
29
Sep
2012

ඇත්තට ම අපි අම්මට, තාත්තට (අප්පච්චිට) කොයිතරම් ආදරෙයිද? අපේ හිතේ ඒ දෙන්නා ගැන තියෙන ආදරය, ගෞරවය ගැන කෙළවරක් අපිට හිතාගන්න බැහැ. අපි මව්කුසට ආව දවසේ ඉඳලා, අපි මේ ලෝකෙ එළිය දකිනකල් ම අම්මා කොයිතරම් පරෙස්සම් වෙනවා ඇතිද? අප්පච්චි, අම්ම ව කොයිතරම් පරෙස්සම් කරනවා ඇතිද? අපි ඉපදුනාට පස්සෙ ලස්සන මලක් පරෙස්සම් කරනවා වගේ, අඩුම තරමේ මැස්සෙක්, මදුරුවෙක් වත් ඇඟේ වහන්නෙ නැතිවෙන්න අපි ව බලාගන්නවා. ඒ අතරේ අපිට ලෙඩක් දුකක් හැදුණොත් දිවා රෑ නොබලා වෙහෙස වෙලා අපි ව සනීප කරනවා. ඇවිදගන්න...
25
Sep
2012

කලින් සටහන බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ. අද ඉතුරු මාණික්‍යරත්නයන් ගැන විස්තර කියන්න කලින් පුංචි කතාවක් කියන්නයි යන්නෙ. දවසක් ගෞතම බුදුරජාණන් වහන්සේ යි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේයි පා ගමනින් වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා පාර හරහට යන කඩි රැලක් දැකලා මෙහෙම කියනවා. "ආනන්දය මේ කඩි රැළේ කඩි අතරින් පෙර භවයක සක්විති රජ බවට පත් නොවුණු එක ම කඩියෙක්වත් නැහැ". ඉතින් එතකොට හිතාගන්නකෝ සක්විති රජකම කියන්නෙ මොනවගේ දෙයක්ද කියලා... සක්විති රජවුණත්...
22
Sep
2012

ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න. ඒකට ආරාධනා ලැබෙන්නෙත් බොහෝ උගත් වියත් බ්‍රාහ්මණයන්ටයි. ඉතින් බෝසතාණන් වහන්සේත් තුසිත දිව්‍යලෝකයෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට පස්සෙ සුද්ධෝදන පිය රජතුමාත් කුමාරයාට නමක් තියන්න උත්සවයක් සූදානම් කළා. මේ උත්සවයට බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිත් හිටියා. මේ හැමෝම කුමාරයාගෙ අංග ලක්ෂණ පරීක්ෂා කරලා කිව්වේ මේ කුමාරයා අනාගතයේදි රජ වුණොත් සක්විති රජ වෙන බවත්...
19
Sep
2012

සිතක සංකල්පනා ලියන මධුරංග ට වගේ ම මටත් මේ දවස් වල ස්ට්‍රෙස් එක ටිකක් තියෙනවා. ඒකට හේතුව දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක, ඉවර වෙන්න ළඟ හින්දා. අන්තිම හරිය කොහොමද කරන්නෝන කියලා සෙනඟ පිරුණු බස් එකේ ඉඳගෙන කල්පනා කරමින් යද්දි මගේ දැහැන බිඳුණේ බස් එකේ දාලා තිබුණ රේඩියෝවේ අයියා කියෙව්ව එක පත්තර සිරස්තලයක් ඇහිලා. ඒක අහලා ලොකු කළකිරීමක් ඇතිවුණා අපි වගේ මිනිස්සු ගැන වගේ ම අපේ රට ගැනත්. මේ ඇවිල්ලා පහුගිය සතිය හමාර පුරා ම විකාශනය වුණ, ගොඩක් දෙනා උනන්දුවෙන් බැලුව ප්‍රසිද්ධ නාටකයක අවසාන...
14
Sep
2012

Using කොළඹ කෙල්ලො ;
ඇස් කරකවයි ඇස් කොණින් බලයි
ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි
ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයි
ඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බසයේ බිම ඉරි අඳියි
බොරු කැස්සකුත් තිබෙයි
සැරින් සැරේ පා විහිදයි
සුසුම් හෙලයි තොල් පෙරළයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බඩ අල්ලයි සාරිය ද හදයි
සමහරු බ්ලව්සය ද හදයි
ඒ අතරින් නාභිය දක්වයි
තව එක එක දේ පෙන්නයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බොරු ලැජ්ජාවක් පෙන්නයි
ඒ අස්සෙම ඉඟ පද්දයි නටවයි
තව තව ඒවත් වද්දයි...
11
Sep
2012

ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර රූපයෙන් ම දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් විදියට ඉපදුණා. දිව්‍යාංගනාව සොයමින් හිටිය ඒ දිව්‍ය පුත්‍රයාට...
6
Sep
2012
Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එන ඊමේල් එකක් කියවන්න නම් අපිට ඊමේල්...
Subscribe to:
Posts (Atom)
39 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !