මුලින් ම වෙඩි තබා ඇත්තේ බ්‍රිතාන්‍ය.....



පසුගිය දෙසැම්බර් මාසයේ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය මුළුමනින්ම අනාවරණය කරගැනීමට ඒ සඳහා යෙදවූ විශේෂ පොලිෂ් කණ්ඩායම සමත් වී ඇත. රජයේ ඉලක්කය වී තිබුණේ 2016 වන විට මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කරගනීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා එවැනි තත්වයක් පවතිද්දී එයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් බවට එම මරණය, බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. මන්ද යත් එයට ප්‍රාදේශීය දේශපාලඥයෙකු සම්බන්ධ බවට බොහෝදෙනා සැක කළ බැවිනි.

සිද්ධිය මුලින් ම වාර්තා වී තිබුණු ආකාරයට එම හෝටලයේ පැවති වාර්ෂික නත්තල් සාදය සඳහා අදාළ විදේශිකයා, ඔහුගේ පෙම්වතියත් අදාළ ප්‍රාදේශීය දේශපාලඥයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිට ඇත. එහිදී ඇති වූ යම් සිද්ධියක් මත අවසානයේදී එම විදේශිකයා වෙඩී වැදී මියගොස් සිටි අතර ඔහුගේ පෙම්වතිය බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කෙරිණි. මුලින් ම බොහෝ දෙනා සැක පළ කර සිටියේ (සාක්ෂි ලබා දුන්නේ )ප්‍රාදේශීය දේශපාලඥයා ඇතුළු පිරිසක් ඔහුට පහර දී වෙඩි තබා මරා දමා ඇති බවයි. පසු ව මේ සිද්ධිය දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර මේ කාලයේදී වෙනදාට සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන තංගල්ල වෙරළ තීරය දැඩී පාළු ස්වභාවයක් ඉසිලීය. දකුණේ වූ බොහෝ සංචාරකයන් තම සංචාර අවලංගු කර සිය රටවල් බලා යනු දැකිය හැකි විය. මෙය ජාත්‍යන්තර වශයෙන් (අප)කීර්තිමත් සිද්ධියක් නිසා ම මෙම සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිෂ් කණ්ඩායමක් යොදවා තිබුණි.

එම විශේෂ පොලිෂ් කණ්ඩායම සිදු කළ විද්‍යාත්මක සාක්ෂි විමසීම වලට අදාළව සිද්ධිය මුළුමනින්ම හෙළි කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණි. සිද්ධිය සිදු වී ඇත්තේ මෙසේයි. මරණයට පත් වූ විදේශිකයා සවස සිට ම මත්පැන් පානය කරමින් සිට ඇති අතර පදමට මත් වී සිටි ඔහු ඉතාමත් අසභ්‍ය ලෙස සිය පෙම්වතියට විහිළු තහළු කර ඇත. එසේ නොකරන ලෙස මෙම සිද්ධිය බලා සිටි ප්‍රාදේශීය දේශපාලඥයා ඔහුට අවවාද කර ඇති අතර අවසානයේ දී ඔහු සිය පෙම්වතියට පහර දීමට පටන්ගෙන ඇත. සිය බල ප්‍රදේශයේ දී මෙවන්නක් සිදු වීම ඉතා අයහපත් බව සැලකූ එම ප්‍රාදේශීය දේශපාලඥයා සහ ඔහුගේ මිතුරන් එය වැලැක්වීමට උත්සහ දරා ඇත. මෙයින් ලැජ්ජවට සහ කෝපයට පත් විදේශිකයා සඟවාගෙන තබාගත් ගිනි අවියක් රැගෙන සිය දිවි හානි කරගෙන ඇත. හෙතෙම එම ස්ථානයේදී ම මරණයට පත් වී තිබූ අතර එම සිද්ධියෙන් කම්පනයට පත් වූ ප්‍රාදේශීය දේශපාලඥයා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා පහර දීමෙන් තුවාල ලත් විදේශික තරුණිය ද රෝහල් ගත කර ඇත.

මෙහිදී ගිනි අවිය සඟවා තබා ගත් එක විදේශිකයා ඔස්සේ පුළුල් පරීක්ෂණ සිදු කළ පොලිශ් කණ්ඩායම අනාවරණය කරගත්තේ ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි බව ලබාගත් ඊශ්‍රායල් ජාතිකයෙකු බවටයි. ගිනි අවි පරිහරණයේ දක්ෂයෙකු වූ ඔහු ඇතැම් විට ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නට ඇති බවයි සැක කරන්නේ. ඊට හේතුව මේ දිනවල ඇති වීමට යන ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේ දී ඒ සම්බන්ධ ව මෙරට හැසිරීම නිරීක්ෂණය කර වාර්තා ලබා දීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තොරතුරු ලැබී ඇති බැවිනි. මන්ද යත් ඉරාන-ඊශ්‍රායල් ගැටළුවේ දී මෙරට ඉතා තීරණාත්මක කාර්යභාරයක් කරන්නට ඉඩ ඇති බැවිනි.

විශේෂයෙන් ම දිවා රෑ වෙහෙසෙමින් අප රටට එරෙහිව සිදුවන්නට ගිය මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණය හෙළිකරගත් විශේෂ පොලිෂ් කණ්ඩායමට ජාතියෙ උපහාරය නිමි විය යුතු ය. මෙහිදි සිය වගකීම නොපිරිහෙලා ඉටු කළ අදාළ ප්‍රාදේශීය දේශපාලඥයා ගැන සටහනක් නොතැබුවහොත් එය අඩුපාඩුවක් විය හැක. නත්තල් රාත්‍රිය සිය නිවසේ අඹු දරුවන් සමඟ සතුටින් ගතකළ හැකි ව තිබියදීත් එම අවස්ථාව පසෙක ලා සිය බල ප්‍රදේශයේ දිවා රෑ නොබලා ඇවිද යමින් ගැටළු වලට පිළියම් ලබා දෙමින් ඔහු කර ඇති සේවය ප්‍රශංසනීය ය. තම නින්ද කැප කරමින් තම ජනතාවට සුබ රාත්‍රියක් ලබා දීම ට වෙහෙසෙන, නායකයෙකු ලෙස සැබෑවට ම ආදර්ශ ලබා දෙන මෙවැන්නන් ගැන ඔවුන් ඡන්දය ලබා දුන් ජනතාවට සැබැවින් ම ආඩම්බර විය හැක. ඒ මෙවන් දක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය දේශපාලඥයන් තවත් සිය දෙනෙකු රටට සිටියා නම් මෙරට සංවර්ධනය කර සුරපුරක් කිරීම කජ්ජක් දැයි සිතෙන තරමට ම ඔවුන් ලැබෙන වගකීම ඉටු කරන නිසා ය !!!!!!!!!!!


ප.ලි : මෙහි දැක්වෙන සියලු සිද්ධි හා චරිත හුදු මනංකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න...

20 comments:

  1. මොකද උඹට සුදු වෑන් ටුවර් එකක් ඕන වෙලාද? :r

    ReplyDelete
    Replies
    1. අනේ..ඇත්තටම එයිද...?මම දන්නේ නැතුව ලිව්වේ!

      Delete
  2. @ Chandika,

    මචං ම‍ටත් මූ ගැන ඕකම හිතුණා.

    ReplyDelete
  3. උපුටාගැනීම කලේ දිණමිණෙන්ද නැත්තං අයිටීඑන් එකෙන්ද නැත්තං සී නිව්ස් එකෙන්ද?
    මල්ලී....... පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් නම් බයයිත් වගේ...

      Delete
  4. පරීක්ෂණ වලදී වැඩිදුරටත් හෙළිවූයේ ඔහු වෙඩි තබාගත් ගිනි අවිය ලංකාවේ යුධ හමුදාවේ නොසිටි හමුදාපති ජෙනරල් කෙනෙකුගේ වූ අතර දෙමළ ඩයස්පෝරාව විසින් එම අවිය මිළදී ගෙන තිබුණි. එම අවිය මිළදී ගැනීම සදහා තැරැව්කරැවන් ලෙස රනිල්, සෝමවංශ හා කැරලිකාර කණ්ඩාමයක සාමාජිකයින් කටයුතු කොට ඇත.

    කුමන්ත්‍රණ ඕයි කුමන්ත්‍රණ.

    ReplyDelete
  5. ලගදීම උබට ජනාධිපති උපදේශක පට්ටමක් දාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ෂැහ්... කලින් කියන්න එපැයි, කිව්වනම් කලින් ම ලියනවනෙ!

      Delete
  6. මන් වැඩෙට අත දාන්නද????? මැක්සා වෙන්න ලියලා තිනවා ...

    ReplyDelete
    Replies
    1. බොලාට අත දාන්න දෙයක් ඉතුරු වෙලා නෑ, හැමදේම හොයාගෙන ඉවරයි!

      Delete
  7. මොනා උනත් කේස් එක විසදුන එක නම් හොදයි....

    ReplyDelete
  8. එලටම ලියලා තියෙනවා. කමෙන්ට් කරනකොට පොඩි බයක් හිතුනට ඕන මඟුලක් වෙද්දෙන් කියලා කමෙන්ට් කලා. මනුස්සයෙක්ට මැරෙන්න පුලුවන් එක පාරනේ. අනික මැරෙනවට වඩා වැඩි යමක් වෙනවැයි. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම මේක අයි ආර් සී වගේ ද? එහෙනම් වැඩේ බරපතලයි වගේ... මම ලිව්වෙත් නෑ, දැක්කෙත් නෑ එහෙනම් ඔන්න!

      Delete
  9. එතකොට අර,රසියන්කෙල්ලව හයදෙනෙක්ට වඩාදුශනයකරලයි කියල ම.ප.වාර්තාවෙ තියෙන්නෙ,ඒකත් කුමන්ත්‍රනයක් වෙන්ටැ....අනේද කියන්නෙ

    ReplyDelete
  10. එතකොට අර,රසියන්කෙල්ලව හයදෙනෙක්ට වඩාදුශනයකරලයි කියල ම.ප.වාර්තාවෙ තියෙන්නෙ,ඒකත් කුමන්ත්‍රනයක් වෙන්ටැ....අනේද කියන්නෙ

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නෑ නෑ, ඒ ස්ථානයේ තිබී වම්බටු කරල් 500g අඩංගු මල්ලක් ද පසුව කල පරීක්ෂණ වලදී සොයා ගන්නා ලදි.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !