ඇස නොගැටුණු පාරාදීසය - පහන්තුඩාව...


මේ සතියෙ ගෙදර නොගිහින් කැම්පස් එකේ ඉන්නවා කියලා තීරණය කළත් එකා දෙන්නා ගෙදර යනවා දකිද්දි හිතට නම් ටිකක් විතර දුකයි, ඒ වුණත් ඉතින් තව කැම්පස් එකේ කියලා ඉන්න තියෙන්නෙ මාස තුනකටත් අඩු කාලයක් විතරයි. අන්තිමට ඉතුරු වුණේ අපි හතර පස් දෙනක් විතරයි හොස්ටල් එකේ ම. ඒ දුකටත් එක්ක අපි කස්ටිය කතා වුණා කොහෙහරි ඇවිදින්න යමු කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ පහන්තුඩාව ඇල්ල බලන්න ගියේ. ඔය වගේ ම පහුගිය දවසක බලන්න ගිය දූවිලි ඇල්ල ගැන අපූරු විස්තරයක් ගෙහාන් චන්දික සහෝ දාලා තිබුණ නිසා ම මේ ගැන මම ලියන්න කියලා හිතුවා.

…මුලින් ම දිය ඇල්ල ගැන පොඩි විස්තරයක් කරන්නම් කෝ! මේක පටන් ගන්නේ හාවාගල කඳු මුදුනින්. ඒ ඇද හැලෙන අතරමගදිත් සීඝ්‍ර බෑවුම් ඔස්සේ අපූරූ දියඇලි කිහිපයකුත් නිර්මාණය කරනවා. මේක ගොඩක් උස දියඇල්ලක් නම් නොවුනට ඒ අවට පරිසරය දියඇල්ලට එකතු කරන චමත්කාරය නම් හරි ම අපූරුයි. මම මේ තාක් දැකලා තියෙන දියඇලි වලින් අවට පරිසරයේ විශිෂ්ඨතම ස්වභාව සෞන්දර්යය නිර්මාණය වෙලා තිබුණේ මෙතන කියලා කිව්වොත් වැරදි නැහැ. පහළ පින්තූර බැලුව ම ඔයාලත් එහෙම හිතේවි. මට මෙතනදී දකින්න පුළුවන් වුණේ Canyon කියන භූවිද්‍යාත්මක ලක්ෂණය. ඒක සාමාන්‍යයෙන් අපේ වගේ රටවල ඒ තරම් සුලබ දෙයක් නම් නෙවෙයි. Canyon ගැන සරලව කිව්වොත් මෙහෙමයි. හිතාගන්නකෝ එකළඟ තියෙන කඳු ශිඛර දෙකක් යාවෙලා හැදුණ නිම්නයක් ගැන. මතකද ගේම්ස් වල, ෆිල්ම්වල එහෙම හිටිහැටියෙම කඳු අස්සෙන්, ගල් දෙබුක්කාවල් අස්සෙන් හෙලිකොප්ටර් එන හැටි. අන්න ඒ වගේ තැනක් තමයි මේ. හිතාගන්න අමාරු නම් මෙතනින් ගිහින් බලන්නකෝ විස්තර. පහන්තුඩා ඇල්ල ගලන Canyon එක තනිකර ම නිර්මාණය වෙලා තියෙන්නෙ ගල් පර්වත දෙකකින්. ඒ මැදින් ඇල්ල ගලාගෙන යන විදිය නම් අපූරුයි.

දැන් කියන්නම්කෝ යන විදිය ගැන. කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුවේ, එහෙමත් නැත්තම් බලංගොඩ නගරය පහුකරලා කිලෝමීටර 13ක් විතර එනකොට දකින්න ලැබෙනවා සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය තානායම. එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම (ටික දුරක් යද්දි පේනවා කන්දෙන් පහළට ඇල්ල ගලන ලස්සන)දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක් සී පවර් කියලා. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාරයි. ඒ නිසා ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 200ක් විතර යන්නෝන. මෙතන නාන්න එහෙමත් පුළුවන් අපූරු ජල තටාක ස්වාභාවිකව ම තියෙනවා. ඒ තරම් අවදානමක් නැහැ. තවමත් සංචාරකයන්ගේ ඇස් වලට මෙතන ඒ තරම් අසුවෙලා නැතිනිසා ම පිරිසිදු ව ස්වාභාවික විදියටම තියෙනවා කියලත් කියන්නෝන.

ඔය ඉන්නෙ ගිය සෙට් එක. දෙවෙනියට රතු ඉරි ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ කෝච්චි ගැන බ්ලොගේ ලියන ගෙහාන්....







මෙතනදී ඔයාලට Canyon කියන ලක්ෂණය පැහැදිලිව ම බලාගන්න පුළුවන්.









අපි මේ ගියේ ඇල්ලේ වතුර ගොඩාක් අඩු කාලෙක. මේ දවස් වල වහින්නෙ නැහැ මේ පැත්තට. වතුර වැඩි කාලෙට නම් මේ හරිය ගොඩක් ලස්සනයිලු. ඉතින් බදුල්ල පැත්තේ ඔයාලත් යනවනම් ඔයාලට දකින්න පුළුවන් බෝපත් ඇල්ල, දූවිලි ඇල්ල, ගැරඬි ඇල්ල, බඹරකන්ද, දියලුම වගේ අපූරු දිය ඇලි අතරට පහන්තුඩා ඇල්ලත් එකතු කරගන්න අමතක කරන්නෙපා....

38 comments:

  1. ෂා නියමයි!!! මමත් යන්න ඕනා බලන්න. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්... එසේම වේවා! ඔබට නිධන් සම්පත් ලැබේවා!

      Delete
  2. නියම තැනක් වගේ යන්න ඕන වෙලාවක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙතන හරියට වෙන ම ලෝකයක් වගේ!

      Delete
  3. සිරා පොට් එකක් බන්

    ReplyDelete
  4. ආව් අප්ප....නන්නෝනෙ ඩවසක....^_^

    ReplyDelete
    Replies
    1. බබා ව වඩාගෙන නන්නවෙයි...

      Delete
  5. හරිම ලස්සනයි... ගොඩක් ස්තුතියි මේ විස්තර දුන්නට... අවුරුදු තුනාමාරක් මාසෙට හතර පාරක් විතර ඔතනින් එහාට මෙහාට ගියාට කවදාවත් යන්න පිනක් ලැබිල නෑ. බලමු.. අනාගතේ...

    ReplyDelete
    Replies
    1. ඔයා ඔතනින් ගියාට බහින්න විදියක් නෑනෙ නේද?

      Delete
  6. ලස්සන තැනක් වගේ... පින්තූර ටිකනම් අපූරුයි.
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරිම ලස්සනයි!

      Delete
  7. දූවිලි ඇල්ල මුලින්ම හොයාගත්තෙ අපේ මහින්ද මාමයි බැසිල් මාමයිද?

    ReplyDelete
    Replies
    1. මේක විතරක් නෙවෙයි ගොඩක් තැන් එහෙම තමයි. අයියලට ආඩම්බර ඇති නේද? ඒ පැත්තේ නිසා !

      Delete
  8. ලස්සන තැනක් ලහිරු.
    ගොඩක් ඉරිසියා හිතුනා..මේක දැක්කම..

    ReplyDelete
    Replies
    1. ඔව්, ස්වභාව සෞන්දර්යය අතින් නම් කැම්පස් එක පරිපූර්ණයි අක්කේ!

      Delete
  9. හරිම ලස්සන තැනක්නෙ.කොහොමහරි යන්න ඕනි.ගොඩක් ස්තූතියි මේ විස්තරයට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගියොත් එන්න හිතෙන එකකුත් නැහැ!

      Delete
  10. ෂා...පට්ටනේ....මාත් ගිහිල්ලනම් නෑ...

    ReplyDelete
    Replies
    1. යන්න ඕන තැනක්! හී හී විහිළුවට කිව්වෙ, ඒ වුණත් නිදහස් තැනක් හරිම!

      Delete
  11. ලංකාවේ බලන්න යනව නම් යන්න තැන් ඕන තරම්!

    ReplyDelete
    Replies
    1. දැන් ටික්ස් ටික බලාගෙන යනවා ඕං....

      Delete
  12. හෆොයි බදුල්ලට ගිහිල්ලම නැතෝ :(

    ReplyDelete
    Replies
    1. ෂෑ... ෂෑ... එහෙනම් අන්තිමයිනේ!

      Delete
  13. මම මේ අල්ල ගැන කලින් ටීවී එක ප්‍රෝග්‍රෑම් එකක් බලල තියෙනවා.එක ගොඩාක් ගැඹුරු තැනක නේ. හැබැයි ඒ කාලේනම් ගොඩාක් සංචාරකයෝ ඒ ඇල්ල ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දැනුත් ගොඩක් අය දන්නෙ නෑ, අපිත් දන්නෙ අල්ලපු වැටේ නිසා...

      Delete
  14. ශා.. ලස්සන ප්ලේස් එකක්නේ.. මාත් ගිහිල්ලා නෑ..

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා ම බලන්නෝන!

      Delete
  15. Niyama Place ekak macho.. eththatama kalekata passe dakka godak lassana article ekak... kiyanna vachana na.. anivaa e' paththe giyoth balanna yanna one... Badulle yanakota balanna puluvan kiyala thiyena anith hemathanatama vage man gihilla thiyenava.. eth me' place ekata gihin nam na...thava ekak Bambarakanda waterfal ekata yanakota kittuva thiyenava.. Lanka Ella... ekka gana godak aya sandahan karanava adui....(man godakma kamathi deyak thamai lankave me' vage place vala details ekathu karana eka..).. thanx obage vatinaa lipiyata..

    ReplyDelete
    Replies
    1. මමත් බඹරකන්දේ කීපසැරයක් ගියාට ඒ දවස්වල ලංකා ඇල්ල ගැන දැනගෙන හිටියෙ නැහැ. ආයත් දවසක ඉක්මනින්ම යන්නෝන. තව ටික දවසයිනෙ තියෙන්නෙ කෝකටත්! ස්තූතියි අදහස් දැක්වීමට!

      Delete
  16. හරිම ලස්සන පින්තුර ටික...දැක්කම ආසයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආව දවසක ගිහින් බලන්නකෝ!

      Delete
  17. හුගක් ලස්සන තැන් ලංකාවේ අපි නොදන්නා කොච්චර තියනවද නේද..දැක්කම යන්න ආසාවක් නම් ආවා..එත් යන එක තමා අවුල..කවද හරි ජිවිතේ යන්න අවස්තාවක් ලැබුනොත් ගිහින් එන්න ඕන...:)

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඔහොම හිතුවොත් නම් යන්නවෙන එකක් නැහැ ජීවිතේටම! ඒ නිසා කොහොමහරි ප්ලෑන් කරන්න යන්න!

      Delete
  18. මම නම් ගිහින් තියන්නේ බෝපත් ඇල්ල ලඟට විතරායි !!!

    ReplyDelete
  19. සුන්දර පරිසරයක් තමා. ඒත් කණගාටුව නම් meavaa දැකලා අපේ සමහරක් ඇවිත් මේ තැන් කාලා යන එක ගැන :(

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !