අන්තර්ජාලයෙන් ධාතූන් වහන්සේලා වන්දනා කරන්න...

අද දුරුතු පුර පසළොස්වක පෝය දවස නිසා මම හිතුවා අපේ යාළුවන්ට ටිකක් විශේෂ දෙයක් දෙන්න. ඉස්සරවෙලා ම කියලා ඉන්නම්කෝ අද දවසේ වැදගත්කම. මීට අවුරුදු 2600 කට කලින් අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ මුලින් ම ශ්‍රී ලංකාවට වැඩම කලේ, ඒ මහියංගනයට. ඒ ඇයි කියලා ඔයාලා දන්නවා ඇතිනේ, ඒ කතාව ඒ නිසා මම කියන්න යන්නේ නෑ. මට ඊමේල් එකකින් ලැබුණා වටින ඡායාරූප ටිකක්, ඒ ටික ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ ලෑස්තිය.

මේ වැඩ ඉන්නේ ධාතූන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ ගේ සහ රහතන් වහන්සේලාගේ . ගොඩාක් දෙනෙකුට දකින්න නොලැබෙන දෙයක්නේ මේ. මට මතකයි ශ්‍රී දළදා මාළිගාවේ සැරයක් මේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් තිබ්බා ම මිනිස්සු දවස් ගණන් පෝලිම් වල ඉඳන් වන්දනා කරගත්ත හැටි. ඒක මතක් වෙලා තමයි මේ ෆොටෝස් බ්ලොග් එකට දාන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා ස්ථූපාර්භ, ඒ කියන්නේ මරණින් පස්සේ අවශේෂ කොටස් වලින් ස්ථූපයක් හදලා වන්දනා කරන්න සුදුසු පුද්ගලයන් හතර දෙනෙක් ගැන. ඒ අතරින් දෙදෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා. ඒ නිසානේ අපි චෛත්‍යයන් වන්දනා කරන්නෙත්.

එහෙනම් දැන් ෆොටෝ බලන්න ලෑස්ති වෙමු. ඉතින් ශ්‍රද්ධා සිතින් යුතුව ධාතූන් වහන්සේලා වන්දනා කරගන්න... බුදුගුණ සිහි කරගන්න....












ප.ලි : ඊමේල් එක ෂෙයාර් කල සොයුරන්ට පින් අනුමෝදනා කරන ගමන් ම හෙට හවස ස්ථූප වන්දනාවක් පැවැත්වෙනවා කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දි සවස හතරට. පුලුවන් අය ඉන්නවා නම් සහභාගී වෙන්න කියලත් ඉල්ලනවා... තෙරුවන් සරණයි හැමදෙනාටම!

17 comments:

  1. සාදු සාදු සාදු !!!

    ReplyDelete
  2. @Loku John
    ස්තූතියි මේ පැත්තේ ආවට...

    ReplyDelete
  3. ගොඩක් පින් මචො...

    ReplyDelete
  4. අවුරැද්දේ පළවෙනි පෝය දවසේ බොහොම පිං..

    ReplyDelete
  5. ඔයාටත් ගොඩක් පින් සිද්ද වෙනවා...

    ReplyDelete
  6. අද වගේ දවසක ගොඩක් හොද වැඩක් අයියේ....

    ReplyDelete
  7. පින්තුර ටිකට ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  8. ගොඩාක් පින් සහෝදරයා

    ReplyDelete
  9. ගොඩක් පින්.හැබැහින් දකින්න කවද හැකිවෙවිදෝ..

    ReplyDelete
  10. හ්ම්ම්ම් ගොඩාරියක් පිං.... මේ පින්තුර ටික දාපු ඔයාට බුදු සරණයි.. ජය වේවා!!!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !