ප.ලි : Win 7 වෙන්නෝන OS එක. ඒ වගේ ම හැමෝටම WiFi තියෙන්නත් ඕන!
බාගන්න මෙතැනින්

ඔයාලට මතක ඇතිනේ මම VLC Player එකෙන් ගන්න පුලුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන කිව්වා. අද ඉතිරි ටික ගැන කියන්නයි යන්නේ. ගොඩක් දෙනෙක් කලින් පෝස්ට් එක බලලා තිබුනා. මම හිතන්නේ හැමෝම වගේ කැමති වෙන්න ඇති. කලින් පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.
3. Convert Audios/Videos
ඔයාලට VLC Player එක භාවිතයෙන් ලේසියෙන්ම audio/video files විවිධ file formats වලට convert කරගන්න පුලුවන්! MP4, MP3, WMV, AVI, OGG වගේ file formats support කරනවා ඒ සඳහා. ඒකට Media-> Convert/Save යන්න මුලින්ම. Add button එකෙන් ඔයාගෙ file එක load කරගන්න.
දැන් Convert කරන්න. ඊළඟට output format එක සහ output file location එක දෙන්න. දැන් වැඩේ හරි.
4. Download Youtube video/Videos
ඔයාට ඕන video එකේ URL එක copy කරගන්න.
දැන් Media-> Open Network Streaming ගිහින් URL එක Paste කරන්න. දැන් Play කරන්න. Video එක play වෙන අතරේ Tools –>Codec Information ගිහින් පහළ තියෙන Location box එකේ තියෙන URL එක Copy කරගෙන address bar එකේ paste කරන්න. එතකොට browser එක මඟින් අදාළ file එක download වේවි.
වැඩේ හොඳයි නම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳද.........!

මම කලිනුත් ඔයාලට pdf Converter එකක් ගෙනාවා මතක ඇතිනේ. ඒක බැලුවෙ නැත්නම් මෙතැනින් යන්න. මේ Software එක ඊට වඩා Advanced එකක්. කලින් Software එක කරදර ගොඩක් කියලා හිතෙනවා මේක පාවිච්චි කරද්දී. PDFZilla තමයි අපිට මේ පහසුකම දෙන්නේ. මේ Software එක අපට නොමිලේ ගන්න පුලුවන්, හැබැයි 2011 පෙබරවාරි 5 වෙනිදා වෙනකල් විතරයි ( ඒකයි $ 30ක් ඉතුරු කරගන්න කිව්වේ! ).
මේ Software එකේ පහසුකම් ගොඩයි. ඒ අතර PDF files, MS Word Documents, Rich Text Documents, Plain Text Files, Images, HTML Files, Shockwave Flash SWF Files බවට ඉක්මනින් Graphical data සමඟම හරවා ගැනීමේ හැකියාව තියෙනවා.
1 MB PDF file එකක් විනාඩි 5කින් විතර වගේ පුලුවන්. ![]()
1. Convert PDF to Word - MS Word වලින් edit කරන්න.
2. Convert PDF to RTF - Wordpad වලින් edit කරන්න.
3. Convert PDF to TXT - Notepad වලින් edit කරන්න.
4. Convert PDF to Images - PDF ගොනු BMP, JPG, GIF, TIF files වලට හරවන්න.
5. Convert PDF to HTML - HTML වල Index file එකක් හදාගන්න.
6. Convert PDF to SWF - PDF ගොනුව Flash Animation file එකකට හරවන්න.
මේ Software එක ඕනම Windows OS එකක් එක්කම වැඩ කරනවා වගේම ඉංග්රීසි වලට අමතරව ප්රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ, Unicode එක්කත් වැඩ. නියමයි නේද? මෙතැනින් ගිහින් බාගන්න. ඊටපස්සේ සාමාන්ය විදියට install කරන්න. Register වෙද්දි registration code එකක් ඉල්ලයි, ඒ සඳහා 8061822TWDV6YUK දෙන්න. මතක ඇතුව පෙබරවාරි 5ට කලින් බාගන්න හොඳද!! .
මොනාහරි අවුලක් නම් පහලින් කොටන්න. Comment කරන්නත් අමතක කරන්නෙපා.

ඔන්න ඔයාලට ගෙනාවා පහසුවෙන් CD, DVD ඒ විතරක් නෙවෙයි Blue-ray පවා පහසුවෙන් Write කරගන්න පුලුවන් Software එකක්. මට සමහරවෙලාවට Nero 8 එක්ක වැඩ කරනකොට ලෙඩ දෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ එකක් ගොඩක් ප්රයෝජනවත් වෙනවා. Hamster Free Burning Studio එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. මේ Software එක Windows XP/Vista/7 (32 & 64 Bit) එක්ක හොඳින් වැඩ කරනවා. වැඩි කතා ඕනේ නෑ. මෙතැනින් බාගන්න.
ඕනේ නම් පාටත් වෙනස් කරගන්න....
Software එක හොඳයි කියලා හිතෙනවනම් Comment කරන්නත් අමතක කරන්නෙපා.....
14 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !