Bootable CD දැන් කැලේ... !

ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර විට ගෑණු ළමයි වුනත් හිතනවා ඇති අන්න වැඩකාරයා කියලා.

ඒ කතා කොහොම වුනත් ඒ කාලේ හැටියට ෆ්ලොපියේ 1.44 MB කියන්නේ සෑහෙන ධාරිතාවයක්. ෆ්ලොපියෙ වුනත් එක එක සයිස් තියෙනවානේ 5 1/4, 3 1/2 එහෙම කියලා. ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙත් ඒ වගේ එකක් තමයි! සමහරු නම් දැකලත් නැතුව ඇති. Bootable ෆ්ලොපියක් තියෙනවා නම් ඒ කාලේ හරි වටිනවා. මට මතක විදියට ඒ කාලේ වුනත් රු 50/= විතර තමයි වුණෙත්. ටික කාලයක් යද්දී ඒ කියන්නේ bootable CD එහෙම ආවම ෆ්ලොපියට තිබුණ තැන නැතිවෙලා අන්තිමට floppy drive එකට system unit එකෙනුත් එළියට යන්න වුණා.

ඊටපස්සේ OS එකක් එහෙම දාන්න ඕන වුණා ම/ format කරන්න එහෙම ඕන වුණා ම ඒකට bootable DVD එකක් ගත්ත එක තමයි කළේ. දැන් ඉතින් ඒකටත් සමුදෙන්න කාලය ඇවිත්. සමහරු නම් මේක දැනටමත් පාවිච්චි කරනවත් ඇති. බලමුද එහෙනම් අපි හැමෝම දන්න pen එක එහෙමත් නැත්තම් Flash drive එක bootable කරලා Windows 7 install කරන්න. මේකට ඕන කරන්නේ OS එකේ .iso එහෙමත් නැත්තම් image file එකක් සහ 4 GB විතර හිස් පෙන් ඩ්‍රයිව් එකක්. . මේකට පොඩි ටූල් එකක් ඕනවෙනවා Windows 7 USB/DVD download tool එක. මේක Microsoft විසින් නොමිලේ දෙන tool එකක්. ඒක මෙතනින් බාගත කරගෙන ඔයාගේ machine එකට install කරන්න. ……

ඉස්සරවෙලා ම එන ඩයලොග් බොක්ස් එකේ තියෙන්නේ ඔයාගේ .iso file එකේ location එක දෙන්නයි.




ඊළඟට අපේ booting media එක තෝරන්න ඕන. අපි USB නිසා USB device දෙන්න.



දැන් ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක පෙන්නනවා. ඒකට අර .iso file එක copy වෙන්න Begin විධානය දෙන්න.



ඔන්න කොපි වෙනවා. දැන් තියෙන්නේ එහෙනම් වැඩේ ඉස්සරහට කරගෙන යන්න.

ප.ලි: ඉස්සර කාලේ CD-ROM එකේ bootable cd එකක් තිබ්බ ම ඒක first boot device එක විදියට ගන්නවා වගේ ම දැන් එන අළුත් machine වල ගන්නේ ඒ වෙනුවට USB Port එකයි.

කොහොමත් CD එකකින් boot වෙනවට වඩා ඉක්මනට මේ විදියට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා bootable CD/DVD හොය හොය දැඟලුව කාලේ ඉවරයි. මොනාහරි ප්‍රශ්නයක් නම් කියන්නකෝ . වැඩේ ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මොනාහරි කොටලා ම යන්න පහළින්!!!

42 comments:

  1. එක දවසක් ෆොටෝස් දෙක තුනක් ෆ්ලොපියකට දාන්න ගිහින් විඳපු වදයක් තාමත් මතකයි.. .rar file එකක් හදලා ෆ්ලොපි තුනක දාන්න උනා ෆයිල් එක කෑලි 3 ක් විදියට...:)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඒවා හොයාගන්නවත් නෑනේ අක්කේ... හැමදේම ඉක්මනට වෙනස්වෙනවා!

      Delete
  2. ඕක පරණ මැෂින් වලට වැඩ කරන්නේ නෑනේ???
    කොහොඅ හරි කමක් නෑ ඔය තියෙන ටිකවත් මදැයි
    ..
    ස්තුතියි දැනුම බෙදාගත්තට..:)

    ReplyDelete
    Replies
    1. පරණ ම ඒවට නම් අමාරුයි, අඩුම තරමින්

      Windows XP SP2, Windows Vista, or Windows 7 (32-bit or 64-bit)
      Pentium 233-megahertz (MHz) processor or faster (300 MHz is recommended)
      50MB of free space on your hard drive

      වත් වෙන්නෝන...ස්තූතියි මේ පැත්තේ ආවට!

      Delete
  3. Replies
    1. තැන්කුයි තැන්කුයි...ස්තූතියි ආවට මේ පැත්තේ!

      Delete
  4. මගේ යාළුවෙකුත් හිටිය ෆ්ලොපි කේසින් එකක පිටින් බස්එකේ ගෙනියන. බලන්න එපැයි ඌ හිටියහැටි දන්න මගුලක් නැතිවුනත් .

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කිව්වේ... ඉන්නේ නම් කම්පියුටර් කාලා වගේ, ඒත් මෙලෝ දෙයක් දන්නේ නෑ..

      Delete
  5. පස්ට..අපි දැනන් හිටියේ CMD එකෙන් bootable pen හදන හැටි විතරනෙ...ස්තූති කියල දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට මේ පැත්තේ!

      Delete
  6. හහ්හා. කියලා වැඩක් නැහැ. අපේ සර් කෙනෙකුත් ඉන්නවා පොර ඒ දවස්වල ෆ්ලොපි මල්ලක් කර ගහන් තමා ක්ලාස් එකට එන්නේ. :D
    මමත් මුලින්ම ගත්ත ෆ්ලොපිය තාම පරිස්සමට තියන් ඉන්නවා.
    ඇයි ඒ දවස්වල ඉතා ප්‍රසිද්ධ ආයතනයක පරිගණක පාඨමාලා වල ඇඩ් දාද්දි අයිනෙන් දානවනේ ෆ්ලොපි තුනක් නොමිලේ කියලා :D

    ReplyDelete
    Replies
    1. කොහොමද ෆ්ලොපිය කේසින් එකක එහෙම දාගෙන යද්දි ලස්සන...

      Delete
  7. මම පොඩි කාලේ vb program එකක් හදලා තරගෙකට දාන්න ඒක deploy කරලා floppy එකකට දාන්න ලොකු වැඩි වෙලා හෙන ගේමක් දුන්නා. අන්තිමට zip කරලා දාහක් වැඩ කරලා floppy එකට දාගෙන කමපියුටර් ෂොප් එකකට ගිහින් CD එකකට write කරලා තමයි යැවුවේ. ඒ කාලේ floppy එකක තිබ්බ අගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් ඒ දවස්වල හරිය ෆ්ලොපියෙ ආඩම්බර බැලුවා... ස්තූතියි මේ පැත්තේ ආවට!

      Delete
  8. තාක්ෂනය කොච්චර නම් ඉස්සරහට ගිහින්ද.. මගේ කොම්පියුටරේ දැන් ෆ්ලොපි ඩ්‍රයිව් එකකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කිව්වලු..........

      Delete
  9. අම්මෝ ඉස්සර ෆ්ලොපි එකක තිබ්බ අගේ. දැන් නම් සමහර කම්පියුටර් වල ප්ලොපි ඩ්‍රයිව් නැහැත් එක්ක.

    ReplyDelete
  10. තැන්කූ තුන්කූ වේවා...

    ReplyDelete
  11. ස්තූතියි මේ පැත්තේ ආවට!

    ReplyDelete
  12. ඇත්තටම දැන් නම් ෆ්ලොපි එකක් හොයාගන්න නෑ... ඉස්සරහට මේ තින ඒවත් මදි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි... තැන්කුයි වේවා ආවට!

      Delete
  13. මාත් ඕක ගෑන ටික කාලෙකට කලින් හෙවුව.සිඩ්/ඩ්ව්ඩ් ඩ්‍රිව් එකක් නැති netbook එකකට වින්ඩොව්ස් දන්න..එ වගෙ අයට මෙක ගොඩක් වටිනව යලුව..

    ReplyDelete
    Replies
    1. අයියෝ... මගෙන් අහන්නෙපැයි, ඔයතරම් ළඟ ඉඳලත්!

      Delete
  14. තැන්කූ කියුවා මමත් 1995 දි විතර ඔය නයා නැටෙව්වා නෙමෙයි ඉබෙ නැටවුනා. මොකද ඒ කාලෙ අපි හිතන් හිටියෙ අපි පොරවල් කියලා. ඇත්තටම කියනවනම් අපි පොරවල් තමා ඒකාලෙ

    ReplyDelete
  15. කොහොමද පාට පාට ප්ලාස්ටික් කෑලි ටික පෙට්ටියේ දාගෙන යනකොට තියෙන ලස්සන... :P

    මගෙත් මුල්ම පෝටබල් ස්ටොරේජ් එක වුනේ මගේම කියලා ෆ්ලොෆියක්... අනෙක තමයි, මියුසික් කරපු නිසා කීබෝඩ් එකේ ටෝන්ස් බැක්අප් කරලා තිබුනෙත් ෆ්ලොෆියක... දැන් නම් ඒවත් USB වෙලා...

    මගේ ඒ ෆ්ලොෆි තාම පරිස්සම් කරන් ඉන්නවා. සමහර ඒවා තාම වැඩ. හැබැයි දැන් නෝ ඩ්‍රයිව් !!!

    මේ කියලා තියෙන විදියට ඕනේම OS එකක් bootable කරන්න පුළුවන් ද සහෝ... Android එකක් හදාගන්න පුළුවන් වේද ? වෙන ක්‍රමයකින් හරි !!!

    ස්තුතිය ලිපියට !!! ජය !!!

    ReplyDelete
  16. ...xp sp 3 න් උඩ ඒවා නම් පුළුවන්. ම්ම්ම්... හැබැයි mobile os නම් මේ විදියට බෑ මම දන්න තරමින්.... ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට!

    ReplyDelete
  17. ම්ම්ම්...අදයි ආවෙ, ආයෙත් එන්නම්කො.. ජය වේවා සහෝ!!!

    ReplyDelete
  18. ස්තූතියි මේ පැත්තේ ආවට!

    ReplyDelete
  19. ස්තුතියි අපිව දැනුවත්කරට..ඔය ඉතින් කොහොමත් වැදගත් පොස්ටනේ හැමදාම දන්නේ..

    ReplyDelete
  20. හි හී... තැන්කු තැන්කු!

    ReplyDelete
  21. iso file 1ka kohomada add karanne...aka koheda thiyenne...

    ReplyDelete
    Replies
    1. ISO එක මැෂින් එකේ තියෙන්නෝන. Browse කරලා location එක දුන්නා ම ඒක පෙන් එකට ගන්නවා!

      Delete
  22. මමත් මුලින්ම ෆ්ලොපියක් අරන් ෆොටො එකක් සේව් කරල එකෙ නමත් ලියල මහා වීරය වගෙ ගිහින් කෙල්ලට පෙන්නුව මතකයි............ අවුරුදු 14කට විතර කලින්........

    ReplyDelete
  23. kollo 4gb pen ekakin meka koranna bariwei neda (win 7 danna). 4 gb eke 4 ma nane 3.7 vitharane thiyenne. kohoma hari wadeta boma pin hode.

    ReplyDelete
    Replies
    1. දාන්න පුළුවන් සහෝ... මම දාලා තියෙනවා එහෙම! ස්තූතියි ආවට මේ පැත්තේ!

      Delete
  24. මතකය අතීතයට දිව ගිය මේ පොස්ට් 1කෙන්,මම ලග තම ඔය floppy disk වර්ග 2ම එවල drive එක්කම තියනවා.ඒ කලේ අපි වැඩ කරේ dos එක්ක.මුලින්ම GUI os එකක් විදිහට use කරේ windows 95,මගේ කොපියුටරේට තමා windows 95 අයින් කරලා 98 දන්න පුළුවන් උනේ මොකද එකේ හර්ඩ් 1ක 1gb සහ ram 1ක 32 mb නිසා.අනාගතයට ඒවා ඇන්ටික් බඩු වෙයි.ඒ නිසා පරිස්සම් කරලා තිය ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හප්පේ, සෑහෙන ඉස්සර මතකයක්නේ... ස්තූතියි මේ පැත්තේ ආවට!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !