කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ රැඳී ඉන්නවා කියලා සමහරු කියනවා. කෙනෙක් මිය ගියාම ඒකෙනාට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු යි එහෙමත් නැත්නම් නිවසේ දී නොකළ යුතුය කියලත් හිතන අය ඉන්නවා. ඒ අතරෙදි තවත් සමහරු මෙහෙම හිතනවා.... ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පටන්ගත්තොත් ඒ අය ඒ පින් දෙන අයට කරදර කරන්න පටන් ගන්නවා, ඒක හරියට කොහෙවත් තියෙන කරදර ගොඩක් ඇඟට දාගන්නවා වගේ වැඩක් කියලත්. මේ ගැන විස්තර ඇතුව කියන්න කලින්..... පොඩි කථාවක් කියන්න හිතුවා.
සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා තවුස්දම් පුරන්න යන අතරවාරයේ රජගහ නුවරට යනවා පිඬු පිණිස. මේ තවුසාගේ ශාන්ත ඉරියව් කෙරේ පැහැදුන මගධාධිපති බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා රාජ්‍යයෙන් කොටසක් බාරගන්න. නමුත් තමන්ගේ උතුම් වුණ එක ම අරමුණ සිදුහත් තවුසා පැහැදිලි කළාට පස්සේ බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා බුද්ධත්වයෙන් පස්සේ රජගහ නුවරට වඩින්න කියලා. ඒ අනුව බුද්ධත්වය ලබලා මාස කීපයකින් තම ශ්‍රාවක පිරිසත් පිරිවරාගෙන රජගහ නුවර බලා වැඩම කළා. වැඩම කරලා නගරයට ගව් තුනක් එපිටින් තිබුණු වනයේ විශාල නුග රුකක් මුල වැඩ හිටියා. ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ තම රාජධානියට වැඩම කළ බව ආරංචි වුණ බිම්බිසාර රජතුමා, තමන් හමු වන්නට ඇවිත් හිටපු මහාලී කියන ලිච්ඡවි රජතුමාත්, තව විශාල පිරිසකුත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බණ අහලා, පැහැදිලා, ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණ බිම්බිසාර රජතුමා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පහුවදා රජ මාළිගයේ දහවල් දානයට ආරාධනා කළා.
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට, දවල් දානය පිරිනමලා තෘප්තිමත් සිතින් රෑ නින්දට ගිය රජතුමා රෑ මැදියමේ භයානක හීනයක් දැකලා අවදි වුණා. නිරුවත් විරූපී අමනුස්සයන්(ප්‍රේතයන්) පිරිසක් තමන් වට කරගෙන කෑගසා විලාප කියමින් අඳෝනා නඟන හැටි රජතුමා දැක්කා. පහුවදා උදේ ම බුදුරජාණන් වහන්සේ දකින්නට ගිය රජතුමා මේ සිහිනය දැන්නුවා. බිම්බිසාර රජතුමා ඒ දැක්කේ ඉතා ඈත ආත්මභාවයක නෑදෑයන් පිරිසක් බවත්(කාශ්‍යප බුදුන් සමයේ ), අමනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා දුක් විඳින ඒ පිරිස රජතුමාගෙන් පින් බලාපොරොත්තු වන බවත් බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. බිම්බිසාර රජතුමා පසුවදාත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා රජමැඳුරට වඩමවාගෙන, ඉතා ගෞරවයෙන් ආසනවල වඩා හිඳුවලා ප්‍රණීත ලෙස දානය පිරිනමලා, දුකට පත් වෙලා ඉන්න තම නෑදෑයන් සිහි කරලා පින් දුන්නා.
කල්ප ගණනාවක් තිස්සේ තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරන තුරු බලා සිටි ප්‍රේතයන්, රජතුමා දන් පැන් පිරිනමලා පින් අනුමෝදන් කරන විට තමන්ගේ සා පිපාසා සන්සිඳුවාගත්තා. වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරද්දි ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. එදා රාති‍්‍රයේ දිව්‍යමය ආහාරපානයෙන් තෘප්තිමත් වෙලා, දිලිසෙන ඇඳුම් පැලඳුම් දරාගෙන ඔවුන් රජතුමා ඉදිරියේ සිහිනෙන් නැවතත් පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ එදා දවල් දානය වළඳා අවසානයේ රජතුමාටත්, රැස් ව සිටි මහ සෙනඟටත් ධර්මය දේශනා කළා. ඒ දේශනාව තමයි ‘තිරොකුඩ්ඪ සූත්‍රය’ හැටියට ඛුද්දක නිකායේ දැක්වෙන්නේ.
අරහත් ඵලයට පත් නොවුණ ඕනෑ ම කෙනෙක් උපත් හතරක් කරා යන්න පුළුවන් නේ. ඒ තමයි මව් කුසක, බිත්තරයක, තෙත් පරිසරයක් හෝ ඕපපාතික විදියට. මෙතනදි ඕපපාතික උපත් ලබන අය විදියට ගොඩක් වෙලාවට හඳුන්වන්නේ දෙවියන්, බ්‍රහ්මයන් සහ ප්‍රේතයන් ව. නමුත් ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන්ගෙන් වැඩිවශයෙන් පින් බලාපොරොත්තු වෙන්නෙ දුක් සහිත ලෝක වල ඉපදුණ ප්‍රේතයන්. වරක් තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ විදියට දේශනා කරනවා. "ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය ". මේකෙන් පැහැදිලි වෙන්නෙ මැරුණට පස්සේ පින් ලැබෙන්නත් යම් කිසි පිනක් තියෙන්න ඕන කියලයි. හැබැයි මෙයින් අදහස් වෙන්නෙ නැහැ අපි පින් අනුමෝදන් කරන හැම මියගිය ඥාතියාට ම පින් ලැබෙනවා කියලත්.
ඒක වෙන්නෙ මෙහෙමයි. කෙනෙක් මියගිහින් නැවත් මිනිස් ලෝකයේ ඉපදුණොත්, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඉපදුණොත් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන පින ඒ අයට ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම සතර අපායට, ඒ කියන්නේ නිරය, අසුර, තිරිසන් ආදී ලෝක වල උපත ලැබුව අයටත් මේ පින් අනුමෝදන් කළාට ලැබෙන්නෙ නැහැ. ඒ අය තමන් කළ කර්මය අවසන් වෙනතාක් ම ඒ ලෝක වල දුක් විඳිනවා. ප්‍රේත ලෝකයේ උපත ලබාගත් අයට විතරක් මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේත ලෝකයේ උපන් හැමෝටමත් එහෙම පින් ලබාගන්න හැකියාවක් නැහැ. ප්‍රේතයන් අතරත් විවිධ වර්ග ඉන්නවා. සිරුර තුළ දැල්වුනු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති නිජඣාමතණහික පේ‍්‍රතයෝ, මළමූත්‍ර, සෙම් සොටු පමණකුත් නොලබා, බුද්ධාන්තර ගණන් සා පිපාසා දෙකින් පෙළෙන ඛුප්පිපාසික පේ‍්‍රතයෝ, පස්ගොඩ, කුණුගොඩ, අසූචි වල, කඳු බෑවුම් ආදි අපිරිසුදු තැන්හි උපදින, ගැවසෙන පංසු පිසාචක පේ‍්‍රතයෝ, අන් අය දෙන දෙයින් (පිනෙන්) ජීවත්වන පරදත්තුපජීවික පේ‍්‍රතයෝ, සඳ හිරු එළියක් යන්තම් හෝ නොලබා තද ගණඳුරෙන් වැසුණු, අතරක් නැති තද සීතලෙන් පෙළෙන උන්ගේම සිරුර සිඳ බිඳ හූරා දමන සා දුකින් පෙළෙන කාලකඤජ පේ‍්‍රතයෝ, තුන් ගවු පමණ උස් වු සිවියෙන් සමින් නහරෙන් පමණක් වැසුණු ලේ මස් නැති ඇටසැකිලි දරණ අටඨසංඛලික පේ‍්‍රතයෝ, ඇට නහර වැසු සම පමණකුත් ඇති කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇති මංසපිණ්ඩිත පේ‍්‍රතයෝ ... ආදි වශයෙන් වෙන විවිධ වර්ගවල ප්‍රේතයන් අතරින් පරදත්තුපජීවික පේ‍්‍රතයන්ට පමණක් මේ ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් දෙන පින් අනුමෝදන් වෙන්න, හොඳ උපතක් කරා ගමන් කරන්න හැකියාවක් තියෙනවා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අනුමෝදන් කරන පින ලබන්න සුදුසු කවුරුත් ම හිටියෙ නැත්තම් මොනවද වෙන්නෙ කියලා. මේ ආත්මයේ තමන්ට එහෙම ඥාතීන් නොසිටියත් මේ සසර පුරාවට ම සැරිසරන කාලයේදි තමන්ට ඥාතීන් කොයිතරම් නම් ඉන්න ඇතිද? තමන්ගේ ඥාතී නොවුණ කෙනෙක් නැති තරම්. ඉතින් ඕන තරම් ඒ වගේ ඥාති පිරිස් ප්‍රේත ලෝක වල ඉන්නවා. ඒ පින් එතකොට ඒ අයට අනුමෝදන් වෙනවා සැකයක් නැතුවම. අපි තව කාටහරි පින් අනුමෝදන් කළා ම අපි රැස් කළ පින් අඩු වෙනවද කියල ත් කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒක එහෙම වෙන්නෙ නැහැ, හරියට ම කියනවනම් පහන් දැල්ලකින් තව පහනක් දැල්වුවා කියලා මුල් පහනේ දැල්ලට බලපෑමක් නැහැ වගෙයි.
දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...
දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...
අපි පින් අනුමෝදන් කලාම මියගිය ඥාතීන්ට ඒ පින් අනුමෝදන් වෙනවද කියන එක මට කාලයක් තිස්සෙ තිබුන ගැටලුවක්. බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට...
ReplyDeleteඑහෙනම් අන්තිම ෆයිනල් විභාගෙ හොඳට කරන්නකො:) සුභ පැතුම් ලහිරු!!!!
කෙටියෙන් ම කියනවනම් හැමෝටම අනුමෝදන් වෙන්න බැහැ කියන එකයි. මම හිතන්නේ උත්තරේ ලැබෙන්න ඇති නේද?
Deleteමම අහන්න යන්නේ නම් ටිකක් වෙනස් දෙයක් !මව් කුසක ,බිත්තරයක තෙත් පරිසරයක් හෝ ඕපපාතික මේ කියන හතරෙන්නේ කෙනෙක් උපත ලබන්න පුළුවන් .ඒක සිද්දවෙන්නෙත් කෙන කෙනා ගේ පව් පින් අනුවනේ .ඒ කියන්නේ කලින් සංසාරයේ ආත්මභාව ලබපු අයනේ .එතකොට මේ විශ්වයේම ජීවත් වෙන්නේ (කුමන ආත්මභාවයක් ලබා හෝ )කලින් ආත්මභාවයක් ලබපු අය පමණක්ද ?එතකොට අලුත් ආත්මභව ඇතිවන්නේ නැද්ද ?ඒ වගේම සංසාර චක්‍රයේ කෙනෙකුට මුල්ම ආත්මභාවය ලැබුනේ කොහොමද ?
ReplyDeleteරෙහානි ඔයා ඔය නමින්ම මේ මුළු කාලෙටම
Deleteබිලියනයක් විතර ඉපදිලා ඇති..ඔකොට කූඹි
වෙලා කොච්චර ඉපදිලා ඇත්ද ? ඇති උන දේ ගැන
බුදු හාමුදුරුවොත් කියල නැහැලු...ඒ කියන්නේ ආභස්සර
බ්‍රහ්ම ලෝකෙට ආවේ කොහෙන්ද කියන දේ..හොයන්න එපා
කියන්නත් මොනවා හරි විශේෂ හේතුවක් ඇති .
මෙන්න මෙතන ටිකක් බලන්න..
මේ අනිත් ඒවා වගයක් මට හොයා ගන්න බැහැ රෙහානි මෙහෙම ඒවා ගොඩක් ඇති ..
ඊට පස්සේ මට කියන්නකෝ
ඔතන හරියටම කෙලින්ම ඔයා අහන දේට උත්තර
නැති උනත් ඒක බලල ඉන්නකෝ..
පළමුවෙනි ප්‍රශ්නයට නම් උත්තරේ ඔව් කියන එකයි. මම දන්න විදියට නම් අලුතින් ආත්ම භාව ඇතිවෙන්නෙ නැහැ. නමුත් අර්හත්වයට පත්වීම වැනි කාරණා නිසා අඩුවීමක් නම් වෙනවා. ජීවීන්ගේ උපත ගැන බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළා. ආභස්සර බ්‍රහ්මලෝකයේ දී ආලෝකය විදියට පවතින කොටස් පෘථිවි රස ආහාරයට ගැනීම හේතුවෙන් භෞතික ශරීරයක් ලබාගන්නවා කියලා කෙටියෙන් කියන්නම්, පුළුවන් වුණොත් ඒ ගැන ඉස්සරහට ලියන්නම්කෝ. Silentsahan කියනවා වගේ ම විශ්වයේ උපත ගැන සෙවීම නිශ්ඵල කාරණයක් කියලයි(නිවන පිණිස උපකාර නොවනා) බුදුන් වහන්සේ දේශනා කරන්නේ....
Deleteඅලුතින් ආත්ම භාව ඇති වෙනවාද කියන එක මටත් තිබුන ප්‍රශ්නයක්. එහෙම ඇති වෙන්නේ නැත්නම් විශ්වයේ තියන ආත්ම භාව ගණන ඉතාමත් සෙමින් උනත් අඩු වෙන පැත්තට විතරයි නේද යන්නේ (රහත් වීම නිසා). ඒත් විශ්වයේ උපත ගැන හිතුවම ඒක පැහැදිලි කරගන්න බෑ. ඒ ආත්ම මුලින්ම ඇති උනේ කොහොමද කියන එක. විශ්වයේ උපත ගැන හිතන්න එපා කියන කාරණාව හින්දා ඒ හැම ප්‍රශ්නයක්ම එතන හිර වෙනවා.
Deleteඔව්, හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ දේවල් ගැන දැනගෙන හිටියත් සාමාන්‍ය මිනිස්සුන්ට නිවන කෙරෙහි බලපෑමක් එයින් නැති නිසා තමයි ඒ ගැන හිතන්න එපා කියලා දේශනා කරන්න ඇත්තේ. එක අතකට බැලුවම වැඩකට නැති දෙයක් තමයි...
Deleteරෙහානිගෙ ප්‍රශ්ණයට පිළිතුරක් හෙට ලියන්නම් ලහිරු පුතා මේ ටිකේ දහසක් වැඩ.
Delete
Deleteමාත් ඕව ගැන මහ දෙයක් දන්නේ නැහැ හොදද ?
මෙවගේත් වැරදි ඇති .මන් නම් හිතන්නේ බුදු හාමුදුරුවෝ
ඒක ගැන නොකියන්න ඇත්තේ මහ බය හිතෙන දෙයක්
වත් ඇත්ද දන්නේ නැහැ..සමහර විට හයියෝ මේ මුකුත්
කරලා වැඩක් නැහැ වගේ දෙයක් අපිට දැනෙන නිසාද දන්නේ
නැහැ , එහෙමත් නැත්නම් ඒක මහ සංකීර්ණ දෙයක්ද දන්නෙත්
නැහැ අපිට තේරෙන්නැති..මාත් ඒක ගැන නම් හිතන්නේ නැහැ .
( ඒත් නිකන් ආසයි ආසයි වගේ..) අලුතින් හැදෙනවද කියන්න නම්
දන්නේ නැහැ සයුරි n ලහිරු..අනේ මන්ද ටිකක් ඒ ගැන හිතද්දීත්
බරයි වගේ..සමහර විට අප්‍රමාන පිරිසක් ඇති වෙනවද දන්නෙත් නැහැ
මොහොතක් මොහොතක් ගානේ.අනේ මන්ද එපා කියන ඒවා කරන්න
අපි හරි දක්ෂයි නේද :)?
අපෙත් sir කෙනෙක් ඉන්නවා ඔය දේ ගැනමයි හිතන්නේ ..
" ඒක එහෙම කියල බැහැනේ ශාන් මේක පටන් ගත්ත තැනකුත්
තියෙන්න එපැයි , නැත්නම් අවසනෙකුත් තියෙන්න බැහැ "
කියල නිව්ටන්ගේ තියරි දානවා ඕක තමා මේ විශ්වයේ
සරලම තියරිය කියල...
පස්සේ පස්සේ මන් හෙමීට කතාවෙන් වැළකුණා .එයාට ඕන
අඩුම තරමේ පන්සිල් වත් රැකගෙන ඉන්න නෙවේ මේකේ
සුල මුල හොයල උප්පු කරන්න...අපි මේ නිකන් ඔහේ කතා
කලාට කමක් නැහැ කොලු කමට ..
එහෙම බලනකොට ඉතින් අපි කරන බොහොමයක් දේවල් නිවනට වැඩක් ඇති දේවල් නෙමෙයි. ඒත් ඒවායින් වැළකිලා ඉන්න එක මිනිස් ස්වභාවයත් නෙමෙයි.
Deleteමිනිස් ස්වභාවය නෙවෙයි කියලා කියන්නත් බැහැ, මොකද සිත කියන දේට නැතුව තමන්ට ඕන විදියට සිත හසුරුවාගන්න පුළුවන් අය මේ ලෝකේ හිටියා වගේ ම දැනටත් ඉන්නවත් ඇති. ඒක තීරණය වෙන්නෙ තම තමන්ගේ අවශ්‍යතාවය සහ අවබෝධය අනූව. උදාහරණයක් විදියට විශාඛාව අවුරුදු හතේදි සෝවාන් වෙලා පස්සේ මිථ්‍යාදෘෂ්ඨික සැමියෙක් එක්ක විවාහ වෙලා දරුවන් විස්සකුත් ලබලා ඒ දරුවෝ විසිදෙනාගේ දරුවෝ හාරදාස් ගණනකටත් රැකවරණය දීලා යහපත් ගෘහ ජීවිතයකුත් ගෙව්වා. ඒක කොයිතරම් ප්‍රායෝගික ද වෙන්නෙ ඒ ඒ පුද්ගලයා අනුවයි. හැබැයි කෙනෙකුගේ සාමාන්‍ය සිතේ ස්වභාවය ඕක නම් කවදාවත් ගැලවීමකුත් නැහැ...(අපි කරන වැඩකටයුතු අතරේ නිවනට පාර හදාගන්න එක අපි ම කරන්න ඕන දෙයක්, මොකද අපි සසරේ දුක් විඳිද්දි අපිට උදව් කරන්න කාටවත් ම බැරි නිසා! )
Delete// මොකද සිත කියන දේට නැතුව තමන්ට ඕන විදියට සිත හසුරුවාගන්න පුළුවන් අය මේ ලෝකේ හිටියා වගේ ම දැනටත් ඉන්නවත් ඇති.//
Deleteඇති ඇති :)
මමනම් මිනිස්සු කියලා අදහස් කරේ මේ අපි වගේ පෘථග්ජන මිනිස්සු ගැන.
පෘථග්ජන කියන එකේ අදහස මේ වගේ දෙයක්... පෘථග්ජනයා ගැන විග‍්‍රහය හරියට දන්නවා නම් සාමාන්‍ය ලෝකයා ඒ වචනය පාවිච්චි කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ‘‘මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා මව් නො මරයි, පෘථග්ජනයා මව් මරයි. ආර්ය ශ‍්‍රාවකයා පියා නො මරයි, පෘථග්ජනයා පියා මරයි. ආර්ය ශ‍්‍රාවකයා රහතුන් නො මරයි, පෘථග්ජනයා රහතුන් මරයි. ආර්ය ශ‍්‍රාවකයා සංඝභේදය නො කරයි, පෘථග්ජනයා සංඝභේදය කරයි. ආර්ය ශ‍්‍රාවකයා ද්වේෂ සිතින් බුදුරජුන්ගේ ලේ නො සොලවයි, පෘථග්ජනයා ද්වේෂ සිතින් බුදුරජුන්ගේ ලේ සොලවයි” කියලා. ඒ කියන්නේ පෘථග්ජනයා ආනන්තරීය පාප කර්මය කරයි, ආර්ය ශ‍්‍රාවකයා නො කරයි කියන එකයි. ඒ නිසා අක්කේ මේ පෘථග්ජන කියන වචනය පාවිච්චියේදි පරෙස්සමෙන්....ඒක හරියට තමන් ගැන අනිත් අයට කරන හැඳින්වීමක් වගේ. අක්කා ඒ වචනේ කියන්න ඇත්තේ තේරුම නොදැන වෙන්න ඕන කියලා හිතුණ නිසයි මෙහෙම කිව්වේ!
Delete//මමනම් මිනිස්සු කියලා අදහස් කරේ මේ අපි වගේ පෘථග්ජන මිනිස්සු ගැන
අක්කා එහෙම හිතලා කියන්න ඇති කියලා කිව්ව නිසා තමයි මම අන්තිමේට කිව්වේ කෙනෙකුගේ සාමාන්‍ය සිතේ ස්වභාවය ඕක නම් කවදාවත් ගැලවීමකුත් නැහැ...(අපි කරන වැඩකටයුතු අතරේ නිවනට පාර හදාගන්න එක අපි ම කරන්න ඕන දෙයක්, මොකද අපි සසරේ දුක් විඳිද්දි අපිට උදව් කරන්න කාටවත් ම බැරි නිසා! ) කියලා :D
//අක්කා එහෙම හිතලා කියන්න ඇති කියලා කිව්ව නිසා තමයි මම අන්තිමේට කිව්වේ කෙනෙකුගේ සාමාන්‍ය සිතේ ස්වභාවය ඕක නම් කවදාවත් ගැලවීමකුත් නැහැ...(අපි කරන වැඩකටයුතු අතරේ නිවනට පාර හදාගන්න එක අපි ම කරන්න ඕන දෙයක්, මොකද අපි සසරේ දුක් විඳිද්දි අපිට උදව් කරන්න කාටවත් ම බැරි නිසා! ) කියලා//
Deleteඔව් මම කිව්වේ එහෙම හිතලා තමයි. එහෙම අයගේ සාමාන්‍ය සිතේ ස්වභාවය ඕක තමයි. ඒක නෑ කියනවනම් ඒක හරිම අභව්‍ය දෙයක්.
//අපි කරන වැඩකටයුතු අතරේ නිවනට පාර හදාගන්න එක අපි ම කරන්න ඕන දෙයක්//
මේ දේ කෙසේ වෙතත් බහුතරය කරන්නේ මේක නෙමෙයි කියලා මල්ලි නොදන්නවා වෙන්න බැහැ. මම උනත් දැනට කරන්නේ මේක නෙමෙයි. ඒකයි මටත් අර වගේ දේවල් ගැන කුතුහලයක් ඇති වෙන්නේ.
නිවන වැඩක් වෙන දේවල් ගැන විතරක් හිතලා හැමෝම වැඩ කරානම් මේ ලෝකය අද තියන තැන නැහැ. නිවන පැත්තෙන් බැලුවොත් අපි කරන ගොඩක් දේවල් කිසිම තේරුමක් නැති වැඩ.
"පෘථග්ජන" වචනේ ගැන කිව්වොත් මම ඔයා කියපු තේරුම කිසිම විදියකින් දැනගෙන හිටියේ නැහැ. මම අදහස් කරේ මාර්ග ඵල නොලබපු අය කියන තේරුම. ඒක වැරදි බව පේනවා. ඒත් මම දන්නා විදියට හැමෝම ඔය වචනේ පාවිච්චි කරනවා මම අදහස් කරපු තේරුම ගන්න. එහෙම තැන් දැක්කම ඔයා ඒක නිවැරදි කරනවානම් තවත් හොඳයි. මොකද ඒ වචනේ ඒ තරමටම බහුලව භාවිතා වෙනවා වගේම ඒක භාවිතා වෙන්නේ වැරදි අර්ථයකින්නම් ඒක ලොකු ප්‍රශ්නයක්.
//මේ දේ කෙසේ වෙතත් බහුතරය කරන්නේ මේක නෙමෙයි කියලා මල්ලි නොදන්නවා වෙන්න බැහැ
Deleteඒකයි අක්කේ මම කිව්වේ බහුතරය එහෙම වුණත්, අපිට සසරේ දුක් විඳින්න වුණොත් අපිට උදව් කරන්න ඒ කාටවත් ම (අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දරුවෝ.. ) බෑ කියලා. ඒ හින්දා පින නිසා ම ලැබුණ මේ ජීවිතය පහුරක් කරගෙන එතෙර වෙන්න පුළුවන් නම් සසරින් ඒ කෙනා තමයි දිනුවා වෙන්නෙ.
//මම උනත් දැනට කරන්නේ මේක නෙමෙයි. ඒකයි මටත් අර වගේ දේවල් ගැන කුතුහලයක් ඇති වෙන්නේ
ඒක ලොකු ප්‍රශනයක් නෙවෙයි අක්කේ, ඒ නිසා තමයි මම විශාඛාවගේ උදාහරණය කිව්වේ. ඇය ගෘහ ජීවිතය වගේ ම ධර්මයත් හරියට කළමණාකරනය කළ කෙනෙක්. ඒ නිසා උවමනා නම් හැම පැත්තක් ම බැලන්ස් කරගන්න එක ඒ තරම් අමාරුවෙන එකක් නැහැ :D
//ඒකයි අක්කේ මම කිව්වේ බහුතරය එහෙම වුණත්, අපිට සසරේ දුක් විඳින්න වුණොත් අපිට උදව් කරන්න ඒ කාටවත් ම (අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දරුවෝ.. ) බෑ කියලා. ඒ හින්දා පින නිසා ම ලැබුණ මේ ජීවිතය පහුරක් කරගෙන එතෙර වෙන්න පුළුවන් නම් සසරින් ඒ කෙනා තමයි දිනුවා වෙන්නෙ. //
Deleteඅයි නෝ :) සසරින් එතෙර උනොත් තමයි දිනන්නේ කියලා කොයි තරම් දෙනෙක් දැනගෙන හිටියත් ඒක ක්‍රියාත්මක කරන්නේ අතලොස්සයි. කී දෙනෙක් අද මේ පෝස්ට් එක කියවලා "ඔව් මේක ඇත්ත තමයි" කියලා ගියත් ඊ ළඟ මිනිත්තුවේ ඉඳං ඒ අය යන්නේ කලින් ගිය පාරෙමයි. අපි තාමත් යහපත සලසගන්න උත්සාහ කරන්නේ ලෞකික ජිවිතයට.
අනිත් එක ඔයා මට විශාකා ගේ උදාහරනේ කිව්වට ඇය සෝවාන් උන කෙනෙක්. මම ඊට වඩා ගොඩක් පහල කෙනෙක්. එතනට යන්න උත්සාහ කරන්න තරම්වත් මගේ අරමුණක් නෑ. ඔයා පුලුවන්නම් මාර්ගඵල ලබපු ඇය ගැන කතා කරන්නේ නැතුව අපි වගේ සාමාන්‍ය අය ගැන කතා කරන්නකෝ :)
//දෙමව්පියන් හරියට ධර්මය ඇල්ලුවෙ නැත්තම් ඉබේම දරුවන්ට ඒ වැරදි ආභාෂය යනවා//
දෙමව්පියන්ට වැරැද්ද දාන්න එපා ලහිරු. මේ වචනේ තේරුම දැනගෙන නොහිටියා කියලා ධර්මය පිහිටලා නෑ කියන්න එපා. මේක ඉස්කොකෙලේදිවත් හරියට උගන්වන දෙයක් නෙමෙයි. එහෙනම් එතනයි නිවැරදි වෙන්න ඕන.
//මේ වගේ පුංචි දේවල් තව කොයිතරම් ඇතිද අපි හරියට නොදන්න... ඒ නිසා මම නම් හිතන්නේ අපි ගවේෂණශීලි වෙන්නෝන //
ඔව් ඕන තරම් දේවල් තියනවා. ඒකට බුද්ධ ධර්මය විතරක් නෙමෙයි අනිත් හැම ක්ෂේත්‍රයම අයිතියි. ඔයා මේ ක්ෂේත්‍රය ගැන ගවේෂණශිලියි වගේම අනිත් අය වෙනත් ක්ෂේත්‍ර ගැන ගවේෂණශීලි ඇති. වෙන්න ඕනා එහෙම ක්ෂේත්‍රයක් ගවේෂණය කරලා ඒ ගැන නිපුන වෙච්ච කෙනෙක් ඒවා නොදන්නා අයගේ වැරදි හරිගස්සන එක.
සමාවෙන්න ඕන හිත රිදුණා නම්. මම එතනදි දෙමව්පියන් ගේ වැරදි කියලා අදහස් කළේ ඒ වචනය ගැන නොදැනීම ගැන නෙවෙයි. මිනිස්සු සර්ව සම්පූර්ණ නොවෙන තාක් කල් හැමෝම ළඟ වැරදි තියෙනවා, ඒ දේවල් දරුවන්ටත් යන්න පුළුවන් කියලයි අදහස් කළේ. මගේ දෙමව්පියන් ළඟ, මම ලඟත් පොදුවේ වැරදි දේවල් තියෙනවා, අන්න ඒ දේවල් ගැනයි මම කිව්වේ, හැබැයි මට පස්සෙ හිතුණා මම ඒ කියලා තියෙන විදියට එහෙම අදහසක් නෙවෙයි එන්නෙ කියලා, ඒ නිසා ඒක ඩිලීට් කරලා එද්දි Reply ඇවිත් ඉවරයි :)
Delete//එතනට යන්න උත්සාහ කරන්න තරම්වත් මගේ අරමුණක් නෑ
මම නම් හිතන්නෙ අන්න එතනයි ගැටළුව. මොකද මාර්ග ඵ්ල ලැබුව ලෝකෙ යම්තාක් පිරිස් ඇද්ද ඒ අය හැමෝම එතනට ආවේ උත්සහය නිසාමයි. කවුරුවත් උපතේදි ම මාර්ගඵල ලබාගෙන ආවේ නැහැනේ. සසරේ අනතුර දැකලයි උත්සහවත් වුණේ. ඒ නිසා අපි වගේ සාමාන්‍ය අය කරන්න ඕන දේ තමයි උත්සහවත් වෙන එක. මාර්ගඵල නොලැබුවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ කෙනාට පුළුවන් ශ්‍රද්ධාව දියුණු කරගන්න. එතකොට ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී(පෘතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා/ සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා ) කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා ධර්මය ඉගෙනගෙන ධම්මානුසාරී කෙනෙක් වුණොත් මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කරන්න පුළුවනි මේ භවයේදි බැරි වුණත්!
මගේ මතය තමයි සසරේ බිය දැක්ක/ දකින කෙනෙක් නම් තමන් දැනට නිරත ක්ෂේත්‍රයට අමතර ව විමුක්තිය කියන දේ ගැන විවාදයක් නැතුව ම ගවේෂණශීලි විය යුතුයි කියන එක.
බුදුරජාණන්වහන්සේ තව තැනක දේශනා කරනවා ‘අස්සුතවා පුථුජ්ජනෝ’ කියල. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අරියානං අදස්සාවී, අරිය ධම්මස්ස අකෝවිදෝ, අරියධම්මේ අවිනීතෝ කියන ලක්ෂණ ඇති කෙනා අශ‍්‍රැතවත් පෘථග්ජනයා කියලයි. ඒ කියන්නේ ධර්ම ශ‍්‍රවණය නො ලැබූ, ආර්ය ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මෙන්නේ නැති කෙනාට තමයි පෘථග්ජන කියන වචනය පාවිච්චි කළේ....
//…මම නම් හිතන්නෙ අන්න එතනයි ගැටළුව//
Deleteඔව් මමත් දන්නවා එතන තමයි ගැටලුව කියලා. අපි වගේ සාමාන්‍ය අය කරන්න ඕනේ ඒ සඳහා උත්සාහවන්ත වෙන එක උනාට ඒ දේ කරන්නේ එහෙමත් කෙනෙක් කියලයි මම කිව්වේ.
//මගේ මතය තමයි සසරේ බිය දැක්ක/ දකින කෙනෙක් නම් තමන් දැනට නිරත ක්ෂේත්‍රයට අමතර ව විමුක්තිය කියන දේ ගැන විවාදයක් නැතුව ම ගවේෂණශීලි විය යුතුයි කියන එක.//
මේකට කියන්න තියෙන්නෙත් මම කලින් කියපු දේම තමයි.
//ඒ කියන්නේ ධර්ම ශ‍්‍රවණය නො ලැබූ, ආර්ය ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මෙන්නේ නැති කෙනාට තමයි පෘථග්ජන කියන වචනය පාවිච්චි කළේ//
එතකොට ඔයා කලින් කිව්වා මෙහෙම දෙයක්
//පෘථග්ජනයා ආනන්තරීය පාප කර්මය කරයි//
එතකොට මේ අර්ථදැක්වීම් දෙකක්ද?
//මිනිස්සු සර්ව සම්පූර්ණ නොවෙන තාක් කල් හැමෝම ළඟ වැරදි තියෙනවා, ඒ දේවල් දරුවන්ටත් යන්න පුළුවන් කියලයි අදහස් කළේ//
මේක පොදු සත්‍යයක්. හැබැයි ඒක ඔයා මෙතන ලිව්වම ඉබේම අර වචනය නොදැනීමේ ප්‍රශ්නයට ආදේශ වෙනවා කියලත් තේරුම් ගන්න.
ඔව්, බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කියන වචනය දෙවිදියකට තැන් දෙකකදි දේශනා කරලා කරලා තියෙනවා. හැබැයි මම නම් දකින්නෙ නැහැ එකේ පරස්පර බවක්. ඒක අර්ථ දැක්වීමකටත් වඩා පෘථග්ජනයාගේ ලක්ෂණ කියලා තේරුම් ගත්තනම් හරි. කෝණ දෙකකින් දැක්ක දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ.
Delete//මේකට කියන්න තියෙන්නෙත් මම කලින් කියපු දේම තමයි
…මට හිතෙන්නෙ මම කියන්න හදන දේ අක්කට තාම තේරුණේ නැහැ කියලා. මම කියන්නේ මේ විමුක්තිය සඳහා වෙන උත්සහය බොහෝ දෙනාට පහසු නැහැ, මිහිරි නැහැ, ප්‍රියජනක දෙයක් නෙවෙයි. (කවුද කැමති ලැප් එක දාගෙන ෆිල්ම් එකක් බලනවට වඩා එක තැනකට වෙලා භාවනා කරන්න? -ඒකයි මිනිස් හිතේ ස්වභාවයා ඒ නිසා හරියට තිත්ත බෙහෙතක් ප්‍රතික්ෂේප කරනවා වගේ ඒ සඳහා උත්සහ නොකර ඉන්න එකයි බහුල. බෙහෙත තිත්ත නමුත් ඒකෙන් සුවය ලැබෙන බව දැන්ගෙන බෙහෙත බොන්නෙ/ බොන්න උත්සහ කරන්නේ අල්පයයි. ඒ හින්දා අනිත් අය ගැන නෙවෙයි තමන් ගැන ම හිතලා උත්සහවත් වෙන්න ඕන, ඒ සුළු පිරිස අතරට යන්න ඕන කියලයි මම කියන්නෙ :)
චේල සූත්‍රයේ තැනක මේ වගේ තියෙනවා...
…වරක් බුදුරජාණන්වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කළා.
“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රයට ගිනි ඇවිලූණහොත්, හිස හෝ ගිනි ගත්තොත් එවිට කුමක් කළ යුතුද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇඳ සිටින වස්ත‍්‍රයට හෝ හිසට ගිනි ඇවිලූනහොත් ඒ ගින්න නිවා දමන්නට අධික උත්සාහයක්, බලවත් වීරියක්, බලවත් කැපවීමක් ගත යුතුය. ගින්න නොපැතිරීම පිණිස බලවත් සිහියක්, නුවණක් උපදවා ගත යුතුය.”
“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රය හෝ හිස හෝ ගිනි ගත් කෙනෙක් එය නොසලකා, සිහි නොකර, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි උත්සාහ කළ යුත්තේ. බලවත් ලෙස කැපවිය යුත්තේ. සිහියත්, නුවණත් උපදවා ගත යුත්තේ.”
//මේක පොදු සත්‍යයක්. හැබැයි ඒක ඔයා මෙතන ලිව්වම ඉබේම අර වචනය නොදැනීමේ ප්‍රශ්නයට ආදේශ වෙනවා කියලත් තේරුම් ගන්න
…ඒ නිසා ම තමයි මම ඒක ඩිලීට් කළේ , හැබැයි ඒ වෙද්දි ඒක හැමෝම දැකලා ඉවරයි :P
//ඔව්, බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කියන වචනය දෙවිදියකට තැන් දෙකකදි දේශනා කරලා කරලා තියෙනවා//
Deleteහ්ම්ම් එහෙමද?
//හැබැයි මම නම් දකින්නෙ නැහැ එකේ පරස්පර බවක්//
ඇයි නැත්තේ. ඔයා පස්සේ හඳුන්වපු විදිය අනුව අපේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා පෘථග්ජනයෝ. හැබැයි මුලින් කියපු විදිය අනුව ආනන්තරීය පාප කරන්නන් පෘථග්ජනයෝ වෙනවා. මෙතන තව පොඩ්ඩක් හොයල බලන්න.
//මට හිතෙන්නෙ මම කියන්න හදන දේ අක්කට තාම තේරුණේ නැහැ කියලා//
මේ දේ තමයි හැමදාම වෙන්නේ. මම කියන දේ ඔයාට තේරෙන්නෙත් නැහැ. :) විමුක්තිය සොයා යාම බොහෝ දෙනෙක්ට ප්‍රිය නැති නිසා තමයි ඔවුන් ඒක නොකර ඉන්නේ. ඔයා කිව්වට ඒක තමයි කළ යුතු කියලා ඔවුන්ව ඒ මාර්ගයට ගන්න එක ගලක් පෙරලනවට වඩා අපහසුයි. ඒ බහුතරය ගැනයි මම කියන්නේ. මමත් ඇතුළු ඒ බහුතරය හිතන පතන විදිය ගැනයි මම කතා කරේ. (ඔවුන් වෙනස් විය යුතුයි කියන දේ වෙනම කාරණාවක්)
දිගින් දිගටම පෙනී යන විදියට ලහිරු සහ මම සංවාදයට නුසුදුසු දෙන්නෙක්. ඒ නිසා ගොඩක් දුරට ඔයාගේ බ්ලොග් එකේ මේ වගේ සංවාද වලට සහභාගී වෙන එක අඩු වෙයි ඉදිරියට. අහිතක් නොහිතන්න :)
//…ඒ නිසා ම තමයි මම ඒක ඩිලීට් කළේ , හැබැයි ඒ වෙද්දි ඒක හැමෝම දැකලා ඉවරයි :P//
ලියන්ට පෙර සිතා බලන්න :P
නෑ නෑ...................... එතැනදි මව මරයි, පියා මරයි කියන්නේ මරන කෙනා පෘථග්ජනයා කියන අදහස නෙවෙයි, පෘථග්ජනයා අතින් ඕනෑම වෙලාවක කලින් කිව්ව විදියේ ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන් අවදානම තියෙනවා කියන එකයි. ඒකට හේතුව ධර්ම ශ‍්‍රවණය නො ලැබූ, ආර්ය ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මෙන්නේ නැති කෙනෙක් නිසයි.
Delete//ඔවුන් වෙනස් විය යුතුයි කියන දේ වෙනම කාරණාවක්
ඒක තමයි මම දිගින් දිගට ම කියන්න උත්සහ කළේ, ඊටත් වඩා පුද්ගලික ව අපි අපිම වෙනස් වියයුතුයි කියන තැනයි මම ඉන්නෙ :)
//ඒ නිසා ගොඩක් දුරට ඔයාගේ බ්ලොග් එකේ මේ වගේ සංවාද වලට සහභාගී වෙන එක අඩු වෙයි ඉදිරියට. අහිතක් නොහිතන්න :)
ඒක අක්කගේ කැමැත්ත වගේ ම ඩෙල්ටා ප්‍රමාණයක වත් අහිතක් නැහැ :). ඒ වගේ ම තව දෙයක් කියන්න ඕන. මම බ්ලොග් ලියන එකේ අරමුණු දෙකයි තියෙන්නෙ. එකක් මගේ දැනුම දියුණු කරගන්න එක, ඊටත් වඩා තව කෙනෙකුට මේ දේවල් කියලා දෙන එක. මොකද මටත් මේ විදියට හිතන්න(ධර්මයට ) පාර පෙන්නුවේ මගේ යාළුවෙක්. මම හිතුවා ඒ වගේ තව කෙනෙක් ව ඒ තැනට ගන්න ඇත්නම් කියලා. බ්ලොග් එකට නිතර ආවගිය කෙනෙක් තමයි අක්කා. මේ බ්ලොග් එකේ වැඩියෙන් ම කමෙන්ට් කරලා ඇත්තෙත් අක්කා ම තමයි :) අක්කා අහන සමහර දේවල් මම දන්නෙත් නැතුව මම හොයලා හොයලා තමයි කියන්නේ. ඒ නිසා මේ සංවාද මටත් ගොඩක් ප්‍රයෝජනවත් වුණා පුද්ගලිකව ම. ඒ නිසා අක්කට බොහොම පින් වගේ ම ස්තූතියි මේ තරම් කල් සංවාදයේ යෙදුණට :D
//ලියන්ට පෙර සිතා බලන්න :ඵ්
ඒක නම් සහතික ඇත්ත! (y)
මට දැන් පැහැදිලියි ඇයි එපා
Deleteකිව්වේ කියල..:)
@ රෙහානි නංගි,
Deleteබුදුරජාණන් වහන්සේ මේ අති දීර්ග සසර විග්‍රහ කර ඇත්තේ මේ සංසාරය අනවරාග්‍රයි, සංසාරය ගැන සීමා පනවන්නට බැහැ කියලයි. ලෝක විශය අචින්ත්‍යයයි, ඒ ගැන සොයන්න ගියොත් කෙලවරක් දකින්නට නම් ලැබෙන්නෙ නැහැ. ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය අවසන් නොවන ගමනක්. ආරම්භයක් හෝ කෙළවරක් දැක ගන්නට බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුනු දෙයක් තණ්හාවෙන් බැඳුනු මේ සතවයන් සුගති ලෝකවල දුගති ලෝකවල සැරිසරමින් යන මේ ගමනේ මුල් කෙළවරක් දැක ගැනීමට අපහසු බව උන්වහන්සේ වදාළා. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ආරම්භක කෙළවරක් හෝ ලෝක සත්වයන්ගේ ජීවිතවල ආරම්භක කෙළවරක් හෝ දැකිය නොහැකිබව පෙන්වා දුන්නා. සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ මහපොළව මුල් කොට වදාල සූත්‍ර දේශනාවේ උපමාවකින් පෙන්වා දෙනවා - "පිංවත් මහණෙනි, එකතරා පුරුෂයෙක් මේ මහ පොළවේම පස් පොඩි පොඩි වෙරළු ගෙඩි ප්‍රමාණ්යට ගුලි කර , මේ තමයි මාගේ පියා , මේ පසුගිය භවයේ පියා, මේ ඊට කලින් භවයේ පියා ආදී වශයෙන් වෙන් කළත් , තමන්ගේ සංසාරේ පියවරුන් ඉවර වෙන්නේ නෑ, නමුත් මේ මහපොළවේ පස් ඊට කළින් ඉවර වෙලා යනවා කියලා. ඒ වාගෙම මව් වරුන් පිළිබඳවත් උපමාවක් වදාලා. " පින්වත් මහණෙනි, එකතරා පුරුෂයෙක් මේ දඹදිව්තලයේම යම්තාක් තණ , දැව දඬු අඟල් හතරේ කැබලි වලට කපා මේ මාගේ මව්. මේ මාගේ පෙර භවයේ මව්, ආදී ලෙස ගෙන කැබලි අයින් කරත්දී, ඒ කෙනාගේ මව්වරු පාර්ශවය ක්ෂය නොවී තිබියදීම දැව දඬු කොළ ආදිය ක්ෂය වෙලා අවසන් වෙනව" කියල .
ඉතින් ඔබට පෙනෙනවනේ මේ සසර ඉපදෙමින් මැරෙමින් යන ගමන අති දීර්ග සංසාරයක් බව. මේකෙ ආරම්භක කෙළවරක් නැති උනාට අපිට පැහැදිළිවම අවසානයක් දකින්නට පුළුවන් නංගි. මේ දීර්ඝ සසර අවබොධයෙන්ම කළකිරීම තමයි වටින්නෙ. ඒ සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයම පුරුදු කල යුතුයි. එයින් නිදහස්වීම තමයි අපි විසින් කල යුත්තේ. මේ සඳහා ගිහි ජීවිත ගෙවන අපි අඹු දරුවන් පෝෂණය කරමින්, පවුල් රකිමින්, රැකී රක්ෂා කරමින්, තම යුතුකම් ඉටු කරමින් ජීවිතය අවබෝධය කර ගන්නාවූ ධර්මය ශ්‍රවණය කල යුතුයි. මේ සදහා පෙන්වා දෙන්නෙ මොණරෙකු තම පිළ් කළඹ උසුලාගෙන යන්නාසේ අපි සසර ගමන් කරන්නෙ. නමුත් මුණිවරයා හංසයෙකු සේ බොහොම සරලව මේ සසරෙන් එතෙරටම යනවා කියලයි.
මේ තමයි අපිට කරන්න තියෙන දේ . සැමට තෙරුවන් සරණයි!
අවසාන වශයෙන්...ඔන්න මට ඕන තැනට ඇවිත්
Delete//නෑ නෑ...................... එතැනදි මව මරයි, පියා මරයි කියන්නේ මරන කෙනා පෘථග්ජනයා කියන අදහස නෙවෙයි, පෘථග්ජනයා අතින් ඕනෑම වෙලාවක කලින් කිව්ව විදියේ ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන් අවදානම තියෙනවා කියන එකයි.//
ඒ කියන්නේ මම කලින් මේ වචනේ පාවිච්චි කරපු එක වැරදි නෑ, හරි. ඔයා කිව්වට ඒක පරෙස්සමෙන් පාවිච්චි කරන්න කියලා, අපිව හඳුන්වන්න ඒ වචනේ යොදා ගන්න මේ අනුව පුළුවන්. ඒ මොකද පෘතග්ජනයෙක් (පුහුදුන් අයෙක්) කියන්නේ ආනන්තරීය පාප කර්ම කරන කෙනෙක් නෙමෙයි, ඔහු අතින් ඒවා විය හැකියි කියන එක එකනේ (ඔයා දැන් කියන විදියට). එහෙම බලනකොට මාර්ගඵල නොලැබූ ඕනෑම කෙනෙක් අතින් ඒවා සිද්ධ වීමේ අවධානමක් තියනවා, ඔවුන් මොනයම් විදියකින් හරි මාර්ගඵල වලට යනතුරු. කොටින්ම කිව්වොත් "capable".
ඒ හින්දා දැන් මට පෙනී යන පරිදි සාමාන්‍ය මිනිස්සු හඳුන්වන්න ඒ වචනේ පාවිච්චි කරාට වරදක් නෑ. එහෙම බෑ කියලා ඔයා තාමත් කියනවනම් මේ ගැන වගකිවයුත්තෙක්ගෙන් අපි අහන්නම ඕන කියලා මට හිතෙන්නේ.
ඩෙල්ටා ප්‍රමානයකවත් අහිතක් නැත්නම් බොහොම හොඳයි :)
// ඊටත් වඩා තව කෙනෙකුට මේ දේවල් කියලා දෙන එක//
ඔව් බොහොම හොඳ දෙයක්. මේ ගැන ගවේෂණය කරපු කෙනා අනිත් අයට කියල දෙන්න ඕනේ. ඒ අතින් මේ බ්ලොග් එක කරන්නේ සමාජ සත්කාරයක්. නිකන් වල්පල් විතරක් ලියන්නේ නැතුව සමාජයට යමක් දෙන බ්ලොග් එකක් නිසා ඒකෙ කතෘට ලොකු වගකීමක් තියනවා. ඒ හින්දා මේ සංවාද වලදී ගොඩක් පරෙස්සම් වෙනවනම් තවත් හොඳයි. මොනවහරි වැරදියි කියන්න කලින් ඒ ගැන ඉතාමත් හොඳින් හොයලා බලන්න. මේ වගේ වෙලාවල්වල ආවේගෙන් කමෙන්ට් කරන්න එපා. මම කියන්නේ නෑ ඔයා එහෙම කරා කියලා. ඒත් එහෙම කරොත් හිත් රිදෙන දේවල් සහ තමන්ගේ මතය ඔප්පු කිරීම සඳහා වැරදි කරුණු කියවෙන්න ඉඩ තියනවා.
ඔන්න මගේ මල්ලිට කියනවා වගේ කිව්වා. :) ඒ ගැන අහිතක් හිතන්නත් එපා.
ම්ම්ම්... වැරැද්දක් නැත්තෙත් නෑ, ඇත්තෙත් නෑ :) ඇයි දන්නවද එහෙම කියන්නෙ? බුදුරජාණන් වහන්සේ දේශනා අගය කළ දෙයක් තමයි පෘථග්ජනයෙක් වෙනවට වඩා ආර්ය ශ්‍රාවකයෙක් වෙන එක. ඊටත් වඩා අගය කළා ...... රහත් වෙන එක. සමාන්‍ය කෙනෙකුට ලේසියෙන් ම කරන්න පුළුවන් දෙයක් තමයි ආර්ය ශ්‍රාවකයෙක් වෙන එක. ඒක කරන්න නම් ධර්මය ශ්‍රවණය කරන්න ඕන, එහි හැසිරෙන්න ඕන, ධර්මයේ හික්මෙන්න ඕන. ඒක හරිම ලේසි දෙයක් නේද? එහෙම වුණොත් ඒ කෙනා අතින් ආනන්තරීය පාපකර්මය වෙන අවදානම නැහැ. ඉතින් ඇයි අපි පෘථග්ජනයෙක් වෙලා ඉඳිමින් ඒ අවදානම ගන්නේ? මොකද බැරිවෙලාවත් අපි අතින් එහෙම වුණොත් ආයෙ ගොඩ ඒමක් නම් නැහැ. ඒ නිසා මම අක්කව නිවැරදි කරන්නම් මාර්ග ඵල නොලැබුවත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් මේ දේවල් වෙන්නෙ නැහැ. කෙනෙක් කිව්වොත් මම තාමත් පෘථග්ජනයෙක් කියලා (නොදැනීමෙන් හෝ ) ඒක අහන කෙනාට හිතෙන්නෙ එහෙනම් මේ කෙනා ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි, ධර්මය අහන්නෙ නැහැ, එහි හික්මිලා නැති කෙනෙක්, ආනන්තරීය පාපකර්ම වෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඒකයි මම කිව්වේ ඒකෙන් හරියට කෙනෙක් ව හඳුන්වනවා වගේ කියලා. අක්කා වැරදි නැත්තේ ඒ හඳුන්වාගැනීම පුද්ගලානුබද්ධ වෙන නිසායි. ඒ ඒ කෙනාටමයි තීරණය කරන්න පුළුවන් තමන් කවුද කියන එක.
Deleteඒ වගේ ම මේ දේවල් ගැන දන්න කාගෙන් හරි අහන එක හොඳයි. මොකද ඒ කාලේ මේ විදියෙ සංවාදයක් ඇතිවුණා.
බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි ආනන්ද ස්වාමින් වහන්සේ මේ විදියට අහනවා. ‘ස්වාමීනි, මේ ශාසනයෙන් අඩක් ම රඳා පවත්නේ කල්‍යාණ මිත‍්‍රයා නිසා නේ ද?’ බුදු රජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් වදාළේ, ‘ආනන්ද, එහෙම කියන්න එපා! ආනන්ද, එහෙම කියන්න එපා. සම්පූර්ණ මේ ශාසනය ම රඳ්‍ර පවතින්නේ කල්‍යාණ මිත‍්‍රයා නිසායි’ කියලා. ඒ නිසා අපිට හරි මඟ පෙන්නන්න නම් කළ්‍යාණ මිත්‍රයෙක් හරිම වැදගත්!!!
ආයෙත් කියනවා හිත රිදුණ දෙයක් කියවුණා නම් සමාවෙන්න කියලා, මොකද කාගෙවත් හිත රිදවන අදහසක් නැතිවුණත් අපි කරන කියන දේවල් වලින් එහෙම වෙන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන් ම දන්නවා. ඒ නිසා ඔන්න මගේ ම අක්කා කිව්වා වගේ මම ඒ දේවල් හිතට ගත්තා (මොකද මට අක්කා කෙනෙක්වත් නංගි කෙනෙක්වත් නැහැ :D :D) ඒ වගේ ම වැරදි, අඩුපාඩුත් තියෙනවනම් ඉස්සරහටත් පෙන්නලා දෙන්න. සමහර වෙලාවට වචන හැසිරවීමේදී මම කියන්න අදහස් කරන දේ සහ කියවන්නා ගන්න අදහස අතර යම් යම් වෙනස්කම් ඇතිවෙන්න පුළුවන් නේ...
මාත් අහල තිබුන ප්‍රේතයන්ට පමණයි පින් ලබාගන්න පුළුවන් කියනඑක.
ReplyDeleteඔව්, හැබැයි හැම ප්‍රේතයන්ටමත් නෙවෙයි :)
Deleteබොහොම පිං! ලහිරු පුතා, කමෙන්ට් නොකලට කමක් නෑ, විභාගෙ තෙරුවන් සරණින් හොඳින් කරන්න ලැබේවා! කියල පතනවා.
ReplyDeleteස්තූතියි ඔබතුමියට!
Deleteලෝක විනාසෙත් ළගයි කියන එකේ මේ පෝස්ටුව කාලීනයි. රෙහානි අහල තියන දේ ගැන මොකද අදහස.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඔන්න මම රෙහානිට කිව්වා ඒ ගැන :D
Deleteමරණින් මතු...
ReplyDeleteඅපි කොයි විදියට ඉපදෙයිද දන්නේනෑ නේද ලහිරු. කුසලට පමා නොවෙවූ කියලා කියමනක් අහලා තියෙනවානේ.
අන්තිම ෆයිනල් එක ඉහලින්ම ගොඩ දා ගන්න හැකියාවක් ලැබේවා!
Deleteස්තූතියි සහෝ!
Deleteනොදන්න දේවල් ගොඩක් දැනගත්තා.
ReplyDeleteවිභාගයට ජය පතමි!
ස්තූතියි :D
Deleteමාත් ඔය ප්‍රේතයෝ ගැන නම් අහල තිබුනා...... වටිනා පොස්ට් එකක් ලහිරු....
ReplyDeleteවිභාගයටත් ජය....!
ප්‍රේතයෝ ගැන කියවගෙන යද්දී සංසාරයේ තියන බියකරු බවයි මට කල්පනා වුනේ.. ස්තුතියි ලහිරු විභාගය ළඟ තියද්දීත් මේ වගේ වටිනා දේ බෙදා දෙන එකට.. කමෙන්ට් නොකලට කමක් නෑ.. විභාගය ගොඩ දා ගන්න.
ReplyDeleteජයවේවා!!
ඇත්තට ම මගේ එක අරමුණක් තමයි ඒක මේ වගේ සටහන් ලියන එකේ... සතුටුයි මගේ උත්සහය ටිකක් හෝ සාර්ථක වීම ගැන!
Deleteඑක වතාවක් බණකටත් කිව්වා පෙරේත ආත්ම වල ඉන්න අයට විතරයි පින් ගන්න පුලුවන් කියලා.සත්ව ආත්මෙක ඉපදුනොත් පින් ගන්න බෑ ය කියලත් ඒ බණේම කිව්වා.
ReplyDeleteමේ ලිපිය නම් ගොඩක් වටිනවා. වෙලාවක අපේ අප්පොච්චත් කියනවා උන්දෑ තාත්තව දැක්කයි අම්මව දැක්කයි කියලා.එතකොට පොඩිවට දානයක් ලැහැස්ති කරලා දෙනවා.
ඒක නම් හොඳ වැඩක් තමයි. අපිට පුළුවන් හැටියට ධාර්මික ව දෙන එක තමයි සුදුසු!
Deleteනියමයි ලහිරු. ඔය මිය ගිය අයට පින් ලබාදීම ගැන විවිද මැති මතාන්තර තිබෙනවා. ඒවා නැතිවෙලා යන්නත් එක්ක මේ පොස්ටුව වැදගත්
ReplyDeleteඔව්, හැමෝම එක අදහසකට එන එක කොයිතරම් නම් වටිනවද...
Deleteම්..පළවෙනියටම හොඳට කරන්න පුළුවන් වෙන්න විභාගෙට සුභ පැතුම්..
ReplyDeleteමට නම් හිතෙන්නෙ ඔයවගේ ප්‍රේතයෝ වෙලා ඉපදෙන්නෙ නැතිව මේ ආත්මෙදි පුළු පුළුවන් විදිහට පින් දහම් කලා නම් අනිත් අයගේ පින් දිහා බලන් ඉන්න ඕන නෑනෙ..
ස්තූතියි අක්කේ...
Deleteඅක්කගේ අදහස වටිනවා, හැබැයි ක්‍රියාත්මක කරන පිරිස නම් අඩුයි, හරියට ක්ෂණික නූඩ්ල්ස් වගේ!
මෙක නම් වටිනා ලිපියක්... එත් මම මගෙ තාත්තව හිනෙන් දකින්න ආසයි එත් තාම දැකලා නැ... :-(
ReplyDeleteමම මලයගේ කථාව කියෙව්වා. තාත්තගේ ගුණ ගැන හිත හිතා නින්දට ගියොත් සමහර විට පෙනෙන්න පුළුවනි...
Deleteබැංකු ගිණුම් වලින් සල්ලි හොරෙන් ගන්නවා වගේ තමන් රැස් කරපු පව් අනික් අයගේ ගිණුම් වලට දාලා එයාලගේ පින් තමන්ගේ ගිණුමට දාගන්න පුළුවන් වුනා නම් විනාශයක් වෙන්නේ.. පෙරේත ආත්ම ගැන මම එක එක කතා අහලා තියනවා..
ReplyDeleteදෙවියන්ට පින් ලබා ගන්න බෑ එත් අපිට දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදම් කරන්න පුළුවන් කියලා කතාවක් තියනවා නේද ලහිරු අයියේ. එතකොට පෙරේතයින්ට විතරක් නෙමෙයිනේ පින් අනුමෝදම් කරන්න පුළුවන්..
අන්තිම ෆයිනල් එක ගොඩ යන්න පුළුවන් වේවා ලෙසටම
මෙච්චර පෙරේතයෝ වර්ග ටිකක් ඉන්නවා කියලා අදනේ දන්නේ ඈ.....
ReplyDeleteලහිරු, ස්තුතියි. පින් අනුමෝදන් කිරීම එච්චරම සරල දෙයක් නෙමෙයි වගේ. හරියටම 'ග්ලැසියරයක් ' වගේ. නොපෙනෙන දේවල් ගොඩක් වැඩියි කියලයි මට හිතෙන්නේ. "පින් අනූමෝදන් කරන්න පුලුවන් නං ඒවගේම පව්ත් අනුමෝදන් කරන්න පුලුවන් වෙන්න ඕන නේද ? හාමූදුරුවනේ " කියල අහලා එකදවසක් බැණුම් අහලත් තියෙනවා . අනිත් එක මියගිය ඤාතිවරුන්ගේ නම් ලිස්ට් එක. බැරි වේලාවත් නමක ' ඉනිශීයල් ' එහෙම වැරදුනොත් වෙන කෙනෙකුගේ ' එකවුන්ට් ' එකකට මේ "පින" යයිද? කියල පොඩි සැකයකුත් හිතෙනවා. අනේ ලහිරු, 'පව්කාරයා ' කියල බනින්න නං එපා !
ReplyDeleteඅපෝයි නැහැ, ඒක හරිම සරල දෙයක්. උදාහරණයක් විදියට ඔයා කෙනෙකුට යහපත් සිතින් ආහාරයක් දීලා ඒ පින අහවල් පුද්ගලයට අනුමෝදන් වේවා කියලා හිතද්දි සිහියෙන් කරනවනම් ඒ දේ අදාළ කෙනා ඔබට මතක් වෙනවනේ, ඉතින් ඊටත් වඩා මොනවද!!!
Deleteඇතැම් නැදයෝන්ට පින් දෙන්න තිය හිතෙන්නේවත් නැහැ.
ReplyDeleteපින් දීමේ ආනිශංස මොනවද කියල විස්තර ඇතුව දැනගත්තා. ගොඩාක් ස්තුතියි..
ඒ ඇයි? ඒ නෑදැයෝ නිසා අපේ හිත අවුල් සහගත කරගන්න ඕන නැහැ කියන එකයි මගේ නම් හැඟීම!
Deleteහැමදාමත් වගේ අපූරු ලිපියක් සහෝ..ජයම වේවා! හොඳට විභාගේ කරගන්න :)
ReplyDeleteස්තූතියි :D
Deleteඉතා ඉහලින් විභාගේ කරන්න සුභපැතුම්... ඔය කිව්ව කතාවම දවසක් බණකට ආපු ස්වාමීන්වහන්සේ නමක් දේශනා කළා... පින් ගන්න ස්ථානයක නෑදෑයෝ නොසිටියත් ඒ කළ පිනන්කමේ ආනිශංශය තමන්ටම ලැබෙනවා නේද?
ReplyDeleteඔව්, ඒ අදාළ කෙනා නොසිටියත් අපිට ඒ දේ ආපසු ලැබෙනවා.... ස්තූතියි අයියේ!
Delete//....බිම්බිසාර රජතුමා ඒ දැක්කේ ඉතා ඈත ආත්මභාවයක නෑදෑයන් පිරිසක් බවත්(කාශ්‍යප බුදුන් සමයේ )..//
ReplyDeleteමේක ටිකක් නිවැරදි වෙන්න ඕනේ අයියා. බිම්බිසාර රජතුමාට නෑදෑ වුණු මේ පිරිස ඵුස්ස බුදුන්ගේ කාලයේදී තමා බුදුන්ට පූජා කරන්න තිවුණු දානය බුදුන්ට පූජා කරන්න කලින් ආරම්භයේදීම දරුවන්ට කන්න දීලා ඊටත් පස්සේ තමනුත් අනුභව කරන්න පුරුදු වුණේ.
ඒ කරපු පව නිසා මේ 84,000 ක් වුණු පිරිස මරණයෙන් පස්සේ අපායේ ඉපදිලා බොහොම දුක් විඳලා මහා භද්‍ර කල්පය ආරම්භ වීමත් එක්කම ප්‍රේතයෝ බවට පත්වෙලා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුවරුන් සමීපයට ගිහින් සා දුක් නිවන්න කියලා ඉල්ලන්නේ. අවසානයේ ගෞතම බුදු සසුනේදී තමා ඔවුන් ඒ භවයෙන් මිදෙන්නේ.
ස්තූතියි මල්ලි හැමදාමත් වගේ මාව නිවැරදි කරනවට....
Deleteඅපුරැ ලිපියක් මචං..කරුනු ගොඩක් දැනගත්තා මොකද ඔයා ගැඹුරෙන්ම කතා කරලත් එක හුසුමට කියවන්න හැකි විදිහට හා කරැනු සරලව තේරෙන විදිහට තමයි කියල තියෙන්නේ. දනට පිනට ලැදි මිනිහට මේ ලොව හා පරලොව පිලිබදව සැක සංකා ඇති කරගන්න ඕනේ නැ. එහෙමම කිවත් ඔහු අකුසල් වලින් වැලකිම ඒ අතරිනුත් ප්‍රධානයි. නැත්නම් අර කරපු දේවලින් වැඩක් නැ.
ReplyDelete