Google Headquarters පැත්තේ රවුමක් යමුද...?

ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා!


වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක?


තමන් වැඩ කරන පරිගණකයේ මොනා හරි ලෙඩක් ද? එහෙනම් මෙතනට අරන් ඇවිත් දෙන්න. ඒක හදන කල් ඕන නම් පොඩි අඩියක් එහෙමත් ගහන්න පුළුවන්!


ඈ... මල් කඩනව නේද මෙතනට ඇවිල්ලත්? ඔව් ඔව් ඒ වගේ පුද්ගලික වැඩ වලට වෙන් වුන පුංචි කැබින් හැම තට්ටුවෙ ම තියෙනවා!


වැඩ කර කර ඉද්දි ප්‍රශ්න එහෙම ඇති වුනොත් තැන, මේ තමයි පුස්තකාලය. ලෝකේ කොයිතරම් දියුණු වෙලත් Google ලා පුස්තකාලයක් තියාගන්න අමතක කරලා නෑ.


කාර්යාලයේ පුටුවේ ඉඳගෙන ඉන්න හැමවෙලාවෙම නම් අළුත් අදහස් ඔළුවට එන්නේ නෑ කියලයි Google ලොක්කෝ කියන්නේ. ඒ නිසයි මේ ලොකු boards හැමතැනම තියලා තියෙන්නේ!


මෙතන තමයි වැඩ කරන්නේ... හැම කෙනෙකුටම අඩුම තරමින් large screen දෙකක් වත් තියෙනවා අනිත් පහසුකම්වලට අමතරව! අපිට මේ එකකින් වත් වැඩ කරන්න බැරුව ඉන්නවා, එතකොට දෙකක්?


ම්ම්ම්ම්ම්... අපි ආසම තැන. ඕනම දෙයක් ඕන තරම් කන්න පුළුවන්. කෑම වගේ ම තමයි බීමත් ඕන හැටියට තියෙනවා. අපිට කියාපු තැන!


ඈ... ලිස්සන පුවරුවක් ද? ඔව් ඔව් ඒකක් තමයි. තට්ටුවකින් තවත් එකකට යන්න පාවිච්චි කරන ලේසිම ක්‍රමය තමයි මේ. බයවෙන්නෙපා, ලිෆ්ට්, පඩි පෙළවල් නතුව එහෙම නෙවෙයි!


වැඩ කර කර ඉන්න ගමන් කම්මැලි හිතුනොත් මෙතනට ඇවිත් pool සෙල්ලම් කරන්න, තව video games එහෙම ගහන්නත් හැමතැනම වගේ තියෙනවා.


වැඩ කරන අයට ඇඟේ පතේ අමාරු එහෙම හැදුනොත් මෙතනට ඇවිත් මෙතන ඉන්න වෘත්තියමය සම්බාහන කරුවන් ගේ සේවය ලබාගන්න පුළුවන් ඔන්න!

දැන් ඔයාලාට හිතෙන්නේ මොනවද කියන්නකෝ! දැන් ගිහින් ඔයාලාගේ ලොක්කට එහෙම කරදර කරන්නෙපා මේවා ඉල්ලලා...මට තියෙන ප්‍රශ්නේ තමයි මෙයාලා වැඩ කරන්නේ කොයි වෙලාවෙද කියන එක! හැබැයි වැඩ කරනවත් ඇති වැඩ කරන වෙලාවට සැරටම! නැත්තම් Google අද මේ වගේ තැනකට එන එකක් නෑනේ! ඇත්තටම බැලුවොත් ලංකාවේ තියෙන ඉහළ පෙලේ මෘදුකාංග සමාගම් වල මේ තරමටම නැතත් මීට ආසන්න තරමකට පහසුකම් වැඩ කරන අයට ලබාදෙනවා. ගෙවීම් එහෙමත් සුපිරි මට්ටමක තියෙනවා. ඒක එක්තරා විදියක උපක්‍රමයක් තමයි මේ බහුජාතික සමාගම් භාවිතා කරන, තමන්ගේ සේවකයන්ගෙන් උපරිම Output එකක් ගන්න. පහසුකම් වලට ආයෝජනය කරන එක ඒකත් එක්ක බලද්දි ලොකු වියදමක් නෙවෙයි එයාලාට! කොහොමට තියෙයිද ඒ වගේ තැනක ජොබ් 1ක් set වුනොත්...... !

9 comments:

  1. ෂා!!! හැබැයි 7 තමයි එලම වැඩේ :b

    ReplyDelete
  2. ඕකේ ඔය තරමට පහසුකම් දෙන්නේ ඒ තරමටම මරවලා වැඩ ගන්නවා ඇති. අම්මෝ මට නම් එපා ඔහොම තැනක වැඩ කරන්න.

    ReplyDelete
  3. ඒ වගේ තැනක අතු පතු ගාන කොල්ලෙක් වුණත් සැපයි බං

    ReplyDelete
  4. මේක තමයි වෙන්න ඕනි ඒත් ලංකාවෙ ඉන්න බහුතර කුහකයො ඉඩ දෙන්නෙ නෑ ඒකට...

    ReplyDelete
  5. පිනෝකියෝ සීන් එකද දන්නේ නැහැ නෙව.............. :)

    ReplyDelete
  6. ලංකාවේ කවුරුත්ම නැද්ද ඔකේ ඇතුලේ වැඩකරන?....

    ReplyDelete
  7. මැක්සා මැක්සා මචෝ!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !