වෙලාවට වැඩ කරන්න ඕන අයට විතරයි....



මේ මාතෘකාව මම කතා කරන්නේ වැරදි රටකද මන්දා...මොකද අපේ රටේ ගොඩක් දෙනෙකුට වෙලාවට වැඩ කරනවා කියන 1 ලොකු විහිලුවක් නිසා. ඒ වගේ අය තමන්ගේ කාලෙත් නාස්ති කරගෙන අනුන්ගේ කාලයත් විනාශ කරනවා. කොහොම උනත් මේ නිසා තමන්ට වගේම රටට වෙන හානිය නම් අති විශාලයි. මේ කාලය මිනිස් පැය වලින් ගණනය කරලා බැලුවොත් ඒක හොදටම දැනේවි නාස්තිය කොයිතරම් ද කියලා. මේ ගැන කාට හරි හොද අත්දැකීමක් ලබන්න ඕනම නම් නිකමට හරි රජයේ කර්යාලයකට ගොඩවැදිලා බලන්නකෝ සිද්ධ වෙන ප්‍රමාදය කොයිතරම්ද කියලා.
මේ දේවල් කොහොම උනත් තව ටිකෙන් කියන්න ආව දේ අමතක වෙනවා. ගොඩක් දෙනෙකුට කාලය සම්බන්ධයෙන් තියෙන ලොකු ගැටලුවක් තමයි අමතක වීම කියලා කියන්නේ. අමතක වීම නිසා වෙලාවට කරන්න තිබුන වැඩ බොහොමයක් අතපසු වෙලා ලොකු ලොකු පාඩු එහෙමත් වෙලා ඇතිනේ නේද? ඒකට තමයි කාල කළමණාකරනය කියලා දෙයක් තියෙන්නේ. අපි පොඩි කාලේදි නම් අම්මා අපිට කාලසටහනක් හදලා දෙනවා පිළිවෙලකට වෙලාවට වැඩ කරන්නේ මෙහෙමයි කියලා. අපි පොඩිම කාලේදි අම්මා අපිට නොදැනීම කියලා දීලා තියෙන්නෙත් ඒ ගැන තමයි. ඒත් ඉතින් ලොකු උනාම අපිට එහෙම කරලා දෙන්නේ කවුද නේද? අනිත් එක අපිට ඕවා හද හදා ඉන්න වෙලාවකුත් නෑනේ නේද?
කෝටියක් වැඩ අස්සේ ඉන්න අපිට හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අද හරි හෙට හරි තියෙන event 1ක් ගැන නොමිලේම කෙටි පණිවිඩයක්(SMS) එකක් එවලා මතක් කරලා දෙනවානම් කොහොමද කියලා!! ෂාහ්....අද කාලේ කියලා වත් කරගන්න බැරි උදව්වක් නේද? ඔන්න ඉතින් ඒ වැඩේ අපි වෙනුවෙන් Google සමාගම භාර අරන්...මේ application 1 නම් ටිකක් පරණ 1ක්, නමුත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මේක. දන්න අයත් පාවිච්චි කරනවා අඩුයි. මේකයි වැඩේ. Google Calender.
අපි හැමෝටම Google Accounts තියෙනවනේ නේද? නැත්නම් මෙතැනින් ගිහින් හදාගන්න. ඊටපස්සෙ ඔයාගේ Gmail account 1 ට log වෙන්න. ඒකේ වම් පැත්තේ උඩම කෙළවරේ තියෙනවා Calender කියලා tab1 ක්. ඒක open කරගන්න. එතකොට වෙනමම Calender කියලා page1 ක් load වෙයි. පහත රූපය බලන්නකෝ.


ඒකේ ඔයාලට ඕන දවසේ වෙලාවේ ඔයාගේ තියෙන event 1 දෙන්න. වැඩේ තව ඉවර නෑ.



වම් පැත්තේ තියෙනවා නේද settings, ඒක click කරන්න. එතකොට එන Page 1කෙ Mobile setup ගිහින් ඔයාගේ ජoගම දුරකථන අoකය දෙන්න(හැබැයි මම දන්න විදියට නම් Mobitel විතරයි නොමිලේ මේ පහසුකම දෙන්නේ ). එතකොට ඔයාට කෙටි පණිවිඩයක් ලැබේවි රහස් කේතයක් සදහන් කරලා. ඒ එන කේතය පහලින් රහස් කේතය අහන තැනට දෙන්න. Save කරන්න. දැන් General tab 1ට යන්න, ඒකෙත් පොඩි පොඩි settings ටිකක් තියෙනව හදන්න. මම හිතන්නේ ඒවා ඔයාලට හදාගන්න පුලුවන්. ඒවත් හදලා Save කරන්න. දැන් වැඩේ හරි.
දැන් ඉතින් ඔක්කොම හරිනේ, කෙටි පණිවිඩය වෙලාවට ඇවිත් ඔයාට ඕන දේවල් මතක් කරලා දෙයි. SMS ගැන Alert 1k ඉන්න. මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් comment 1ක් දාන්නකෝ. එහෙනම් මම යනවා, උදාවෙන ඉoග්‍රිසි අලුත් අවුරුද්ද හැම බාධාවක්ම ජයගෙන ඉදිරියටම යන සුබ නව වසරක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා, හැබැයි එහෙම ප්‍රර්ථනා කළාට විතරක් නම් මදි, ඒක එහෙම වෙන විදියට වැඩත් කරන්නෝන. එතකොට හැමදේම සාර්ථක වේවි......

4 comments:

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !