ඇත්තටම මම එයාට ආදරෙයි ද...?

එයාගේ හිනාවට මගේ හිත ඇදී ලා යනවා වගේ මට දැනෙනවා ...හරි අමුතු ලස්සනක් තියෙන්නේ...... පොතක් දිගෑරගත්තත් ඒ ඇස් දෙකමයි මට මැවි මැවී පේන්නෙ.. මම සිහින ලෝකෙක අතරමං උනා... යන එන මග පුරාවටම මගේ ඇස් හෙව්වේ ම ඒ රූපේ... එයාව දකිද්දිම මගේ හද ගැස්ම වැඩි වෙනවා.... අනේ ඒ රූපේ මගේ ම වෙනවානම්..... මටවත් මාව අයිති නැති ලෝකෙක මම එහෙම පැතුවා අනේ මම වගේ මී හරකෙක්...... එයා දන්නෙවත් නෑ මම එයා ගැන හිතුව තරම්...එයා එයාගේ වැඩ පාඩුවේ කරගෙන ගියා..මම නිකම් හිතින් හදා ගත්ත ලෝකෙක අතරමං උනා... "මොකද...

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපට වැරදුනාවත් ද..?

අපි හරි නිදහසේ නේද ඉන්නෙ? අපිට කන්න හිතුණ වෙලාවට කන්න පුලුවන්. කොහෙහරි යන්න ඕන කියලා හිතුණොත් හිතෙන ඕන තැනක යන්න පුලුවන්. අද වැඩ කරන්න බෑ කියලා හිතුණොත් නිවාඩුවක් දාලා දවල් වෙනකල් නිදාගන්නත් පුලුවන්. ඉන්න හිටින්න අපේ ම නොවුණත් ගෙයක් දොරක් තියෙනව. ලෙඩට දුකට බෙහෙත් තියෙනව. අඳින්න විවිධාකාර ඇඳුම් තියෙනවා. ඉතින් අපි හරි වාසනාවන්තයි නේද? ඇත්ත. මිනිස්සු විදියට අපි හරි වාසනාවන්තයි. හැමදේම වගේ තියෙනවා. හැමදේම සර්වසම්පූර්ණ විදියට නැතත් මෙහෙම හරි ලැබෙන්න, අපි සෑහෙන්න පින් කරල...

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇයි අපි නොතෙමෙන්නේ.....

මේ දවස් වල තොරතෝංචියක් නැතුව වහිනවනේ. නියම වැඩේ කියන්නේ හැමදාම වගේ වහින්නේ ඔෆිස් එකෙන් එළියට බහින්න ඔන්න මෙන්න තියලා. ඉතින් සමහර දවස් වලට කුඩයක් තියෙන අය, නැති අය කියලා වෙනසක් නැහැ නාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ ඉතින් වැස්ස ගැන සුපුරුදු කතාව නේ. හැබැයි මේ කියන්න යන්නේ ඊට වෙනස් දෙයක්. මිනිස්සු වුණ අපි වැස්ස වෙලාවට උත්සහ කරන්නෙ මොන ම විදියකින් හරි නොතෙමී ඉන්න නේ. එක්කෝ කුඩයක් ඉහළගෙන, එහෙමත් නැත්තම් නොතෙමී ඉන්න පුළුවන් තැනකට ගිහින්, එහෙමම්මත් නැත්තම් අනුන්ගෙ කුඩයක් යටින්...

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මට්ටකුණ්ඩලී කතා වස්තුව ...

සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය සිය පුතු ගේ සිරුර තුරුළු කරගනිමින් මහත් ශෝකයෙන් යුතු ව හඬා වැටෙයි. විටෙක තමාට ම දෙස් දෙවොල් තබාගනියි. විටෙක නිවැසියන්ට ද දොස් පවරයි. "අහෝ...

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔබත් සූදානම් ද ?

සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙනු බමුණා දිටීය. ඒ වන විටත් තම සෙනෙහබර පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට එක් වී හමාර බව...

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !