බ්ලොගයට Facebook fan page එකක් හදාගන්න කැමතිද...?


Facebook කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රිය ම සමාජ ජාලයන් අතරින් එකක් නේ. හික්ස්...ඒක මම කියන්න ඕන ද නේද! ඒ කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මමත් කාලයක් තිස්සේ හෙව්ව දෙයක් ගැන. ඒ Facebook fan page එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ගොඩාක් ම වැදගත් වෙන්නේ තමන්ටම කියලා ව්‍යාපාරයක්, සමාගමක්, බ්ලොග‍යක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් තියෙන අයටයි. ඉතින් ඔයාලට පුළුවන් Facebook fan page එකක් හදලා ඔයාගේ site එකේ, බ්ලොගයේ traffic වැඩිකරගන්න ලේසියෙන්ම. කොහොමද ලස්සන Facebook fan page එකක් හදාගෙන බ්ලොගයට Like button එකක් දාගෙන fans ලා ගොඩාක් එකතු කරගෙන ඉද්දි නේද!!

ඒ වගේ ම මේකෙන් තියෙන වාසි ගැන ටිකක් කිව්වොත්...

…1. Facebook හරහා සෘජු බ්ලොග් කියවන්නන් පිරිසක් ඇතිකරගැනීමට පුළුවන්.

…2. ඔයාටම කියලා රසික පිරිසක් (fans)ලැබෙනවා.

…3. බ්ලොගය update කරන හැමවෙලේම ඔයාගේ මිතුරන් ට ඒ බව දකින්නට ලැබේවි.

…4. ඔයාට ඕන වුනොත් ඔයාගේ රසිකයන්ට(fans) එක සැරේ message යවන්න පුළුවන්.

…5. බ්ලොගයට/වෙබ් පිටුවට වෘත්තීයමය බවක්(Professional) ලබාගන්නත් පුළුවන්.

…6. ඔයාලගේ facebook page එක වෙනුවට fan page එක භාවිතා කරලා යාළුවන්ගේ බ්ලොග්/Status වලට Comment දාන්න පුළුවන්. ඒක ඔයාගේ බ්ලොග‍යට ගොඩාක් දෙනෙක් ගෙන්වන්න පුළුවන් විදියක්...

…7. search engines වල ඔයාඅගේ බ්ලොග‍ය දකින්නත් ලැබේවි.

…මේකේ තව තව වැඩ කෑලි ගොඩාක් තියෙනවා. අපේ පෝස්ට් facebook එකෙන් කියවන්න, පෝස්ට් Twitter කරන්න, යාළුවෝ එකතු කරන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඊළඟ පෝස්ට් එකෙන් fan page එකක් හදන හැටි කියන්නම්.ඔයාලා මේකට කැමති නම්.... Comment එකක් දාන්නකෝ ඒ ගැන කියලා!

…......ලාහිරු දහසක් දිලි දිලි......

4 comments:

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !