ගුටි කෑමෙන් ඉගෙන ගැනීම හෙවත් පළමු පාඩම...!


අම්මෝ... ගුටි කන ඒව නම් මතක් කරන්න එපා කියලා ගොඩක් අය කියයි. මොකද සමහරු කියනවනේ කෑමෙන් කෑම හොඳම කෑම ගුටි කෑම කියලා. හොඳ හොඳ හෝටල් වලින් කාලා තියෙන අය නම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් ඉකෝලේ කාලේ එහෙම මතක් වෙලා හිනා යන වෙලාවල් එහෙම අප්‍රමාණයි. ගුටි කන එකෙත් වර්ග කීපයක් ම තියෙනවනේ. එකක් තමයි ගෙදරින් ගුටි කෑම. ඒ නම් ආදරේට ලු. ස්කෝලෙදි ගහන්නේ අපිව හදන්නලු. හැබැයි ඉතින් සමාජයෙන් අපි ව හදන්න කලින් ස්කෝලෙන් හරි ගෙදරි හරි හැදෙන එක තමයි හොඳම දේ මට හිතෙන විදියට!!!

හැබැයි මට නම් මතක ඇති කාලෙක අම්මා එක සැරයක් ගහලා තියෙනවා, මම සෙල්ලම් කරන්න යාළුවෙක් ගේ ගෙදර ගිහින් අම්මා කතාකලා ම ආවේ නෑ කියලා දර කෑල්ලකින්ම සැලකුවා. ( හිකිස්... අම්මා එතකොට දර කප කප හිටියේ!) අප්පච්චිත් එක සැරයක් ටොක්කක් ඇන්නා මතකයි. ඊට වඩා නම් කාලා නෑ. දෙවෙනි වර්ගේ තමයි ස්කෝලෙන් ගුටි කෑම. ඒ නම් ඉතින් අණ්ඩපාල වැඩ කරලා තමයි. ඒක නම් ඕන තරම්! ඒකටත් මරු මරු වැඩ තියෙනවා. සමහරු කිව්වා ඒ කාලේ කොන්ඩ ගහක් අතේ තියාගෙන ගුටි කෑවම රිදෙන්නේ නෑලු, ඒ නිසා සමහරු එහෙමත් කලා, සමහර වේලාවට ගුටි කනවා කියලා හොඳටම ෂුවර් උනා ම පොත් එහෙම කලිසම අස්සේ දාගෙන යන වෙලාවල් එහෙමත් නැත්තෙම නෑ. අතට, කණට, පස්සට කන ගුටි වලින් මම දන්න විදියට හොඳට ම රිදෙන්නේ අත අනිත් පැත්ත හරවලා, ඒ කියන්නේ පිටි අල්ලේ ඇඟිලි වලට ගැහුවා ම තමයි.(වෙනත් අත්දැකීම් ඇත්තෝ නිවැරදි කරත්වා...)

ඊළඟ ජාතිය තමයි වටෙන් පිටින් ගුටි කන එක. ස්කෝලේ කාලේ තමයි මේවා නම් ගොඩාක් ම වැඩි. ගොඩාක් ම ගෑණු ළමයින්ගේ කේස් තමයි මේවට හේතු වෙන්නේ. ඊට අමතරව ඔය ඩයල් එකේ අවුල් හින්දත් ඕනේ තරම් වලි යනවා. ඕකේ මරු ම වැඩෙ තමයි අන්තිමට වලියකදි ගුටි කන්නේ කොහේවත් යන අහිංසකයෙක් වෙන එක. හොයාගෙන යද්දි කිසි ම සම්බන්ධයක් නෑ ඒ වලියට... දැන් නම් පිහි, බයිසිකල් චේන් එහෙම අනිවාර්යයි ස්කෝලේ යද්දි මම හිතන්නේ පොත් වලට අමතරව!

ඒකෙන් මේකෙන් කියන්න ආව කතාව අමතක උනානේ... ඊයේ පෙරේදා දවසක අපේ කැම්පස් එකේ තිබ්බ ෆන්ෂන් එකකට ආවා මහාචාර්ය සරත් කොටගම මහත්තයා. ගොඩාක් අය දන්නේ අර "සිරිලක කුරුල්ලෝ" කියලා පොතක් ලිව්ව කෙනා කිව්ව ම. එතුමා කිව්ව කතාවක් තමයි මගේ හිතට වැදුනේ. ඔහු කියනවා දැන් කාලේ පොඩි උන් ඉපදෙද්දිම ගුටි කාලා ලු පළවෙනි පාඩම ඉගෙන ගන්නේ. ඒ වෙන්නේ මෙහෙමයි. දැන් කාලේ ගොඩක් අම්මලා කැමති සිසේරියන් සැත්කමකින් දරුවා උපද්දවන්නනේ. ඒකටත් හේතු ඇති ඉතින් වේදනාව අඩුකම වගේ ඒවා. ඒ ගැන නම් වැඩිවිස්තර මම දන්නේ නෑ.


දන්න කාගෙන්හරි අහගන්න එක තමයි හොඳම! සිසේරියන් කියන්නේ අර බඩේ හරස් අතට කැපුමක් කරලා ගර්භාෂය විවෘත කරලා දරුවා එලිය ගන්න ඒකනේ. හැබැයි ඔය වෙද්දි දරුවා සම්පූර්ණයෙන් ම එළියට එන්න සූදානම් නෑ, හරියට බලෙන් එළියට ගන්නවා වගේ වැඩක් ඒක. ස්වභාවික විදියට එද්දි මම දන්න විදියට දරුවාට යම් දැනීමක් තියෙනවා සිදුවෙන වෙනස්කම් ගැන. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වුණා ම ඉස්සර වෙලා ම ඉගෙන ගන්නේ අඬන්නනේ. ඉතින් අර සිසේරියන් සැත්කමකින් එළියට ගත්ත දරුවා අඬන්නේ නැතිලු සාමාන්‍යයෙන්. ඒ නිසා ඉතින් ඩොක්ටර් දරුවා අරන් ඉස්සරවෙලා ම නර්ස් අතට දෙනවලු. නර්ස් කරන්නේ පොඩ්ඩගේ කකුල් දෙකෙන් අල්ලලා අනිත් පැත්ත හරවලා පිටට ගහන එකලු. එතකොට ලු අඬන්නේ පොඩි මෑන්. ඔන්න ඔය විදියට තමයි දැන් ඉපදෙන පුංචි එවුන් ගුටි කාලා ම වැඩ අල්ලන්නේ.

මේ කතාවේ මතුපිට අර්ථය මෙහෙම උනාට මට නම් හිතෙන විදියට ගොඩාක් ගැඹුරු තේරුමක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. පොඩ්ඩක් නිවි සැනසීලේ හිතලා බලන්නකෝ ඔයාලටත් එහෙම හිතෙනවද කියලා.

ඒ වගේ ම මේ 2011 අවුරුද්දට දාන අන්තිම පෝස්ට් එක වේවි මේක. ලබන 2012 අවුරුද්ද සුබ එකක් වෙන්න, හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ කරගන්න උත්සහ කරන වසරක් වෙන්න කියලයි මම නම් හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ!!! ලබන අවුරුද්ද මගෙත් බලාපොරොත්තු ගොඩක් තියෙන අවුරුද්දක්, ඒ මොකද දන්නවද... ලබන අවුරුද්දෙ කැම්පස් එකෙන් අවුට් වෙන්න ට්‍රේනින් යන්න තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය ජීවිතේ පටන් ගන්නෝන(ඒකට IT කොම්පැණියක් හොයාගන්නත් ඕන!!!). ඒත් එක්කම මගේ ජීවිතේට හැමදාම ආදරණීය හීන මවන මගේ සුදු මැණික එක්ක ජීවිතේ පුංචි සොඳුරු වෙනසක් කරන්නත් නැවුම් බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා. ඒ ඔක්කොම දේවල් හිතේ තියාගෙන ම ඔන්න මමත් යනවා එහෙනම්....


හැමෝටම සුබ නව වසරක් වේවා........

11 comments:

  1. සීසර් කියන එක දැන් ෆැශන් එකක් වෙලා නොවැ

    ReplyDelete
  2. අඩේ ඒ කියන්නේ මාත් පොඩි කාලේ ගුටි කාලා තියෙනවා කියන එකනේ. කෝ මට ගහපු නර්ස් !!!!

    මල්ලිටත් සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  3. @Sabith
    ලේසියටත් පහසුවටත් සීසර් නොවැ දැන්!

    @මධුරංග
    දැන් නම් ඒ නර්ස් පැන්සොන් ගිහිල්ලත් ඇති මම හිතන්නේ... හික් හික්.. අයියාටත් සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  4. ඒකියන්නේ මම නම් ගුටි නොකා එලියට ගොඩ බැහැඖ කොල්ලෙක් ඈ ආඩම්බරයි ..

    අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා මචෝ

    ReplyDelete
  5. මාත් එද්දි ගුටි කාලා නෑ එහෙනම්..

    සුභ නව වසරක් සහෝ!!!

    ReplyDelete
  6. සිසේරියන් නොකලත් සමහර පොඩ්ඩෝ ගුටි කනවා කියලා මම අහල තියනවා....:)

    සියලු පැතුම් ඉටු වේවා....

    ReplyDelete
  7. ඔයපාර ගැහුවම තමයිලු පොඩි එවුන්ගෙ ඉන්ද්‍රියන් වැඩපටන් අරගෙන හුස්ම ගන්නෙ.
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. උඹට අම්මා දෙසරයිද බං ගහල තියෙන්නේ..මටනම් දවස දෙකයි නොගහ ඉඳල තියෙන්නේ.

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  10. ස්තූතියි හැමෝටම කමෙන්ට් කළාට....

    ReplyDelete
  11. අසරනයා කියපු එකම තමා කියන්න තියෙන්නේ...

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !