
16
Dec
2013

අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.
කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම...
30
Sep
2013

සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."
"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".
"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "
"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට...
16
Sep
2013

සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ, මහන්සි වෙන්නෙ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම, රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුට ලැබීම ආදී දේ ගැන නේ. ගිහි පැවිදි බොහෝ දෙනා දෙනා ම වගේ කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. මේ නිසා බොහෝ දෙනෙක් සසරක් ගැන හිතන්නෙ නැහැ, ඒ වුනත් හැම මොහොතකදී ම වගේ නැවත ඉපදීමක් සඳහා පින් සහ පව් රැස් කරනවා. ඇහැට...
30
Jun
2013

තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ
සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා
කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු
අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ
භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ
හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත මේ ආගම්,
දර්ශන, මතවාද වලට මිනිස්සු බෙදිලායි හිටියේ. බොහෝදෙනා උපත, මුදල, සමාජ
තත්වය වගේ සාධක...
7
Jun
2013

ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක...
25
Apr
2013

කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බව. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට උපායක් සැලසුම් කළ රජතුමා,...
26
Mar
2013

.
අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ දරුවා වඩාගන්නවා, නලවනවා, තෑගි ගේනවා. ඔය වගේ නොයෙකුත් දේවල්. ඒ වගේ ම එදා ඉඳන් දෙමව්පියන්ට ත් අලුතින් රාජකාරි...
27
Feb
2013

සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා
බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර
බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous
Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද
කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත් බාහිර බලපෑමකින්
සිදුකරන ගබ්සාව සහ එහි බෞද්ධාගමික පසුබිම ගැනයි. ගබ්සාව එහෙමත් නැත්තම්
Abortion කියන දේ දැන් දැන් ආගමික, සමාජීය ගැටළුවක් වෙමින් පවතින දෙයක් බවට
පත්වෙලා....
4
Feb
2013

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ යුද්ධය ඇතිවෙන්න හේතුව තමයි, කාලෙකට කලින් මිත්‍රත්වය හේතුවෙන් කොසොල් රජතුමා තමන්ගේ සොයුරියක් බිම්බිසාර රජතුමාට දායාද විදියට ගම්වරයක් එක්ක විවාහ කරලා දෙනවා. නමුත් කෲර අජාසත්...
Subscribe to:
Posts (Atom)
17 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !