අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....



අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන එහෙම අහලා ඇති කියලා මම හිතනවා!) හැම ගෙදරකටම ඊට ම වෙන් වුන ලිපිනයක් තියෙනවා වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම උපාංගයකට ම වෙන් වුන IP Address එකක් තියෙනවා.

ම්ම්ම්ම්.... හරි! ඔයාලාට හිතුනා වගේ ම තමයි, ප්‍රශ්නයක් එනවා එතකොට. කාලයක් ගියාම මේ IP Address ඉවර වෙනවා තමයි. දැන් කාලේ අන්තර්ජාලයට විවිධ ආකාරයේ උපාංග එකතු වෙන වේගයත් එක්ක බැලුවම මේ දවස වැඩි ඈතක නම් නෙවේ තමයි! අද අපි මේ භාවිතා කරන IP Address ක්‍රමය 1981 දී හඳුන්වා දුන් IPv4 IP Address ක්‍රමයයි. ඒක හඳුන්වන තාක්ෂණික නම තමයි බිට් 32 (32 bit) කියන්නේ. අපි භාවිතා කරන IP Address එකක තියෙන්නේ අංක 12ක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් ඒ අංක 12 විවිධ විදියට භාවිතා කරලා එකිනෙකට වෙනස් IP Address 2හි 32වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් කෝටි 430ක් හදන්න පුළුවන්. ඒත් මට මතක විදියට දැනටමත් ලෝක ජනගහනය කෝටි 700කටත් ආසන්නයි.

ඉතින් එනපොට හොඳ නැති නිසා ලෝකයේ IP Address පාලනය කරන ICANN ( International Corporation for Assigned Numbers & Names) ආයතනයට අනුබද්ධ IETF ( the Internet Engineers Task Force) ආයතනය මඟින් 1996 දි IPv6 ක්‍රමය හඳුන්වා දුන්නා. ඒක අංක 16 කින් යුත් IP Address අංකයක්. ඒ කියන්නේ බිට් 128 (128 bits) ක්‍රමයක්. එමඟින් 2 හි 128වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් ට්‍රිලියන ට්‍රිලියන ට්‍රිලියන 340ක්. මේ ඉලක්කම කොයි තරම් ලොකු ද කියන්න මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. IPv6 ක්‍රමය යටතේ එක පුද්ගලයෙකුට IP Address කෝටි ලක්ෂය බැගින් ලෝකේ ඉන්න හැමෝටම IP Address බෙදලා දෙන්න පුළුවන්. ම්ම්ම්ම්... කොහොමද වැඩේ...!

මේ ප්‍රශ්නේ ලෝකෙට කොයිතරම් බලපාන එකක් ද කියලා කියන්න හොඳම උදාහරණය තමයි ජූනි 8 වෙනිදා ලෝක IPv6 දිනය විදියට නම් කරලා තියෙන එක. කොහොම උනත් මේ ගැන තව විස්තර නම් ගොඩාක් තියෙනවා, ඒත් එක දිගටම ලිව්වොත් කියවන්නත් එපා වෙයි කියලා හිතුන නිසා තවත් විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම් ඉක්මනටම!

2 comments:

  1. අපි කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නකොට මේ දේවල් පරික්ෂණ මට්ටමේ තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඒත් මෙච්චර ඉක්මනට පාවිච්චි කරන්න පුලුවන් තත්වයක් තියෙනවා කියලා දැන ගත්තේ අද.

    ඊලඟ පෝස්ට් එක ඉක්මනටම දාන්න.

    ReplyDelete
  2. අලුත් දෙයක් දැනගත්තා ස්තුති මිත්‍රයා

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !