"My favorite country is India" සහ ජාතිවාදය ...


ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මැරිලා දැන් අවුරුදු දෙකකුත් ඉවර වෙලා තියෙන වෙලාවක ඇයි මේ වගේ දෙයක් කතා කරන්නේ කියන එක සමහර දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මේ ලියන්නේ කා ගැන හරි තරහින් කියලා. ම්ම්ම්.. දැන් නම් තරහක් නෑ හිතේ ලොකුවට, ඒත් මේක ලියන්න පාදක වුණ සිද්ධිය ඇහුව වෙලාවේ නම් හිතට ලොකු තරහක් දැනුණා. දැන් ඔයාලා බලනවා ඇති මොනාද වෙලා තියෙන්නේ කියලා...ඉන්න මම ඒක කියන්නයි හදන්නේ දැන්!

මගේ පුංචි කෙල්ල එහෙමත් නැත්තම් ආදරණීය පෙම්වතිය, මම කියන්නේ නම් සුදූ කියලා, සුදූ විද්‍යා පීඨ දෑඅවුරුදු පුහුණුව අවසන් කරලා ඒකේ internship එකට ගියේ මේ දෙවෙනිදා. ඒ කන්ද උඩරට ප්‍රසිද්ධ නගරයක ප්‍රසිද්ධ දමිළ බාලිකා විද්‍යාලයක ඉංග්‍රීසී ගුරුවරියක් විදියට. අවුරුද්දේ පළමුවෙනි දවස නිසා එදා ඒ තරම් වැඩක් තිබිලත් නෑ. ඒත් ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම මට්ටම පරීක්ෂා කරන්නත් එක්ක සුදූ මේ ළමයින්ට පොඩි අභ්‍යාසයක් දීලා. ඒ My self ගැන ලියන්න කියලා. මේ 7 වසර ළමයි. ඉතින් එයාලා ලිව්වට පස්සේ කියවන්න කියලා ලිව්ව දේවල්. ඔය අතරේ හරි අපූරූ වාක්‍යයක් තිබිලා තියෙනවා හැමෝටම පොදු වුණ. ඒ මොකක්ද දන්නවද? "My favorite country is India". බැලූ බැල්මට නම් වාක්‍යයේ වැරැද්දක් නෑ තමයි. ඒත් මේ වාක්‍යයෙන් කියවෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ...ඉතින් සුදූ අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඉඳලත් ඇයි ඉන්දියාවට කැමති කියලා. ඒත් කවුරුවත් උත්තර දීලා නෑ, ඊට පස්සේ අහලා තියෙනවා ලොකු වුණා ම මොනාද කරන්නේ කියලා. හැමෝම කියලා තියෙන්නේ ඉන්දියාවට යන එක තමයි එයාලගේ ලොකු ම බලාපොරොත්තුව කියලා.

ස්කෝලේ ඇරුණු ගමන් මට කෝල් එකක් දීලා සුදූ මට මේ ගැන කිව්වා, මම කිව්වා ගිහින් බලන්න කියන්න ඉන්දියාවට, මේ නොමිලේ ලැබෙන අධ්‍යාපනය, පොත්, නිළඇඳුම්, සෞඛ්‍ය සේවා වගේ දේවල් මෙන්න කියලා ආදරෙන් පිළි අරන් දෙයිද කියලා. මට ටිකක් තරහත් ගියා. මට නම් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ වගේ දේවල් ලමයින් ගේ ඔළු වලට ආවේ කියන එක. පුංචි එවුන් ට කවදාවත් හිතලා නම් ඔහොම දෙයක් ගොඩනඟාගන්න අමාරුයි. ඒ කියන්නේ කවුරුහරි මේ අහිංසක පොඩ්ඩන්ගේ brain wash කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ දෙමව්පියන්ද නැත්තම් ගුරුවරු ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ, ඒක කරලා තියෙන්නේ මොන අරමුණකින් ද කියන එකයි. ඒ මොකද අනාගතය බාර ගන්න ඉන්න මේ පරම්පරාවේ ඔළු මේ විදියට වෙනස් කළා ම උන් හිතන්න ගන්නේ ඉන්දියන් ක්‍රමයට. කන්නේ බොන්නේ නාන්නේ අඳින්නේ පළඳින්නේ ඉන්දියන් විදියට. මට හිතෙන විදියට මේක රට පුරා ම දෙමළ පාසල් වල වෙන දෙයක් වෙන්නෝන. සිංහල අය කවුරුවත් මේ ගැන දන්නෙත් නෑ, ලේසියකට දැනගන්න වෙන්නෙත් නෑනේ. එතකොට මේ අපේ රට ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කරන්න බලාගෙන ඉන්න එවුන්ට තවත් ලේසියි. හැබැයි ඉතින් තවත් කාටහරි මේක තේ කෝප්පේ කිඹුල්ලු දකිනවා වගේ වෙන්නත් පුළුවන්.

ඉන්දියාවට අපි ගරු කරන්නෝන අපිට බුදුදහම ලැබීම සම්බන්ධයෙන්. ඒත් අපිට කැස්සක් හෙම්බිස්සාවක් හැදුණත් ඉන්දියාව පැත්තට හැරිලා වඳින එක නෙවෙයි කරන්නෝන. මොනාහරි ප්‍රශ්නයක් ඇතිවුණා ම ඉන්දියන් දෙවියෝ හොයාගෙන යන එකත් ඒකට උත්තරයක් නෙවෙයි. ඉන්දියාව අපේ ලොකු අයියා නම් ළඟම ඥාතියා නම් කරන්න ඕනේ දේවල් ඔනේ තරම් දේවල් තියෙනවා ඒ බව පෙන්නන්න. (වඩමාරච්චි මෙහෙයුම යද්දී අහසින් පරිප්පු දැම්මා වගේ නැතුව !)

ඇයි මේ මිනිස්සු ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන්නේ කියන එකත් ලොකු ගැටළුවක්. ඒ මොනවා ලැබෙනවට ද කියලා ඔවුන් වත් දන්නේ නැතුව ඇති, ඒත් ලොකු කමට කියන්නේ නම් ඉන්දියාව අපේ රට කියලයි. ඒ වගේ දේවල් නම් හොඳට ම දකින්න පුළුවන් ක්‍රිකට් මැච් එකක් වෙලාවට, අපේ ප්‍රතිවාදියෝ විදියට ඉන්දියාව හරි පාකිස්ථානය හරි ආවොත් බහුතර සුළු ජනයා සහයෝගය පළ කරන්නේ අනිත් ටීම් වලට. හැබැයි එක අතකට ඒක ඔවුන්ගේ අදහස් දැරීමේ අයිතිය, ඒකට අභියෝග කරන්න කාටවත් හැකියාවක් නෑ. ඒත් එතන තියෙන්නේ සදාචාරය ගැන ගැටළුවක් විතරයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් 1983 දි වුණ කළු ජූලිය වගේ දේවල්, සුළු ජනයාට එහෙම හිතන්න පෙළඹෙව්වා කියලා. ඒකේ ඇත්තක් නැතුවාමත් නෙවෙයි. ඒත් ඒකේ සැඟවුණු යටි අරුත ජරාජීර්ණ දේශපාලනික එකක් බව හිතලා බැලුවොත් කාට වුණත් තේරෙන්න ඕන දෙයක්. ඒත් මම හිතන විදියට මේ විදියට මේ තරමට සුළු ජනයාට සම තැන දීලා කටයුතු කරන ඒ නිසා ම දිනෙන් දින පසු බහින (ඇරෙන ) ජාතියක් වෙන කොහේවත් නැතුව ඇති....

11 comments:

  1. තාමත් මෙහෙම දේවල් වෙන එකනම් හොද නෑ..

    ReplyDelete
  2. අර සුළු ජාතින් වෙනත් ටීම් වලට සහයෝගය දෙන එක ගැනනම් මම සෑහෙන්න හිතුවා කාලයක්. එයාලා මේ රටේ ජිවත් උනාට ඉන්නේ හරියට පිට තැනක ඉන්නවා වගේ. මේක තමන්ගේ රට කියලා හැඟීමක් නැහැ. ජාතියට මුල් තැන දීලා තියනවා. බලනකොට ජාති බේදය මතු කරන්නේ සුළු ජාතින් මයි නේ. එහෙම අකමැත්තකින් නම් එයාලා ඇයි මේ රටේ ඉන්නේ කියලා මට හිතා ගන්න බැහැ.

    ReplyDelete
  3. Mee kathawa tikak lunu ebul dala gaththoth hodai kiyala mata hithenawa.
    Mama rassawa karanne Australia we. Mama Aussi kattiyath ekka godak lagin weda karanawa. Mehe hemoma hithanne Lankawa kiyanna paradeesayak kiyala. Hebei mehe oya india wata poddak wath kemathi nehe. Ee aya prasiddiyema kiyanawa eegollo kemathi lankawe minissunta kiyala. Australia wa vitharak nemei anikuth bohomayak ratawal wala lankawa gena loku pehedeemak thiyenawa India wata sapekshawa. Ithin oya lamainta karuna karala mee deval kiyala denna kiyanna.

    ReplyDelete
  4. @සයුරි
    එයාලා දේවල් කරනකොට හරි, අපි කරද්දි තමයි ඒකට ජාතිවාදය කියලා නම් දාන්නේ...

    @Dinesh
    ඒ වුනත් හොරෙන් හොරෙන් ඒ දේවල් වෙනවා, ඒකයි අවුල!

    @KOALA Bear
    ඒක නම් ඇත්ත, ගොඩක් අය ඉන්දියානුවන් ට කැමතිනම් නෑ තමයි, ඒකට හේතුව එයාලගේ ජීවන රටාව ටිකක් අප්‍රසන්නයි හින්දා වෙන්නෝන!

    ReplyDelete
  5. oyage lipiya adai dakke. ape minisun mewa danaganna one.danuwath kirima godak hodai.

    ReplyDelete
  6. මම හිතන විදියට ලංකාවෙ ජීවත්වෙන වැඩිහිටි දෙමළ ජනතාවගෙන් බහුතරයක් සිංහලයන් තරම්වත් අධ්‍යාපනයක් නැති "ලේසියෙන් නම්මගන්න" පුළුවන් අය. දෙමළ(සහ මුස්ලිම්) දේශපාලකයන් කදිමට ඔවුන් ප්‍රයෝජනයට ගන්නව. මේ ජනතාව අපේ රටේ අය. අධ්‍යාපනය ක්‍රමයෙන් වැඩිවෙලා ස්වාධීනව හිතන්න පුරුදු වෙච්ච කාලෙක මේ තත්වය වෙනස් වෙයි.

    ReplyDelete
  7. අපිත් එක්ක එකට හිටිය දෙමල කෙල්ලෙක් ෆේස්බුක් ස්ටෙටස් දාලා තිබ්බා "ඉන්දියාවට ලංකාවත් කජ්ජක්ද" කියලා..... කොහොම හරි ඒකි බැජ් එකෙන්ම කොන් වෙලා ගියා... මුස්ලිම් අය ලංකාවට වඩා පකිස්ථානෙට ආදරෙයි කියලා දැනගෙන හිටියට දෙමළ අයත් එහෙමයි කියලා එතකොටයි දැනගත්තෙ... හැබැයි ලංකාවට ආදරය කරන දෙමළ අය ගොඩක් ඉන්නවා කියලත් දන්නවා...

    ReplyDelete
  8. පුංචි එවුන්ගේ බ්‍රේන් වොෂ් කරලා. එවුන් ඉගෙන ගන්නේ කවදාහරි ඉන්දියාවේ ගිහින් ජීවත් වෙන්න. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වෙන එක තමා එයාලගේ එක්ම අරමුණ. එක අතකට ඒ පොඩි අවුන් සාධාරණයි. මොකද එයාලා කරන්නේ එයාලගේ දෙමව්පියන්ට ඕන දේ නේ.

    නමුත් අපේ සාමහර ඉගෙන ගත්ත අය මේ රට දාලා ගිහින් පිටරටවල් වල ජීවත් වෙන එක නම් ගොඩක් දුකයි. මේ රටෙන් ඉගෙන ගෙන අන්තිමේදි පිටරටවල් වලට යන එක එච්චර හොද නෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් හොදයි. කාලයක් පිටරටවල් වල පදිංචි වෙලා ඒ රටවල් වල තාක්ෂනය වගේ දේවල් මෙරටට ගෙනල්ලා මෙරට දියුණු කරන්න පුලුව නම්....

    ReplyDelete
  9. මට තේරෙනවා ඔයා හොඳ ' සින්හල බෞද්ධයෙක් ' කියලා. ඇත්ත සාධාරණ කේන්තියක් ඈතිවෙනවා තමයී මේ දේවල් අහපුවම.ඒත් අපි පොඩ්ඩක් කල්පනා කරල බලමු මෙහෙම උනේ කොහොමද කියල? අපි (මහ ජාතිය ) විසින් ඔවුන් (සුලු ජාතින් ) පීඩනයට පත් කිරීම කියලයි මට හිතෙන්නේ.... අවන්කව කල්පනා කලොත් තේරේවි අපි පොඩි ඉඩක්වත් දෙන්නෙ නෑනේද? කියල ඒ කට්ටියට... ඒ පොඩි ලමයි සමහරවිට ඉන්දියාව ගැන හරියට දන්නේත් නැතුව ඇති? ඒත් මව් රට ඉන්දියාව?? කව් රුවත් කියලදෙන්න ඕනැ නෑ. තමන්ට අසාඩාරණයක් වෙනව කියල පොඩිකාලේ ඉදලම කාන්දුවෙනවා ඇති .ඔය පීඩනයට එරෙහි අරගලයේ නරක ස්වරුපයට තමයි 'ත්‍රස්තවාදය' කියන්නේ .අවුරුදු තිහක් ලන්කාවේ ජීවිත දහස්ගනණක් වනසා දැමු අරගලයේ අවසානයක් තාම නැනේද?අපි තාමත් 'සුලු ජාතින්ට' සලකන්නේ පරණ විදියටමයි කියලයි මම හිතන්නේ. මේ වගේ දේවල් ලෝකේ හැමතැනම තියෙනවා. ' මහජාතියෙන් ' සුලු ජාතිය පාලනය කරන . ඕක දේශපාලනය නෙමේ ද්වෙශපාලනය ... අරගලම තමයි ඉතින්....ඕවට අත දාන්න ගියොත් ඔයාගේ 'සුදු' ව කලු වෙන්නත් ඉඩ තියෙනවා. බලාගෙන ??? මාත් එක්ක තරහවෙන්න එපා ' සින්හල බෞද්ඩ' කියන්නේ හොඳම ජාතීවාදී වචනයක් ..

    ReplyDelete
  10. @චිත්‍රක
    ඉඩ දෙන්නේ නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි සහෝ...අපිත් එක්ක එකට ඉන්න දෙමළ මිනිස්සුන්ට අපි සලකන්නේ සහෝදරයෝ වගේ. බහුතර සින්හලයෝ එහෙමයි...

    @මධුරංග
    සමහර අය නම් රට යන්නේ මේ මීහරක් දේසපාලුවොත් එක්ක කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි නිසයි. එයාලා රට එපා කරවනවා මිනිස්සුන් ට!

    @නරකයා....!!
    ඒත් ඔහොම අයත් එක්ක නේද අපිත් ඉන්නේ කියලත් වෙලාවකට හිතෙනවා....

    ReplyDelete
  11. @රාජ්
    අයියා කියන එක නම් හරි, වතුකරයේ වෙන්නෙ ම ඔය දේ තමයි, කාටවත් ඉගෙන ගෙන උඩට එන්න දෙන්නෙ නෑනේ!

    @keerthi
    ස්තූතියි අදහසට වගේ ම මේ පැත්තේ ආවටත්!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !