දිලුම් සොහොයුරා ගේ අවසන් කටයුතු ගැනයි මේ...



සයිබර් අවකාශයේ ආදරණීය ඉලංදාරියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු ව ගොසින් අදට හරියට ම දින තුනකි. ආදරණීය දෙමාපියන් ගේ, එකම සොයුරාගේ, ළබැඳි මිතුරන්ගේ සෝ සුසුම් නොඅසමින් දෝ හේ නිසල ව උඩුකුරු ව සයනය කරමින් සිටියි. නිබඳ සොවින් වැළපෙන ආදරණීය අම්මා ගේ විලාපය ඔහුට ඇසෙන්නේ නම්.... නැඟී සිටින්නට හේ දෙවරක් නොසිතනු ඇත. ඔහුගෙන් පිය වදනක්, සිනහවක් නොලැබූවෙකු නොමැති තරමට රැස් ව සිටින ජනී ජනයා හුදෙක් ම එයට සාක්ෂි දරනු ඇත. අඳුරු මරු නුඹ පැරදුව ද සොඳුරු නුඹ කිසි කලෙකින් වත් අපේ මතකයෙන් ඈත් නොවන්නේම ය. සහෘදයන්ගේ හදවත් තුල ඔබ ඉතිරි කල මතකය කවුරු කෙලෙස නම් පුරවන්නද????
…
…දිලුම් ආදරණීය සොයුරා ගේ නිසල දේහය දැනට අංක 27 බී, කැලුම් සෙවණ, කොටුවේගෙදර, මාතලේ දරන නිවසේ තබා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට( සෙනසුරාදා ) දින සවස 2ට මාතලේ පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව ඇත.
…
…ආදරණීය දිලුම් අය්යේ, මේ ගෞතම බුදු සසුන තුලදී ම උතුම් වූ නිවන අවබෝධ කරන්නට ඔබට හැකිවේවා........!

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඉලංදාරියා නික්ම ගිය වගයි..... ( එනව නම් පාර මෙහෙමයි )



ඉලන්දාරියා හෙවත් දිලුම් දිසානායක සොයුරා අප වෙතින් සදහට ම සමුගෙන ගොසිනි. හිතවත් අහිතවත් අපි බොහෝ දෙනෙකුට ළබැඳි මිතුරෙකු, සොහොයුරෙකු වූ දිලුම් අය්යා ආයේ අපි අතරට පැමිණ සිනාසෙන්නේ නැත. අප හා සෙනෙහසින් කතා නොකරනු ඇත. සොඳුරු මිනිසුන් බොහෝ කල් ජීවත් නොවෙන වග නැවත වරක් පසක් කරමින් දෝ ඔහු අපෙන් සමුගෙන ගොසිනි. අප සියලු දෙනාටම මෙය තරමක් ඇදහීමට අපහසු ආරංචියක් වුව ද අප යතාර්ථයට මුහුණ දිය යුතු වෙමු.
ඊයේ රාත්‍රියේ ඔහු මියගිය අතර ම ඔහුගේ නිසල දේහය මාතලේ, කොටුවේගෙදර ඥාති නිවසක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් විසින් තීරණය කර ඇත. ඔහුගේ අවසන් කටයුතු බොහෝ දුරට සෙනසුරාදා දිනයේ දී සිදු කිරීමට ඉඩ ඇත. බ්ලොග් අවකාශයේ සොයුරන් බොහෝ දෙනෙක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙතැයි අපේක්ෂා කරන අතර ම ඒ සඳහා එන මාර්ගය පහත පරිදි වේ. මාතලේ නගරයට පැමිණ උඩුපිහිල්ල- මාතලේ බසයක නැඟි කූඹියන්ගොඩ නගරයෙන් ( රු 10/ 3 km) බැස කොටුවේගෙදර පාරේ කිලෝමීටරයක් පමණ පයින් එනවිට නිවස හමු වේ.

ආදරණීය දිලුම් අය්යේ ඔබට නිවන් සුව....

(මොනාහරි දැනගන්න තියෙනවනම් 0718123159 ( ලහිරු ) call එකක් දෙන්න.)

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලෝකයේ විශාලතම වාහන....


අද අපූරු ඡායාරූප තුළින් අරන් එන්නේ Mover වර්ගයට අයත් ලෝකයේ දැනට භාවිතා වන විශාලතම වාහන පිළිබඳවයි. බලන්නකෝ කොහොමද කියලා.....










7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Bitdefender USB Immunizer සමඟින් pen drives සුරක්ෂිත කරගන්න...



Bitdefender USB Immunizer කියන්නේ අපේ USB devices, autorun-based malware වලින් ආරක්ෂා කර දෙන වැඩසටහනක්. Autorun පාදක වූ වෛරස සහ malwares තමයි USB pen drives භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටළුව. හැමදෙනාටම වගේ පොදු පරිගණක භාවිතය කරන්න වෙන නිසා ඒක තවත් සංකීර්ණයි. ඉතින් මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි Bitdefender USB Immunizer.
…
…මෙහි තිබෙන Immunize option එක මඟින් තමයි USB storage device එක autorun-based malware එකට එරෙහිව ක්‍රියාත්මක කරවන්නේ. USB storage device එක වෛරස සහිත පරිගණකයකට සම්බන්ධ කලත් අදාල malware එකට ඊට අවශ්‍ය කරන autorun.inf file එක නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව Immunize Computer slider option එක මඟින් USB device එකේ autorun පහසුකම On/Off කිරීමේ හැකියාව ලබාදෙනවා. දැනටමත් USB device එක වෛරස ආසාදනයකට ලක්වී ඇත්නම් එය සම්බන්ධ කරන පරිගණකයට autorun වීම මඟින් වෛරසය පැතිරීම වළක්වාලනවා.
…
…ඉතින් ඔයාලත් කැමතිනම් පහත සබැඳියෙන් Bitdefender USB Immunizer බාගත කරගෙන බලන්න කොහොමද කියලා.....
…
…Bitdefender USB Immunizer

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නියම Folder Lock එකක් ගෙනාවෝ....!



නියම file encryption software එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ... ඔයාලගේ USB Drives වල CDs/DVD වල තියෙන අත්‍යාවශ්‍ය රහසිගත තොරතුරු, මුරපදයක් මඟින් ආරක්ෂා කරගන්න මේක නියම භාණ්ඩයක්. මේ S/ware එක Windows 7.0, Vista, XP, 2000 වලට වගේම ඒවගේ 64-bit වලටත් හොඳට වැඩ. අද වෙනකොට ලෝකේ පුරා මිලියන 15 කට වඩා මේක බාගත කරගෙන තියෙනවා. ඒකෙන්ම පේනවා නේද Folder Lock එකේ ජනප්‍රියත්වය හා විශ්වාසනීයත්වය...!

S/ware එක ඇතුලේ වෙන්නේ මෙහෙම දෙයක්. Folder Lock එක මගින් නිර්මාණය කරනවා encrypted storages. (Encryption කියන්නේ මොන වගේ දෙයක් ද කියලා ගොඩක් අය දන්න නිසා මම ඒ ගැන කියන්න යන්නේ නෑ). ඒකට කියන්නේ 'Locker' එකක් කියලා. ඒ 'Locker' එක ඇතුලට ඕන දේවල් දාලා lock කරන්න. 'Locker' එකේ තියෙන විශේෂත්වය තමයි ඒක හදලා තියෙන්නේ portable විදියට, ඔයාට ඕන නම් ඒක email කරන්න වුනත් පුළුවන්. ඒවගේම 'Locker' එක ස්ථාපනය කළාට පස්සේ කොහොමවත් delete, rename, move කරන්න බෑ.

Users ලා ගොඩාක් ඉන්නවා නම් විවිධ මුරපදයන් ගෙන් 'Lockers' ගොඩාක් හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමයි නේද! අනිත් file encryption softwares එක්ක බලන කොට අලුත් විශේෂාංග රැසක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ අතර
…
…1. Hack monitoring
2. Stealth mode
3. Data shredding
4. Auto protection
5. Portable USB autoplay support
6. History cleaning
7. Virtual keyboard

හොඳයි කියලා හිතෙනවා නම් බාගත කරගෙන බලන්න. මෙන්න සබැඳිය...
…
…Folder Lock v6.5.8 With Serial Key

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !