතුවම නෙමේ.

    පලවෙනි වර්ගයට නම් වැටෙන්නම නෑ. :)

    නියම ඇප් එකක්. ඕක ඩිවෙලොප් කලාම අපට බාගන්න අවස්ථාවක් හදලා දෙන්න.

    ReplyDelete
  2. අඩේ මරු ඒවනේ උඹත් දාන්නෙ. මට මතකයි ඉස්සර VB පිස්සුවෙන් නටපු කාලෙ DLL පාව්ච්ච කරල ඕය වගේ ඇප් හදන එක තමා අපේ හොබි එක වුනේ :D

    ReplyDelete
  3. පට්ට ඈ... අර cording එකේ ලින්ක් එකක් දාපන්කෝ බං...!

    ReplyDelete
  4. :e mama mona wargeda danne.. ahala balanna wenawa....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !