Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න...



මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ) හැම ෆයිල්, ෆෝල්ඩර් එකකටම මුරපද දාන්න වෙන එක තමයි වදේ. කොහොම උනත් අද මම මේ කියන්න යන මෘදුකාංගයෙන් ඒ වගේ කරදර හැමදේටම විසඳුම් ලබාදෙනවා.

TrueCrypt කියන්නේ විවෘත කේත මාදිලියේ,ඒ කියන්නේ ඕපන්සෝස් මෘදුකාංගයක්. TrueCrypt වැඩ කරන්නේ ටිකක් විතර වෙනස් විදියකට. TrueCrypt මුලින්ම අපේ හාඩ් එකෙන් කොටසක් වෙන් කරගෙන ඒ පාටිෂන් එකට මුරපදයක් යෙදීම තමයි කෙරෙන්නේ. ඒක එතකොට Encrypted පාටිෂන් එකක් වෙනවා. ඒ පාටිෂන් එක ඇතුලට අපිට ඕන කරන ෆයිල්, ෆෝල්ඩර් දාලා මුරපදය යෙදුවම ඉබේම ඒ පාටිෂන් එක නොපෙනී යනවා. ඒ කියන්නේ පාටිෂන් එක සැඟවීම තමයි කෙරෙන්නේ. ඊටපස්සේ Disk Management ගියත් පෙන්නන්නේ නෑ. හරිම සාර්ථක මෘදුකාංගයක්. මම අත්දැකීමෙන් කියන්නේ. ඔයාලත් කැමති නම් උත්සහ කරලා බලන්න. 8 MB විතර පොඩි file එකක් මේ!




දැන් බලමුකෝ කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම මෙතැනින් බාගත කරගෙන සෙටප් ෆයිල් එක රන් කරන්න.
1. සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන Start->All programs->Truecrypt වලට ගිහින් ප්‍රධාන වින්ඩෝව ලබාගන්න.

2. එහි Create Volume ලබාදෙන්න.



3. දැන් ලැබෙන TrueCrypt Volume Creation wizard වින්ඩෝවෙන් Create an encrypted file container ලබා දී Next යන්න. මෙමඟින් හාඩ් ඩිස්කයේ කොටසක් වෙන් කිරීම සිදු කරයි. Flash drives සඳහා නම් Encrypt a non-system partition/drives දෙන්න.



3. ඊළඟට Standard TrueCrypt volume දීලා Next යන්න.

4. දැන් Volume Location වින්ඩෝව ලැබෙයි. එයින් අපේ volume file එක save විය යුතු drive එක සහ file name එක දීලා save කරන්න.



දැන් Next කරලා ඊළඟට ලැබෙන Encrypted Options වින්ඩෝ එකත් Next කරන්න. දැන් එන්නේ Volume Size වින්ඩෝ එකයි. ඒකේදි ඔයා හදන්න යන පාටිෂන් එකේ ප්‍රමාණය කැමති විදියට දෙන්න. ආයෙත් Next කළා ම එන වින්ඩෝවෙන් Password/Confirm Password දීලා ඉදිරියට යන්න. එතකොට Volume format වින්ඩෝව ලැබෙනවා. එහි Options->file system වල NTFS දෙන්න. ඔයා හැදුව පාටිෂන් එක එතනදි format කරන්න විධානය දෙන්න. Format වෙලා අවසන් වුනා ම එන Volume Created වින්ඩෝව Next කරන්න. දැන් ලැබෙන TrueCrypt Volume Creation wizard වින්ඩෝවෙන් Cancel විධානය දීලා ඉවත් වෙන්න.

දැන් ආයෙත් Start->All programs->Truecrypt වලට ගිහින් ප්‍රධාන වින්ඩෝව ලබාගන්න. Drive කියන තැනින් ඔයා කැමති සාමාන්‍යයෙන් භාවිතා නොවෙන අකුරක් drive letter එක විදියට දෙන්න. ඒක තමයි ඔයාගේ encrypted drive එක. දැන් පහල තියෙන Select file තෝරලා අපි මුලින් ම අපේ Volume file එක save කල ස්ථානය දෙන්න. Ok එහෙම කරලා වම් පැත්තේ පහල තියෙන Mount button එක දෙන්න. ඔයා ලබාදුන්න password එක දීලා OK කරන්න. දැන් Computer ගිහින් බලන්න, ඔයාගේ රහස් පාටිෂන් එක පෙන්නුම් කරයි. මේක වැඩ කරන්නෙත් සාමාන්‍ය විදියට ම තමයි. ඕන කරන දේවල් ටික ඒක ඇතුලට දාලා TrueCrypt වින්ඩෝවේ Dismount button එක දෙන්න. දැන් Computer ගිහින් බලන්න, ඔයාගේ රහස් පාටිෂන් එක ඒකේ නෑ....! ආයෙත් ගන්න ඕන වුනොත් Start->All programs->TrueCrypt->Select file->Mount වලට ම යන්න වෙනවා.

ම්ම්ම්ම්ම්.... කොහොමද වැඩේ? වැඩේ නම් ටිකක් දිගයි තමයි, ඒත් වටින දේ වලට ටිකක් මහන්සි වෙන්න වෙනවා! මම pen එකට මේක දාන්න බැලුවා, ඒත් හරිගියේ නෑ. කවුරුහරි කරලා බලලා හරි ගියොත් මටත් කියන්න. කියලා තියෙන විදියට කලොත් නම් වැඩේ අවුලක් වෙන 1ක් නෑ. ඒත් මොනවා හරි තිබුනොත් කියන්න.......

4 comments:

  1. maru...maru...mama meka use kala...wijaya eka thibba nisa

    ReplyDelete
  2. @සනෝජ් තරංග
    ඔව් සහෝ... මමත් ඒ ගැන දැනගත්තේ එතනින් තමයි...ස්තූතියි ප්‍රතිචාරයට!

    ReplyDelete
  3. encrypt කරන්න ඕනනම් windows එක්කම උනත් කරන්න පුලුවන්. (File/Folder එකක Properties -> advanced -> Tick Encrypt contents to secure data. Ok. Ok ) හැබැයි ඉතින් කලින්ම Security Certificate එකක් export කරල තියාගන්න වේවි. නැත්තම් User ගෙ මොකක්හරි වෙනස්කමක් වුනොත් ෆයිල් එක ආපහු ගන්න බැරිවෙනව. එහෙම වුනොත් export කරපු එකන් permissions දෙන්න පුලුවන්.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !