Command Prompt එකේ tricks....!


Command Prompt එකේ tricks දැනකියාගෙන ඉන්න එක අපේ එදිනෙදා පොඩි පොඩි වැඩ පහසුවෙන් කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒ ගැන කියන්න කලින් මම හිතුවා Command Prompt එක ගැන වැඩිය මොනාත් විස්තර දන්නෙ නැති අයත් ඇතිනේ, එයාලා වෙනුවෙන් මේ ගැන පොඩි සටහනක් දාන්න.

Command Prompt එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ java එහෙමත් නැත්නම් C# නේ නේද? ඒ වගේ පරිගණක ක්‍රමලේඛණ භාෂා වල තියෙන Console application එක run වෙන්නේ මේ Command Prompt එක මතයි. ඒ කොහොම උනත් Command Prompt එක කියන්නේ Microsoft ආයතනයෙන් ලබාදෙන CLI එක, ඒ කියන්නේ Command Line Interpreter එකයි. මොකක්ද මේ Command Line Interpreter එක කියන්නේ?

අපේ පරිගණකයේ තියෙන Operating System එක හරි වෙනත් Softare එකක් හරි පරිගණකය හ සම්බන්ධ කරන එක්තරා විදියක ක්‍රියාවලියක් තමයි Command Line Interpreter එක. මේ ක්‍රියාවලියේ දී අපට අවශ්‍ය කරන tasks සිද්ධ කෙරෙන්නේ අපි විසින් type කරන commands හරහා වීම මෙහි තියෙන විශේෂත්වයක්. ඒවගේම මේක text-only interface එකක් කිව්වොත් තවත් නිවැරදියි. OS/2, Windows CE , Windows NT
කියන Operating Systems පාදක කරගෙන තමයි මුලින්ම මේ Command Line Interpreter එක හඳුන්වා දෙන්නේ. එතැන් පටන් අද අපි භාවිතා කරන Windows 7 දක්වා ම Command Prompt එක භාවිතයට ගැනෙනවා.

මේ තමයි tricks....

1. systeminfo

මෙමඟින් අපේ පරිගණකයේ පහත විස්තර දැනගන්න පුළුවන්.

Host Name
OS Name
OS Version
OS Manufacturer
OS Configuration
OS Build Type
Registered Owner වගේ තව ගොඩාක් විස්තර තියෙනවා.

2. driverquery

අපේ පර්ගණකයේ මෙතෙක් install කරලා තියෙන සියලුම drivers වල විස්තර මෙයින් පෙන්නුම් කරනවා.

3. ipconfig

අපි වැඩ කරන පරිගණකයේ Ip address එක බලාගන්න පුළුවන්.

4. tasklist

පරිගණකයේ මේ මොහොතේ run වෙන සියළුම process බලාගන්න.

5. taskkill /im programnames.exe /f

… run වෙන process එකක් (im programnames.exe) නවත්වන්න පුළුවන්.

ඉතින් ඔයාලත් try කරලා බලන්න, සමහරවිට නොදන්න ඒවා එහෙමත් ඇතිනේ...මොනාහරි ගැටළුවක් ආවොත් Comment එකක් දාන්නකෝ....

3 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්, මම හිතන්නේ තව ගොඩක් command තියෙනවා. පුළුවන්නම් ඒවත් හොයල දාන්න. හැමෝටම වැදගත් වෙයි.

    ReplyDelete
  2. තව තව කමාන්ඩ් ගොඩක් තියනවා .. මම වැඩියෙන්ම කැමති නෙට්වර්කින් පැත්තේ කමාන්ඩ් වලට ඒව ටිකක් දාන්න ...

    මේවත් නියමයි .. මම දැනං උන්නේ නැති ඒව තමයි සේරම ..

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !