හොඳම යාළුවෝ (ගැහැණු/පිරිමී…) වෙන්න පුළුවන් කාටද????


යාළුවෝ...මාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ. ඒ වුනත් විශ්වාසවන්ත යාළුවෝ ඉන්නේ කීදෙනාද නේද? එහෙම යාළුවෝ නම් ඉන්නේ බොහොම ටික දෙනයි. තව සමහරු පණ දෙන්න වගේ ඉන්නවා, මොනාහරි සිද්ධියක් වුණා ම තමයි එයාලගේ යාළුකම තේරෙන්නේ. හරියට කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ! ඇයි තව සමහරු ඉන්නවා අපේ හැමදේම අහගෙන ඉඳලා රට වටේ පතුරවන අය...අපි හැමෝටම ඔය වගේ අය අඩු වැඩි වශ්යෙන් ඉන්නවා. අද කතාව කියන්න යන්නෙත් මේ අපූරු යාළුකම ගැන. අපිට ඉන්න යාළුවන්ගෙන් හොඳම යාළුවෝ වෙන්නෙ පිරිමි අයද ගැහැණු අයද?? ලොකු ප්‍රශ්නයක් නේද? එහෙනම් කියවලා බලන්නකෝ මේ කතාව...

ඔන්න දවසක් බිරිඳට රාත්‍රියේ ගෙදර එන්න බැරිවෙලා. පහුවෙනිදා බිරිඳ ගෙදර ආවා ම සැමියා අහලා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. ඇය කියලා ඊයේ රෑ හිටියේ ඇගේ මිතුරියකගේ ගෙදරක කියලා. ඉතින් සැමියා ඇගේ හොඳම මිතුරියන් කියලා දන්න දහදෙනෙකුට කෝල් කරලා අහලා ඒ ගැන. ඒ හැමෝම කියලා තියෙන්නේ ඇය ඔවුන්ගේ ගෙදර හිටියේ නෑ කියලා.

එතනින් ඒ කතාව ඉවරයි. ඔන්න තවත් දවසක සැමියාට රෑ ගෙදර එන්න බැරිවෙලා. පහුවෙනිදා ඔහු ගෙදර ආවා ම සුපුරුදු පරිදි බිරිඳ අහලා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. සැමියත් කියලා එයාගේ හොඳම යාළුවෙක්ගේ ගෙදර හිටියේ කියලා. ඉතින් බිරිඳත් මේක අහලා සැමියාගේ හොඳම යාළුවෝ කියලා දන්න දහ දෙනෙකුට කෝල් කරලා අහලා මේ ගැන. ඒ දහදෙනාගෙන් පස්දෙනෙක් ම කියලා තියෙන්නේ ඇගේ සැමියා ඊයේ රෑ හිටියේ ඔවුන් එක්කමයි කියලා. අනිත් අය පස්දෙනා කියලා ඇගේ සැමියා ඊයේ රෑ ඉඳන් තාමත් ඉන්නේ එයාලා එක්කමයි කියලා...........

මේ මට ඊමේල් එකකින් ආව කතාවක්. අපූරුයි නේද එක එක්කෙනාගේ යාළුකම් වල තරම! ඔයාලාට නම් මේ ගැන හොඳ හොඳ අදහස් ඇති මේ ගැන, ඉතින් ඒවා පහළින් සටහන් කරලා යන්න අමතක කරන්නෙපා.....

16 comments:

  1. යාලුවෝ මලුවෝ යාලුවෝ...අපේ රොඩ්නිගේ සිංදුව අහල ඇතිනෙව...

    ReplyDelete
  2. කොල්ලො කොල්ලන්ව පවා දෙන්නේ නෑ.

    ReplyDelete
  3. කොල්ලොන්ගේ මිත්‍රත්වය පුලුල්!කෙල්ලොන්ගේ වගේ පටු නෑ!(මං අත්දැකලා තියන විදිහට)

    ReplyDelete
  4. අපොයි ගෑනු තරං හොඳ යාළුවො කොහෙද ඉන්නෙ.චුට්ටක්වත් අනිත් එකාට ඉරිසියා කරන්නෑ.තමංගෙ වැඩ ඔක්කොම පැත්තක දාලා යාළුවන් වෙනුවෙන් කැපවෙන්නෙ ගෑනුනෙ නේද???? හිහ් හිහ් හී........

    ReplyDelete
  5. අපි කවදත් බලන්නේ අපේ එකාව බේර ගන්නනේ....

    ReplyDelete
  6. යාළුවෝ මාලුවෝ තමා.
    ඒ උනාට හොද යාළුවොත් ඔය අතර ඉන්නවා. දුකේදි එකට ඉන්න. තමන්ගේ කරදරයකදී උදවු වෙන යාළුවෝ ඉන්නවා.

    ReplyDelete
  7. @සයුරි,raaj

    ඒක නම් යාළුවෝ ගැන ථියෙන නියම සින්දුවක් තමයි!

    ReplyDelete
  8. @දිනුක ජයකොඩි

    සහතික ඇත්ත සහෝ....

    @sabith

    ඒක නම් ගොඩක් වෙලාවට මමත් දැකලා තියෙනවා...!

    ReplyDelete
  9. @Dinesh
    හැමවෙලාවෙම වගේ කොල්ලෝ එහෙම තමයි, මමත් ඒක දැකලා තියෙනවා!

    ReplyDelete
  10. @මධුරංග
    එහෙම යාළුවෝ ලේසියෙන් හම්බවෙන්නෙ නෑනේ, ඒකයි එහෙම අය ගොඩක් වටින්නේ...

    ReplyDelete
  11. ඇත්ත.. කොල්ලෙක් ලේසියෙන් කොල්ලෙක්ව අමාරැවේ දාන්නේ නැහැ. දැම්මොත් ජාන මික්ස් වීමක් :)

    ReplyDelete
  12. කොල්ලො තමන්ගෙ පාර්ශවය බේරගන්න කොච්චර උත්සහ කළත් බලන්න, කතාවෙ හැටියට බොරු අතටම අහුවෙලා....... සැලසුම්සහගතව වැඩේ ගොඩදාගන්න තිබුණා. පවු. :f

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි. කෙල්ලො කියන්නෙ ඉතින් හුගක් වෙලවට කොල්ලන්ව අන්දන ජතියක් තමයි. වැඩටික කරවගන්නකම් පස්සෙන්මයි.

      Delete
  13. @සංස්කාර විනිවිද
    සැලසුම පොඩ්ඩක් විතර වැඩිවෙලා, ඒකයි මම හිතන්නේ!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !