Partitions hide කරන්න ලේසියෙන්ම ... Software ඕනෙම නෑ!


අද නම් මම කියන්න යන්නේ හරිම Cool, Simple trick එකක්. ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. අපිට සමහර වෙලාවට අතිශය*** රහසිගත දේවල් තියෙනවනේ අනිත් අයගෙන් හංගලා තියාගන්න ඕන වෙන, ඉතින් ඒ වගේ දේවල් වලට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. සමහර Folder Locks නම් තියෙනවා, ඒත් ඒවගේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි (මට දැනිලා තියෙන විදියට! ). දැන් ඉතින් මේක තියෙන නිසා Partition එක පිටින්ම ඕන දෙයක් සඟවන්න පුළුවන් ලේසියෙන්ම.

…එහෙනම් වැඩි කතා නැතුවම වැඩේට බහිමුකෝ. කරන්න තියෙන්නේ මේ ටික!

…1. Start–>Run යන්න.

…2. Diskpart කියලා type කරලා Enter කරන්න.

…3. ඊළඟට List volume කියලා type කරලා Enter කලාම PC එකේ තියෙන drives ඔක්කොම පෙනේවි.



දැන් ඔයාට සඟවන්න ඕන drive එක තෝරන්න. මම මෙතනදි තෝරලා තියෙන්නේ මගේ E drive එක. මෙතනදි volume 2 කියලා තමයි මගේ E drive එක පෙන්නන්නේ.

…4. දැන් type කරන්න Select volume 2 කියලා, Enter කරන්න.

…5. remove letter E කියලා type කරලා Enter කරන්න.


…දැන් ගිහින් බලන්නකෝ Partition එක තියෙනවද කියලා... නෑ නේද? කොහොමද වැඩේ!
හැබැයි මේක හැංගුවා වගේ නෙවෙයි ආයෙත් ගන්නත් දැනගන්නෝන නේ. ඒකට ආයෙත් මුලට ගිහින් Select volume 2 type කරලා Enter කරලා assign letter එ කියලා type කරලා Enter කරන්න. ආයෙත් Partition එක ඇවිත් ඇති. මේක try කරලා බලන්න බයවෙන්නෙපා හොඳද, මේකේ කිසිම risk එකක් නෑ. ඒ නිසා ඔයාලත් try කරලා බලන්නකෝ කොහොමද කියලා. Partitions hide කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා, ඒවා මම ඊළඟ පෝස්ට් එකකින් දාන්නම්කෝ. වැඩේ ෆට්ට කියලා හිතෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්නෙපා හොඳද....!

…ලාහිරු දහසක් දිලී දිලී...........................

6 comments:

  1. මමත් මේක කරලා තියෙනවා.. :f

    ReplyDelete
  2. thanks very much Mr.. This is very use full for me.. Please tell me how to use password for Portable Hard drives..

    ReplyDelete
  3. @සුද්ද

    Welcome bro...
    There is a software that provide with it.
    It can setup the password.

    ReplyDelete
  4. @සුද්ද

    And you can find lot of softwares in internet too.
    But please be careful when use them
    If you forgot pw your drive will permantly locked.

    ReplyDelete
  5. ඕක මයි කම්පියුටර් ප්‍රොපටීස්වල මැනේජ් වලට ගිහිං ඩිස්ක් මැනේජ් ගිහිං චේන්ජ් ඩ්‍රයිව් ලෙටර් එකට ගිහිං රිමූව් කලත් හරි මම හිතන්නෙ........ කොහොම උනත් හොඳ ලිපියක්.........

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !