අන්දරේ බිරිඳට කියූ කවි....

ලොකු කුඩා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසල කවටයා කියලා හැමෝම දන්නවනෙ ඉතින්. අන්දරේ ගොනා වගේ හිටිය හැටි, සීනී කෑව හැටි අපි ඇහුවේ පොඩි කාලෙනේ. ඒ වගේ ම ඔයාලා දන්නවා ඇති අන්දරේ දක්ෂ කවියෙක් බවත්. ඒ කවො ගොඩක් අහලා තිබුණට සමහර වෙලාවට හම්බවෙනවා අහලා නැති ඒවත්. බලන්නකෝ ඔයාලත් මේවා අහලා තියෙනවද කියලා.

දවසක් අන්දරේ සිය ප්‍රිය බිරිඳ සමඟ සතු‍ටු සාමීචියේ යෙදී ඉද්දි බිරිඳගෙන් අන්දරේට ඉල්ලීමක් ඉදිරිපත් වුණා ලු. ඒ තමන්ගේ රුව ගැන කවියකින් කියන ලෙස. ඒ අනුව විහිළුවක් කිරීමට හිතුව අන්දරේ ඇයගේ රුව මෙසේ වර්ණනා කළා.

හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

ඒ කවිය ඇහුව අන්දරේගේ බිරින්දෑ හඬන්නට වූ අතර ඉන් ඇගේ සිත ඉන් බොහෝ රිදුනු බව තේරුම් ගත් අන්දරේ ඇය සැනසීමට "නැහැ සොඳුර මා ඒ කීවේ කවට කමට. නුඹ ගැන නියම කවිය දැන් කියන්නම්" ලෙස සැනසුම් බස් දොඩා මේ කවිය කිව්වලු.

හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ දෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

-------------------------------------------------------------
මේ කවිය කියලා තියෙන්නෙ අන්දරේ බිරිඳත් එක්ක වලියක් ගිය වෙලාවක....

එක්වෙනදාට උක්දණ්ඩේ පැණි සේමා
වෙන් වෙනදාට යක් දෙඹරේ වද සේමා
ගොසින් ගොසින් ක‍ටු අත්තේ අග සේමා
ඉතින් ළඳේ කරවිල තිබ්බ‍ටු සේමා

නැවතත් බිරිඳත් එක්ක යාළු වෙන්න ඕන වුණා ම අන්දරේ මෙහෙම කිව්වලු.

සිත පිය වැඩුණු කල සිඹිනට රෝස මල
මගෙ පිය දෙතොල තබනෙමි නුඹෙ මුව කමල
නුඹෙ පිය වදන් සුමිහිරි ලෙස ඇසෙන කල
මම පිය කරමි නදයයි දෙන එ කෝකිල

------------------------------------------------------------

තම බිරිඳගේ රූ සපුව ගැන අන්දරේ කවියෙන් කිව්වෙ මෙන්න මේ විදියටයි.

කොළඹ කළුතර අලුත් ගම් තෙරමුනේ මාතර ගාල්ලේ වත්
සබරගමු පුත්තලම් උඩරට කොට්ටියාරම් තොටමුනේ වත්
සතර සත් කෝරළේ ඇතුළුව සියලු වැදි පත්තු හතේ වත්
නුඹසේ ලස්සන කතක් නොදුටිම් සතර වාසල් කොන් අටේ වත්

නැතිමය මෙ නුඹ වැනි කුසුමක් සුමිහිරිය
මොසමය කොවුල් හඬ නුඹෙ හඬ ඉමිහිරිය
කැළුමය දෙනුවනින් නික්මෙන නුඹෙ සිරිය
උරුමය මෙමගෙ ළය බෝ සතුටින් පිරිය

කොහොමද අන්දරේ ගේ කවි ටික. ඔන්න කසාද බැන්ද උදවියටත් උත්සහ කරලා බලන්න පුළුවන්. හැබැයි වැඩේ අල වුණොත් ඔන්න මම නම් නැතෝ!

මූලාශ්‍ර - විමල් ගමගේ මහතා විසින් රචිත "අන්දරේ" කෘතිය සහ ChannelFun ඇසුරෙනි

25 comments:

  1. අන්දරේ ගැන කවුද අහල නැත්තෙ.මමනං හිතන්නෙ අන්දරේ කියලා එකෙක් ඉන්ඩැති.ඒත් ඔය ගොඩක් කතා වෙන අයගෙ ඒවා අන්දරේ නමිං ප්‍රචාරය කරපුවා.හරියට ඇම්ඩන්ගේ කතා වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, ඒත් මම නම් ඕවට නැහැ!

      Delete
  2. වටින ලිපියක්, ඒ වගේම ලස්සන කවි,
    අන්දරෙත් ඇවිල්ලා බටර් කොම්පැණියක්.. හි හි

    ReplyDelete
  3. නියම කවි ටික ,ස්තුතියි..

    ReplyDelete
  4. Replies
    1. තිං සෝයි කීල කිව්වෙ.....:(

      Delete
    2. එහෙනම් බේරුණා කියලා හිතාගන්නවා හොඳයි!

      Delete
  5. අන්තිම කවි දෙක නම් අදමයි ඇහුවෙ. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් මේ පැත්තේ ආවට!

      Delete
  6. මේ කවි වලින් කිපයක්නම් අහල තියෙනවා ඉතිරිය දැනගත්තෙ අදයි.

    අන්දරේගෙ කවිත් ගජමන් නෝනගේ කවිවල ගතිය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එහෙමද? මම නම් ගජමන් නෝනාගේ කවි වලට ඒතරම් මනාපයක් නැහැ!

      Delete
  7. මමත් අහල තියනව මුලින් ලියල තියන කවි යුගලය. අනිත් ඒවා නම් ඇහුවෙ අදයි... ස්තූතියි...!!

    ReplyDelete
  8. අර මුල්ම කවි දෙකනම් මම කලින් අහලා තියෙනවා... අන්තිම එක්නම් ඇහුවේ අද..

    ReplyDelete
    Replies
    1. අහ්... කමක් නෑ, අන්තිම දෙක හරි තියෙනවනේ!

      Delete
  9. පට්ට කවිටික ලහිරුව්.. තැන්ක්යු බෙදාගත්තට

    ReplyDelete
  10. අවසාන කවිය කලින් අහල තිබුනේ නැහැ.

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  11. රූ මහත්තයට පෙන්නන්න ඕන මේක මටත් කවියක් කියන්න කියලා..:D
    එයා මොනවා හරි කවියක් හැදුවොත් මම ආපහු කොමෙන්ටුවක් දාන්නම් හොඳේ..

    ReplyDelete
    Replies
    1. මොන වගේ කවියක් කියයිද දන්නෑ... ඒ කවියත් දාන්න හොඳද....

      Delete
  12. අන්දරේ කියල කෙනක් හිටියා කියල්ලා මම නම් විස්වාස කරනවා..දැන් මේක දැම්මේ ඔය උත්සාහ කරලා වෙන්න ඇති නේද යාලු..?;) :P
    පුංචි කාලේ අපේ තාත්තා කියලා දුන්න අන්දරේගේ කතා එහෙමත් මතක් උනා මේක කියවලා.. ස්තුතියි හොදේ පරණ දේවල් මතක් කලාටයි වැදගත් දෙයක් දන ගන්න සැලස්සුවට...

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !