අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!
අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!
කල්ප ගණනාවක් තිස්සේ තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරන තුරු බලා සිටි ප්‍රේතයන්, රජතුමා දන් පැන් පිරිනමලා පින් අනුමෝදන් කරන විට තමන්ගේ සා පිපාසා සන්සිඳුවාගත්තා. වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරද්දි ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. එදා රාති‍්‍රයේ දිව්‍යමය ආහාරපානයෙන් තෘප්තිමත් වෙලා, දිලිසෙන ඇඳුම් පැලඳුම් දරාගෙන ඔවුන් රජතුමා ඉදිරියේ සිහිනෙන් නැවතත් පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ එදා දවල් දානය වළඳා අවසානයේ රජතුමාටත්, රැස් ව සිටි මහ සෙනඟටත් ධර්මය දේශනා කළා. ඒ දේශනාව තමයි ‘තිරොකුඩ්ඪ සූත්‍රය’ හැටියට ඛුද්දක නිකායේ දැක්වෙන්නේ.
දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...
කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, ඒ අන්තර්භවය හෙවත් අන්තරාභවය කියන එක ගොඩක් ජනප්‍රිය අදහසක්. ඒ වගේ ම ගොඩක් පැරණි එකක්. හරියටම කියනවනම් අවුරුදු 2300 ක් පැරණියි. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන කාලාශෝක රජතුමාගේ කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් රේවත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව සිදුකළා. ඒකෙදි දස වස්තුව බුදු සසුනට අකැපයි කියලා තීරණය කරලා ඒ දස වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක නමින් හැඳින්වුණ භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් ධර්ම සංගායනාවකුත් පැවැත්වූවා. විශාල පිරිස් පවා අනුගාමිකයන් විදියට හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය, තවත් අනු නිකාය 17 කට කැඩිලා ගියා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය නිකාය කොටස් දෙක තමා මේ මනුලොව ඉපදෙන අයට අන්තරාභවයක් තිබේය කියලා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.
කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම. මේ විදියට තමයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඒ නිසා මේ වෙනකල් වැරදි අදහසක් එහෙම හිතේ තියාගෙන හිටියනම් ඔන්න දැන් ඒක අතාරින්න කාලය. අද ඉල් පුර පෝය දවසනේ. ඉල් පෝය දවසෙදි සිදුවුණ වැදගත් සිදුවීම් තමයි මේ.
- මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම
- ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යැවීම
- තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරවීම
- තව්තිසා දෙව් ලොව සිට මිනිස් ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහණය දේශනා කිරීම
- සැරියුත් මහරහතන්ගේ පිරිනිවන් පෑම
- පසුවස් පවාරණය
- කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය
දවසක් යහළු පිරිවරත් සමග සිටුවරයා නාන්නට ගංඟාවකට යන්න කල්පනා කරලා අවශ්‍ය දෑ සූදානම් කරගෙන ඒ සඳහා පිටත් වුණා. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි පැන් පහසු වෙමින් සිටිය මහා කච්චායන රහතන් වහන්සේ ස්නානය අවසන් කරලා ගොඩට ඇවිත් පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් තමයි හිටියේ. කච්චායන තෙරුන් කියලා කියන්නේ ඒ කාලේ මහතෙරුන් අතර වැඩසිටිය රූපයෙන් අග්‍ර ම තෙරුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට බැබළෙන රන්වන් ශරීරයක් තිබුණා. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් ඉද්දි සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රන්වන් සිරුර ක්ෂණික ව දැක්කා. එවිට සොරෙය්‍ය සිටුවරයාට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුණා. පළමු සිතිවිල්ල, අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යනුවෙනුත් දෙවැනි සිතිවිල්ල විදියට මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද කියලත්.
සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා\වසඟ වෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?
මේ වප් පෝය දවසනේ. වප් පෝය දවසේ බුදුසසුනේ ගොඩක් වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. මේ ඒ සිදුවීම්...
1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම/කඨින චීවර පූජා කිරීම
විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ), බුදුසරණ අන්තර්ජාල කලාපය
ප.ලි: අධික කාර්යබහුලකම නිසා ම කණගාටුවෙන් වුණත් පෝ දින විශේෂ සටහන වෙනුවෙන් 2011 පෙබරවාරි වල ලිව්ව පැරණි සටහනක් ආයෙම පළ කරන්න හිතුවා. (වැඩි දෙනෙක් කියවලත් නැතුව ඇති කියලා හිතනවා මං).
මිලින්ද-නාගසේන ප්‍රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය නන්ද රාජ වංශය පරාජය කරලයි. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවත්, මධ්‍යම හා දකුණු ඉන්දියාව හා බටහිර දෙසටත් බලය පතුරවන්න චන්ද්‍රගුප්ත රජතුමා සමත් වෙනවා. වර්තමාන පැට්නා හෙවත් පාටලීපුත්‍රය අගනුවර කරගෙන දුර්ධාරා කුමරියත් සමඟ විවාහ වුණ ජෛන ආගමිකයෙක් වෙන චන්ද්‍රගුප්ත රජතුමා ජෛන ආගමට බොහෝ සෙයින් අනුග්‍රහ දක්වනවා. වියපත් වීමත් එක්ක ම චන්ද්‍රගුප්ත රජතුමා තම රජකම සහ රාජ්‍යය පුත්‍රයා වුණ බින්දුසාර ට පවරා දීලා ජෛන පූජකයන් සමඟ එක් වෙනවා. පසු කාලෙක චන්ද්‍රගුප්ත රජතුමා ආචාර්ය භද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්වෙලා අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්‍රමයේ දී මරණයට පත්වෙනවා.
චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ ක්‍රි.පු. 298 දී රජකමට පත්වෙන දෙවිසි වියැති බින්දුසාර රජතුමා රාජ්‍යය තවත් පුළුල් කරනවා. මේ කාලේ වෙද්දි මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාත් බටහිරින් වර්තමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් කියන පළාත් සහ ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ දක්වා පුළුල් වෙනවා. හිතාගන්නකෝ කොයිතරම් ලොකු ඇතිද කියලා මේ අධිරාජ්‍යය... පහල තියෙන සිතියම බලන්නකෝ, තද නිල් පාටින් දක්වලා තියෙන්නෙ මෞර්ය අධිරාජ්‍යයට අයිති ප්‍රදේශය.(අශෝක අධිරාජ්‍යයා ගෙනුත් පස්සෙ ) සිතියමේ හැටියට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය, ඒ කියන්නේ චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව මෞර්ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයන් විදියට තමයි දක්වලා තියෙන්නෙ. (හැබැයි ලංකාව ඇත්තට ම ඒ කාලේ එහෙම කප්පම් දුන්නද කියලා හරියටම හොයාගන්න බැරිවුණා!). මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණා කියලා තමයි කියන්නෙ. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන්, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වෙලා තියෙනවා වගේ ම මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. බින්දුසාර රජතුමාගේ පුතුන් දෙදෙනා වූණ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් කියන නගර වල යාපා පදවි දැරුවා. (සිතියම බලන්න). ආගම් ගැන කියනවනම් බින්දුසාර රජතුමා අනුග්‍රය දැක්වුවේ ආජීවක දහමටයි. ක්‍රි.පු. 272 දි බින්දුසාර අධිරාජ්‍යයා මියයෑමෙන් අනතුරුව අනුප්‍රප්තිකයා විදියට ඊළඟට රජවෙන්නෙ බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක කුමාරයයි.
කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන විදියට අශෝක මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ. චණ්ඩාශෝක කියලා කුප්‍රසිද්ධ වෙන්නත් හේතුව ඒක ම වෙන්න ඕන. ඒ වෙනකොටත් මෞර්ය අධිරාජ්‍යයට යටත් නොවුණු කාලිංග දේශය යටත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කරන්න අශෝක අධිරාජයා සමත් වුණත් යුධ බිමෙන් නොනවත්වා ඇහෙන තුවාල වූවන්ගේ වේදනා හඬවල්, මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඬවල් රජතුමාගේ හිත කම්පනයට ලක් කරනවා. ඒ කාලේ තමයි රජ මාලිගාව ඉදිරිපිටින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ සන්සුන් ඉරියව් දැකලා පැහැදෙන්නෙ. ඒ ගැන රසවත් කථාවකුත් තියෙනවානේ. අහලා තියෙනවද මන්දා. අශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව මාළිගයට වැඩම කරවලා, තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධනා කළා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්තා. අශෝක අධිරාජයත් නිහතමානී විදියට පහත් අසුනකින් හිඳගත්තා. ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් නිසා රජතුමා අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දෙන්නත් උන්වහන්සේ ට හැකියාව ලැබුණා. ඒ වගේ ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ “ අප්පමාදෝ අමතපදං” යන ගාථාව මුල් කර ගෙන රජතුමාට ධර්මය දේශනා කරනවා. ධ‍්රමය කෙරේ පැහැදුණ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා වගේ ම ධාර්මික රජ කෙනෙක් බවටත් පත් වුණා.
ධර්මාශෝක රජතුමාගෙන් බුදුදහමට වුණ අනුග්‍රහයන් විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා, හැමෝම දන්න නිසා. ධර්මාශෝක රජතුමා ක්‍රි.පූ 232 දී මරණයට පත්වෙනවා. ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ රජකම උරුම වෙලා තිබුණ තීවර, කුණාල, ජලෞක කියන පුත් කුමාරවරුන්ට හරියට මේ සුවිසල් රාජ්‍යය පාලනය කරගන්න බැරිවෙනවා. ඒ නිසා ම රාජ්‍යය අස්ථාවර බවට පත්වෙනවා. මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්‍ර නම් සෙනවියා, ඒ කාලේ රජකළ ධර්මාශෝක මුණුපුරකු වූ බ්‍රැහැත්රථ මරා දාලා මෞර්ය වංශය සම්පූර්ණයෙන් ඉතිහාසයට එක් කරනවා. මේ නිසාම දඹදිව රාජ්‍යය කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා කුඩා රාජ්‍යයන් ගණනාවකට වෙන වෙනවා. මුලින් කිව්වා මතකද ධර්මාශෝක රජතුමාගේ සීයා වෙන චන්ද්‍රගුප්ත රජතුමා, මැසිඩෝනියානු ප්‍රදේශත් යටත් කරගත්තා කියලා. මෙහිදී චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පැරදිලා පලා ගියේ ග්‍රීකයන්. මෞර්ය රාජ්‍යය අස්ථාවරයි කියලා දැනගත්ත ග්‍රීකයනුත් මේ රාජ්‍යය ට බැල්ම හෙලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රි.පූ 200 දි විතර යුතෙමඩස් කියන ග්‍රීක රජතුමා වර්තමාන ඇෆ්ගනිස්‌තානයේ කොටසක් අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඉන්පසු රජවුණ යුක්‍රටඩීස් රජු සාගල නුවරත් යටත් කරගෙන වයඹ දිග ඉන්දියාව පාලනය කළා. එයින් පස්සේ සාගල නුවර රජකමට පත්වුණේ මිනෙන්ඩර්(මෙනැන්ඩර්) නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා. මේ සාගල නුවර කියන්නෙ වර්තමාන පකිස්‌තානයේ සියල්කොට් නගරය තියෙන ප්‍රදේශයටයි. මේ සාගලපුරය ඉතාම සශ්‍රීක රාජ්‍යයක් වුණා වගේම සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් වුණ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ආලකමන්දා දිව්‍යපුරයට තමයි සමාන කරලා හඳුන්වන්නෙ. ඒ තරම් දියුණු, සශ්‍රීක නගරයක්. මේ මිළිඳු රජතුමා අවුරුදු 20 ක් සාගල පුරවරයේ රාජ්‍යය පාලනය කළා. ඒ අතරතුරේදි තමයි මේ මිලින්ද-නාගසේන ප්‍රශ්නය ඇතිවෙන්නෙ.
ඉතා පණ්‌ඩිත ප්‍රඥවක් ඇති සියලු කටයුත්තෙයි දක්‍ෂ මිළිඳු රජතුමා සමඟ වාදයට එළැඹීම අපහසු වූ රහතන් වහන්සේලා පවා සාගල පුරවරය හැර ගියා කියලා තමයි කියන්නේ. මිලින්ද රජතුමා ඒ තරම් ම නුවණැති කෙනෙක්. ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්. කතාව කියවන්න කලින් ඒ කාලේ වටාපිටාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණ නිසා තමයි මේ විස්තර ටික දැම්මේ.
ප.ලි: ඉදිරි මාස දෙක හරිම කාර්යබහුල වෙන ලකුණු තියෙන නිසා පෝස්ට් දානකොට ටිකක් ටිකක් පරක්කු වේවි සමහරවිට!!!! උදව් කළා විකිපීඩියාව සහ හොඳ ඔක්කොම කියන අඩවියත්...
මේ දස අවුරුදු කාලසීමාවේදි ඒ මිනිස්සුන්ට ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) වගේ හැඟිම් උත්සන්න වෙනවා. ඒත් එක්ක ම තීරණාත්මක සතියක්, එහෙමත් නැත්තම් දින හතක් උදාවෙනවා මිනිස්සුන්ට. ඒ සතියෙදි මිනිස්සුන්ට ඇතිවෙනවා මිග චිත්තය කියන සිත. ඒ කියන්නේ දඩයක්කාරයෙකුට මුවෙක් දැක්කම මරන්න ඕන කියලා ඇතිවෙන හිත වගේ දෙයක්. මිනිස්සු ඒ සතිය මුළුල්ලේ ම එකිනෙකා ඇණ කොටාගෙන මරාගන්නවා. බිරිඳ, සැමියාවත් සැමියා බිරිඳ වත්, දෙමව්පියෝ දරුවන් වත් දරුවෝ දෙමව්පියන්වත් හඳුනාගන්නෙ නැතිව එකිනෙකා මරාගන්නවා. ඒ අයට තව කෙනෙක් මරන්න ඕන කියලා හිතද්දි ආයුධ අතට ලැබෙන කාලයක් තමයි ඒ. මේ සතියෙන් පස්සෙ ලෝකයේ ජීවත් වෙලා හිටිය බොහෝ දෙනා මරණයට පත්වෙනවා. පෙර ආත්ම වල කුසල් වඩලා තිබුණ ඉතා ම සුළු පිරිසක් විතරක් ජීවිත බේරාගන්නවා.
1. සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද?
2. අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2
3. සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...!
මේ ඊයේ පෙරේදා දවසක මට තිබුණා පොඩි IQ ජාතියේ ටෙස්ට් එකක්. ඒකේ ප්‍රතිඵල නම් එද්දි තව සතියක් විතර යයි. ඉතින් මේ අපූරු වීක් එන්ඩ් එකේ මොළයට පොඩි ව්‍යායාමයකටත් එක්ක, (ඔන්න මොළේට වද දෙන්න කැමති නෑ කියන්න බෑ...) මේ කතන්දර ටික කියවන්නකෝ. කියවලා කියවලා කියවලා හිතලා හිතලා හිතලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න එහෙනම්..
ප්‍රශ්න අංක එක
ඔන්න පරෙවියො ඇතිකරන මනුස්සයෙක් ඉන්නවා. ඔය මනුස්සයා හවසට පරෙවියො ටික කූඩුවට දාන්න ගියා ම සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා. එක පරෙවියෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් පරෙවියෙක් ඉතුරු වෙනවා. පරෙවියෝ දෙන්නෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් කූඩුවක් ඉතුරුවෙනවා. එහෙනම් කියන්නකෝ එතන ඉන්න පරෙවියෝ සහ තියෙන කූඩු ප්‍රමාණය? (පරෙවියන් සියල්ල එක කූඩුවකට නොදමන බව කාරුණික ව සලකන්න!)
ප්‍රශ්න අංක දෙක
ඔන්න දවසක් තාත්තායි පුතායි කාර් එකේ ගමනක් යනවා. හදිසියේ ම අනතුරක් වෙලා දෙන්නටම තුවාල වෙනවා. රෝහලට අරන් යන අතරෙදි තාත්තා මියයනවා. පුතා ව ඇතුළුකරනවා ශල්‍යාගාරයට සැත්කමකට. හොඳට ම වයසක අබල දුබල සර්ජන් හෙමීට හෙමීට ලෙඩා ළඟට ඇවිත් බයවෙලා වගේ කියනවා "මේ මගේ පුතානේ, මට බෑ මේක කරන්න" කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම?
ප්‍රශ්න අංක තුන
හමුදා සෙබළු දෙන්නෙක් ඔන්න තමන්ගේ බැරැක්කයට වෙලා සතුරු හමුදා නිරීක්ෂණය කරමින් ඉන්නවා. හැබැයි සද්ද නැතුව. එක්කෙනෙක් පාර දිගේ ඉහළ පැත්ත බලාගෙන ඉන්නවා, ඒ කියන්නේ නැගෙනහිර දිශාව. අනිත් එක්කෙනා ඊට විරුද්ධ පැත්ත, ඒ කියන්නේ පාරෙ පහළ කෙළවර, බස්නාහිර දිශාව බලාගෙන ඉන්නවා. හදිස්සියේ ම එක සෙබලෙක් නිරීක්ෂණය කරන එක පැත්තකට දාලා අනිකාගෙන් සැරෙන් වගේ අහනවා "උඹ මොකද හිනාවෙන්නේ? මටද? " කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම? දන්න කෙනෙක් කියන්න!
ප්‍රශ්න අංක හතර
ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් එක ම දවසේ එක ම විභාගයට ඉල්ලුම්පත් දෙකක් දානවා. දෙන්නට ම එකම දවසේ එක ම තැන එක ම වෙලාවට තමයි විභාගෙ තියෙන්නෙ. මේ දෙන්නා ම රූපයෙන් එක ම සමානයි, ශරීර ප්‍රමාණත් එක වගේ. එක ම අම්ම්ගේ තාත්තගෙත්. දොර ළඟ ඉන්න ආරක්ෂක නිළධාරියා අහනවා ඔයාලා twins ලා ද කියලා. දෙන්නම එක සැරේ කියනවා නෑ... කියලා. කොහොමද මෙහෙම වෙන්නෙ? (ලෝකයේ එක වගේ හත්දෙනෙක් නොමැති බව සලකන්න!)
ප්‍රශ්න අංක පහ
ඔන්න ඔයාට ලැබෙනවා රන් කුට්ටි අටක්. මේ අතරින් එකක් තියෙනවා ව්‍යාජ එකක්. ඒක ටිකක් විතර අනිත්වාට වඩා බර වැඩියි. බැලූ බැල්මට ම හැම එකක් ම සමානයි හැම අතින් ම. ඔයාට ලැබෙනවා තරාදියක්. අර පඩි දාන වර්ගයේ එකක්. මේ තරාදිය දෙපාරක් විතරක් භාවිතා කරලා කොහොමද හරියට ම ව්‍යාජ රන් කුට්ටිය හඳුනාගන්නේ?
ප.ලි: තවත් ප්‍රශ්න නම් තියෙනවා, ඒවා වෙන දවසක දාන්නම්. නිවැරදි පිළිතුරු විතරක් පළකරන්නේ නැහැ ඔන්න දැන් ම . මිනිස්සුන්ගේ ආයුෂ සහ මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන ලිපි පෙළ ලබන සතියේ ඉඳන් එකදිගටම දාන්න තමයි හිතාගෙන ඉන්නේ....
මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.
පසුවදන: ලබන සතියේ ඉඳන් බ්ලොග් එකට අළුත් ඇඳුමක් අන්දවන්නත් හිතාගෙන ඉන්නවා. බලමුකො ඈ....
(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"
චක්‍රරත්නය කියලා කියන්නෙ කරකැවෙන මැණිකක් වගේ දෙයක් කියලයි කියන්නෙ. මේ චක්‍රරත්නය පහළ වුණාට පස්සෙ රජතුමා සිල් සමාදන් වෙලා චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට චක්‍රරත්නය කරකැවෙමින් ගමන් කරන්න පටන්ගන්නවා. ඒත් එක්ක ම රජතුමා තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක මැණික පසුපස ගමන් කරනවා. මේ චක්‍රරත්නය උතුරු දිශාවට ගමන් කරනවා නම් ඒ දිශාවේ ඉන්න රජවරු ඇවිත් සක්විති රජතුමාට මෙහෙම කියනවා "මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි" කියලා. එතකොට රජතුමා මේ විදියට අවවාද කරනවා. "ප්‍රාණවධ නොකළ යුතුයි. හොරකම් නොකළ යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්" ආදී වශයෙන්. ඉතින් රජවරු ඒ අවවාද පිළිගන්නවා. ඒ අනූව රාජ්‍ය පාලනය කරනවා. මේ විදියට ම අනිත් දිශාවන් වල ඉන්න රජවරුත් සක්විති රජතුමාට අවනත වෙනවා මේ චක්‍රරත්නයේ ආනුභාවයෙන්. අවසානයේ සාගරය මායිම් කරලා තියෙන මේ මුළු භූමිය ම සක්විති රජතුමාගේ අණසකට යටත් කරලා චක්‍රරත්නය නැවතත් සක්විති රජතුමාගේ මාළිගාවට ම එනවා.
එකදිගට ම ලියාගෙන ගියොත් කියවන්නත් එපාවෙයි කියලා හිතුණ නිසා කොටස් දෙකකට කඩනවා ඔන්න. ඉතිරි ටික ඊළඟ කොටසින්. අද ඉඳන් මේ ඇරඹෙන්නෙ විශේෂ සටහන් මාලාවක්. මේ ඒකේ පළමුවෙනි කොටස. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු දහයකට අඩු වෙලා ආයෙත් ආයුෂ අවුරුදු 80,000 ක් දක්වා වැඩිවෙන මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන දැනගන්න පුළුවන් ලාහිරු දහසක් දිලී...එක්ක දිගටම රැඳිලා හිටියොත්! මේ සටහන ලියන්න මනසේ ඇදි සිතුවම් සහ උතුම් ශ්‍රී සද්ධර්මය අඩවි ත් උදව් වුණා. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන් ම ආරාධනය මේ සමඟ දිගටම රැඳී ඉන්නයි...
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
තව ටිකයි ඈ....
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
කැමති කෙනෙක් සැකයි මට ඔබේ කුමරි බඹසර... සබැඳියෙන් ගිහින් සින්දුවත් අහල ම ගියාට පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...
23 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !