මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.
මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.
පසුවදන: ලබන සතියේ ඉඳන් බ්ලොග් එකට අළුත් ඇඳුමක් අන්දවන්නත් හිතාගෙන ඉන්නවා. බලමුකො ඈ....
(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"
චක්‍රරත්නය කියලා කියන්නෙ කරකැවෙන මැණිකක් වගේ දෙයක් කියලයි කියන්නෙ. මේ චක්‍රරත්නය පහළ වුණාට පස්සෙ රජතුමා සිල් සමාදන් වෙලා චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට චක්‍රරත්නය කරකැවෙමින් ගමන් කරන්න පටන්ගන්නවා. ඒත් එක්ක ම රජතුමා තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක මැණික පසුපස ගමන් කරනවා. මේ චක්‍රරත්නය උතුරු දිශාවට ගමන් කරනවා නම් ඒ දිශාවේ ඉන්න රජවරු ඇවිත් සක්විති රජතුමාට මෙහෙම කියනවා "මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි" කියලා. එතකොට රජතුමා මේ විදියට අවවාද කරනවා. "ප්‍රාණවධ නොකළ යුතුයි. හොරකම් නොකළ යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්" ආදී වශයෙන්. ඉතින් රජවරු ඒ අවවාද පිළිගන්නවා. ඒ අනූව රාජ්‍ය පාලනය කරනවා. මේ විදියට ම අනිත් දිශාවන් වල ඉන්න රජවරුත් සක්විති රජතුමාට අවනත වෙනවා මේ චක්‍රරත්නයේ ආනුභාවයෙන්. අවසානයේ සාගරය මායිම් කරලා තියෙන මේ මුළු භූමිය ම සක්විති රජතුමාගේ අණසකට යටත් කරලා චක්‍රරත්නය නැවතත් සක්විති රජතුමාගේ මාළිගාවට ම එනවා.
එකදිගට ම ලියාගෙන ගියොත් කියවන්නත් එපාවෙයි කියලා හිතුණ නිසා කොටස් දෙකකට කඩනවා ඔන්න. ඉතිරි ටික ඊළඟ කොටසින්. අද ඉඳන් මේ ඇරඹෙන්නෙ විශේෂ සටහන් මාලාවක්. මේ ඒකේ පළමුවෙනි කොටස. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු දහයකට අඩු වෙලා ආයෙත් ආයුෂ අවුරුදු 80,000 ක් දක්වා වැඩිවෙන මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන දැනගන්න පුළුවන් ලාහිරු දහසක් දිලී...එක්ක දිගටම රැඳිලා හිටියොත්! මේ සටහන ලියන්න මනසේ ඇදි සිතුවම් සහ උතුම් ශ්‍රී සද්ධර්මය අඩවි ත් උදව් වුණා. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන් ම ආරාධනය මේ සමඟ දිගටම රැඳී ඉන්නයි...
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
තව ටිකයි ඈ....
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~

කැමති කෙනෙක් සැකයි මට ඔබේ කුමරි බඹසර... සබැඳියෙන් ගිහින් සින්දුවත් අහල ම ගියාට පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...

Using කොළඹ කෙල්ලො ;
ඇස් කරකවයි ඇස් කොණින් බලයි
ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි
ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයි
ඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බසයේ බිම ඉරි අඳියි
බොරු කැස්සකුත් තිබෙයි
සැරින් සැරේ පා විහිදයි
සුසුම් හෙලයි තොල් පෙරළයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....
බඩ අල්ලයි සාරිය ද හදයි
සමහරු බ්ලව්සය ද හදයි
ඒ අතරින් නාභිය දක්වයි
තව එක එක දේ පෙන්නයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බොරු ලැජ්ජාවක් පෙන්නයි
ඒ අස්සෙම ඉඟ පද්දයි නටවයි
තව තව ඒවත් වද්දයි නටවයි
ගෙල වට බැඳි මාලයත් හදයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
පොඩි හොර නින්දකුත් තියෙයි
හදිසියේ ඇහැරී පෝං එකත් ඔබයි
කෝල් ගනියි අම්මේ මං එනවා කියයි
කොණ්ඩය පීරයි වරලස ලිහා බඳියි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බස් එක නිතරම සැර බ්‍රේක් ගසයි
බොරුවට සැණෙකින් මා හා හැප්පෙයි
කලබලෙන් වගේ මගේ අත හැප්පෙයි
වැරදිලා වගේ අත උඩින් අතක් තියයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බහින්නට වගේ දොර ළඟටම යයි
ඇඳිවත අල්ලා ආපසු හැරී බලයි
ඇස් මුළුමනින් වසයි අඩක් වසයි
පිටුපස හැරෙමින් ආපහුත් බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
බස් එකකින් යන එන එක මේතරමට
අමාරු ඇතියි කියලා නෑ මං හිතුවේ
කොළඹ රටේ කෙල්ලො වසයි
සැණෙන් කොල්ලො දපනෙ වැටෙයි
උන් හොම්බෙන් යන වෙලාව
දන්නෙම නෑ කවුරුවත් ම
කෙල්ලො කොක් හඬලති එතකොට
අම්මා කොළඹ රටේ වග කිව්වත් මට
හිතුණෙම නෑ ඇත්තක් බව දකිනකල් ම
ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...
පසුවදන : ඊයේට ට්‍රේනින් ඇවිත් හරියටම මාසයයි. පැයක් හමාරක් බස් එකේ හිටගෙන ඉඳගෙන යන එනකොට දැක්ක දේවල් නෙවෙයි කියලා මං කියන්නෑ ඔන්න....


39 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !