PHP ගැන දන්නවද? -2

PHP පාඩම් මාලාව පටන් ගන්න කලින් ඒ ගැන හදුන්වා දුන්න කලින් පෝස්ට්1 ඔයාලා බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න. පාඩම් මාලාව පටන් ගන්න කලින් තව ටිකක් PHP ගැන දැනගෙන ඉන්න 1 හොදයි කියලා මට හිතුනා. PHP කියන language1 නිර්මාණය කරලා තියෙන්නේ 1995 දී Rasmus Lerdorf කියන developer. PHP 5.3.3 කියන Version 1 තමයි අලුතින්ම නිකුත් උනේ 2010 ජූලි මාසේ.

PHP විශේෂයෙන්ම design කරලා තියෙන්නේ web development සදහා. එහිත් dynamic web pages නිර්මාණය ඉතා පහසුවෙන් මගින් කරගන්න පුලුවන්. PHP සදහා C,Perl,Java,C++ වගේ languages වල codes උපයෝගී කරගෙන තියෙනවා. PHP කියන්නේ free software1ක් නිසා ඔයාලට මෙතැනින් PHP නොමිලේ බාගත කරගන්න පුලුවන්. PHP වල අන්තර්ගත වෙන්නේ text, HTML tags and scripts කියන දේවල්. ඒ කියන්නේ PHP ඉගෙනගන්න නම් HTML, Javascripts ගැන තරමක දැනුමක් තියෙන්නෝන කියන එකයි සරලවම කිව්වොත්!

කලින් post 1දි Server 1ක් ඕනේ කිව්වා මතක ඇතිනේ. PHP සදහා IIS, Apache, Wamp...etc වගේ servers support කරනවා.කලින් PHP වලදි, ඉස්සරවෙලාම PHP install කරලා database1කට connect කරලා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවානම් mySQL install කරලා ඊට පස්සෙ server 1 විදියට IIS හරි Apache හරි install කරලා තමයි PHP codes execute කරන්න වෙන්නේ.ඒ වුනත් දැන් තියෙන Wamp(Windows apache mySQL php) server 1 install කලාම ඕන කරන හැමදේම ඒක ඇතුලේ තියෙන නිසා අමුතුවෙන් software හොය හොය කරදර වෙන්නෝන නෑ. Wamp 2.0 කියන අලුත්ම version 1 ඔයාලට මෙතැනින් බාගත කරගන්න පුලුවන් නොමිලේම. මේ software 1, Win2000/XP/2003/Vista/7 කියන ඕන OS 1ක් එක්ක නියමෙට වැඩ කරනවා.
තවත් දැනගෙන ඉන්නවනම් හොදයි කියලා හිතන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා, ඒ ටික පාඩම් මාලාව යන අතරතුරේදී පොඩ්ඩ පොඩ්ඩ මම කියන්නම්කෝ. ඒ නිසා මම හිතන්නෙ දැන් නම් PHP පාඩම් මාලාව පටන් ගන්න ඕන කරන හැමදේම හරි කියලයි. ඊලග Post1k ඉදන් අපි PHP ඉගෙනගමු එහෙනම්. ඔයාලට මේ ගැන දැනගන්න මොනාහරි දෙයක් තියෙනවනම් Comments වල දාන්නකෝ. එහෙනම් ඊලග Post1න් හමුවෙමු. ඔන්න එහෙනම් මම ගියා. Bless U Triple Gems!!!

3 comments:

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !