
29
Jan
2012

අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි...
26
Jan
2012

ඔන්න එකෝමත් එක රටක ගම ගෙදරක හිටියා ගමරාළ කෙනෙකුයි ගම වයිෆ් කෙනෙකුයි. දවසක් ගමරාළ ටවුන් එකට ගිහින් එද්දී ලස්සන කවරෙක දැම්ම පාර්සලයක් ගෙනාවා. වහලේ හිටිය මීයා මේ දිහා කෑදරෙන් වගේ බලාගෙන හිටියත් ගම වයිෆ් ඇවිත් පාර්සලේ කඩලා බැලුව ම තමයි මීයාට එලොව පොල් පෙනුනේ. පාර්සලේ ඇතුලේ තිබුණේ අළුත් ම අළුත් දිලිසෙන මී කතුරක්.මේ අලුත් ම ගොසිප් එක ගමගෙදර හිටිය අනිත් සත්තු ත් එක්කත් බෙදාගන්න ඕන කියලා හිතුව සමාජ සේවයට ලැදි මීයා, ඉස්සර වෙලා ම ගියේ වත්ත පහළ කුණු ගොඩක් පහුරු ගාමින් හිටිය කුකුළා...
22
Jan
2012

" ආයෙත් පටන් ගත්තා නේද බොන්න????? මම කොච්චරවත් එපා කියලා තියෙනවද ඕවා බොන්න. තේරුම් ගන්න එපැයි ඕවා හොඳ නෑ කියලා හැමවෙලේම බොන්න. හැමදාම හවස් වෙද්දි බොනවා ඇඟේ අමාරුවට කියලා. අනේ මන්දා දැන් නම් හවස් වෙද්දී ඇඟේ අමාරුවක් තිබුණත් නැතත් බොන එක පුරුද්දක් වෙලා වගේ. ඔය විදියට බොන්න ගියොත් මොන ලෙඩේ හැදිලා නවතියි ද කියලා මට නම් හිතාගන්න බෑ..." එක දවසක හවසක අම්මා පොඩ්ඩක් කෑගහනවා ඇහිලා මමත් පොඩ්ඩක් කුස්සියට ඔලුව දාලා බැලුවා කාටද මේ කියන්නේ කියලා. " අනේ පුතේ ඔයාලාවත් කියලා බලන්නකෝ...
15
Jan
2012

ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර විට ගෑණු ළමයි වුනත් හිතනවා ඇති අන්න වැඩකාරයා කියලා. ඒ කතා කොහොම වුනත් ඒ කාලේ හැටියට ෆ්ලොපියේ 1.44 MB කියන්නේ සෑහෙන ධාරිතාවයක්. ෆ්ලොපියෙ...
13
Jan
2012

පසුගිය දෙසැම්බර් මාසයේ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය මුළුමනින්ම අනාවරණය කරගැනීමට ඒ සඳහා යෙදවූ විශේෂ පොලිෂ් කණ්ඩායම සමත් වී ඇත. රජයේ ඉලක්කය වී තිබුණේ 2016 වන විට මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කරගනීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා එවැනි තත්වයක් පවතිද්දී එයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් බවට එම මරණය, බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. මන්ද යත් එයට ප්‍රාදේශීය දේශපාලඥයෙකු සම්බන්ධ බවට...
7
Jan
2012

අද දුරුතු පුර පසළොස්වක පෝය දවස නිසා මම හිතුවා අපේ යාළුවන්ට ටිකක් විශේෂ දෙයක් දෙන්න. ඉස්සරවෙලා ම කියලා ඉන්නම්කෝ අද දවසේ වැදගත්කම. මීට අවුරුදු 2600 කට කලින් අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ මුලින් ම ශ්‍රී ලංකාවට වැඩම කලේ, ඒ මහියංගනයට. ඒ ඇයි කියලා ඔයාලා දන්නවා ඇතිනේ, ඒ කතාව ඒ නිසා මම කියන්න යන්නේ නෑ. මට ඊමේල් එකකින් ලැබුණා වටින ඡායාරූප ටිකක්, ඒ ටික ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ ලෑස්තිය.…මේ වැඩ ඉන්නේ ධාතූන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ ගේ සහ රහතන් වහන්සේලාගේ . ගොඩාක් දෙනෙකුට...
6
Jan
2012

ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මැරිලා දැන් අවුරුදු දෙකකුත් ඉවර වෙලා තියෙන වෙලාවක ඇයි මේ වගේ දෙයක් කතා කරන්නේ කියන එක සමහර දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මේ ලියන්නේ කා ගැන හරි තරහින් කියලා. ම්ම්ම්.. දැන් නම් තරහක් නෑ හිතේ ලොකුවට, ඒත් මේක ලියන්න පාදක වුණ සිද්ධිය ඇහුව වෙලාවේ නම් හිතට ලොකු තරහක් දැනුණා. දැන් ඔයාලා බලනවා ඇති මොනාද වෙලා තියෙන්නේ කියලා...ඉන්න මම ඒක කියන්නයි හදන්නේ දැන්!මගේ පුංචි කෙල්ල එහෙමත් නැත්තම් ආදරණීය පෙම්වතිය, මම කියන්නේ නම්...
Subscribe to:
Posts (Atom)
14 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !