ඔයාගේ බ්ලොගයටත් Facebook fan Page එකක්.... -2


Facebook fan Page එකක් හදන විදිය ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් Facebook fan Page එක ගැන විස්තරයක් මම කලින් පෝස්ට් එකක දැම්මා ඔයාලා ඒක බලන්න ඇතිනේ නේද? ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලලා ම ඉන්නකෝ. එහෙනම් දැන් පටන් ගනිමු Facebook fan Page එක හදන වැඩේ.

…මුලින්ම Log වෙන්නකෝ ඔයාලගේ Facebook account එකට. ඊටපස්සේ මෙතනින් ගිහින් Create a Page පිටුවට යන්න. ඔයාලා Facebook fan Page එක හදන්නේ බ්ලොගයකට හරි වෙබ් පිටුවකට හරි නම් Brand or Product තෝරන්න. වැඩි විස්තර වලට පහත රූපය බලන්නකෝ!



දැන් ඒකේ website කියන option එක තෝරලා ඊළඟට ඔයාගේ බ්ලොගයේ/වෙබ් පිටුවේ Title එක දීලා පහල ටික් එකත් දාලා ම Get Started දෙන්න.

…දැන් ඔයාලා page එක නම් හදලා ඉවරයි. ඔයාලා දැන් ඉන්නේ page එකේ Get Started tab එකේ. ඔය කොටස පෙනෙන්නේ page එකේ admin ට විතරයි. මෙතනින් තමයි page එකේ settings ගොඩාක් හදන්නේ. 1,2,3,4 කියන instructions ඔයාට පුළුවන් නම් කරන්න. එහෙම නැතත් කමක් නෑ. මම උදව් කරන්නම්කෝ! ඊළඟට තව පොඩි වැඩක් කරන්න තියෙනවා. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා Edit Page option එක. ඒක Click කරන්න.



ඒකේ Basic Information ගිහින් category එකට Websites & blogs දෙන්න. subcategory එක සඳහා Computers/Internet දෙන්න. දැන් පහලින් තියෙන පුංචි පුංචි විස්තර ටික සම්පූර්ණ කරලා Save Changes දෙන්න. දැන් ගොඩාක් වැඩ ඉවරයි. ඊළඟට තියෙන්නේ page එක් හැඩකරන්න තමයි. Profile Picture tab එකට ගිහින් ඔයාගේ Photo එකක් එහෙම දාගන්න. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන View page ගිහින් ඔයා හැදුව page එක බලන්න.

…Invite your friends ගිහින් ඔයාගේ Fb යාළුවන්ට එන්න කියන්න ඔයාව බලන්න. තව wall එකේ Post Status Updates එහෙමත් කරන්න. ඔන්න අදට වැඩ ඉවරයි. මම ඊළඟ පෝස්ට් එකෙන්, ඔයා ලියන අළුත්ම පෝස්ට් fan page එකේ notes වලින් බලන්න හදාගන්න විදිය කියලා දෙන්නම්කෝ. ඔන්න ඔයාට හිතෙන දේවල් Comment එකකින් දාලා යන්නත් අමතක කරන්නෙපා හොඳද!

.....ලාහිරු දහසක් දිලි දිලී.....



3 comments:

  1. http://lh5.ggpht.com/_u4rBCfM4eII/TLwyqZCTIQI/AAAAAAAAAOQ/lvP8LrMSE4s/bloggertricksandtoolz.blogspot%20%2818%29.gif

    ReplyDelete
  2. ඔයාට ඇඩ්සෙන්ස් අකව්න්ට් එකක් තියනවද? නැත්නම් මම හදල දෙන්න සූදානම්. මම ඒකට සුළු මුදලක් අය කරනවා. ඇඩ්සෙන්ස් අකව්න්ට් එක ඔබ අතට පත් වුනාට පස්සේ මට සල්ලි දෙන්න පුලුවන්. අවශ්‍ය නම් මට ඊමේල් කරන්න. මගේ ඊමෙල් එක, irshadnilam@live.com

    ReplyDelete
  3. තෑන්ක්ස් මචං...:t

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !